යාඥා කිරීම නොනැවැත්වූයේයැයි දේවගැතිට පිහියෙන් ඇනලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දේව වරමක් ඇති සැකකරුගේ නම පවසමින් යාඥා කිරීම නැවැත්වූයේ නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ දේවගැතිවරයකුට පිහියකින් ඇන්න බව කියන පොල්කටු එකතු කිරීමේ රැකියාවක නියුතු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ කළුදෑව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දේවගැතිවරයා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
     
    • Haha
    Reactions: Devadatta