video clip පෙන්වා පොළඹවා පාසල් සිසුවිය අපයෝජනය කළ 48 විවාහකයා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,604
    113
    බෙන්තොට හුංගන්තොට ප්‍රදේශයේදී බාලවයස්කාර අවුරුදු දහහතරක් වන පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කළ බව කියන සැකකාර 48 හැවිරිදි විවාහක පුද්ගලයකු බෙන්තොට පොලිසිය මඟින් ඉකුත් 15 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



    වින්දිත දැරියගෙ පියා තවත් දරුවකුව අතිරේක පන්තියකට රැගෙන ගොස් මවද නිවෙසේ නොසිටි අවස්ථාවේ මෙම සිදුවීම සිදු වී ඇතැයි දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ සිදු කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

    සැකකාර පුද්ගලයා මෙම දැරියට විටින් විට විවිධාකාරයේ ජංගම දුරකතන දර්ශන නැරඹීමට ඉඩ සලස්වා ඇයට ළෙන්ගතුකමක් පෙන්වා ඒ ඇසිල්ලෙන් මෙලෙස දැරිය අපයෝජනය කිරීමට පොලඹවාගෙන ඇතැයි පරීක්ෂණ සිදු කරන පොලිසිය අනාවරණය කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ විහාරස්ථානවල ප්‍රධාන දායකයකු ලෙසද පෙනී සිටිමින් කටයුතු කරන්නෙක් බවත් දැව ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවල නියුතු අයකු බවත් විමර්ශන සිදු කරන පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

    සිද්ධියට මුහුණ පෑ වින්දිත දැරිය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අද(16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    sure ekatama pohottuwe ekek

    mehe waren @2osama @netudara