යාපනයේදී හිටපු ප්‍රභල කොටි නායකයෙකුගේ ගුණ සමරුවක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රභල කොටි ත්‍රස්ත සාමාජිකයෙකු යැයි සැලකෙන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 35 වන ගුණ සැමරුම අද (15) යාපනය නල්ලූර් කෝවිල අසල දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.

    යාපනය නල්ලූර් කොවිල පිටුපස පිහිටි දිලීපන්ගේ ස්මාර්කය තිබූ ස්ථානයේ දිලීපන්ගේ ඡායාරූපයක් තබා දේශපාලන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් දිලීපන්ගේ ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර සැප්තම්බර් 15 සිට 26 දක්වා කාලය තුලදී උතුරේ ස්ථාන කිහිපයක දිලීපන් සැමරුම් පැවත්වීමට විවිධ පාර්සව මගින් කටයුතු යොදා ඇත.

    1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි

    එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.

    මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්ය.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,551
    8,918
    113
    Rise if possible දිලීපන්
    මුන් ආයෙ නැගිටල හරියන්නෙ නෑ. යුද්දෙ තිබ්බ නම් ඒකට හම්බෙන සල්ලි වලිනුත් මුන් ගසා කයි.
    තමන්ගෙ අම්මට අන්තිම මොහොතෙ දෙන වතුර උගුරෙනුත් පුලුවන් නම් ගසා කන ජාතියක් මේ රට පාලනය කරන්නෙ.
     

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43

    Wimale bayiyanta jathika weerayek wennath thilipan thrasthawadiyek wennath hethuwa pahadili karannako .dennama kale widesha ratawal rate prashna walata madihath wenna epa kiyala upawasa karapu eka .lemon puff thibba nisa wimale beruna thilipan maruna 😅