එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රභල කොටි ත්‍රස්ත සාමාජිකයෙකු යැයි සැලකෙන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 35 වන ගුණ සැමරුම අද (15) යාපනය නල්ලූර් කෝවිල අසල දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.
යාපනය නල්ලූර් කොවිල පිටුපස පිහිටි දිලීපන්ගේ ස්මාර්කය තිබූ ස්ථානයේ දිලීපන්ගේ ඡායාරූපයක් තබා දේශපාලන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් දිලීපන්ගේ ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර සැප්තම්බර් 15 සිට 26 දක්වා කාලය තුලදී උතුරේ ස්ථාන කිහිපයක දිලීපන් සැමරුම් පැවත්වීමට විවිධ පාර්සව මගින් කටයුතු යොදා ඇත.
1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි
එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.
මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්ය.