යාපනයේ ඇත්ත තත්වය...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යාපනයේ ඇත්ත තත්වය...

    සාධාරණ සමාජයක් උදෙසා අද මාධ්‍ය ආයතන 99% ක් වගේ තමන් ම වාරණය වෙලා... ඔය තත්වයම 2002 දි ඊනියා සාම ගිවිසුම තියෙද්දිත් අපි අත් දැක්කා... යාපනයේ සිද්ද වෙන දේවල්, අද කිසිම මාධ්‍යක ප්‍රචාරය නොවෙන තරම්.. දිවයින පත්තරේ අද පලවුන මේ ලිපිය share කරන්න හිතුවේ ඒකයි...

    යාපනයේ උද්ඝෝෂණවල සැඟවුණු අරමුණ කුමක්‌ද?




    udgo1.jpg


    යාපනයේ දේශපාලන ක්‍රියාකාරකම්වල විශේෂ උද්වේගයක්‌ උණුසුමක්‌ පසුගිය සතියක කාලය පුරාම දක්‌නට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ බලයේ සිටි කාලය නිමාවීම මේ දේශපාලන ක්‍රියාකාරකම් වර්ධනයවීමට බලපා ඇත්ද? නැතිනම් ආරක්‍ෂක අංශ යම් ලිහිල් භාවයකින් කටයුතු කරන්නේද? යාපනයේ වැසියන්ටද දේශපාලනය කිරීමේ උද්ඝෝෂණය කිරීමේ අයිතියක්‌ ඇත. සියල්ලම යකඩ හස්‌තයකින් පාලනය කළ නොහැකිය. එහෙත් දැන් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම එහි ආචාර්ය මණ්‌ඩලයද කෙළින්ම පාරට බැස උද්ඝෝෂණය කිරීම අරඹා ඇත. මීට පෙර මහවිරු දින සැමරුම් පවා යාපනය විශ්වවිද්‍යාල භූමියේ දී පැවැත්වීමට සූදානම් වූ විට එම ප්‍රදෙශයේ ආරක්‍ෂක ප්‍රධානීන් හා විශ්වවිද්‍යාල බලධාරීන් මැදිහත් වී විශ්වවිද්‍යාලය දින කිහිපයකට වසා දමා 'කොටි අවතාර' යළි නැගිටීම වලක්‌වනු ලැබිය.

    2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව උතුරේ පැවැති දැවැන්තම උද්ඝෝෂණය පැවැත්වුණේ ඉකුත් අඟහරුවාදා දිනයේය. මේ උද්ඝෝෂණය පිළිබඳව දකුණේ මාධ්‍යවල වැඩි අවධානයක්‌ යොමු නොවූ බව පෙනේ. එහෙත් මේ උද්ඝෝෂණ හරහා කවර බලවේග යළි හිස එසවීමට උත්සාහ කරන්නේ දැයි හොඳින් විමර්ශනය කළ යුතුව ඇත. නුගේගොඩ රැලියෙන් පසු ජාතිවාදය පැතිරවන්නට එපා යෑයි යහපාලන රජයේ ප්‍රධානීහු කෑ ගසන බව පෙනී යයි. ඇත්තෙන්ම නුගේගොඩ රැලිය මගින් "සිංහල සමාජය" මේ නව රජයට යම් වැදගත් පණිවුඩයක්‌ දුන් බව පැහැදිලිය. එහෙත් ඒ නැගුණු ජනතා හඬ ජාතිවාදී යෑයි කියා කිසිවකුට යටකර හෝ තලා දැමිය නොහැකිය.

    නුගේගොඩ රැලිය ගැන කතා කරන සමහරු රායප්පු ජෝශප් රදගුරුවරයා යාපන විශ්වවිද්‍යාල සිසුන් සමඟ එක්‌වී පවත්වන උද්ඝෝෂණ, විශේෂයෙන්ම මියගිය කළු කොටින්ගේ ඡායාරූප ඔසවාගෙන උතුරේ වීදි දිගේ ගිය පෙළපාලිය ගැන කතා නොකරයි. එසේ කථා නොකරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අසතුටට පත්වේ යෑයි සිතාද? අපට නම් මෙය උභතෝකෝටිකයකි.

    ඉකුත් අඟහරුවාදා යාපනයේ පැවැති උද්ඝෝෂණයේ මූලික අරමුණු වූයේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව එළිදැක්‌වීමට නියමිතව තිබූ වාර්තාව මාස හයකින් කල් දැමීමට එරෙහිව විරෝධය පළ කිරීමයි. පන්දහසකට අධික පිරිසක්‌ මේ උද්ඝෝෂණ පෙළපාලිය සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් මියගිය කොටි සාමාජිකයන්ගේ ඡායාරූප ඔසවාගෙන යන අයුරු ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පළකර තිබූ වාර්තාවේ හොඳින් දක්‌නට ලැබිණි. යාපනය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ පෙළපාලිය අවසන් වූයේ නල්ලූර්හි පිහිටි තිලීපන් ස්‌මාරකය අසලිනි. අද තිලීපන් ස්‌මාරකයක්‌ නැතත් එහි පාදම තවම එතැන සුරක්‍ෂිතව පවතී. යාපනය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වී හිටපු කොටි නායක තිලීපන්ගේ ස්‌මාරකය අභියසට මොවුන් පැමිණියේ කවර අරමුණකටද? නැවත දෙමළ ජාතිවාදී ප්‍රහර්ශය ඇතිකර ගැනීමටද?

    ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව කිසිවෙකු නල්ලූර්හි පිහිටි තිලීපන්ගේ ස්‌මාරකය වෙත පෙළපාලියෙන් ගිය බවක්‌ අප දුටුවේ නැත. එසේ නම් නැවත තිලීපන් සිහිකිරීමට අවශ්‍ය වී ඇත්තේ කවර අරමුණු මුදුන්පත් කර ගැනීමටද?

    රාසයියා පාතීපාන් නොහොත් ලුතිනන් කර්නල් තිලීපන් යනු යාපනය දිස්‌ත්‍රික්‌කයේ කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායකයාය. යාපනය හින්දු විද්‍යාලයේ ජනප්‍රිය ශිෂ්‍යයකු වූ මොහු 1987 සැප්තැම්බර් 15 වැනිදා මාරාන්තික උපවාසයකට වාඩිවිය. මෙම මාරාන්තික උපවාසයට වාඩිවීමට පෙර ඉල්ලීම් පහක සංදේශයක්‌ කොටි නායක ප්‍රභාකරන් විසින් ඉන්දීය මහ කොමසාරිස්‌ ඡේ. එන්. ඩික්‌සිත් වෙත යවා තිබිණි. උතුරු නැගෙනහිර පළාත් වලින් ලංකා හමුදාවත් පොලිසියත් ඉවත් විය යුතු බව මෙහි ප්‍රධාන කොන්දේසිය විය. මේ කාලය වන විට ඉන්දියන් හමුදාවටද විටින් විට ප්‍රහාර එල්ලවෙමින් තිබූ අතර කොටි සංවිධානය සමඟ පැවැති මධුසමයද බිඳ වැටෙමින් පැවැතිණි. පුරා දින 11 ක්‌ උපවාසයේ යෙදී සිටි තිලීපන් සැප්තැම්බර් 26 වැනිදා මරණයට පත්විය. මේ මරණයත් සමඟ උතුරේ වැසියන්ද ඉන්දීය හමුදා විරෝධීන් බවට පත්විය. තිලීපන් අවසන් මොහොතේදී වතුර ඉල්ලා කෑගසන විට එය වළක්‌වා මොහුට මැරෙන්නට ඉඩ දුන් බවද කියවේ. ප්‍රභාකරන් තම අරමුණු වෙනුවෙන් කොපමණ ජීවිත බිලිදී ඇත්ද? දැන් අපට ඒ අතීත කථාව සිහිකරන්නට වූයේ 2015 දීත් මීට වසර 28 කට පෙර මියගිය කොටි සාමාජිකයාගේ සටන සිහිකරමින් යාපනයේ පැවැති උද්ඝෝෂණයක්‌ අවසන් කෙරුණු නිසාය.

    ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවත් දේශීය යුද අපරාධ පරීක්‍ෂණයකින් දෙමළ ජනතාවට සාධාරණය ඉටු නොවන බවත් අඟහරුවාදා නල්ලූර් වෙත පැමිණි උද්ඝෝෂකයෝ මොර දුන්හ. මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීමේ මූලික වූ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ආර්. රාසකුමාරන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි උද්ඝෝෂණ සඳහා ඉදිරියේ දී දහස්‌ ගණනින් එකතු විය යුතු බවයි.

    "ඊළාම් දෙමළ වැසියන්ට විශාල අසාධාරණයක්‌ වෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ ඒ අසාධාරණය නිවැරදි කරන්න කියලයි. විවිධ ප්‍රශ්න වෙනස්‌කම් තිබ්බත් අපි ඔක්‌කොම එකතුවෙලා මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඉදිරියට ගෙනියන්න ඕනෑ. අපි ලෝකයට පෙන්වන්න ඕනෑ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කිසිවකුට යටපත් කරන්න බැහැ කියලා" යනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපතිවරයා අදහස්‌ දක්‌වා තිබිණි.

    තිලීපන් සිහිකරමින් මොවුන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අරඹන බව පෙනේ. මේ අරගලය මගින් ඔවුන්ට අවශ්‍ය යහපාලන ආණ්‌ඩුවට බලපෑම් කරනවාට වඩා ජාත්‍යන්තර ප්‍රජාවට පණිවුඩයක්‌ දීමටය. දෙමළ නිදහස වෙනුවෙන් අපි ගාන්ධි ව්‍යාපාරයක්‌ අරඹා ඇති බව ලෝකයට ප්‍රකාශ කරන්නට මොවුන් සූදානම් වේ. මෙය බරපතළ අනතුරකි. එදා වෘක වේෂයෙන් පැමිණි අය දැන් බැටළුවන් ලෙස පැමිණෙන්නේද? දෙමළ ස්‌වයංනිර්ණ අයිතිය දිනාගැනීමට මොවුන් නිරායුධ අරගලයක්‌ අරඹයිද? මේ අරගලය සඳහා උතුරු පළාත් සභාවද ඒකාත්මික වී ඇත. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක්‌ද මේ උද්ඝෝෂණ සඳහා එක්‌ව සිටියහ. කූට අරමුණු වලින් යුත් මේ උද්ඝෝෂණ දෙස බුද්ධි අංශ වඩාත් අවධානය යොමු කළ යුතුව තිබේ. අපි කොරහේ කිඹුලන් නොදකිමු. නමුත් මේ උද්ඝෝෂණ තවත් උද්ඝෝෂණ රැල්ලක ආරම්භයක්‌ වන බව නම් සහතිකය. ඉදිරියේ දී මොවුන් පොලිසිය හා හමුදාව සමඟ ගැටුම් ඇතිකර ගැනීමටද පෙළඹෙනු ඇත. එවිට ජාත්‍යන්තරයට යන පණිවුඩය කුමක්‌ද? ලංකා ආණ්‌ඩුව දෙමළ මතයට ඉඩ නොදී එය තලා දැමීමට උත්සාහ කරන බවය. මේ හරහා සිදුවන්නේ උතුරු නැගෙනහිර පමණක්‌ නොව සමස්‌ත රටම යළිත් අර්බුදයට ඇද වැටීමයි. එම නිසා මේ ඊනියා කොටි හිතවාදී උද්ඝෝෂණවලට ඉඩදී ඇස්‌ පියාගෙන සිටියහොත් එයින් පාර කැපෙන්නේ අරාජිකත්වයට මිස යහපාලනයට නම් නොවේ.

    චතුර පමුණුව

    source : http://www.divaina.com/2015/03/01/feature25.html
     
    Last edited:

    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    නුගේගොඩ රැලියෙන් පසු ජාතිවාදය පැතිරවන්නට එපා යෑයි යහපාලන රජයේ ප්‍රධානීහු කෑ ගසන බව පෙනී යයි. ඇත්තෙන්ම නුගේගොඩ රැලිය මගින් "සිංහල සමාජය" මේ නව රජයට යම් වැදගත් පණිවුඩයක්‌ දුන් බව පැහැදිලිය. එහෙත් ඒ නැගුණු ජනතා හඬ ජාතිවාදී යෑයි කියා කිසිවකුට යටකර හෝ තලා දැමිය නොහැකිය.

    නුගේගොඩ රැලිය ගැන කතා කරන සමහරු රායප්පු ජෝශප් රදගුරුවරයා යාපන විශ්වවිද්‍යාල සිසුන් සමඟ එක්‌වී පවත්වන උද්ඝෝෂණ, විශේෂයෙන්ම මියගිය කළු කොටින්ගේ ඡායාරූප ඔසවාගෙන උතුරේ වීදි දිගේ ගිය පෙළපාලිය ගැන කතා නොකරයි.
    Yes machan People need to understand the truth. They can't understand what is the current situation of the country.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද ලිපියල් මචං. චතුර පමුණුව කොහොමත් සිංහල පැත්තට හැමදාම ලියපු එකකේ.
    රනිල්ගේ 2002 ආණ්ඩුව පරද්දන්න.
    සමගිවිසුමට විරුද්දව අපිත් එක්ක මතවාදීව එකතුවෙච්ච්
    හැමදාම සිංහලය වෙනුවෙන් පෙනී ඉදපු
    බොරුවට කගහ්න්නේ නැතුව
    ජාතියක් විදියට කතා කරපු හොද පුගලයෙක් චතුර පමුණුව
    සමහර තැන වලදී ගැටුම් ගැටළු තිබුනත්
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    anita lokka wage neethi daala ranila yapane gana ktha karanna epa kiyanawa.
    yahapalanaya, thorathuru danaganeeme ayithiya oya mokawath na.

    mahindath ohoma kala beruwala thambi siddiyedi.
     
    • Like
    Reactions: sidathsaumya

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    hoda lipiyak anika boru neme
    thanks mahinda awaa nathaa kamak naha sinhalayage as arewaa

    ඔව් සහෝ... මේ දේවල් රූපවාහිනියේ වත් සිරසේවත් ITN එකේවත් පෙන්නන්නේ නෑ... එහෙ මොනවා වෙනවද කියල ඉස්සරහට දැනගන්න වෙන්නේ මේ වගේ ඇත්ත කතා කරන මුද්‍රිත මාධ්‍යයෙන් විතරයි... මෙහෙම පුවත් වාරණයක් යුද්ධේ කාලේවත් තිබුනේ නෑ.... :no::no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Yes machan People need to understand the truth. They can't understand what is the current situation of the country.

    they can understand if these kind of news come out from media. but there is no proper media station which has a backbone to tell the truth to people in south. There was no this kind of hidden threat to media stations from the government even in so called dictatorial Regime's time..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හොද ලිපියල් මචං. චතුර පමුණුව කොහොමත් සිංහල පැත්තට හැමදාම ලියපු එකකේ.
    රනිල්ගේ 2002 ආණ්ඩුව පරද්දන්න.
    සමගිවිසුමට විරුද්දව අපිත් එක්ක මතවාදීව එකතුවෙච්ච්
    හැමදාම සිංහලය වෙනුවෙන් පෙනී ඉදපු
    බොරුවට කගහ්න්නේ නැතුව
    ජාතියක් විදියට කතා කරපු හොද පුගලයෙක් චතුර පමුණුව
    සමහර තැන වලදී ගැටුම් ගැටළු තිබුනත්
    :rolleyes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    anita lokka wage neethi daala ranila yapane gana ktha karanna epa kiyanawa.
    yahapalanaya, thorathuru danaganeeme ayithiya oya mokawath na.

    mahindath ohoma kala beruwala thambi siddiyedi.

    මහින්ද කරපු ඒවා නොකරන්නනේ මේ ආණ්ඩුව පත් කලේ..., නේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    yahapalana lollonge kisi saddayak nahane me deawas wala

    අනේද කියන්නේ මචන්... තාම කාලා බීලා බඩ අත ගානවා ඇති.... "රටට පෙර බඩ" නේ එයාලගේ සටන් පාඨය... ඇත්තටම දූෂණ වංචා ගැන කැක්කුමක් තිබුන නම් හොරුන්ට ඇපත් නොදී සට සට ගාලා හිරේ දාන්න පුළුවන් නේ... file ටික ඔක්කොම තිබුනේ එයාලගේ අතේ නේ...බලයට එන පරක්කුව විතරයි නේ තිබුනේ...
    සෝභිත හාමුදුරුවෝ ඉන්නවද නෑ... අර ගිනිතියාගන්න හදපු එක්කෙනා හොරෙන්ම ගිනි තියාගෙනද අපවත් වෙලාද මන්දා..., සද්දයක් නැත්තේ.. පන්සලේ ඇබිත්තයා නම් පුපුර පුපුරා කතා කරනවා දකිනවා ඉදල හිටලා.. ඒත් facebook එකේ පොර ගේ page එකේ මිනිස්සු දාල තියෙන comments දැක්ක නම් මිනිහට කන බත් ටික වත් ගිලෙනවද කියල සැකයි...
     
    Last edited: