යාපනයේ සත්‍ය කතාව...

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    යාපනයේ සත්‍ය කතාව...

    13775750_148753642216400_4994448107817120663_n.jpg











    යාපනය විශ්වවිද්‍යාලයීය වෙස් නැටුම අද මුලු රටේම කතාබහට් අක්වන මාතෘකාවකි... විවිධ පාර්ශව මෙහි සත්‍ය අසත්‍ය තාව නොසොයා තමන්ගේ ගොඩ වැඩිකරගැනීමට දත කයි... ඒ අතර මෙය තමන්ගේ හෙලුව වසා ගැනීමට යොදා ගන්නා පහත් අරමුණු සහිත ජාතිවාදී ngo බත් බැලයන් වන සිංහලේ ප්‍රමුක සිංහල අන්ත්වාදීන් ද ටැමිල් නෙට් ප්‍රමුක ද්‍රවිඩ අන්තවාදීන්ද සිටී... ජාතීන් වර්ග දෙකක් උව එකී අමනයක් මෙය යොදාගෙන ඇත්තේ තමන්ගේ ම
    ඩිය තරකර ගැනීමට වීම කනගාටුවකි...

    මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා යාපනය අර්ධද්වීපය සොයා ගිය මා සමග සාකච්ඡා කිරීමට ද්‍රවිඩ වෛද්‍ය පීථයේ හිටපු සබාපති බාලාරාජ් සහෝදරයා කැමැත්ත ප්‍රකාශ කලේය... ඔහු හා සම්බන්ද වූ පසු ඔහු කීවේ මේ සියල්ලට වගකිව යුත්තේ සිංහල ජාතිවාදී ශිෂ්‍යයන් බවත්.. තමන් ඇතුලු ද්‍රවිඩ ශිෂ්‍යයන් මේ ගැටලුව ගැන සිංහල ශිෂ්‍යයන් සමග සාකච්ඡා කොට විසදා ගැනීමට කැමැත්ත ප්‍රකාශකරන බවත් ය..

    ඉන් පසුව මා මේ දෙපිරිසේම සාකච්ඡා ක්‍රමයකින් මෙය විසදා ගැනීමට.. යාපනය විශ්වවිද්‍යාලයීය සිංහල ශිෂ්‍ය සංගමය හා කතාකල විට ඔවුන්ගේ පලමු පිලිතුර වූයේ " අපට කවරුවත් නෑ අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න" යන්නයි .කොටින්ම ද්‍රවිඩ ශිෂ්‍යයන් සමග සාකච්ඡාවකට වත් ඔවුන් කැමති වූයේ නැත.. එය විශ්වවිද්‍යාලයීය තුල හෝ පිටත කෙසේ කොහොම තිබුනත් එකහෙලා සහබාගී නොවන බව ඔවුන් ප්‍රකාශ කලේය... උහතෝකෝටික ගැටලුවකට මැදි වූ මා හට සිංහල ශිෂ්‍ය සංගමය එක් අවස්තාවක් ලබා දීම ගැන මා ස්තූතිය පිරිනමමි...

    ඒ අනුව පසුගිය වසරේ යාපනය විශ්වවිද්‍යාලයීය සිංහල ශිෂ්‍ය සංගමයේ කැදවුම්කරු (නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටියා) මා සමග අදහස් ප්‍රකාශ කලා.. ඇත්තටම ඔහුගේ සහ බාලාගේ කතා පරස්පරයි..එහෙත් සත්‍ය ජාතිවාදය උදෙසා නොව මානුෂිකත්වය උදෙසා සොයා ගියහොත්..යාපනයේ සිංහල සිසුවා ගේ සැබෑ තත්වය හා රජයේ දුර්වලතාව මෙයින් වටහා ගන්නට පුලුවන් .නියතවම...

    ඔහු පැවසුවේ අප කිසිවක් නොදන්න එහෙත් යාපනයේ අසරණ වූ සිංහල සිසුවාගේ කතාවක්..

    ඔහුට අනුව කරුණු කට කී පලියට පිලිගන්නා න්‍යායික යෙන් ඔබ්බට ගොස් සොයා බැලිමේදී ඉතා දැවැන්ත ගැටලු සමුදායක් තුල යාපනය විශ්වවිද්‍යාලයීය සිංහල ශිෂ්‍යයන් ට ජීවත් වීමේ නිදහස පිලිබද දැවැන්ත ගැටලුවක් මේ වනවිට සකස් වෙලා..කොටින්ම ප්‍රතම වසර නවක වදයේදී ඔවුන්ගෙන් ඇසූ පලමු පැනය ඇයි උඹලා අපේ රටට ආවේ.. එතකොට යාපනය යනු වෙනම රටක්ද...

    මේ වනවිට යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල පොතක් වත් සොයා ගැනීමට නොහැකි බව ඔහු පෙන්වා දුන්නා..ඒ අනුව සිංහල ශිෂ්‍ය සංගමය මගින් පොත් කට්ටල රාශියක් තමන්ගේ මුදල්වලින්ම යාපනයේ සිංහල විශ්වවිද්‍යාලයීය සිසුන් වෙනුවෙන් පුස්තකාලයට බාර දී තිබෙනවා..ඇත්තටම මේ රජයවල් මොනවද කලේ..මේ ලමයින්ට ඉගෙන ගන්න කියවන්න සිංහලපොතක් යාපනය විශ්වවිද්‍යාලයේ නැහැ... එහෙනම් මේක රජයේ විශ්වවිද්‍යාලයක් ද නැතිනම් ද්‍රවිඩ ඊලාම් විශ්වවිද්‍යාලයක් ද.. එපමනක් නෙමෙ කොටින්ම වෙල්ෆෙයා එකෙන් පවා උඹලා සිංහල සිංහල උන්ට මෙහේ බඩු නැහැ කියන තත්වයට පත්වෙලා..පමනක් නෙමේ දිවා ආහාරය රුපියල් සියයක් තරම් ඉහලගොස්.. දකුණේ විශ්වවිද්‍යාල වල ආහාරය රුපියල් තිහයි...

    මහින්ද රාජපක්ශ යුගයේ සිට මේ දක්වාම ගැටලු වැඩිවීමක් මිස අඩුවීමක් නැති බව ඔහු අපසමග පැවසුවා...

    "ඇත්තටම මෑතක ඇතිවුනේ වෙස් නැටුමක් සම්බන්ද ගැටලුවක්.. ඒක පටන් ගත්තේ වෙස් කට්ටලේට එයාලා ගැහුවා...

    #කවුද එයාලා

    මහා ශිෂ්‍ය සංගමය යාපනය විශ්වවිද්‍යාලයේ .

    #එතකොට යාපනය මහා ශිෂ්‍ය සංගමයේ සිංහල නියෝජනයක් නැත්ද?

    නෑ ඒ තනතුරු පත්කරන කල් අපි දන්නෙත් නෑ..

    අපිට ද්‍රවිඩ ශිෂ්‍යයන් එක්ක ගැටලුවක් නෑ..මේ සියල්ල පිටිපස්සේ ඉන්නේ සිසිතරන් කියන ශිෂ්‍ය නායකයා.. ඔයාලා එයාගේ ෆේස්බුක් එකට යන්න බලන්න ..මිනිහා කොන්ඩේ කපන්නෙත් එල්ටීටීඊ නායකයෙක් විදියට.. යුද්දයෙන් මිය ගිය අය සමරනවා කියලා එල්ටීටීඊ එකයි එයාලා සැමරුවේ... ඔය සිදුවීමෙදී අපට ගහන්න කැම්පස් එකේ මාශල් පවා ගලක් උස්සන් ආවා.. පරිපාලනයේ ඔක්කොම ජාතිවාදීන්..සුලු පිරිසක් හැරෙන්නට.. අපි හාමුදුරු නමක් වැඩැම්මුවත් මහා ශිෂ්‍ය සංගමයෙන් අවසර ගන්නවා..වෙසක් කූඩුවක් එල්ලන්නත් එහෙමයි..මේ වෙනකම් එහෙම නොකර කිසි දෙයක් අපි කරලා නෑ..

    කොටින්ම නවක වදය දුන්නේ බිම දාගෙන ගහලා ඇතිද සිංහල තොපිට කියාගෙන..මේ වෙනකම් ඒ ගැන අපි කතාකලේ නෑ.. අපට අවශ්‍ය නෑ ජාතිවාදය ..
    මේ පාර වෙසක් එකට කූඩු හදන තැනට කඩුවක් අරන් පැනලා බයකරලා හිනා වෙවී ඒ අය යන්න ගියා..එහෙම තත්වයක් ඇති වෙලා තියෙනවා.. රජය කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ..ඉගෙනගන්න එක තියා අපි ජීවත් වෙනවද කියලා බලන්න කිසිම කෙනෙක් නෑ... අපි දුප්පත් ලමයි..අපට මේක දාලා යන්න බෑ..වැඩිය කතාකලොත් ඩිග්‍රි එක දෙන්නෙ නෑ..ඔප්පු කරන්නම් ඕනතරම්..මෙහේ එහෙමයි

    ලගදි අපට මහපොල පරක්කු වෙලා අපි කෝල් කරලා ඇහුවා..එතකොට අහනවා එහෙම එකක් ඔයාලට තියෙද කියලා... මේකේ හොස්ටල් සහ අනෙක් වරප්‍රසාද දෙනකොට මෙයාලා සිංහල අයට දෙන්නෙ නෑ..අහලා බලන්න ඕනනම්..යුද්දයෙන් අනාත උන අයට කියලා සිසිතරන් ලගේ යටත් පිරිසට සියලු අයිතිවාසිකම් ...අපට එක බල්ලෙක් ගෙ පිහිටක් නෑ... මහපොල මේන්ටේන් කරන් අපි ජීවත් වුනා..දැන් ඒකට අලුත් ගැටලුවක් ඇවිල්ලා..ජීවත් වීමේ නිදහස..රජය නිදිද... අපට දෙමල ශිෂ්‍යයන් එක්ක ගහමරාගන්න ඕන නෑ.. මෙතන අපට නිදහසේ අද්‍යාපනය හදාරන්න සකසලා දෙන්න කියන එකයි අපි ඉල්ලන්නේ..ඒත් මේ වෙනකම් කිසි එකෙක් බලලා නෑ

    මාසෙට වියදම රුපියල් පහලොස් දාහක්..මගේ ගෙවල් නුවර ..අම්මලා අමාරු වෙන් මේවා එවන්නේ.. අපි මෙතන හැම දේම ඉවසන් ඉන්නේ ඒ නිසා.. වෙස් නැටුමට අපි ඒ අයගෙන් අවසර ගත්තා.. මෙතන එක ද්‍රවිඩ පිරිසක් අපිත් එක්ක බොහොම හිතවත්.. කොටින්ම අපි චාවාකච්චේරි ඒ අයගේ නිවෙස් වලට පවා ගිහින් පොංගල් බත කාලා තියෙනවා..ඒත් මේකේ තුන්වන වසරේ සමහරු දෙවන වසරේ ද්‍රවිඩ අය එක්කම ගොඩාක් ප්‍රශ්න..ඒ නිසා අපට සහය දුන් දෙමල අයටයි අපටයි රිදෙන්න තමයි වෙස් කට්ටලේට ගහලා මේ ගැටුම ඇතිකරගත්තේ..

    . මේ සිදුවීම එක එක පක්ශ කන්ඩායම් නායකයන් වාසියක් කරගෙන..අපි කියන්නේ අපට එහෙම කරලා මේක විකුණන් කන්න එපා.. ඔය කිසිම බෞද්ධ සංවිදානයකට අපි සම්බන්ද නෑ.. කිසිම විශ්වවිද්‍යාලයීය වෙන ශිෂ්‍ය සංගමයක් නියෝජනය කරන්නෙ නෑ..අපි සිංහල ශිෂ්‍ය සංගමය කියන්නේ මේකේ ඉන්නවා සිංහල කතාකරන අන් ආගමික අයත්..ඒ නිසා හැමෝටම කියන්නේ මේක විකුනගෙන කන්න එපා.. එක එක සංවිධාන අපට වුන අසාධාරණය මුවාවෙන් වෙන ක්‍රියාමාර්ග ගන්නවා..අපි ඒ අයගෙන් අහනවා අපි වෙනුවෙන් කරේ මොනවද.. සමහර දවස්වලට කන්න නෑ..විශ්වවිද්‍යාලයීය අවට කඩ වලින් දෙමල අයට පනහට දෙන කෑම එක අපට එකසිය පනහයි...

    අපි අපේ සොච්චමින් පුස්තකාලයට සිංහල පොත් ගත්තා..ඒවට ඔය අපි වෙනුවෙන් කතාකරන අය හිටියේ නෑ..මේ සියල්ල රජය නොදන්නවා වගේ ඉන්න එක කනගාටුයි... ද්‍රවිඩ හැම ශිෂ්‍යයන් ම එකවගේ නෑ..අපට මේ මොහොතෙදිත් උපකාර කරන ද්‍රවිඩ ශිෂ්‍යයන් ඉන්නවා..ඒත් සිසිතරන් ලා ප්‍රමුක මහා ශිෂ්‍ය සංගමය නිසා අපි ඉන්නේ මරණ බයෙන්..අනිත් එක ආවා ගෲප් එක..ඒ අය මෙහේ නව එල්ටීටීඊ එක වගේ.. ඕඩර් වලට මිනිස්සු මරනවා.. ගිය වසරේ එක ශිෂ්‍යයෙක් ඝාතනය කලා.. මරලා බලනකොට හොයපු කෙනාත් නෙමේ අහිංසකයෙක්.. අපි මූන පෙන්නන්ත් බයයි... මීඩියා වලට තොරතුරක් දෙන්න බයයි...

    ජීවිතේ අපට වටිනවා ඔයා අයියේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙක් ..ඔයා දන්නවනේ වෙල්කම් එකකට මීඩියා එකෙන් ගෙන්නන්නෙ නෑ... ඒත් මේ ගැටුම වෙන්නත් කලින් මීඩියා ආවා..මේක සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ... එහෙම කොහොමද උනේ..අනිත් එක අපේ පාපැදි වල හුලං පවා යවලා..මේ වෙනකොට පොලිස් ආරක්ශාව තියෙනවා කිව්වට එහෙම මගුලක් නෑ..මාව තුන් වතාවක් පසුගිය රජය කාලේ පැහැරගෙන ගියා යුද හමුදාවෙන්..අරන් ගිහින් අහනවා තෝ අන්තරේ නේද තෝ ජේවිපී නේද කියලා..බොහොම අමාරුවෙන් පන බේරගෙන අද ඉන්නේ... අපි බනක් සංවිධානය කලත් අපි පරිපාලනයට ගැටලුවක් ඉදිරිපත් කලත් ඒක මේ පරිපාලනයම හමුදාවට දෙනවා..ඒ පාර හමුදාවම අපිට පරිපාලනයටත් එහා විදියට ක්‍රියා කරනවා..

    අපට සංවිධාන අර බලය මේ ලේ වැඩක් නෑ පාඩුවේ ඉගෙනගන්න අපට ඕන... ඒත් දැන් අපේ ගැටලුව යන්නේ දේශපාලන අරමුණු උදෙසා..එහෙම ගිහින් අපට පාන් කාලක් වත් ලැබෙනවද නෑ.... ඉගෙනගන්න පුලුවන්නම් මේ ගැටලු නැතිකරන්න කියලා අපි බලධාරීන් ගෙන් ඉල්ලුවා ඒත් අවුරුදු ගානක් විසදුම් නෑ...

    නැගෙනහිර විශ්වවිද්‍යාලයීය බලය සිංහල ශිෂ්‍යයන් ඇල්ලුවා..අපට අනේ එහෙම ඕන නෑ .. අහන්න අන්තරේ ළහිරු වීරසේකරගෙන් එයා ආවා අපි එක්ක සාකච්ඡා කරන්න..ද්‍රවිඩ සංගමය එක්ක කතාකරන්න..එක වතුර උගුරක් අන්තරේට දුන්නේ නෑ ඒ අය..අපි තමයි කන්න දීලා යව්වේ..ඔන්න සහජීවනය ... අහන්න බොරුද කියලා..අපට දේශපාලන පක්ශ ආගම් අවශ්‍ය නෑ අපට ඕන නිදහස පමනයි.... අපේ පේජ් එකේ අපි සිංහලේ බොදුබලේ රාවනා ජේවිපී පෙරටුගාමී ඔය මොන මගුලකටවත් කඩේ යන්නෙ නෑ..අපි කැම්පස් එක ඇතුලේ කඩේ යන්නෙත් නෑ.

    .ඉගෙන ගන්න නිදහස දෙන්න.. මේකේ බහුතරයක් ඊලාම් වාදී ආචාරය මඩුල්ලෙන් අට්ජ ලොස්සක් හැර අනිත් ඔක්කොම ඊලාම් සමරු වලට සහබාගී වෙනවා...නවක වදේදී දෙමල වචන අහලා ගහනවා.. යූ එන් පී පේජ් එකකින් අපේ සිංහල ලමයින්ගේ මූණු දාලා ..කොටි කියලා..පැරඩි උනත් එහෙම කරනවද..අපි කොහොමද එලියට බහින්නේ... රජය මේ සියල්ල අමතක කරලා සහජීවනයක් කතාකරනවා..

    අපි හැමදේම කරන්නේ ද්‍රවිඩ සංගමය මහා ශිෂ්‍ය සංගමයෙන් අහලා..එහෙම අහලත් අපට ගහනවා..මේ පලමු අවස්තාව නෙමේ..මේ වෙනකොට තුන් දෙනෙක් රෝහලේ... ඉතින් ඔයාලා අපට කියනවා අපි ජාතිවාදී ලූ..අපි කියන්නේ සමස්ත දෙමල ශිෂ්‍යයන් හැමෝම එහෙම නෑ..ත්‍රස්තවාදීන් මෙහෙය වන මේ මහා ශිෂ්‍ය සංගමයේ මුල හොයලා ඒ අයට දඩුවම් කරන්න... අපට අවශ්‍ය ඉගෙන ගන්න....

    අපේ සිංහල සංගමේ රැස්වීමක් තියන්න තැනක් පෝස්ටරයක් ගහන්න නොදෙන පරිපාලනය ඊලාම් පෝස්ටර් ගහනකොට බලාගෙන ඉන්නවා.. ආවා එකට සම්බන්ද අය ප්‍රසිද්ධියේ ආයුධ අරගෙන ඉන්නවා..ගිය රජය තියෙනකොටත් දැනුත් මේවා උනා..අපට දැන් තියෙන්නේ ඔක්කොම අත ඇරලා වෙන විශ්වවිද්‍යාලකට ඉල්ලුම් කරන්න..ඒත් ඉල්ලුම් කිරීමත් ගුටි කන්න ලේ හලාගන්න වෙයිද කියලා බයක් තියෙනවා...

    (මේ සියලු කරුණු සදහා චරිත් ජනප්‍රිය වන මා වගකියන බවටත් යම් අයෙකුට ගැටලුවක් ඇත්නම් එය ඔප්පු කිරීමටද සූදානම් ය..)...

    සටහන් කලේ චරිත් ජනප්‍රිය
    අදහස් දැක්වූවේ
    යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල ශිෂ්‍ය සංගමයේ හිටපු කැදවුම්කරු.
    ....
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :(:(
    charith eya darana mathyath kathawa assata ringawala wage

    සමහර ඒවා නම් දන්නා සත්‍ය මචන්
    දේශනා කරන්නේ දෙමලෙන්
    සිංහල පොත් ගෙන්නවන්නේ නැ පලනයෙක්
    ඔක්කොම දෙමල
    ඉංග්‍රීසි වත් නැ අපේ උන්ට කියවන්න සමහර තැන්වල
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුන් එතනත් කතා කරන්නේ කන්න ගැන..නිදහසේ ඉන්න දෙන්න එක :growl::growl:

    යකෝ තොපිලට ඉන්න දෙන්නේ නැත්නම් වරෙන් කැම්පස් එක දාලා.. :dull::dull:

    ඇවිත් උන දේ කියපල්ලා :(:(

    එහෙම උනාම අපේ උනුත් මුන් මේ පති වල කැම්පස් ආවම සලකයිනේ,සහජිවනේ උඩ තියන් :frown::frown:

    ඔය ලබ්බේ හිටියට වැඩක් නැහැ..ජොබ් නැහැ :nerd::nerd:
     
    Last edited:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඔය campus වලට මේ ළමයි යන්නේ ඉගෙන ගන්න .දකුණේ වගේ ලොකු බලපෑමක් සිංහල අයට කරන්න බැරුව ඇති.ඔය කියන විදියට මොන ප්‍රශ්න තිබ්බත් ,අසරණ කම නිසා ..සහ degree එක කොහොම හරි ගන්න ඕනේ නිසා ....මේ දේවල් දරා ගෙන ඉගෙන ගන්නවා ඇති.

    පොන්න පාලකයන්ට මේවා ප්‍රශ්න නෙමේ . හැබැයි දකුණේ සුළු ජාතිකයන්ට අඩු පාඩුවක් වුනොත් media එකට ඒක ලොකු බිජ්ජක් .

    අපිට ඕනේ හැමෝටම සමානව සලකන්න . මේක යකෝ ,සමානව සැලකිල්ලක් නෙමේ නේ ..

    අවන්කවම , ගහන්න ඕනේ හුත්ලට බස් අරන් ගිහින් :angry::angry:....
     
    • Like
    Reactions: djnick

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේවා මචන් පුලුවන් තරම් ශෙයා කරපල්ල. ඒක තමා කරන්න ඔනේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය campus වලට මේ ළමයි යන්නේ ඉගෙන ගන්න .දකුණේ වගේ ලොකු බලපෑමක් සිංහල අයට කරන්න බැරුව ඇති.ඔය කියන විදියට මොන ප්‍රශ්න තිබ්බත් ,අසරණ කම නිසා ..සහ degree එක කොහොම හරි ගන්න ඕනේ නිසා ....මේ දේවල් දරා ගෙන ඉගෙන ගන්නවා ඇති.

    පොන්න පාලකයන්ට මේවා ප්‍රශ්න නෙමේ . හැබැයි දකුණේ සුළු ජාතිකයන්ට අඩු පාඩුවක් වුනොත් media එකට ඒක ලොකු බිජ්ජක් .

    අපිට ඕනේ හැමෝටම සමානව සලකන්න . මේක යකෝ ,සමානව සැලකිල්ලක් නෙමේ නේ ..

    අවන්කවම , ගහන්න ඕනේ හුත්ලට බස් අරන් ගිහින් :angry::angry:....

    ochchara pennalath oya wage kathawak ahuwamai bn:love:
    rep+
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ඔය campus වලට මේ ළමයි යන්නේ ඉගෙන ගන්න .දකුණේ වගේ ලොකු බලපෑමක් සිංහල අයට කරන්න බැරුව ඇති.ඔය කියන විදියට මොන ප්‍රශ්න තිබ්බත් ,අසරණ කම නිසා ..සහ degree එක කොහොම හරි ගන්න ඕනේ නිසා ....මේ දේවල් දරා ගෙන ඉගෙන ගන්නවා ඇති.

    පොන්න පාලකයන්ට මේවා ප්‍රශ්න නෙමේ . හැබැයි දකුණේ සුළු ජාතිකයන්ට අඩු පාඩුවක් වුනොත් media එකට ඒක ලොකු බිජ්ජක් .

    අපිට ඕනේ හැමෝටම සමානව සලකන්න . මේක යකෝ ,සමානව සැලකිල්ලක් නෙමේ නේ ..

    අවන්කවම , ගහන්න ඕනේ හුත්ලට බස් අරන් ගිහින් :angry::angry:....


    :yes::yes::yes:
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    කෝ අර විශ්ව විද්‍යාල උප සංස්කෘතිය කතාකරපු මල්ලිලා....?

    කෝ අන්තරේ.... කෝ සමානාත්මතාව........

    අන්තරේ නිහඩයි...
    පා.ච. ල නිහඩයි.....
    NGO නිහඩයි.....
    මාද්‍ය නිහඩයි....
    ආණ්ඩුව නිහඩයි......

    බලයේ හිටියාම ඇතිනේ නේද? ඩොලර් හම්බුනාම ඇතිනේ නේද?

    සහජීව්නෙලු.... හැබැයි අපිට නෙමේ... ඇත්තටම ත්‍රස්තවාදීන්ට. තවමත් බීෂණය වපුරන..
    මේ ළමයි නෙවෙයිද? ජාතිවදේ නෙවෙයිද? ජීවිත නෙවෙයිද?

    ඒත් ....
    ජනතාව... ඔවුනුත් නිහඩයි....

    ජාතියම නිහඩ වී අවසන්ද?..... :(:(:(:(
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    කෝ අර විශ්ව විද්‍යාල උප සංස්කෘතිය කතාකරපු මල්ලිලා....?

    කෝ අන්තරේ.... කෝ සමානාත්මතාව........

    අන්තරේ නිහඩයි...
    පා.ච. ල නිහඩයි.....
    NGO නිහඩයි.....
    මාද්‍ය නිහඩයි....
    ආණ්ඩුව නිහඩයි......

    බලයේ හිටියාම ඇතිනේ නේද? ඩොලර් හම්බුනාම ඇතිනේ නේද?

    සහජීව්නෙලු.... හැබැයි අපිට නෙමේ... ඇත්තටම ත්‍රස්තවාදීන්ට. තවමත් බීෂණය වපුරන..
    මේ ළමයි නෙවෙයිද? ජාතිවදේ නෙවෙයිද? ජීවිත නෙවෙයිද?

    ඒත් ....
    ජනතාව... ඔවුනුත් නිහඩයි....

    ජාතියම නිහඩ වී අවසන්ද?..... :(:(:(:(

    bump
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ANTHAR VISVA VIDYALA SISYA BALA MANDALAYA------PERATUGAMI JAANATHA VIMUKKTHI PERAMUNA--------JANATHA VIMUKKTHI PERAMUNA------MOKADHA KARANNE??
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කෝ අර විශ්ව විද්‍යාල උප සංස්කෘතිය කතාකරපු මල්ලිලා....?

    කෝ අන්තරේ.... කෝ සමානාත්මතාව........

    අන්තරේ නිහඩයි...
    පා.ච. ල නිහඩයි.....
    NGO නිහඩයි.....
    මාද්‍ය නිහඩයි....
    ආණ්ඩුව නිහඩයි......

    බලයේ හිටියාම ඇතිනේ නේද? ඩොලර් හම්බුනාම ඇතිනේ නේද?

    සහජීව්නෙලු.... හැබැයි අපිට නෙමේ... ඇත්තටම ත්‍රස්තවාදීන්ට. තවමත් බීෂණය වපුරන..
    මේ ළමයි නෙවෙයිද? ජාතිවදේ නෙවෙයිද? ජීවිත නෙවෙයිද?

    ඒත් ....
    ජනතාව... ඔවුනුත් නිහඩයි....

    ජාතියම නිහඩ වී අවසන්ද?..... :(:(:(:(

    oya sahajeewna kathavak kiyavanne unta me sinhala minissu ekka ekata inna nemei bn,e muvaven rate kotasak unta gannai

    eka dan inna agamathiyath dannava,dan inna maha ekath dannava,unta mokuth karanna bari unta chande dunne mun nisa,munge mevata action gaththoth ithin ilanga para chande enne nane


     

    waligamaya

    Well-known member
  • ANTHAR VISVA VIDYALA SISYA BALA MANDALAYA------PERATUGAMI JAANATHA VIMUKKTHI PERAMUNA--------JANATHA VIMUKKTHI PERAMUNA------MOKADHA KARANNE??

    මචන් අන්තරය මම දන්න විදියට ඔය ප්‍රශ්නය ගැන යාපනේ මහා ශ්ශ්ෂ්‍ය සංගමයත් එක්ක කතා කරන්න තියනවා, නමුත් උන්ගේ බලය තියෙන්නේ දෙමල ජතිවදේ ඔලුව උඩ තියන් ඉන්න උන් ගාව. එකයි ප්ර්ශේනේ.

    ඒ සේරම දේවල් නිසා දෙමල මිනිස්සුන්ට සිංහල මිනිහා ගැන තියන ජාතිවාදී අදහස ඉවත් කරන්න ජවිපෙ වැඩසටහම් මාලාවක් ක්‍රියාත්මක කරලා තියනවා. වැඩි විස්තර මේකේ බලපන්

    https://www.facebook.com/syulanka/
     

    waligamaya

    Well-known member
  • මිනිස්සු බෙදා වෙන්කරන්න් හරිම ලේසියි පොඩි උත්සහයයි ගැන ඕන, නමුත් බෙදා වෙන්වුන මිනිස්සු එකතු කරන එක තමයි ගේම. එක කරන පුළුවන් උන් තමයි මිනිය මිනිසත් වීරයෝ. දෙමලාගේ හිතේ සිංහලය ගැන තරහව හා වෛයිරය තියනකනුත් සිංහලයාගේ හිතේ දෙමළා ගැන තරහව හා වෛයිරය තියනකනුත් මේ ප්‍රශ්න හැමදම මේවිදියට තියේවි. මිට වඩා ගැටළු ඇතිකරවී. :dull::dull:
     

    waligamaya

    Well-known member
  • මට මතකයි අපි university ඉන්න කොට සිංහල දෙමල කිතුනු හැම සංස්කෘතික ආගමික උත්සවයක්ම කලේ පිඨ ශිෂ්‍ය සංගමය මගින්. අපි කිසිම අහමික ජාතික සංගම් හදන්න දුන්නේ නැ. වරක් කට්ටිය එකතුවෙලා කිතුනු සංගමයක් පටන් ගන්න ගිහින් අපි එක කතා කරලා පටන් ගත් තැනම නතරකලා. ජයග්‍රහණය කියන්නේ සියලුම සිසුන් එකතු වෙලා ඒ ඒ ආගමික උත්සව සමරාන් එක. දෙමල කුතුන් උන් අපිත් එක්ක පොසොන් එකට අපි හදන කරකැවෙන කුඩුවට උදව් කළා. වෙසක් සැමරුවා හපුගල පන්සලේ බෝදිපුජා තිබ්බා. අපි නත්තලා සැමරුවා ගව, තයිපොන්ගල් සැමරුවා. අවාසනාවට ආරංචි විදියට දැන් එක නැ. එක එක ආගම නමින් සංගම් ගහගෙන. දැන් මුස්ලිම් කට්ටිය වේනම පල්ලියක් පිටය තුල ඉලනවලු. අපේ උගත් තරුණයෝ මෙහෙමනම් අනිත් මිනිස්සු ගම මොනකතදා