යාපනයේ is පුහුණු වීම්
යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි අයි.එස් ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක් මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21 ක් සමග යාපනයට පැමිණ ලැඟුම් ගෙන ඇති අතර එම තරුණයන් අයි.එස්. සංවිධානය සඳහා පුහුණු කර ඇති බවයි ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස් පුවත්පත උපුටා දක්වමින් දිවයින පුවත්පත වාර්තා කර ඇත්තේ.
මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අරමුදල් සපයා ඇත්තේ ඉස්‌ලාමීය පර්යේෂණ සංවිධානය බව ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී තිබෙනවා.
කුරානය අධ්‍යයනය කිරීම සඳහා යයි දක්‌වමින් මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවේ සංචාරයට ගෙනවිත් ඇතැයි වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.
(උපුටා ගැනීම -කීර්ති වර්ණකුලසූරිය/දිවයින )