යාපනය පුස්තකාලයට ගිනිතබා අදට වසර 38යි!
දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 95,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කරන ලද්දේ 1981 මැයි 31 වැනිදා රෑ යාමයේය.
ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍ය වරයා වුයේ රනිල් වික්‍රමසිංහයි.
මේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනකු වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යාපනයේ සිටියදීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි. ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.
ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී. දෙමළ සංස්කෘතික සංහාරයක් සේ ගැනෙන යාපනය පුස්තකාල විනාශය සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු කිසිවකුටත් මේතාක් දඬුවම් පමුණුවා නැත.

.