යාපනය පුස්‌තකාලය ගිනි තැබුවේ කවුරුන්ද?
අග්නිදිග ආසියාවේ විශ්ව කෝෂය ලෙස හැඳින් වූ යාපනය පුස්‌තකාලය 1981 ජුනි 1 දා ගිනිතබා වනසනු ලැබීය. වසර 35 කට පෙර සිදු වූ මේ අපරාධකාරී ක්‍රියාව සිදු වුවේ එ. ජා. ප පාලන සමයේදීය. ගිනි තබන විට 97000 කට අධික පොත්පත්ද වටිනා ෙඓතිහාසික ලිපිද තිබූ මෙම මහගු පුස්‌තකාලය ගිනි තබන විට පොලිසිය බලා සිටියේය.
පුස්‌තකාලය ගිනි තැබීමේ ක්‍රියාදාමයේ මුලිකයන් කව්දැයි එකල සනාථ විය. එහෙත් ඊට මුල්වූවන් අත්අඩංගුවට ගැනීමක් හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදු වූයේ නැත. ආසියාවේ විශාලතම පුස්‌තකාලය වූ යාපනය පුස්‌තකාලය ගිනි තැබීමට ඒ. ජ. ප දේශපාලකයන් දෙදෙනකුද හවුල් වූ බව වාර්තා විය.
1933 දී ආරම්භ වූ යාපනය පුස්‌තකාලය ශ්‍රී ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ ලියවිලි විශාල සංඛ්‍යාවක් තිබිණි. මෙම පුස්‌තකාලය ගිනි තැබීමට හේතු වූයේ 1981 මැයි 31 දා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ පැවැත් වූ දේශපාලන රැලියක් අසල සිටි සිංහල පොලිස්‌භටයන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමයි. එහි ප්‍රතිඵලය වූයේ උසි ගන්වනු ලැබූ පිරිස් පුස්‌තකාලයට ගිනි තැබීමයි. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ කාර්යාලයටද ප්‍රහාර එල්ල විය.
එදා යාපනයේ ආරංචි මාර්ග පැවසුවේ පොලිසියේ ඇතැම් පිරිස්‌ද පුස්‌තකාලය ගිනි තැබීමට සම්බන්ධ බවයි. මෙතරම් විනාශයක් කළත් එදා රජය ඒ පිළිබඳ නිසි පරීක්‍ෂණයක් පවත්වා ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගත්තේ නැත. 2006 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූවේ යාපනය පුස්‌තකාලයට ගිනි තැබීමේ සිද්ධිය බුදු හාමුදුරුවන්ට වෙඩි තැබීමක් වැනි ක්‍රියාවක් බවයි. යාපනය පුස්‌තකාලයට ගිනි තබන අවස්‌ථාවේ කැබිනට් ඇමැතිවරු දෙදෙනෙක්‌ද යාපනයේ තානායමේ සිටි බව අනාවරණය විය.
මෙකී විනාශකාරී ක්‍රියාවට සම්බන්ධ යෑයි සැකකරන දේශපාලඥයෙක් වසර ගණනකට පසු කොටි බෝම්බයකින් ජීවිතක්‍ෂයට පත් විය.
එදා එම පුස්‌තකාලය ගිනි තැබීමේ සිද්ධිය යළි මතු වූයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ එ. ජ. ප පාලන සමයේ සිදු වූ එකී ක්‍රියාව ගැන සමාව යෑදීමයි.
එහෙත් මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින ඇතැම් අඳ බාලයන් මෙම විනාශකාරී සිද්ධිය ගැන නොදනී.
කොටින්ට අවි ආයුධ සැපයුයේ හා මුදල් පෙට්‌ටි කීපයක් ලබා දුන්නේද එ. ජා. ප පාලන කාලවලදී බව අමතක නොවේ. මේ හැර ප්‍රභාකරන්ගේ උපන්දිනයට ඩෙසර්ට් ඊගල් නමැති පිස්‌තෝලයක් පරිත්‍යාග කරනු ලැබුවේ. එ. ජා. ප පාලන කාලයකදී බව කිව යුතුයි.
වසර 35 කට පෙර යාපනය පුස්‌තකාලය ගිනි තැබීමේ සිද්ධිය යළි මතු වුවත් එදා වරදකරුවන්ට එරෙහිව ක්‍රියා නොකළේ මන්ද යන්න බරපතළ ප්‍රශ්නයකි.
එසේම මෙයට කලකට පෙර එක්‌තරා පොලිස් නිලධාරියෙක් යාපනය විශ්වවිද්‍යාලයට ගිනි තැබීමේ සිද්ධිය ගැන අතසෝදා ගෙන තිබිණි. පුස්‌තකාලය ගිනි ගන්නා අවස්‌ථාවේ ඔහුද යාපනයේ සිටියේය.
කීර්ති වර්ණකුලසූරිය
copyright Divaina Newspaper