Home ප්‍රධාන පුවත් | මුලාවට තිත තියන පා
මුලාවට තිත තියන පාර්ලිමේන්තු පනතක්
කතෘ මණ්ඩලය 2024 දෙසැම්බර් මස 21 බැලූවෝ -538
"මෙරට දේශපාලන ඉතිහාසයේ මෙවැනි පනතක් සම්මත කරගතහොත් එය ඉතාමත් සතුටට කරුණක් යැයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. මම හිතන්නෙ අපි යන ගමන ඉතා පිරිසිඳු ගමනක් විය යුතුයි. බොරු කියා ජනතාව මුලා කර බලයට පැමිනීම වහා නැවැත්විය යුතුයි. එය සනාත කිරීම සඳහා රැස්වෙන අභිනව පාර්ලිමේන්තු සැසියේදී ගෙන එන පළමු පනත ලෙස මෙය සභා ගර්භය ඉදිරියේ ඉදිරිපත් කිරීමට නියමිතයි." යනුවෙන් ඊයේ දිනයේ (20) ප්‍රකාශ කළේය. මෙමගින් පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු සඳහා මුසාබස් දෙඩීම අතිශය තහනම් කරමින් සහ එය උල්ලංඝනය කරන්නන් මන්ත්‍රී තනතුරෙන් ඉවත් කිරීමට මෙම පනත හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරෙනු ඇත.
මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව 10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තෝරා පත්කර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම නොවැම්බර් 21 වැනිදා උදේ 10.00ට පැවැත්වේ.
මෙවර නවක මුහුණ රැසකගෙන් යුතුව නව පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙනු ඇත.
Previous article නිවසට පස් කන්දක් කඩා වැටී මොරගහමුල සිසුවෙක් මියයයි