යාපනේ සිංහල සිසුවාට නෙලුවාට තෑගී?????
යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල මාධ්‍ය සිසුන්ට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට එම විශ්වවිද්‍යාලයේම අනධ්‍යයන කාර්ය මණ්‌ඩල තනතුරක් ලබාදීමට පරිපාලන අංශ කටයුතු කරමින් සිටින බව එහි ආරංචිමාර්ග අනාවරණය කරයි.
සිසුන්ට පහරදීමට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු මේ වන විට විශ්වවිද්‍යාලයීය මූල්‍ය අංශයේ තනතුරකට බඳවාගෙන ඇති අතර පසුගිය ජනවාරි මාසයේ උපාධිය ලැබූ පුද්ගලයකු මාෂල් තනතුරකට බඳවා ගැනීමට ද පරිපාලන අංශ කටයුතු කර ඇත. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක මාෂල් තනතුරක් සඳහා බඳවා ගැනෙන්නේ වසර විස්‌සක පමණ කාලයක් හමුදා හෝ ආරක්‍ෂක සේවයේ පළපුරුද්දක් සහිත පුද්ගලයන් වන නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ තනතුරු ලබාදීමේදී පෞද්ගලික අවශ්‍යතා සැලකිල්ලට ගන්නේ ද යන සැකය පවතින බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් පැවසීය.
සිසුන්ට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් දිනයේම ඇප මත මුදාහැරිණි.
පහරදීම සිදුවූයේ පසුගිය ජුලි මාසයේදීය. සිංහල මාධ්‍ය සිසුහු පස් දෙනෙක් එහිදී තුවාල ලැබූහ.
කව්ද යහපාලනේ නරකයි කියන්නේ....
http://www.divaina.com/2016/09/15/news15.html