මට ගෑනු ළමයෙක් සෙට් වුනා මීට මාසෙකට විතර කලින්. එයාට මම ෆේස්බුක් රික්වෙස්ට් එක යැව්වේ මාර්තු 30 වෙනිදා. යාලුවෙක්ගෙ මාර්ගෙන් තමා එයාව අඳුරගත්තේ. එදා ඉඳන් අපි මැසේජ් කළා. කෝල් කළා. හම්බුනා. හැමදේම ගොඩක් ඉක්මනට වුනා. අපි සෑහෙන්න ලං වුනා. අපි සෑහෙන්න ලං වුන නිසා හම්බුනා දෙවෙනි දවසේ ෆිල්ම් එකක් බලන්න බොක්ස් එකකට ගියා. එයා ලොකුවට අකමැත්තක් පෙන්නුවෙත් නෑ. මට බෑ කියල කිව්වා හැබැයි විහිලුවට වගේ හිනා වෙලා. එහෙම නැතුව ගොඩක් තරහින් අඩි පොළොවේ හප්පලා එහෙම කිව්වේ නෑ. අපි දෙන්න අතර ලොකුවට දෙයක් වුනේ නෑ බොක්ස් ගියා කියල කිස් එකක් දුන්නා ඇරෙන්න.
ඒ ගිහිල්ලා ඇවිල්ලත් එයා අවුලක් නැතුව හිටියා. පහුවෙනිදත් එහෙම අවුලක් පෙන්නුවේ නෑ. ඒ ගියේ අප්‍රේල් 17 වෙනිදා. ආයේ අපි මැයි 2 වෙනිදා හම්බෙන්න හිටියේ. අපි අප්‍රේල් 30 කෝල් කළා. සෑහෙන්න වෙලා කතා කළා. එතකොට මම කිව්වේ 2 වෙනිදට සැවෝයි ගිහිල්ලා ෆිල්ම් එකක් බලලා එහෙම පාක් යමු කියල. එදත් හොඳට කතා කළා. හැබැයි පහුවෙනිදා. ඒ කියන්නේ මැයි 1 වෙනිදා එයා කෝල් එකක් අරන් කිව්වේ එයා පලවෙනි දවසේ ඉවසන් හිටියා හැබැයි ඔයා ආයේ ආයේ අරහේ යමු කියද්දී මට ඔයා ගැන බයක හිතෙනවා මගේ හිතේ ඔයා ගැන මුලින් තිබ්බ පැහැදීම නැති වුනා කියල තමා කිව්වේ. ආයේ ඒ දේ ඇති කරගන්න එක අමාරුයි කිව්වා.
එදා ඉඳන් අද වෙනකන් මා එක්ක හරියකට මැසේජ් කරන්නේ නෑ, කෝල් කරත් කතා කරන්නේ නෑ. අන්තිමට කතා කලේ ඕනවට එපාවට වෙසක් දවසේ, මට පල නොකියා පලා බෙදනවා. මම සමාව ඉල්ලුවා ආයේ එහෙම තැනකට නොයන්නත් ආයේ ඒ දේවල් ගැන කතා නොකරන්නත්. ඒත් එයා කියන්නේ ආයේ පරණ තත්වෙට මන් ගැන ආකර්ෂණයක් ඇති වෙයි කියලා හිතන්න බැහැල්ලු. ඒක එයාගේ දුර්වලකමක් ලු. බලමු කියලා තමා කියන්නේ. හැබැයි එයාට එයාව ෂුවර් නැහැල්ලු ආයේ පරණ තත්වෙට එන්න පුළුවන් වෙයිද කියලා.
මට එයා නැතුවම බැරි සීන් එකකටත් වඩා මම පට්ට ලෝභයි හම්බුන ආදරේ නැති කරගන්න. අනික මට guilty feeling එකක් එනවා මගේ හදිස්සිය නිසා නේද මේක නැති වුනේ කියල. අන්තිමට කෙල්ලෙක් සෙට් වෙලා බ්‍රේකප් වෙලා ඉඳලා දැන් අවුරුදු 5ක් වෙනවා. ඒකට පස්සේ හම්බුන පලවෙනි කනෙක්ෂන් එක මේක. ඉතින් තවත් අවුල්.
එයාගේ තවත් දුර්වලකමක් තමා මොකක් හරි ප්‍රශ්නයක් වුනාම කතා නොකර ඉන්නවා. කෝල් කලත් ආන්සර් කරන්නේ නෑ. සද්ද නැතුවම ඉන්නවා පැය ගණන්. එතකොටත් මගේ හිතට අමාරුයි. මේ සිද්දිය තමා වැඩිම කාලයක් ඇදිලා තියෙන්නේ. අදට දවස් 8ක්.
මම මේක විහිලුවට ආතල් අරන් අතැරලා දාන්න පටන් ගත්ත රිලේෂන්ෂිප් එකකුත් නෙමෙයි. ගැලපෙනවා නම් බඳින්නම පටන් ගත්ත දෙයක්. ඒත් ඉතින් මේ වගේ පොඩි දෙයක් නිසා එයා මේක අතාරින එකටයි මට හිතට අමාරු. එයාට මාව කොච්චර හිතට අල්ලලා තිබ්බද කියනව නම් එයාට අම්ම වගේ ඉන්න එයාගේ ලඟින්ම ඉන්න අක්ක කෙනෙක්ගේ ගෙදරකටත් මාව එක්කන් ගිහිල්ලා අඳුන්වලා දුන්නා. එහෙම එක්කෙනා තමා මෙහෙම කරන්නේ දැන්. ඉතින් එයා බොරුවක් කළා වෙන්න බෑ, වෙන කොල්ලෙක් සෙට් වෙලා කියලත් හිතන්න අමාරුයි.
එයාට දැන් මාත් වැඩිය මැසේජ් කරන්නේ නෑ. එයා කියන්නේ හිත වෙනස් කරගන්න පුළුවන් වෙයිද කියල බලමු කියල. එයා කියනව එයාටත් පුදුමයිලු තාම මාව බ්ලොක් නොකර තියාගෙන ඉන්නවට. මම වෙන කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා, එයාට වංචාවක් කරලා අහුවුණා නම් මෙහෙම කරන එක සාධාරණයි. ඒත් මේ වගේ දෙකට. අනික මම ආයේ ඒ දේ කරන්නේ නෑ කියලත් පොරොන්දු වෙනවා නම් ඇයි මෙහෙම කරන්නේ මට.
ඔයාලා හිතන්නේ මෙයා හිත හදාගෙන ආයේ එයිද, මම ආයේ මැසේජ් කරන්න යන්න එපාද? නැත්තන් දවස් දෙක තුනකට වතාවක් මැසේජ් එකක් දාලා දුක සැප හොයන්නද? සද්ද නොකරම හිටියොත් එයාට මාවත් අමතකම වෙලා ගියොත් ආයේ එන එකක් නැතිවෙයිනේ?
ඔයාලා මොකද කියන්නේ?