යාලුවනේ මට මහණ වෙන්න හිතෙනවා!
අනේ මන්දා.. මේ සිතිවිල්ල දැන් ගොඩක් කල් ඉඳන් මගේ හිතට වද දෙනවා. මම බස් එකේ ගෙදර එනගමනුත් මේ ගැනමයි හිත හිත ආවේ.
මම ගොඩාක් දුරට කල්පනා කරලා බැලුවා... අපේ හැම සතුටක්ම ඉවර වෙන්නේ දුකකින් නේද අනිවා?
ඔයගොල්ලන්ට මතක ඇති මම එලකිරි එකේ නානාවිද පෝස්ට් දැම්මා මට කෙල්ලෙක් නැහැ.. අරකයි මේකයි කියලා? ඒත් ගිය සතියේ මම මේ ඔක්කොම ගැන තනියම කල්පනා කරනකොට හිතුනා, ඇත්තටම මේ ඔක්කොගෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ කෙටිකාලීන සතුටක් කියලා.
තව දශක කීපයකින් අපි ඔය වහ වැටෙන කෙල්ලොත් නෙමෙයි, අපේම තරුණ හම වුනත් රැලි වැටිලා ජරාවාස වේවි නේද? එතකොට තරුණ කෙල්ලෝ කොල්ලෝ ගැන බල බල අපි ආයෙත් දුක් වේවි නේද?
ඒ වගේම අනාගතයේදී අපි ආසම අපේ ආදරනීය දෙමවිපියනුත් අපෙන් සමුගැනීම කාටවත් වලක්වන්න බැහ නේද? එතකොට කොහොම දුකක් අපිට දැනෙයිද?
ඉතින් බුදු හාමුදුරුවෝ කියපු ධර්මය ස්තිරයි නේද? මේ ජීවිතය විතරක් නෙමෙයි.. මේ මුලු සන්සාරයම මහා ජරා දුකක්.
අපි මේ ඉන්න ශරීර කූඩුවෙන් වෙන්වෙලා, ආයෙත් මුල ඉඳන් තවත් ශරීර කූඩුවක් අස්සේ ජීවත් වෙන්න ඕන නේද? අනේ මොන දුකක්ද මේක?
මට හරිම ආසයි කොහොම හරි භාවනා කරලා කරලා රහත් පල ලබාගන්න. මම දන්නැ ඇයි කියලා.. ඒත් ඒක පොඩි කාලේ ඉඳන් මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක්.
මට ආසයි වනගතව පැවිදි දිවිපෙවෙතක් ගතකරන්න... කොහොම හරි රහත් පල මේ ජීවිතයේම ලබාගෙන මේ කාලකන්නි සන්සාරෙන් එතෙර වන්න.
ඔයාලට තෙරුවණ් සරණයි!
මීට
ලන්කාපුත්ර

ඒ වගේම ගොඩක් එවුන්ට පන්සල මතක් වෙන්නෙ, බුදු හාමුදරුවො සිහියට එන්නෙ දුකක් දැනුනාමයි, ජීවිතේ එපා වුණාමයි විතරයි.. 