යාලුවනේ මට මහණ වෙන්න හිතෙනවා!

යාලුවනේ මට මහණ වෙන්න හිතෙනවා!

අනේ මන්දා.. මේ සිතිවිල්ල දැන් ගොඩක් කල් ඉඳන් මගේ හිතට වද දෙනවා. මම බස් එකේ ගෙදර එනගමනුත් මේ ගැනමයි හිත හිත ආවේ.

මම ගොඩාක් දුරට කල්පනා කරලා බැලුවා... අපේ හැම සතුටක්ම ඉවර වෙන්නේ දුකකින් නේද අනිවා?

ඔයගොල්ලන්ට මතක ඇති මම එලකිරි එකේ නානාවිද පෝස්ට් දැම්මා මට කෙල්ලෙක් නැහැ.. අරකයි මේකයි කියලා? ඒත් ගිය සතියේ මම මේ ඔක්කොම ගැන තනියම කල්පනා කරනකොට හිතුනා, ඇත්තටම මේ ඔක්කොගෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ කෙටිකාලීන සතුටක් කියලා.

තව දශක කීපයකින් අපි ඔය වහ වැටෙන කෙල්ලොත් නෙමෙයි, අපේම තරුණ හම වුනත් රැලි වැටිලා ජරාවාස වේවි නේද​? එතකොට තරුණ කෙල්ලෝ කොල්ලෝ ගැන බල බල අපි ආයෙත් දුක් වේවි නේද​?

ඒ වගේම අනාගතයේදී අපි ආසම අපේ ආදරනීය දෙමවිපියනුත් අපෙන් සමුගැනීම කාටවත් වලක්වන්න බැහ නේද​? එතකොට කොහොම දුකක් අපිට දැනෙයිද​?

ඉතින් බුදු හාමුදුරුවෝ කියපු ධර්මය ස්තිරයි නේද​? මේ ජීවිතය විතරක් නෙමෙයි.. මේ මුලු සන්සාරයම මහා ජරා දුකක්.
අපි මේ ඉන්න ශරීර කූඩුවෙන් වෙන්වෙලා, ආයෙත් මුල ඉඳන් තවත් ශරීර කූඩුවක් අස්සේ ජීවත් වෙන්න ඕන නේද​? අනේ මොන දුකක්ද මේක​?

මට හරිම ආසයි කොහොම හරි භාවනා කරලා කරලා රහත් පල ලබාගන්න​. මම දන්නැ ඇයි කියලා.. ඒත් ඒක පොඩි කාලේ ඉඳන් මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක්.
මට ආසයි වනගතව පැවිදි දිවිපෙවෙතක් ගතකරන්න​... කොහොම හරි රහත් පල මේ ජීවිතයේම ලබාගෙන මේ කාලකන්නි සන්සාරෙන් එතෙර වන්න​.

ඔයාලට තෙරුවණ් සරණයි!
මීට​
ලන්කාපුත්‍ර​
 
  • Like
Reactions: codegeek and sudu4u

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොදට හිතල බලල ගන්න තීරණයක් ගනින්. මොකද උඹ මහන වෙන එක ලේසි නෑ වගේම හිතුනහම සිවුර අතරින එකත් මහ පවක්. හොදට හිතල තීරණය කරපන්. ජීවිතෙ ප්‍රශ්නෙකින් විදවන පළියට මහණ වෙන එක නෙමෙ ජීවිතේ කියන්නෙ....

    :dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මහන වුණත් මූ සිවුර අතාරිනවා.. මූට මහන වෙන්න හිතිලා තියෙන්නෙ කෙල්ලෙක් නැති නිසානේ..:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මහන වෙන්න ඕන නම් උබ කවදාවත් මෙතන thread ද දා ඉන්නෙ නෑ බං.. අනික මහන වෙන්නත් කොච්චර අදිශ්ඨානක් තියෙන්න ඕනද.. කෙල්ලෙක් ගෙන් boot එකක් කෑවාම.. කෙල්ලෙක් බෑයි කිව්වාම මහන වෙලා තමා මාස දෙකෙන් සිවුරු අරින්නෙ.. බුදු දහම හෑල්ලු කරන්න එපා..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචෝ මහන වෙන්න ඕනේ කියන තීරණය ගන්න ඕනේ අපේ හිතට දුකක් දැනුන වෙලාවට නෙමෙයි, අපි ගොඩක් සතුටින් ඉන්න වෙලාවට. අපේ අතේ සල්ලි, ගේ දොර ඉඩකඩම්, යානවාහන, කිර්තිය නැති වෙලාවට නෙමෙයි මහන වෙන්න ඕනේ කියන තීරණය ගන්න ඕනේ. අපේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතාරින්න ඕනේ කියල තීරණය කලේ රජ සැප විඳින ගමන්. උඹට බස් එකේ එනකොට වගේම උඹ කාර් එකක් අරන් එකේ එනකොටත් උඹට ඔය මහන වෙන්න ඕනේ කියන සිතිවිල්ල එයිද කියල කල්පනාකරලා බලපන්. අවබෝධයෙන් මහන උනේ නැත්නම් සිවුරක් පොරවාගෙන ගිහිගෙය ගැන හිත හිත ඉඳල පව්පුරෝ ගන්න තමයි වෙන්නේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274

    11.gif
    gd answer.
    hithata sathutak ena dewal karapan machan.:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහන වෙන්න ඕන නම් උබ කවදාවත් මෙතන thread ද දා ඉන්නෙ නෑ බං.. අනික මහන වෙන්නත් කොච්චර අදිශ්ඨානක් තියෙන්න ඕනද.. කෙල්ලෙක් ගෙන් boot එකක් කෑවාම.. කෙල්ලෙක් බෑයි කිව්වාම මහන වෙලා තමා මාස දෙකෙන් සිවුරු අරින්නෙ.. බුදු දහම හෑල්ලු කරන්න එපා..
    මූ මහන උනොත් සාසනෙත් ඉවරයි.. ගෑනියෙක් දැක්ක ගමන් සිවුර පැත්තකට දාලා ගෑනි පස්සෙ දුවයි.. :dull:

    මචෝ මහන වෙන්න ඕනේ කියන තීරණය ගන්න ඕනේ අපේ හිතට දුකක් දැනුන වෙලාවට නෙමෙයි, අපි ගොඩක් සතුටින් ඉන්න වෙලාවට. අපේ අතේ සල්ලි, ගේ දොර ඉඩකඩම්, යානවාහන, කිර්තිය නැති වෙලාවට නෙමෙයි මහන වෙන්න ඕනේ කියන තීරණය ගන්න ඕනේ. අපේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතාරින්න ඕනේ කියල තීරණය කලේ රජ සැප විඳින ගමන්. උඹට බස් එකේ එනකොට වගේම උඹ කාර් එකක් අරන් එකේ එනකොටත් උඹට ඔය මහන වෙන්න ඕනේ කියන සිතිවිල්ල එයිද කියල කල්පනාකරලා බලපන්. අවබෝධයෙන් මහන උනේ නැත්නම් සිවුරක් පොරවාගෙන ගිහිගෙය ගැන හිත හිත ඉඳල පව්පුරෝ ගන්න තමයි වෙන්නේ.

    ඒක ඇත්ත මචං..:yes: ඒ වගේම ගොඩක් එවුන්ට පන්සල මතක් වෙන්නෙ, බුදු හාමුදරුවො සිහියට එන්නෙ දුකක් දැනුනාමයි, ජීවිතේ එපා වුණාමයි විතරයි..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම දන්නා අය්යල දෙන්නෙක්ම මහන උනා. එක්කෙනෙක් කැම්පස් ඉවර උනාට පස්සේ මහන උනේ...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හොදට හිතල බලල ගන්න තීරණයක් ගනින්. මොකද උඹ මහන වෙන එක ලේසි නෑ වගේම හිතුනහම සිවුර අතරින එකත් මහ පවක්. හොදට හිතල තීරණය කරපන්. ජීවිතෙ ප්‍රශ්නෙකින් විදවන පළියට මහණ වෙන එක නෙමෙ ජීවිතේ කියන්නෙ....

    :dull::dull::dull:

    සිවුර ඇත අරින එක පවක් වෙන්නේ කොහොමද බන්? ඉන්න බැරිනම් යන්න එපැයි :confused:

    අපේ පන්සලේ තායිලන්තෙන් ආපු හාමුදුරුවරු ඉන්නවා. තායිලන්තේ නම එහෙම උපැවිදි වෙනවලු....