මචන්ලා මම මේ කතාව එළකිරි එකේ දාන්නේ නිර්නාමිකව අදහස් ටිකක් ගන්න කියල. ඒ හින්ද මේක විහිලුවට නම් ගන්න එපා. මට ඇත්තටම හිතාගන්න බෑ මොකක්ද කරන්නේ කියල...
ඔන්න එහෙනම් කතාව පටන් ගමු.
කතාවේ කතානායකයා රුවන් කියල හිතමු.
මට රුවන් හමුවෙන්නේ මීට අවුරුදු 15කට විතර උඩදී. අපි දෙන්නම එකම ආයතනයේ, එකම මට්ටමේ රැකියාවට එකම දවසේ බඳවා ගත්තේ. ඒක විදේශ ආයතනයක ලංකාවේ පවත්වගෙන ගිය ශාඛාවක්. අපි දෙන්නගෙම තනතුර එකයි. නමුත් පොඩි ප්‍රශ්න දෙකක් තිබුනා. රුවන් මට වඩා අවුරුදු 12ක් විතර වැඩිමල්. ඒ කියන්නේ අපේ භාෂාවෙන් සීනියර්. දෙවැනි ප්‍රශ්නේ තමයි රුවන් මොරටුවෙන් උපාධිය ගත්ත ඉංජිනේරුවෙක්. අපි නම් අහල තියෙන්නේ මොරටුව තරම් හොඳ විශ්වවිද්‍යාලයක් මේ ලෝකේ තියා අඟහරු ලෝකෙ වත් නෑ කියලා. ඉතින් රුවන් නොදන්නා දෙයක් නා. ඉංජිනේරු විද්‍යාවද, තර්ක ශාස්ත්‍රයද, රෝම ඉතිහාසයද, සමුද්‍ර ජීව විද්‍යාවද, කාලගුණික විපර්යාසද, රෙන්ඩ බර හැදෙන හැටිද මෙකි නොකී හැම දේම රුවන් දන්නවා. කොටින්ම රුවන්ට ලෝකේ ඕන විෂයකින් PhD එකක් කිරීමේ හැකියාවද තියෙනවා.
මම නම් ඉතින් විදේශ විශ්ව විද්‍යාලයක තමයි උපාධිය ගත්තේ. ඒ හින්ද මට මොරටුවේ අය එක්ක ටිකක් හැප්පෙන්න අමාරුයි. මම මගේ වැඩක් බලාගෙන හිටියා.
ඔහොම කිව්වට රුවන් නරක කෙනෙක් නෙමෙයි. ඉඳල හිටලා පොඩි හින්ට් එකක් ගහනවා නමුත් ගොඩක් වෙලාවට සුහදව වැඩ කරනවා. මම ඉතින් ඔච්චර ගණන් ගත්තේ නෑ. අනිත් දේ තමයි රුවන් බැඳලා ඉන්නෙත් දොස්තර නෝනා කෙනෙක්. ඒ දවස් වලම අලුත් කාර් එකක් එහෙම තිබුනා. මගේ පරණ ලඩිය ඒ අවුරුදු ගානටම තිබ්බේ ගැරේජ් එකේ කොට උඩ.
රුවන් ගේ දැනුම ඉතාම ඉහල හින්දා. ගොඩක් වෙලාවට සබ්ජෙක්ට් එක දන්නා නොදන්නා හැම කෙනාටම උගන්නන්න යනවා. කොටින්ම තමන්ගේ ඉහලින් ඉන්න විදේශ ජාතික මැනේජර් ටත් උගන්නන්න යනවා. මොකද ඌ උපාධිය ගත්තෙත් මොරටුවෙන් නෙමෙයි නේ (ඒක මම කියන දෙයක් නෙමෙයි රුවන් ම කියපු දෙයක්). මිනිහගේ කතාව සුපිරි වුනාට ටිකක් වැඩ අවුල්. ක්ලයන්ට් එක්ක ඕන නැති මගුල් වලට ඇග්රී වෙලා එනවා. ඊට පස්සේ ඒවාට බජට් නෑ. ඔය වගේ ගොන් වැඩ ටිකක් මිනිහා කළා. අන්තිමට ඒ ආයතනයෙන් රුවන් ව ඉවත් කරන්න තීරණය කළා. මම ඊට පස්සේ අවුරුද්දක් විතර ඒ ආයතනයේ වැඩ කරලා පශ්චාත් උපාධිය ගන්න විදේශ ගත වුනා.
ඔන්න එහෙනං පළමු කොටස අවසානය.
දෙවන කොටස
මම කිව්වනේ කලින් සිද්ධිය වුනේ අවුරුදු 15කට විතර උඩදී කියල.
ඊයේ පෙරේද මට හදිස්සියේ කෝල් එකක් ආව වට්ස්ඇප් එකෙන්. බැලුවම රුවන්.
ඉතින් මම ඇහුවා ආගිය තොරතුරු.
කතාව අහද්දී මට ටිකක් ඇන්ඩුනා. 2015 වගේ කාලේදී රුවන් කරපු අනිත් රස්සාවත් නැතිවෙලා. හැබැයි රුවන් නම් කිව්වේ යහපාලන රජය ඇවිල්ල ප්‍රොජෙක්ට් ඔක්කොම නවත්තපු හින්දයි එහෙම වුනේ කියල. ඒ කාලෙත් රාජපක්ෂල දින්නනම් ලංකාවේ මිනිස්සු අද රජවරු වගේ ඉන්නවලු. හරි කමක් නෑ දේශපාලන කතාව පැත්තක තියමු කෝ.
කොහොම හරි මිනිහ කිසිම රස්සාවක් නැතුව අවුරුදු 2ක් විතර ඉඳලා හොරෙන් පැනල ඇවිල්ලා ඉතාලියට. ඉතාලියේ රෙස්ටුරන්ට් එකක පොඩි වැඩක් කරනවලු. හැබැයි තාමත් illegal ලු. උදේ ඉඳන් රෑ වෙනකම් වැඩලු. ඒ අතරෙත් ගොන් කතාවක් කිව්වා. මිනිහට ඊට වඩා වැඩියමක් කරන්න පුළුවන්ලු නමුත් ඉතාලියේ තැන දෙන්නේ කතෝලිකයන්ට විතරයි ලු. හොරෙන් ආපු කතෝලික මිනිස්සු church එකට සෙට් වෙලා හොඳ තැන හොයාගන්නවලු නමුත් මිනිහ කතෝලික නොවන හින්දා ඒ චාන්ස් එකත් නැහැල්ලු.
මොනවා කිව්වත් මට දුකයි මොකද ඒ දවස් වල මට වඩා හොඳ මට්ටමක හිටපු පුද්ගලයෙක් නිසා.
අද මමත් ඉන්නේ යුරෝපීය රටක. හොඳ රැකියාවක් කරනවා. මේ රටේ average salary එක වගේ දෙගුණයකටත් වඩා වැඩි පඩියක් මට ලැබෙනවා. පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා.
රුවන් ගේ කෝල් එක මම හදිස්සි වැඩක් කියල මගදී නැවැත්තුවා. මට දැනුනා රුවන් කතා කලේ උදව්වක් බලාපොරොත්තුවෙන් කියලා. එක්කෝ මිනිහට මුදල් වශයෙන් උදව්වක් වෙන්න පුළුවන් එහෙම නැත්තම් මං ඉන්න රටට හොරෙන් පැනගන්න වෙන්නත් පුළුවන්. ඒක මම දන්නේ නෑ.
හැබැයි එක දෙයක්. මේ රටේ කිසිම නීතියක් මම කඩන්නේත් නෑ කඩන කෙනෙක්ට අනුබල දෙන්නෙත් නෑ.
වයිෆ් ට ඔය කතන්දරේ කිව්වම ඕකගෙ නම්බරේ බ්ලොක් කරලා වැඩක් බලාගෙන ඉන්නවා කියල තමයි පිළිතුර ලැබුනේ.
නමුත් මට මිනිහ ගැන අවංකවම දුකයි. උදව්වක් කරන්නත් හිතෙනවා නමුත් මම හොඳින් දන්නා දෙයක් තමයි පණ්ඩිතයට ඒදණ්ඩේ යන්න බැරි කතාව. රුවන් කියන්නෙ රාජකීය පණ්ඩිතයෙක්. අනිත් එක මිනිහ desperate දැන්.
මට ලොකු බයකුත් තියෙනවා උදව්වක් කලොත් පරාල ඇණයක් වෙයිද අන්තිමට මටත් මේ රටේ ඉන්න බැරිවෙයිද කියන එක.
උබලට හිතෙන්නේ මොනවාද මචන්ලා? වයිෆ් කිව්වා වගේ නම්බරේ බ්ලොක් කරලා දානවද නැත්තම් උදව්වක් කරනවද? හැම අදහසක් ම වටිනවා ඒ හින්ද හිතෙන ඕන දෙයක් කොටාගෙන යන්න. තැන්ක්ස්.