අෆ්ෆා මාර සීන් එකකටනේ උබලා අහු වෙල තියෙන්නේ.. ඔයතරම් නැතත් ඔය වගේ සීන් එකක් උනා මගේ යාලුවෙකුටත් ලගදි.. මම පල්ලිය පැත්තේ යනවා සතියකට සැරයක් සමහර දවස් වලට යාලුවො එක්ක සමහර දවසට තනියම.. එක දවසක් ඔයවගේ මම තනියම ගියා.. ගිහින් එනකොට
වෙනදට මම එක්ක යන යාලුවෙකුයි එයාගෙ වයිෆුයි හම්බ උනා.. ඉතින් කතාකර කර ආවා.. කොහොමහරි මුන් දෙන්නා රත්තරං බදු කඩයක නැවතුනා ටිකක් වෙලා.. මට පරක්කු වෙනවා කියලා මම ආවා.. එතනින් සීන් එක ඉවරයි.. පහුවදා මට වෙන යාලුවෙක් කෝල් කරලා කීවා මචං මාර සීන් එක ලකයගේ චේන් එක කඩන්න හදලනේ අරාබි කාරයෙක් කියලා.. මේකයි වෙලා තියෙන්නේ මූ කන්න බඩුත් අරගෙන ඉක්මනට ඉක්මනට ඇවිත්. වයිෆ් ඇවිත් තියෙන්නේ ටිකක් පිටිපස්සෙන්.. අරාබියෙක් ඇවිත් මුගේ චේන් එක පිටිපස්සෙන් ඇදලා.. කොහොමහරි චේන් එක ටිකක් ලොකුයි.. ලකයා කෙලින්ම පිටිපස්සට වැටිලා ඒත් චේන් එක කැඩිලා නෑ.. ඊට පස්සේ මූ පොර බදලා ඌත් එක්ක.. කොහොමහරි චේන් එක කඩාගන්න බැරි තැන ඌ දුවලා.. නමුත් ලකයගේ මූණයි කටයි කරයි අතුයි ඔක්කොම තුවාල වෙලා... උබලට වගේ තමයි අපිටත් ඒ සතියම හරි අප්සට් කට්ටියම වැඩි කතාවක් නෑ.. මොකද කාගෙත් හිතට ඒ පිලිකුල බය දැනුනා.. මොකද ඒ වෙලාවේ අහලපහල ඉදපු අරාබියෝ උදව් කරලත් නෑනේ.. එතනදි අපිට අපි විතරයි කියලා හිතුනා.. ඔක්කෝටම වඩා මට අප්සට්.. මොකද මම තව ටිකක් උන් එක්ක හිටියනම් ඕක වෙන්නේ නෑනේ.. එහෙම උනානම් කට්ටිය ඔයවගේ දෙයක් දන්නේවත් නෑ.. ඒක උන නිසයි මම නොහිටිය එකේ අගේ තේරුනේ...