යාල වනය කපා කබානා හෝටල් සංකීර්ණයක් ඉදිකරති

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,029
    153,116
    113
    image_0b0fa23dbe.jpg


    තිස්සමහාරාමය හෝටල් ව්‍යාපාරිකයකු යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ අක්කර 40ක් පමණ වන්නාතරය එළි පෙහෙළි කබානා හෝටලයක්ද ඉදි කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    එම කබානා හෝටල්එ ආසන්නයේ විශාල වැව් බැම්මක් ඉදි කොට වැසි ජලය රඳවා ගැනීමට ද කටයුතු කර තිබේ .

    මෙම ප්‍රදේශවල හේන් ගොවිතැනෙහි යෙදෙන පුද්ගලයන්ට වන සංරක්ෂණ නිලධාරීන් දැඩි නීති පනවා ඇති අතර අඩි 5කට වැඩිය උස කිසිදු ගහක් හෝ අඩුම තරමේ කැත්තකට මිටක් හෝ කපා ගැනීමට අවසර නැති මෙම වන වනසංරක්ෂණ පේරක කලාපයේ මහ ගස් මුලින් උගුලා විනාශ කොට දැවැන්ත පරිසර හානියක් කර ඇති ආකාරය එහි ගිය අපට දැකගත හැකි විය.

    බිම හෙලා ඇති රූක්ස ගස්වල කඳන් නැත තැන දමා ඇති ආකාරයක් දැක ගැනීමට හැකිය .

    වන අලින් ආහාරයට ගන්නා කඩ කොල්ලන් ගස් විශාල ප්‍රමාණයක් මුලින් ගලවා විනාශ කර ඇති අතර එම ශාඛ ද යොදා ගනිමින් කබානා ඉදිකර ඇත.

    මෙලෙස අල්ලා ගත් කැලෑවට මීටර පන්සියයක් පමණ පහලින් සියඹලගස්වැව පිහිටා ඇති අතර එම වැවෙන් කුඹුරු අක්කර 50 පමණ වගාව සිදු කරති.

    එහෙත් එම වැවට වැසි ජලය සැපයෙන ආර හරස් කොට මෙම හෝටල් හිමියා හිතුමතේ වැවක් ඉදි කිරීම තුළින් සියබලගස්වැවට ජලය සැපයීම සහමුලින්ම නතර වී ඇතැයි ගොවීහු පවසති .

    මේ සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,වන සංරක්ෂණ නිලධාරීන් ට කොතෙකුත් පැමිණිලි කළ ද ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා බව එම ගොවීහු සඳහන් කරති.

    මේ පිළිබඳව හම්බන්තොට වනසංරක්ෂණ අඩවි සහකාර නිලධාරී කපිල මහතාගෙන් දුරකථනයෙන් විමසීමේ දි ඔහු සඳහන් කළේය

    ඉදිකරන ලද වැවේ කොටසක් ඉවත් කිරීමට පියවර ගත්තා වනාන්තර හෙළි පෙහෙළි කිරීම පිළිබඳව මා දන්නේ නෑ .කෙසේ වෙතත් වනසංරක්ෂණ කලාපයට අයත් ප්‍රදේශයක වැව් ඉදිකිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාට එරෙහිව මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.


    image_40f75d6a92.jpg


    image_af27d2e5a3.jpg


    image_5de1d01684.jpg


    image_a9e1626ad5.jpg


    image_b4527ce972.jpg


    image_e9764fe144.jpg


    image_a0ac165682.jpg


    image_6608900bae.jpg


    image_d0ae521026.jpg


    image_416f45b1f4.jpg


    image_9cad058d5e.jpg





    Source: අමිල සම්පත් ශ්‍රී
    lankadeepa.lk
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සර් ගමට යද්දි රාජය නිළධාරින් කොරනව අරක මේක කියවපු ගොබිලන්ට හොද උදාහරණයක් ,දැන් රාජ්ය නිළදාරීන් ගාමසේවකල එහෙම කොරලද????
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕවා..නිව්ස් ද බං රටෙන් බාගයක් විකුණලා ඉවරයි රාජ පස්ස වැඩ බැරි දාස ලා..
    ඡන්දෙට help කරපු එකාට යාලේ කොටසක් ලියල දෙන එක ගේමක්ද ,😆😆😆
    රටෙන් බාගයක් කිවෙ????පොඩ්ඩක් පැහැදිලි කරපන්,..ලියලත් දිලද ඔප්පුවත් දාපන් හැමෝටම දැනගන්ඩ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Hora BAYYO tama rajapksha la kara udatiyan inne heen nule bayyo set ekath ehemai isella mun tika wada karanna one man kiyanne netnam okun tawath Rajapksha yekma aran enawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    ලංකාවේ ඉතිහාසෙ හින්දා මුකුත් බෑ, සංකෘතිය නිසා මොකවත් බෑ, පරණ නිතී නිසා මුකුත් බෑ. එක අතකින් පාලකයෝ ඕන මගුලක් කියලා මේවා කරන එක හොදා . බලහන් මේකේ විදේශ විනිමය. වැවක් හදනවා . ඔතන කාන්තාරේ කරන් නෑනේ අනිවාර්යයෙන් ඉකෝ ලොජොන් .



     
    • Wow
    Reactions: Stimulus mind

    Similar threads