"බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි
එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ" — එස්. මහින්ද හිමි
ප්‍රිය සොයුර, සොයුරිය... මා හට අද දිනය වෙනදාට වඩා දීප්තිමත් දිනයකි. බොහෝ තෘප්තිමත් දිනයකි. ශ්‍රී ලාංකීය සිංහල පුරවැසියෙකු මෙන්ම බෞද්ධයෙකු වශයෙන් මා මහත් වූ ආඩම්බරයෙන් මෙය ඔබ හමුවේ තබන්නෙමි.
අසූව දශකයේ ඉපදී, මෙතෙක් ජීවිතයේ අතිවිදි සුභ-අශුභ යථාර්ථයන් හමුවේ, තවදුරටත් ප්‍රමාද නොවී රට, ජාතිය, ආගම වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු යුතුකමක් සේ සලකා, එම තීරණය නොබියව ගත්තෙමි. අනාදිමත් කාලයක සිට රටට ජාතියට සිදුවූ අකටයුතුකම්, ව්‍යසන හමුවේ ජාතිය රැකගැනීමට පෙරමුණ ගත්තේ බෞද්ධ භික්ෂුවය. ඉතිහාසය එයට සාක්ෂි දරනවා ඇත.
මීට පෙරද දැයේ සසුනේ ආරක්ෂාවට යැයි කියමින් යම් සංවිධාන පෙරමුණ ගත්තා ඔබට මතක ඇති. උදාහරණයක් ලෙස එදා සිහළ උරුමය, අද හෙළ උරුමය නම් සංවිධානය වෙනුවෙන් රටේ මහත් රැල්ලක් නිර්මාණය වුවද, එදා ඒ වෙනුවෙන් මා නම් නැබුරු වුයේ නැත. එනම් එදා මගේ යටිසිත මට පැවසුයේ ඉක්මන් නොවන ලෙසත්, ඉවසීමෙන් බලා සිටින ලෙසත්ය. එය එසේම විය. එදා මගේ යටි සිත සියයට සියයක් සත්‍ය විය. අද එය මා හට මහත් සහනයකි, මක් නිසාද එදා එම සංවිධානයට උර දුන් මා මිතුරු මිතුරියන් වර්තමානයේ මැරී-මැරී උපදින හෙයිනි.
කලක සිට හෙළ සිහලුන්ට, බෞද්ධයන්ට සිදුවූ, සිදුවන අකටයුතුකම් වලට එරහිව සෙමින් සෙමින් නැගී සිටි ඒ නව පෙරමුණ දෙස මා ඉවසීමෙන් බලා සිටියෙමි. කරන්නේ කුමක්ද, සිදුවන්නට යන්නේ කුමක්ද, ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක්ද යන්න ස්වයං අධ්‍යනයක නිරත වුයෙමි.
පෙරදින රාත්‍රිය මා හට තීරණාත්මක විය. ඒ TNL නාලිකාව ඔස්සේ විකාශය වූ සජීවී සංවාදයයි. ඒ මොහොතේ පටන් මා හට නින්දක් නම් නොමැති විය. මා තව දුරටත් ප්‍රමාද නොවිය යුතු බව මගේ සිත් කියන්නට විය. කරන්නට අවශ්‍ය දෙය වචන වලින් නොව ක්‍රියාවෙන්ම සිදුකිරීමට මම තීරණය කලෙමි. එසේම මේ මගෙන් රට, ජාතිය, ආගම වෙනුවෙන් දායකත්වය දැක්වියයුතු හොදම අවස්ථාව බව මගේ සිත කියයි. තවත් ප්‍රමාද වුවොත් මා හට යලිත් අවස්ථාවක් උදා නොවන්නේය යන්න කිසිවෙකු මගේ කනට කොදුරණවා වැනි විය.
බුදුන්ට පූජාකර ඇති මේ පින් බිම, අපේ ආර්ථික ක්‍රමය, සිහල ව්‍යාපාර, සඝ පහස ලත් පරිපාලනය, ජීවන රටාව හා මුලුමහත් අනාගතයත් රැකගැනීමට ඉතාම අල්ප කාලයක් ඉතිරිව තිබේ යැයි මට සිතේ. මා සටන් කල යුතුය. මා සටන කල යුත් ත්රස්තවාදයට එරහිවයි. සාධාරණය වෙනුවෙනුයි. . මාගේ ප්රතිපත්තීන් එසේම වේවා! දැයේ සාමයේ උන්නතිය වෙනුවෙන් මා ගත්තාවූ මෙම තීරණය හේතුවෙන් කිසිදු අන්‍යාගමිකයෙකුට විශේෂයෙන්ම මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්වෙනුවන් හිංසාවක්, පීඩාවක් හෝ කිසියම් හෝ සිත් රිදවීමක් නොවේවා! මගේ සටන ඒ සදාචාරාත්මක සීමාව තුලම පමණක් වේවා...!! යන්න මගේ එකම පැතුමයි.
"විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී
එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්" — එස්. මහින්ද හිමි
මා අද දින ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයට පැමිණෙනවිට වෙලාව මද්‍යාහනය පසුවූවා පමණි. ගරු ස්වාමීන් වහන්සේලා කිහිපනමක් එහි බොහෝ කාර්ය බහුලව වැඩ සිටියාය. එහි සිටි ගිහි බෞද්ධයින්ගේ වචන වලින් මා හට අදහස් වුයේ වැඩ සිටින ගරුතර සංඝ රත්නයට දහවල් දානය වැරදී ඇති බවය. ඒ අධික කාර්ය බහුලත්වය නිසාය. මා හට ඇතිවුයේ මහත් කම්පනයකි. යලි හෙට දින උදෑසන වනතෙක් උන්වහන්සේලා නිරාආහාරව සිටිය යුතුය. මේ කැප කිරීම කා වෙනුවෙන්ද? එවන් කාර්යබහුතාවයක් යටතේ වුවද, නායක ස්වාමීන් වහන්සේ මා සමග විනාඩි කිහිපයක් පිළිසදරක යෙදුනාය. උන් වහන්සේ මා හට පින් ලබාදීමේදී සැබවින්ම මා දෑස තෙත්වී තිබුණි.
සොයුර සොයුරිය යමක් කිරීමට ඇත්නම් එය කල යුතුමය. අද කල යුතු දේ අදම කල යුතුය. මෙය නොවේද අප ගුරුවරුන් අපට කියා දුන්නේ...? අවන්කවම මා සිටින්නේ මහත් සතුටිනි. මා පුණ්‍ය කටයුතු සදහා බොහෝ මිල මුදල් දන් දී ඇත්තෙමි. නමුත් අමාරුවෙන් උපැයූ ධනයෙන් කොටසක් රට, ජාතිය, ආගම වෙනුවන් ද ලබාදී අද මා විදින ඒ සතුටත්, දන් දීමෙන් ලත් සුවයත් අතර වෙනසක් ඇතිබව නම් පැහැදිලිවම කිව යුතුය. ඒ සුවය දැන් මා විදින්නෙමි.
මට මේ සතුටේ උපරිමය විද ගැනීමට නම් මෙය ඔබත් සමග බෙදා ගත යුතුමය. ඔබගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ, +Rep නම් මේ සදහා ලබා නොදෙන ලෙසයි. එසේම ඔබගේ ඒ වටිනා අවස්ථාව වෙනත් සොයුර සොයුරියක් අගය කිරීම වෙනුවෙන් යොදවනු මැන.
එසේම යම් අයෙකුට -Rep අගයක් මේ සදහා ලබාදීමට සිතෙන්නේ නම් එය ලබාදෙනු මැනවි. එය ඔබේ අයිතියි. එසේම එහිදී ඔබ යොදාගන්නා භාෂාව ශිෂ්ඨ වුවද, අශිෂ්ඨ වුවද ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසමි.
ඔබ සැමට සත්‍ය වැටහේවා, පිරිසිදු බුදුදහමේ ආශීර්වාදය හිමි වෙත්වා, චිරාත් කලක් ලොවට ඉතිරි මිණිපහන ලෙසින් මේ පින් බිමේ බුදුදහම ආරක්ෂා කිරීමට දායක වීමට ඔබටත් ශක්තිය ධෛර්ය හිමි වෙත්වා.! උතුම් සද්ධර්මයේ පහස ලබන සත්පුරුෂයෙක්ම වන්න. එවිට මේ පින්බිමත්, බුදුදහමත් නිනැතින්ම රැකෙනු ඇත! ඔබ සැමටම තෙරුවන් සරණයි!
"නො දී වැටෙන්නට විපතේ
තබනට නිදහස් සැපතේ
මුළු ලක් දිව නුඹේ අතේ
තබමි ඉතින් ඔන්න පුතේ" — එස්. මහින්ද හිමි

අද දින මා විසින් දැයේ සසුනේ ආරක්ෂාව උදෙසා සිවුවනක් පිරිසේ අධිෂ්ඨානශීලී පෙළගැස්ම වූ බොදු බල සේනාවේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගත්තෙමි...

Last edited:

එහෙමද ? එත් කමක් නැහැ සහෝ... එක් කෙනෙක් හරි දැක්කනේ... තනියම සතුටු වෙනවට වඩා, කට්ටියට කියන්න ඕනි කියලා හිතුනා. එකයි. අවුලක් නැහැ... ගොඩාක් ස්තුතියි