යාළුවො_නිසා කෙළවුණ සීමන්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යාළුවො_නිසා කෙළවුණ සීමන්

    පසුගිය සතියේ චැතම් වීදියේ ගමන් කරපු මට ඔරලෝසුවක් විකුණන්න ආපු කෙනෙකු පිළිබඳ විස්තරයක් ගෙන ආවා මතක ඇතිනේ. මම තව ටිකක් ඇවිද ගෙන යන කොට හමු වූ නාවිකයෙක් එහෙමත් නැතිනම් අපි කථා කරන භාෂාවෙන් කිව්වොත් සීමන් කෙනෙක් පිළිබඳවයි අද කථා කරන්නේ.ඔහු නමින් රවුෆ් ෂාරුක්. වසර 20ක් පමණ සීමන් කෙනෙකු හැටියටයි රැකියාව කරලා තිබෙන්නේ.

    කොහොමද ෂාරුක් නැව් වල රැකියාව?

    අ​ෙන් මහත්තයෝ ඒ දවස්වල සීමන් ජොබ් එක කියන්නේ බොහොම වැදගත් රැකියාවක්. අද වගේ නොවෙයි. ඒ දවස්වල නැවකට නගින්න හරි අමාරුයි. මම ඉස්සෙල්ලාම නැවකට නැග්ගේ 1978 වසරේයි. ඒ දවස්වල සීමන් කෙනෙක්ගේ පඩිය රුපියල් 78000ක් වගේ. හොඳට හම්බ කළා මම. ගොඩක් වැඩ කළේ ග්‍රීක් නැව්වල. මොකද ඒ නැව්වල වැඩකළාම පඩි හොඳයි. මම නැවකට නගින්නේ බොම්බායේ වරායෙන්. කවුරු හරි අඳුනන සීමන් කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි නැවකට නගින්නේ. නැව හාබර් එකෙන් පිටත් වුණාම මුහුද මැදදී තමයි එළියට එන්නේ. එතකම් අර යාලුවාගේ කාමරේ හැංගිලා ඉන්නවා. පස්සේ තමයි කැප්ටන් දකින්නේ. ඉතින් නැවේ රස්සාවක් දෙනවා. හොඳ පඩියකුත් එක්ක. මොකද නැවක නැග්ගාහම අාපසු බහින්න වෙන්නේ මාස ගණනකට පස්සේ. එතකම් මහ මුහුදේ තමයි ඉන්නේ. හොඳ කැප්ටන් කෙනෙක් හමු වුණොත් හොඳයි. සමහර කැප්ටන්ලා හරි නැහැ. එහෙමත් කෙනෙක් තමයි හිත හොඳ කෙනෙක් හම්බවෙන්නේ.


    කොහොමද ඉතින් මුහුදු ජීවිතේ අත්දැකීම්?

    කියලා වැඩක් නැහැ මහත්තයෝ. මුහුදේම තමයි ජීවිතය. එක්කෝ බොම්බායෙන් පිටත් වුණාම ඊළඟ රටකට යන්න මාස 9ක් හෝ 10ක් ගතවෙනවා. ගොඩබිමක් දකින කොට හරි ආසයි. මම රටවල් 30ක 40ක වගේ සංචාරය කරලා තිබෙනවා. ගොඩක් වැඩ කළේ භාණ්ඩ නෞකාවල. නැව හාබර් එකට ගහලා බඩු පටවනකම් අපිට නිවාඩු. ඒ වෙලාවට තමයි පොඩි රවුමක් ගහලා පොඩි විනෝදයක් ලබා ගන්නේ.


    මොනවද ඉතින් විනෝද වෙන්නේ. කොයි වගේ දේවල් වලින්ද?

    මෙහෙමනේ, මහත්තයෝ නැවට බඩු පටවන්න දවස් 3ක් විතර ගතවෙනවා. අපි ඉතින් කිහිප දෙනෙක් එක්ක පොඩි අඩියක් ගහලා පොඩි ආතල් එකක් ගන්නවා. මහත්තයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අපි මාස ගණනක් නැවේ ඉඳලා ගොඩබිමට ආවාම ඒ ආතල් එක නැතුව බැහැ. ඒවට තැන් තිබෙනවා. හැබැයි ගොඩක් රටවල නීති තදයිනේ. ඉතින් ඒවායින් බේරිලා අපේ අවශ්‍යතාව කර ගන්නවා. අනික මහත්තයෝ අතේ සල්ලිත් තියෙනවා​නේ.


    ඉතින් ඉතිරි කරගත් දෙයක් නැද්ද?

    මොනවා ඉතිරි කරන්නද. අපි ඉතින් හොඳට කාලා බීලා විනෝද වෙනවා. දන්නවානේ සීමන්ලගේ ජීවිතය. ගෙදරක් ගැන හිතන්න කාලයක් නැහැ. මුහුදේම තමයි ජීවිතය. අපිට ඉතින් ඉතිරි කරන්න බැහැ. ගොඩක් සීමන්ලා එහෙමයි. අද කනවා බොනවා, හෙට ගැන හිතන්නේ නැහැ. දැන් තමයි ඉතිරි නොකර හිටිය එකේ තරම තේරෙන්නේ. මම දැන් නන්නන්තාර වෙලා.
    එහෙම වෙන්න හේතුව මොකද්ද මම රවුෆ් ගෙන් හරස් ප්‍රශ්නයක් ඇසුවෙමි.
    මෙහෙමනේ මහත්තයෝ. මම දැන් සීමන් රස්සාවෙන් අයින් වෙලා අවුරුදු 15ක් පමණ වෙනවා. මම ඉතා නරක සබ්ජෙට් එකකට පුරුදු වුණානේ. ඒක තමයි මට නන්නත්තාර වෙන්න හේතුව.




    මොකක්ද නරක සබ්ජෙට් එක?

    මේකනේ නරක ආශ්‍රය තමයි. මම සීමන් ජොබ් එකෙන් අස්වෙලා ඉන්න කොට නොයෙක් නොයෙක් යාළුවෝ හම්බ වුණා. ගොඩක් අය කුඩු කාරයෝ. මමත් කුඩේ කුඩු වුණේ උන් නිසා. දන්නවනේ මහත්තයෝ කුඩු ගහන අය හම්බ වුණාම අතේ සතේ නැතිවෙනකම් සුද්ධ වෙනවා. අර හම්බ කළ සේසතම ඒකට තමයි වියදම් කළේ. අනික අපි පුරුදු වුණේ සීමන් ජොබ් එකනේ. වෙන රස්සාවල් කරන්න දන්නේ නැහැ. දැන් මට අවුරුදු 68ක් විතර වෙනවා. දැන් වෙන ජොබ් එකක් කරන්න බැහැ.


    දැන් මොකද කරන්නේ?

    දැන් ඉතින් පොඩි පොඩි කුලී වැඩක් කරලා ගතමනාවක් සොයා ගන්නවා එදිනෙදා ජීවත් වෙන්න. අනික සල්ලි අතගාලා පුරුදු අපිට සල්ලි නැති වුණාම පිස්සු වගේ. ඒ දවස්වල හොඳට කාලා බීලා හිටිය නිසා තවමත් ෆිට් මේ කුඩු ජීවිතයක් එක්ක ඔක්කොම නැති වුණා. දැන් මම ටික ටික අඩුකරලා තියෙන්නේ කුඩු උරන එක. ඒත් ඉඳලා හිටලා ගංජා මිටියක් නම් බොනවා.


    කොහෙන්ද ගංජා ගන්නේ?

    ඒක නම් කියන්න බැහැ. අපි දන්න කියන අයගෙන් තමයි අරගන්නේ. ඒක කිව්වොත් ප්‍රසිද්ධ වෙලා උන්ගේ රස්සාවටත් තට්ටු වෙනවානේ. දැන් ඒවත් ගන්න බැහැ. හැමැතැනම පොලිසියෙන් ඉන්නවනේ. ඉතින් ඒ ගොල්ලන්ගෙන් බේරිලා තමයි පැකට් එකක් හරි ගංජා මිටියක් හරි සොයා ගන්නේ. දැන් වැඩිපුරම තිබෙන්නේ “කේ.ජී.” නේ.


    මොනවද “කේ.ජී” කියන්නේ?

    “කේ.ජී.” කියන්නේ කේරළ ගංජාවලටනේ ගොඩක් එන්නේ කේරළයෙන්. ඒකයි කේරළ ගංජා කියන්නේ. ඒ නම කෙටි කරලා. ගොඩක් තිබෙන්නේ මාර්කට් එකේ කේරළ ගංජා තමයි.


    කොහොමද කේ.ජී. හම්බවෙන්නේ?

    මෙහෙමනේ මහත්තයෝ කොළඹ වරායට එනවනේ විදෙස් නැව්. ඉතින් ඒවායේ ඉන්න සීමන්ලා එක්ක අපි පොඩි චැට් එකක් දානවා. උන් ගාව බඩු තියෙනවා. ඉතින් අපිව විශ්වාස කරලා තමයි බඩු දෙන්නේ. උන් ෂේප් එකේ නැවේ ඉඳලා එළියට එනකොට බඩු ගේනවා. මොකද පිටරටවල සීමන්ලව වැඩිය චෙක් කරන්නේ නැහැනේ.


    “කේ.ජී.” එකක් කීයක් විතර වෙනවාද?

    මෙහෙමයි මහත්තයෝ රුපියල් 200 ඉඳලා තිබෙනවා. රුපියල් 100ටත් තිබෙනවා. ඒවායේ ඩස්ට් එක වැඩියි. දැන් තණමල්විලනේ මහත්තයේ ඕවාට ප්‍රසිද්ධ. එහෙ තිබෙන බඩු කොලිටිය අඩුයි. ඒවත් බජාර් එකේ තියෙනවානේ. හැබැයි දැන් එහෙන් එන ඒවා අඩුයි. ගොඩක් මාර්කට් එකේ තියෙන්නේ කේරළයන් එන ඒවානේ. අපි ඉතින් ලංකාවට අාව සීමන් කෙනෙක්ගෙන් ඔය බඩු අරගෙන සුළු ගානක් තියලා විකුණනවා. ලොකු ලාභයක් නැහැ. අනික පොලිසියෙන් බේරෙන්නත් එපැයි. අහු වුණත් ඉතින් ඇතුළෙම තමයි. ගංජා ළඟ තබාගෙන අහුවුණොත් පොඩි ෂේප් එකක් තිබෙනවා. කුඩු අහුවුණොත් ඉතින් ඉවරයි. ගොඩ ඒමක් නැහැ.


    එහෙම අහුවෙලා තියෙනවාද?

    දෙයියනේ කියලා මහත්තයෝ තවම නම් කුඩු තියාගෙන අහුවෙලා නැහැ. හැබැයි ගංජා තියාගෙන ඉඳලා නම් කිහිප සැරයක් අහුවෙලා තියෙනවා. දැන් අපිව දැක්ක ගමන් නෝට් වෙලා තියෙන්නේ. ඒක නිසා බොහොම ​ෙහාරෙන් තමයි වැඩේට බැහැලා ඉන්නේ.


    ඉතින් මේ වැඩේ නතර කරන්න බැරිද?

    මෙහෙමයිනේ මහත්තයෝ. අපේ වයසට දැන් රස්සාවක් හම්බවෙන්නේ නැහැනේ. එහෙම හම්බවෙනවා නම් මටත් ආසයි හොඳ ජීවිතයක් ගත කරන්න. මට ඉතින් බර වැඩ වගේ මහන්සි වෙලා රැකියාවක් කරන්නත් බැහැ. තව ටික කාලයක් ජීවත් වෙයි.


    ෆාරුක් කසාද බැඳලා නැද්ද?

    නැහැ. මම ඉතින් සීමන් ජොබ් එක කරපුවාම ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ. නැවටම තමයි මගේ ජීවිතේ කැපවෙලා තිබුණේ. කසාදයක් ගැන හිතුවේ නැහැ. සෙල්ලක්කාර ජීවිතයක් තමයි ගත කළේ. මට දැන් හරියට ඉන්න හිටින්න තැනක් නැහැ. මගේ මාමා වෙන කෙනෙක්ගේ ගෙදර තමයි ඉන්නේ. ඉතින් මේ හම්බවෙන මුදලින් මාමාවත් බලාගෙන ඉන්නවා. අපි සීමන් ජොබ් එක කළාම පැන්ෂන් එකක් කියලා දෙයක් නැහැනේ. එදා හම්බ කළා. එදා කෑවා, බිව්වා. හම්බ කළ දේවල් ඉතුරු කළේ නැහැනේ. ඔහොම තමයි ජීවිතේ ගත කළේ. අනික මහත්තයෝ අද එක රටක හිටියොත් තවත් මාස ගණනකින් තවත් රටක. හැබැයි හොඳට රටවල් එහෙම දැක බලා ගත්තා. ඉතින් ඒ දේවල් තමයි ඉතුරු කළේ.


    නැවේදි වෙච්ච අත්දැකීම් කොහොමද?

    හොඳ හොද අත්දැකීම් නම් ලැබුවා. හොඳට විනෝද වුණා. එක දවසක් නම් මුහුදේ යන්නම බැහැ. මුහුද රළුයි. එදා නම් අපි කෲ එක ටිකක් බය වුණා. මුහුදු ජීවිතේට මුලින්ම ආවාම නැවේදි හැදෙනවා “හෝම් සික්” එකක් කියලා. එදාට ගෙදර එන්නම තමයි හිත. කොහොම හරි ඉවසගෙන ඉන්නවා. එක වෙලාවකට පිස්සු වගේ තමයි.

    ඉතින් ෆාරුක් මම ගිහින් එන්නම්. කොහොම හරි හෙඳ ජීවිතයක් ගත කරන්න බලන්න.
    “ඔව් මහත්තයෝ. අනේ මේවා පත්තරේ දාලා මගේ ජොබ් එකට නම් පහර ගහන්න එපා”
    අපේ නැහැ ෆාරුක්. එහෙම කරන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා.

    “එහෙනම් මම යනවා. අපි කවදා හරි තවත් දවසක මුනගැහෙමු.”

    ෆාරුක්ගෙන් සමු අරගෙන මම කොටුවේ හාබර් එක ගාවින් යෝක් වීදිය ඔස්සේ පියමං කළේ අරමුණකින් නොවෙයි. කොහොම වුණත් තවත් දවසක මේ වගේ තොරතුරක් එක්ක හමුවෙමු.

    සටහන
    නිශාන්ත කුමාර බණ්ඩාර


     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට නම් මේ කතාව විශ්වාස නැ බන්. එකක් 78000ක් නම් කොහොමටවත් වෙන්න බැ. අනික ඉස්සර සීමන් ලේසියි. දැන් නේ අමාරු.. ඉස්සර් නැවේ කැප්ටන්ට හිතුනොත් බාර් එකේ ශොට් එකක් දාන ගමන් වේටර් කොලුවා හිතට ඇල්ලුවනම් ඌවත් නැවේ දාගෙන යනවා. දැන් එහෙම බැනේ. ලොග් පොත නැත්තම් අවුල්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මට නම් මේ කතාව විශ්වාස නැ බන්. එකක් 78000ක් නම් කොහොමටවත් වෙන්න බැ. අනික ඉස්සර සීමන් ලේසියි. දැන් නේ අමාරු.. ඉස්සර් නැවේ කැප්ටන්ට හිතුනොත් බාර් එකේ ශොට් එකක් දාන ගමන් වේටර් කොලුවා හිතට ඇල්ලුවනම් ඌවත් නැවේ දාගෙන යනවා. දැන් එහෙම බැනේ. ලොග් පොත නැත්තම් අවුල්.
    කවුද කිව්වෙ ඉස්සර ලේසියි කියලා? ඉස්සර අමාරුයි මචන්
    දැන් ලේසියි තාක්ෂණය දියුනු නිසා :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ කිව්වේ මචන්.
    ඉස්සරට වඩා නැව් වල තාක්ෂනේ දියුනුයි නෙ බන්
    කතා කරලා, ජීපීස් දාලා, රේඩාර් දාලා, මාසෙකින් විතර එන කුණාටු එහෙම දැන ගෙන නෙ දැන් යන්නෙ
    ඉස්සර එහෙමද :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සරට වඩා නැව් වල තාක්ෂනේ දියුනුයි නෙ බන්
    කතා කරලා, ජීපීස් දාලා, රේඩාර් දාලා, මාසෙකින් විතර එන කුණාටු එහෙම දැන ගෙන නෙ දැන් යන්නෙ
    ඉස්සර එහෙමද :)
    අහ්, උබ කියන්නේ නැවේ වැඩ කරන එක ලෙසියි දැන් කියලද? මම කිව්වේ නැවට නගින එක (ජොබ් එක ගන්න එක ) ඉස්සර ලෙසියි දැන් අමාරුයි කියලා. ඉස්සර දැන් වගේ සුදුසුකම් බැලුවේ න ගොඩක්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අහ්, උබ කියන්නේ නැවේ වැඩ කරන එක ලෙසියි දැන් කියලද? මම කිව්වේ නැවට නගින එක (ජොබ් එක ගන්න එක ) ඉස්සර ලෙසියි දැන් අමාරුයි කියලා. ඉස්සර දැන් වගේ සුදුසුකම් බැලුවේ න ගොඩක්.
    මම හිතුවේ උඹ සීමන් ජොබ ගැන කිව්වෙ කියලා, අර පඩි කතාවක් කියපු නිසා
    ඒ කාලේ ජොබ අමාරු නිසා 78000ක් දුන්නා වෙන්නත් පුළුවන් කියලා මම අදහස් කලේ
    අපෙත් දුර නෑ කෙනෙක් ඉන්නවා සීමන් ගිය, 2000දිත් ලක්ෂ 5 - 6 ලැබුනා මිනිහට
    ඉස්සර සීමන් කෙනෙක් වෙන්න බලලා තියෙන්නෙ පීනන්න පුළුවන් කමයි ශක්තියයි විතරලු නෙ :)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉස්සරට වඩා නැව් වල තාක්ෂනේ දියුනුයි නෙ බන්
    කතා කරලා, ජීපීස් දාලා, රේඩාර් දාලා, මාසෙකින් විතර එන කුණාටු එහෙම දැන ගෙන නෙ දැන් යන්නෙ
    ඉස්සර එහෙමද :)

    Koheda yanne? Malle pol
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතුවේ උඹ සීමන් ජොබ ගැන කිව්වෙ කියලා, අර පඩි කතාවක් කියපු නිසා
    ඒ කාලේ ජොබ අමාරු නිසා 78000ක් දුන්නා වෙන්නත් පුළුවන් කියලා මම අදහස් කලේ
    අපෙත් දුර නෑ කෙනෙක් ඉන්නවා සීමන් ගිය, 2000දිත් ලක්ෂ 5 - 6 ලැබුනා මිනිහට
    ඉස්සර සීමන් කෙනෙක් වෙන්න බලලා තියෙන්නෙ පීනන්න පුළුවන් කමයි ශක්තියයි විතරලු නෙ :)
    :yes::yes:
    ඔව්. ඉස්සර නැවක වැඩ කියන්න දස කැ#යෙක් තමා. දැන් නම් හුලගට ගහගෙන යන උනුත් වැඩනේ.