යැංකි කුරුමානම
එක්සත් ජනපදය මේ දින වල සිරියාව සමග අලුත්ම සෙල්ලමට සැරසෙන බව පෙනේ.එය මෙසේ විස්තර කල හැකිය.
1.නාවික සහ ගුවන් හමුදා සූදානම් ශරීරයෙන් තැබීම.
2.සිරියාවට පහරදීමට ඔවුන් අතින් වරදක් සිදුවන තෙක් බලා සිටීම.
3.වරදක් සිදුනොවුන හොත් කුපිත කරවීමට කාරණයක් නිර්මාණය කිරීම.
4.පහරදීම.
5.ලාභය
ඇමෙරිකාවේ සී එන් එන් පුවත් සේවය බදාදා දින වාර්තා කලේ ඇමෙරිකානු නෞකා සහ ගුවන් යානා සීරුවෙන් තබා ඇති බවත් ජනාධිපතිවරයාගේ අණ ලැබුණු වහාම සිරියාවට පහරදෙන බවත්ය.මීට පෙර ඇමෙරිකාව නිවේදනය කලේ අෂාඩ්ගේ හමුදා රසායනික අවි ප්‍රහාරයකට සැරසෙන බවත්,එවැන්නක් සිදුවුවහොත් අෂාඩ්ට හා ඔහුගේ හමුදාවට එහි ඵලවිපාක විදින්නට සිදුවන බවත්ය.
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ඔත්තු බැලීමේ යානයක් සිරියාවට ඉහළ අහසේ සිදුකරන පියාසර ගමන් වාර ගණන වැඩි කර තිබෙන බව අල් මයාඩීන් නම් ලෙබනන රූපවාහිනී සේවය ජූනි 28 වෙනිදා වාර්තා කරන ලදි.2016 සැප්තැම්බර් මාසයේදී ඩීර් එස්-සෝර් හි සිරියානු හමුදාවේ ආරක්ෂක වළලුවලට ඇමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පෙරත් මේ හා සමානම ගුවන් යානයක් සිරියානු අහසේ සැරි සැරූ බව සඳහන් වේ.ඉහත සඳහන් කල යානයට අමතරව තවත් ඔත්තු බැලීමේ යානා දෙකක් මෙම කාර්යය සඳහා යොදවා තිබෙන බව වාර්තා වේ.ඒවා මගින් රේඩියෝ සංඥා ග්‍රහණය කර ගැනීම,සතුරු රේඩාර් අනාවරණය කර ගැනීම සහ ඉලක්ක වලට පිහිටීම් සම්ප්‍රේෂණය ආදිය සිදු කෙරේ.
නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ දැනට ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ එස් එස් ජෝර්ජ් එච්.ඩබ්ලිව්.බුෂ් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කල හැකි යුද නෞකා කිහිපයකුත් ස්ථානගත කර තිබේ.
ඇමෙරිකානු රජය බොරු හේතු මවා සිරියාවට සෘජු මැදිහත්වීමට ප්රයත්න දරන බවට රුසියාව චෝදනා එල්ල කරයි.සිරියාව තුල ඇමෙරිකානු යුද ශක්තිය තවත් වර්ධනය කිරීම සහ ඊට රුසියාව දක්වන ප්‍රතිචාරය පරීක්ෂාවට ලක් කිරීම මෙම සැලැස්මේ අරමුණක් බව යුද විශ්ලේෂකයන්ගේ මතයයි.බෂාර් අල් අෂාඩ් යළිත් වරක් සිරියාවේ බලය ලබාගන්නා දැකීම ඇමෙරිකාව ප්රමුඛ සන්ධානයේ බලාපොරොත්තු නොවේ.තම ප්‍රොක්සි හමුදා රජයේ හමුදා ඉදිරියේ පරාජය වෙද්දී අෂාඩ් විරෝධී සන්ධානයේ අරමුණද ක්‍රමයෙන් සිහිනයක් බවට පත්වෙමින් ඇත.එසේ නම් ඔවුන් දැන් කෙලින්ම යුද්ධයට මැදිහත් වී මහා පරිමාණ යුද මෙහෙයුමකින් අෂාඩ් රජයේ හමුදා පරාජය කල යුතුව තිබේ.නමුත් එවැනි තීරණයක් ගැනීමට තරම් සාධාරණ හේතුවක් තවමත් උත්පන්න වී නොමැත.එසේ නම් හේතුවක් නිර්මාණය කලයුතුව තිබේ.
ධවල මන්දිරය ප්‍රකාශයට පත් කල නිවේදනයේ සඳහන් පරිදි රසායනික අවි ප්‍රහාරයක් සිදුවුවහොත් අෂාඩ්ට සහ ඔහුගේ හමුදාවට දැවැන්ත වන්දියක් ගෙවීමට සිදුවේ.ජූනි 29 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නියෝජිතවරිය වන නිකි හේලි කියා සිටියේ එක්සත් ජනපදයේ අනතුරු ඇඟවීම අෂාඩ් පමණක් නොව සිරියාවේ රුසියානු සහ ඉරාන මිතුරන්ද පණිවුඩයක් ලෙස ගත යුතුබවයි.
රසායනික අවි ප්‍රහාරයකට සූදානම් වන බවට නගන චෝදනා ඩැමැස්කස් රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.ඇමෙරිකානු අනුමැතිය සහ් රුසියානු සහාය සහිතව තමන් සතු රසායනික අවි සියල්ල 2014 වර්ෂයේදී විනාශ කල බව සිරියානු රජය කියා සිටියි.
සිරියානු යුද්ධය වැඩි වාසි තම පක්ෂයේ තිබෙන අවස්ථාවක අවමානයට පාත්රවන රසායනික අවි ප්‍රහාර එල්ල කරන්නට තරම් සිරියානු රජය අඥානද?මෙය සිරියානු අර්බුදය දෙස විවෘත මනසකින් බලන ඕනෑම අයෙකුට මතුවන ප්රශ්නය එයයි.ඉතිහාසය අධ්‍යනය කරද්දී සිරියාව සම්බන්ධ ඇමෙරිකාවේ වර්තමාන සැලැස්ම ගැන පුදුම විය යුතු නැත.2002-2003 සමයේ ධවල මන්දිරය පුන පුනා කියා සිටියේ මැදපෙරදිගට පමණක් නොව සමස්ථ ලෝකයටම තර්ජනයක් වන සමූල ඝාතක අවි ඉරාකය සතුව තිබෙන බවයි.අසත්‍ය මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව නිර්මාණය කල දෙවන ගල්ෆ් යුද්ධය නිසා මිනිස් ජීවිත මිලියනයක් පමණ අහිමිවිය.2003 වර්ෂයේ ඉරාක ආක්‍රමණයට පෙර යුගෝස්ලෝවියානු හමුදාව කොසෝව් රාජ්‍යයේ සමූල ඝාතන සිදුකලේය යන චෝදනාව මත ඇමෙරිකාව ප්රමුඛ නෝටෝ රටවල් සර්බියාවට පහර දුන්හ.2011 වර්ෂයේදී ලිබියාව පහරදී එරට අසාර්ථක රාජ්‍යයක් මෙන්ම ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට සහ අල්කයිදා ත්රස්තවාදීන්ට කෙළිබිමක් බවටද පත් කරදුන්නේය.මානව් සංවර්ධන දර්ශකයට අනුව අප්‍රිකාවේ ඉහළින්ම සිටි රාජ්‍යය අවසානයේදී කෙළවරක් නැති සිවිල් යුද්ධයකට ඇද දමන්නට නේටෝ සංවිධානයේ යුදමය මැදිහත්වීම සමත්විය.
දැන් ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ සිරියාවයි.නමුත් මෙවර එම කාර්යය ලෙහෙසියෙන් කරන්නට ඇමෙරිකාවට අවස්ථාවක් නැත.මන්ද සිරියාවේ සහායට ඉරානය සහ රුසියාව සිටින නිසාය.සිරියානු යුද්ධය යනු සැලැස්මට අනුව ක්‍රියාත්මක නොවූ නව-මධ්යස්ථමතදාරීන්ගේ මෙහෙයුමකි.ඩොලර් බිලියන ගණන් වටිනා අවි සපයා දුන්නද රාජ්‍ය විරෝධීන්ට සිරියානු රජය පරාජය කිරීමට හැකියාව ලැබී නැත.සිරියානු රජයේ හමුදා බටහිර-සහාය ලබන ත්රස්තවාදීන්ගේ ග්‍රහණයේ තිබෙන ගම්මාන නගර ක්‍රමයෙන් මුදා ගනිමින් තිබේ.
එසේ නම් එක්සත් ජනපදය,සෞදි අරාබිය සහ ඊශ්‍රායලයට අවශ්‍ය දේ කර ගත හැක්කේ එක්සත් ජනපදය නායකත්වය දෙන හමුදා මැදිහත්වීමකින් සිරියානු රජයේ ආරක්ෂක අංශ යුදමය වශයෙන් පරාජය කිරීමක් හරහාය.දැනට ඇමෙරිකාව ප්රමුඛ සන්ධානය සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් සිටියි.එම සන්ධානය සිරියානු රජය බිද දැමීමට පාවිච්චි කිරීමට නම් කුපිත කරවන හෝ අෂාඩ්ට එරෙහි යුද්ධය සාධාරණීකරනයට අවශ්‍ය හේතුවක් නිර්මාණය කල යුතුව තිබේ.
තුර්කි ගුවන් ප්‍රහාරයකට ලක්වූ කුර්දි හමුදා මර්මස්ථානයකට ආරක්ෂාව සපයන ඇමෙරිකානු සෙබලුන්(2017 අප්‍රේල් 25)
ඇමෙරිකාව සිරියානු සංග්රාම භූමියට ඇතුල්වීමට මගක් සොයමින් සිටියදී සිරියානු අරාබි හමුදාව ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට සහ අනෙකුත් රාජ්‍ය විරෝධී කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණ කිහිපයක්ම ලබාගෙන තිබේ.ජූනි 26 දා හෝම්ස් සහ ඩීර් එස්-සෝර් පළාත් සීමාවේ අල්-ඩොලෙයි යෙට් ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත්විය.27 වෙනිද රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ සී4 පුවත් සේවය(සිරියානු යුද්ධය ආරම්භයේ පටන් කැරලිකරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ඔල්වරසන් දුන් නාලිකාවකි)ජනපති අෂාඩ් උඬගු මිනිසෙක් ලෙස ආමන්ත්‍රණය කලේය.එදිනම බෂාර් අල් අෂාඩ් සිය පවුලේ සාමාජිකයින් සමග හමා නගරයේ සිටින ආබාධිත සෙබලුන්ගේ සුවදුක් බැලීමට ගියහ.සී4 වැනි නාලිකා බලාපොරොත්තු වන්නේ බෂාර් අල් අෂාඩ්,සදාම් හුසේන් සහ ගඩාෆි මෙන් බංකරයක් යට සැඟව සිටින බිය ගුල්ලෙක්ව සිටීමයි.
බටහිර රටවල් සිතා සිටින්නේ තුන්වන ලෝකයේ රටවල් ඔවුන්ගේ පදයට නැටිය යුතු බවයි.රටක පාලනය හොබවන්නේ කවුද යන්න තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් සතුවද යන්න ඔවුන් කරන ප්‍රකාශවලින් මතුවන ප්‍රශ්නාර්ථයකි.සිරියාව යනු කලකට පෙර ක්‍රිස්තියානි ඇතුලු අන්‍යාගමික සහ සුළු ජන කොටස් මුස්ලිම් බහුතරය සමග සාමයෙන් ජීවත් වූ රාජ්‍යයකි.මෙවැනි රාජ්‍යයන්ට සුන්නි වහාබ්වාදය ව්‍යාප්ත කරන සෞදි අරාබිය වැනි අන්තවාදී රාජ්‍යයන් අකැමැත්තක් දක්වයි.ඇමෙරිකාව සිරියාවට අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කලේ ප්‍රංශ ජනපති එමෑනුවෙල් මැකෝන් සිරියාව සම්බන්ධව ප්‍රංශයේ ස්ථාවරය වෙනස් කිරීමත් සමගයි.අෂාඩ් වෙනුවට පත් කල හැකි සුදුසු අනුප්‍රාප්තිකයෙක් තමන් නොදකින බව ඔහු පවසා තිබේ.නමුත් සිරියාව රසායනික අවි භාවිතා කිරීම රතු පැනීමක් බවත් ඊට එරෙහි ප්‍රතිචාරය ඔවුන්ට මුහුණ දෙන්නට වන බවත්ය.
කෙසේවෙතත් ඇමෙරිකාවේ දුෂ්ඨ සැලසුමට ප්‍රබලම බාධාවක් සිරියාව තුල තිබේ.ඒ රුසියාවයි.ඔව්.තමන්ගේ රටෙන් පිටතදී ඇමෙරිකාව සමග ගැටෙන්නට තරම් යුද ශක්තියක් රුසියාව සතුව නැත.නමුත් ඇමෙරිකානු අනතුරු ඇඟවීම පිළිගත නොහැකි එකක් ඇයි රුසියාව ප්‍රකාශ කර තිබේ.ඇමෙරිකාව සිරියාවට මහා පරිමාණයෙන් අතපෙවීමක් කල හොත් ඇතිවන තත්ත්වය සිරියාව,රුසියාව සහ ඉරානය සමග මුහුණට මුහුණ යුද්ධයකි.ඇමෙරිකාව කොතරම් පුරසාරම් දෙඩුවද ඔවුන් තවමත් උතුරු කොරියාව පහරදුන්නේ නැත.මන්ද ඔවුන් එසේ කිරීමට බිය දක්වයි.
පසුගිය බ්‍රහස්පතින්දා දින රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකාරෝවා ප්‍රකාශ කලේ එක්සත් ජනපදයේ නිවේදනයෙහි සඳහන් සිරියානු රජය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා යැයි කියන රසායනික අවි ප්‍රහාරය ඔස්සේ බටහිර කුපිත කරවීමේ සැලැස්ම හා සම්බන්ධ බුද්ධි තොරතුරු රුසියාව සතුව තිබෙන බවයි.මෙම කුමන්ත්රණකාරී ප්‍රහාරය සිදුවීමට ඉඩ තිබෙන නගර ලෙස ඉඩ්ලිබ් පළාතේ සරාකිබ් සහ අරිහා හඳුනාගෙන තිබෙන බව ඇය පවසයි.
2017 අප්‍රේල් මාසයේ 4 වනදා සිරියාවේ කාන් ෂෙයිකුන් නගරයට එල්ල වූයේ යැයි කියන රසායනික අවි ප්‍රහාරයෙන් පුද්ගලයන් 80 මිය ගොස් 200 තුවාල ලැබූ බව සඳහන් වේ.ප්‍රහාරයේ වගකීම සිරියානු රජය මත පැටවීමට බටහිර රටවල් ක්‍රියා කලහ.නමුත් සිරියානු රජය එම චෝදනා ප්‍රතික්ෂේප කල අතර ප්‍රහාර කැරලිකරුවන් සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්ව විසින් සැලසුම් කල එකක් බවට චෝදනා කලේය.ප්‍රහාරයෙන් පසුව එහි වගකීම අෂාඩ් රජය මත පැටවීමට මහා පරිමාණ මාධ්‍ය ව්‍යාපාරයක් බටහිරට පක්ෂපාතී මාධ්‍ය යොදාගෙන දියත් කරන්නට ඇමෙරිකාව ප්රමුඛ රටවල් ක්‍රියා කලේය.ඒ හා සමාන මාධ්‍ය සංදර්ශනයක් ඉහත කි ධවල මන්දිරයේ ප්‍රකාශයක් සමග ආරම්භ වී තිබේ.මෙම ප්රචාරක ව්‍යාපාරයේ අරමුණ සිරියාවට එරෙහිව ඇමෙරිකානු යුදමය මැදිහත්වීම සාධාරණ එකක් බව ලෝකයාට ඇඟවීමයි.ඉරාකය,ලිබියාව ආදී රටවලට එරෙහිව යුද වැදීමට පෙර ලෝකයම ආවරණය කරන සිය මාධ්‍ය ජාලය යොදාගෙන එම යුදමය ක්‍රියාමාර්ග සාධාරණීකරනය කරන්නට ඇමෙරිකාව ප්රමුඛ මිත්‍ර සන්ධානය ක්‍රියා කල බවට ඉතිහාසය සාක්ෂි සපයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ කණ්ඩායමක් ඩැමැස්කස් නගරාසන්නයට එල්ල වූ රසායනික අවි ප්රහාරයක සුන්බුන් පරීක්ෂා කරන අයුරු.
Source:sputniknews.com
-HarshaLulzSec-

USS George H.W.Bush නෞකාව

ඇමෙරිකානු සන්නාහ සන්නද්ධ රථයක් සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශයක

ඉරාකය සතුව සමූල ඝාතක අවි තිබෙනවා යැයි චෝදනා කල ඇමෙරිකානු රාජ්‍යය ලේකම් කොලින් පවෙල්,2003 පෙබරවාරි 5.
සිරියානු යුද්ධය වැඩි වාසි තම පක්ෂයේ තිබෙන අවස්ථාවක අවමානයට පාත්රවන රසායනික අවි ප්‍රහාර එල්ල කරන්නට තරම් සිරියානු රජය අඥානද?මෙය සිරියානු අර්බුදය දෙස විවෘත මනසකින් බලන ඕනෑම අයෙකුට මතුවන ප්රශ්නය එයයි.ඉතිහාසය අධ්‍යනය කරද්දී සිරියාව සම්බන්ධ ඇමෙරිකාවේ වර්තමාන සැලැස්ම ගැන පුදුම විය යුතු නැත.2002-2003 සමයේ ධවල මන්දිරය පුන පුනා කියා සිටියේ මැදපෙරදිගට පමණක් නොව සමස්ථ ලෝකයටම තර්ජනයක් වන සමූල ඝාතක අවි ඉරාකය සතුව තිබෙන බවයි.අසත්‍ය මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව නිර්මාණය කල දෙවන ගල්ෆ් යුද්ධය නිසා මිනිස් ජීවිත මිලියනයක් පමණ අහිමිවිය.2003 වර්ෂයේ ඉරාක ආක්‍රමණයට පෙර යුගෝස්ලෝවියානු හමුදාව කොසෝව් රාජ්‍යයේ සමූල ඝාතන සිදුකලේය යන චෝදනාව මත ඇමෙරිකාව ප්රමුඛ නෝටෝ රටවල් සර්බියාවට පහර දුන්හ.2011 වර්ෂයේදී ලිබියාව පහරදී එරට අසාර්ථක රාජ්‍යයක් මෙන්ම ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට සහ අල්කයිදා ත්රස්තවාදීන්ට කෙළිබිමක් බවටද පත් කරදුන්නේය.මානව් සංවර්ධන දර්ශකයට අනුව අප්‍රිකාවේ ඉහළින්ම සිටි රාජ්‍යය අවසානයේදී කෙළවරක් නැති සිවිල් යුද්ධයකට ඇද දමන්නට නේටෝ සංවිධානයේ යුදමය මැදිහත්වීම සමත්විය.
නේටෝ සංවිධානයේ කෲස් මිසයිල සහ ප්‍රහාරක යානා යුගෝස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් නගරයට බෝම්බ හෙළීමෙන් පසු,199 මාර්තු 24.
දැන් ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ සිරියාවයි.නමුත් මෙවර එම කාර්යය ලෙහෙසියෙන් කරන්නට ඇමෙරිකාවට අවස්ථාවක් නැත.මන්ද සිරියාවේ සහායට ඉරානය සහ රුසියාව සිටින නිසාය.සිරියානු යුද්ධය යනු සැලැස්මට අනුව ක්‍රියාත්මක නොවූ නව-මධ්යස්ථමතදාරීන්ගේ මෙහෙයුමකි.ඩොලර් බිලියන ගණන් වටිනා අවි සපයා දුන්නද රාජ්‍ය විරෝධීන්ට සිරියානු රජය පරාජය කිරීමට හැකියාව ලැබී නැත.සිරියානු රජයේ හමුදා බටහිර-සහාය ලබන ත්රස්තවාදීන්ගේ ග්‍රහණයේ තිබෙන ගම්මාන නගර ක්‍රමයෙන් මුදා ගනිමින් තිබේ.
එසේ නම් එක්සත් ජනපදය,සෞදි අරාබිය සහ ඊශ්‍රායලයට අවශ්‍ය දේ කර ගත හැක්කේ එක්සත් ජනපදය නායකත්වය දෙන හමුදා මැදිහත්වීමකින් සිරියානු රජයේ ආරක්ෂක අංශ යුදමය වශයෙන් පරාජය කිරීමක් හරහාය.දැනට ඇමෙරිකාව ප්රමුඛ සන්ධානය සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් සිටියි.එම සන්ධානය සිරියානු රජය බිද දැමීමට පාවිච්චි කිරීමට නම් කුපිත කරවන හෝ අෂාඩ්ට එරෙහි යුද්ධය සාධාරණීකරනයට අවශ්‍ය හේතුවක් නිර්මාණය කල යුතුව තිබේ.
ඇමෙරිකානු නෞකාවෙන් සිරියාව ඉලක්ක කරගෙන කෲස් මිසයිල දියත් කල අයුරු(2017 අප්‍රේල් 7)
තුර්කි ගුවන් ප්‍රහාරයකට ලක්වූ කුර්දි හමුදා මර්මස්ථානයකට ආරක්ෂාව සපයන ඇමෙරිකානු සෙබලුන්(2017 අප්‍රේල් 25)
ඇමෙරිකාව සිරියානු සංග්රාම භූමියට ඇතුල්වීමට මගක් සොයමින් සිටියදී සිරියානු අරාබි හමුදාව ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට සහ අනෙකුත් රාජ්‍ය විරෝධී කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණ කිහිපයක්ම ලබාගෙන තිබේ.ජූනි 26 දා හෝම්ස් සහ ඩීර් එස්-සෝර් පළාත් සීමාවේ අල්-ඩොලෙයි යෙට් ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත්විය.27 වෙනිද රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ සී4 පුවත් සේවය(සිරියානු යුද්ධය ආරම්භයේ පටන් කැරලිකරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ඔල්වරසන් දුන් නාලිකාවකි)ජනපති අෂාඩ් උඬගු මිනිසෙක් ලෙස ආමන්ත්‍රණය කලේය.එදිනම බෂාර් අල් අෂාඩ් සිය පවුලේ සාමාජිකයින් සමග හමා නගරයේ සිටින ආබාධිත සෙබලුන්ගේ සුවදුක් බැලීමට ගියහ.සී4 වැනි නාලිකා බලාපොරොත්තු වන්නේ බෂාර් අල් අෂාඩ්,සදාම් හුසේන් සහ ගඩාෆි මෙන් බංකරයක් යට සැඟව සිටින බිය ගුල්ලෙක්ව සිටීමයි.
බටහිර රටවල් සිතා සිටින්නේ තුන්වන ලෝකයේ රටවල් ඔවුන්ගේ පදයට නැටිය යුතු බවයි.රටක පාලනය හොබවන්නේ කවුද යන්න තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් සතුවද යන්න ඔවුන් කරන ප්‍රකාශවලින් මතුවන ප්‍රශ්නාර්ථයකි.සිරියාව යනු කලකට පෙර ක්‍රිස්තියානි ඇතුලු අන්‍යාගමික සහ සුළු ජන කොටස් මුස්ලිම් බහුතරය සමග සාමයෙන් ජීවත් වූ රාජ්‍යයකි.මෙවැනි රාජ්‍යයන්ට සුන්නි වහාබ්වාදය ව්‍යාප්ත කරන සෞදි අරාබිය වැනි අන්තවාදී රාජ්‍යයන් අකැමැත්තක් දක්වයි.ඇමෙරිකාව සිරියාවට අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කලේ ප්‍රංශ ජනපති එමෑනුවෙල් මැකෝන් සිරියාව සම්බන්ධව ප්‍රංශයේ ස්ථාවරය වෙනස් කිරීමත් සමගයි.අෂාඩ් වෙනුවට පත් කල හැකි සුදුසු අනුප්‍රාප්තිකයෙක් තමන් නොදකින බව ඔහු පවසා තිබේ.නමුත් සිරියාව රසායනික අවි භාවිතා කිරීම රතු පැනීමක් බවත් ඊට එරෙහි ප්‍රතිචාරය ඔවුන්ට මුහුණ දෙන්නට වන බවත්ය.
සිරියාවේ අෂ් ෂයිරාට් ගුවන් හමුදා කඳවුරට ඇමෙරිකාව කෲස් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දිස්වූ අයුරු
කෙසේවෙතත් ඇමෙරිකාවේ දුෂ්ඨ සැලසුමට ප්‍රබලම බාධාවක් සිරියාව තුල තිබේ.ඒ රුසියාවයි.ඔව්.තමන්ගේ රටෙන් පිටතදී ඇමෙරිකාව සමග ගැටෙන්නට තරම් යුද ශක්තියක් රුසියාව සතුව නැත.නමුත් ඇමෙරිකානු අනතුරු ඇඟවීම පිළිගත නොහැකි එකක් ඇයි රුසියාව ප්‍රකාශ කර තිබේ.ඇමෙරිකාව සිරියාවට මහා පරිමාණයෙන් අතපෙවීමක් කල හොත් ඇතිවන තත්ත්වය සිරියාව,රුසියාව සහ ඉරානය සමග මුහුණට මුහුණ යුද්ධයකි.ඇමෙරිකාව කොතරම් පුරසාරම් දෙඩුවද ඔවුන් තවමත් උතුරු කොරියාව පහරදුන්නේ නැත.මන්ද ඔවුන් එසේ කිරීමට බිය දක්වයි.
කාන් ෂෙයිකුන් නගරයේ රෝහලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවක සිරියානු කැරලිකරුවෙක් ආවරණයක් සොයා දිව යන අයුරු(ඉඩ්ලිබ් පළාත ,2017 අප්‍රේල් 14)
පසුගිය බ්‍රහස්පතින්දා දින රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකාරෝවා ප්‍රකාශ කලේ එක්සත් ජනපදයේ නිවේදනයෙහි සඳහන් සිරියානු රජය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා යැයි කියන රසායනික අවි ප්‍රහාරය ඔස්සේ බටහිර කුපිත කරවීමේ සැලැස්ම හා සම්බන්ධ බුද්ධි තොරතුරු රුසියාව සතුව තිබෙන බවයි.මෙම කුමන්ත්රණකාරී ප්‍රහාරය සිදුවීමට ඉඩ තිබෙන නගර ලෙස ඉඩ්ලිබ් පළාතේ සරාකිබ් සහ අරිහා හඳුනාගෙන තිබෙන බව ඇය පවසයි.
කුර්දි පාලනය යටතේ පවතින අෆ්රින් නගරය ඈතට දිස්වන අයුරු