*යි මැළවුනදාට පසු දින
*යි මැළවුනදාට පසු දින
එනම් මැයි දෙවෙනිදා සුපුරුදු පැරිදි රැකියා ස්ථානයට පැමිණියෙමි
- කොහොමද සෙනග ෂූ ගාලා නේ
ගේට්ටුවෙන් ඇතුල් වෙන තැනම එකෙක් උදම් ඇනුවේය
- සෙනග අඩු උනාට මොකද JVP ඡන්ද වැඩි වෙලා තියෙන්නේ
මැකෝට කලින් මැතිවරණ ඡන්ද විග්රහයක් සමාජවාදී යැයි කියූ චේගේ පොතක් ඇහැකින් වත් නොදුටු අයෙක් මහඩින් කියවනා හඩ ඇසුනි

-කොහොමද රනිල්ගේ එකට ඇවිල්ලා තිබුනු බස් ගොඩ
CTB බස් වලට ගෙවන්නේ අපේ සල්ලි නොවේදැයි අසනු නොහැකිව මම තුහ් ගා කෙළ බිදක් විසි කලෙමි

- අවංක ඡන්ද තමයි ගැටඹේට එකතු උනේ
ගැටේ ලොකුදැයි විමසා බඹර කූඩු අවුස්සා ගනු නොහැකිව මම ලාමක සිනාවක් පැවෙමි

සුමනපාල නිහඩම කිසිත් නොකියා රෙදි බේල් එකක් බානු දැක
කොහොමද මැයි රැළිය මම ඇසුවෙමි
පඩි වැඩි වෙලාද මහත්තයා ...?

ඔහු නිය විරිත්තා ආසාව දැල්වූ දෑසෙන් විමසූ පැනයෙන් මා නිරුත්තර වුනෙමි.

හැබෑටම මේ මැයි රැලියේ කම්කරු ජයග්රහන මොනවාද ?
කැළුමාගේ ෆේස් බුකියෙන් උස්සා සංස්කරණය කරන ලදී