යුක්තිය

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ මෙහෙයුමක් සඳහා වැලිගම ප්‍රදේශයට ගොස් තිබූ අතර එහිදී ඔවුන් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
    එම අවස්ථාවේ දී ඒ ආසන්නයේ වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් ජංගම රථයෙන් රාත්‍රී මුර සංචාරයක නිරත වී සිට ඇති අතර ඔවුන් විසින් දැක ඇත්තේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදු කරන ආකාරයයි.
    ඒ අනුව වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් අදාළ වෑන් රථයට වෙඩි තබා තිබෙනවා.
    කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ මෙහෙයුම සඳහා පැමිණ ඇත්තේ වැලිගම පොලිසිය දැනුවත් කිරීමකින් තොරවයි.
    වැලිගම පොලිසිය විසින් අදාළ වෑන් රථයට වෙඩි තබා ඇත්තේ එහි පැමිණ සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් බව නොදැන වීම විශේෂත්වයක්.
    කෙසේ වෙතත් වැලිගම පොලිසියේ ප්‍රහාරය හමුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ එක් නිලධාරියෙක් මියගිය අතර තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.