යුක්රේන සිහිනය
යුක්රේන ආරක්ෂක ඇමතිවරයා වන Valerii Geletei යනු අමුතුම අයෙකි.ඒ රුසියාව විසින් අත්පත් කරගත් ක්රිමියාව සම්බන්ධව ඔහු සිදුකල ප්‍රකාශ නිසාය.වරක් ඔහු කියා සිටියේ යුක්රේනයට න්‍යෂ්ඨික අවි ප්‍රහාර එල්ල කරන බවට රුසියාව තර්ජනය කල බවයි.වරක් ඔහු යුක්රේන මාධ්‍යවේදියෙකුට කියා තිබුණේ රුසියාව නම් නගරයට උපායමාර්ගික න්‍යෂ්ඨික අවි ප්‍රහාර දෙකක් එල්ල කල බවයි(යුක්රේන හමුදාව නගරය අතහැර පසුබැස්සේද එම හේතුව නිසා බවයි ඔහු පැවසුවේ).නමුත් පසුව යුක්රේන රජය එම කතාව ප්‍රතික්ෂේප කල අතර එය පළකල මාධ්‍යවේදියාට දෝෂාරෝපණය කරන ලදි.
මෙවැනි විහිළු සහගත ප්‍රකාශ වලට අමතරව අමාත්‍ය Valerii Geletei ලෝක අවදානයට පාත්‍රවූයේ ක්රිමියාව නැවත අල්ලාගෙන Sevastopol හි විජයග්‍රාහී පෙළපාලියක් යන බවට යුක්රේන පාර්ලිමේන්තුවට දුන් පොරොන්දුව නිසාය.එම ප්‍රකාශයත් සමග යුක්රේන පාර්ලිමේන්තුව මහ හඩින් ප්‍රීතිඝෝෂා නගන ලදි.
*රූබල් 86.7 වියදම් කරමින් රුසියාවේ කළු මුහුද නාවික බලඇණිය නවීකරණය කෙරේ.මෙම සැලැස්ම යටතේ අති නවීන Project 11356 frigates නෞකා සහ Project 636.3 ඩීසල් ප්‍රහාරක සබ්මැරීන යෙදවෙනු ඇති.
*Kaliningrad හි යොදවා සිටින ආකාරයේ රුසියානු භූමියෙන් වෙන්වූ හමුදාවක් ක්‍රිමියාවේ ඇතිකෙරේ.ඊට Air-Assault brigade,Spetsnaz brigade,Naval Infantry brigade,Motor-Rifle brigade ආදී සේනාංකයන් ඇතුලත් වේ.වෙනත් මූලාශ්‍රවලට අනුව Airborne brigades එකක් හෝ දෙකක්,Motor-Rifle brigades දෙකක් හෝ තුනක් සහ යුද ටැංකි සේනාංකයක් ඇතුලත් වේවි.
*රුසියානු ගුවන් හමුදාවේ සැලැස්ම වන්නේ Tupolev Tu-22M3 “Backfire” නම් බෝම්බ හෙළන යානා ක්රිමියාහි යෙදවීමයි.මේවා මගින් ක්රිමියාව ආරක්ෂා කරනවා පමණක් නොව මුහුදින් පැමිණෙන ඕනෑම තර්ජනයක් වැළැක්වීම සහ දැනට දකුණුදිග යුරෝපයේ යොදවා තිබෙන එක්සත් ජනපද/නේටෝ ප්‍රති-බැලස්ටික් මිසයිල පද්ධතියේ ප්‍රධාන සංරචක වැනසීමටද හැකිය.
*අවසන් වශයෙන් වෙරළාරක්ෂක මිසයිල,ගුවන් ආරක්ෂක පද්ධති සහ නෞකා නාශක කෲස් මිසයිල වලින් ක්රිමියාව ශක්තිමත් කෙරෙනු ඇති.
අනෙක් අතට මෙම සැලසුම් සම්පුර්ණ වූ පසු ක්රිමියාව භයානක ස්ථානයක් බවට පත්වනු ඇති.මන්ද එය රුසියානුවන්ගේ බල ව්‍යාප්තියේදී ඔවුන්ගේ හමුදාවන් දකුණුදිග යුරෝපය,බෝල්කන් ප්‍රදේශය,මධ්‍යධරණී කලාපය,මැදපෙරදිග,කේකේසියානු ප්‍රදේශය සහ මධ්‍යම ආසියාව ආදී ප්‍රදේශවලට ප්රක්ෂේපණය කිරීමට වැදගත් උපායමාර්ගික ස්ථානයකි.
එක්සත් ජනපදයට/නේටෝවට ඉතා නරක ලෙස ක්රිමියාව නැවත ලබා ගැනීමේ උවමනාව තිබේ.නේටෝව සහ එක්සත් ජනපදය සම්බන්ධව කතා කරද්දී මේවන විය එක්සත් ජනපද නාවික හමුදාවේ නෞකා විශාල වශයෙන් කළු මුහුදේ සැරිසරයි.නමුත් යතාර්ථය වන්නේ මෙම ඇමෙරිකානු නෞකා රුසියාවට තර්ජනයක් නොවන බවයි,විශේෂයෙන් ඔවුන් කළු මුහුදේ සිටියදී.කළු මුහුද යනු කුඩා සහ ගොඩබිමින් වටවූ මුහුදකි.එවැනි ප්‍රදේශයක තිබෙන ඇමෙරිකානු නෞකා/සම්බැරීන යනු රුසියානු මිසයිල පරාසය තුල සිටින තාරාවෙකුට සමානය.
කළු මුහුදේ යාත්‍රා කල ඇමෙරිකානු නෞකාවක් ආසන්නයෙන් ගමන් කල රුසියානු Su-24 Fencer යානයක්
තමන් කළු මුහුදේ කරන්නේ කුමක්ද කියා ඇමෙරිකානුවන් දනියි.ඔවුන් කරන්නේ තම ධඡය පෙන්වමින් යාත්‍රා කිරීම පමණි.ඒ ඔස්සේ ක්රිමියාව හෝ රුසියාවට එල්ල කල හැකි තර්ජනයක් නොමැත.නමුත් සැබවින්ම ඇමෙරිකාවට රුසියාවට තර්ජනයක් කිරීමට අවශ්‍ය නම් කල යුත්තේ තම නාවික හමුදාව කළු මුහුදට එවීමයි.එක්සත් ජනපද නාවික හමුදාව යනු ගැඹුරු මුහුදේ( blue water navy )එසේත් නැත්නම් දිගු දුර සටන් සඳහා නිර්මාණය කල හමුදාවක් මිස වෙරළරාශ්රිත(green water/brown water navy) නාවික හමුදාවක් නොවේ.
ක්රිමියාව යනු ආරක්ෂා කිරීම සහ අත්පත් කරගැනීම අතිශය අසීරු භූමියක් බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ.ක්රිමියාවට ඇතුලු විය හැක්කේ උතුරුදෙසින් වූ විවෘත සහ අනාරක්ෂිත මාර්ග කිහිපයකින් පමණි.සියවස් ගණනක් විවිධ සංග්රාමවලට මැදිවූ මෙම භූමිය උමං,භූගත බංකර් සහ ආරක්ෂක විධිවිධාන රැසකින් සමන්විතය.මේවන විට ක්රිමියාව රුසියානු හමුදාවේ දකුණුදිග හමුදා දිස්ත්‍රික්කයට එකතු කර තිබේ.එම නිසා එය රුසියානු හමුදාවේ සම්පුර්ණ සහය ලබන බව පැහැදිලිය.
Source:Vineyardsaker.blogspot.ru
-HarshaLulzSec-

Valerii Geletei

නමුත් සත්‍යය නම් එය කිසිදා සිදුනොවන බවයි.පහත දැක්වෙන්නේ ඊට හේතූන්ය..
2020 වන විට රුසියාව පහත දැක්වෙන ආරක්ෂක සැලසුම් සම්පුර්ණ කරනු ඇති.
*රූබල් 86.7 වියදම් කරමින් රුසියාවේ කළු මුහුද නාවික බලඇණිය නවීකරණය කෙරේ.මෙම සැලැස්ම යටතේ අති නවීන Project 11356 frigates නෞකා සහ Project 636.3 ඩීසල් ප්‍රහාරක සබ්මැරීන යෙදවෙනු ඇති.
*Kaliningrad හි යොදවා සිටින ආකාරයේ රුසියානු භූමියෙන් වෙන්වූ හමුදාවක් ක්‍රිමියාවේ ඇතිකෙරේ.ඊට Air-Assault brigade,Spetsnaz brigade,Naval Infantry brigade,Motor-Rifle brigade ආදී සේනාංකයන් ඇතුලත් වේ.වෙනත් මූලාශ්‍රවලට අනුව Airborne brigades එකක් හෝ දෙකක්,Motor-Rifle brigades දෙකක් හෝ තුනක් සහ යුද ටැංකි සේනාංකයක් ඇතුලත් වේවි.
Spetsnaz
*රුසියානු ගුවන් හමුදාවේ සැලැස්ම වන්නේ Tupolev Tu-22M3 “Backfire” නම් බෝම්බ හෙළන යානා ක්රිමියාහි යෙදවීමයි.මේවා මගින් ක්රිමියාව ආරක්ෂා කරනවා පමණක් නොව මුහුදින් පැමිණෙන ඕනෑම තර්ජනයක් වැළැක්වීම සහ දැනට දකුණුදිග යුරෝපයේ යොදවා තිබෙන එක්සත් ජනපද/නේටෝ ප්‍රති-බැලස්ටික් මිසයිල පද්ධතියේ ප්‍රධාන සංරචක වැනසීමටද හැකිය.
Tupolev Tu-22M3 “Backfire”
*අවසන් වශයෙන් වෙරළාරක්ෂක මිසයිල,ගුවන් ආරක්ෂක පද්ධති සහ නෞකා නාශක කෲස් මිසයිල වලින් ක්රිමියාව ශක්තිමත් කෙරෙනු ඇති.
අනෙක් අතට මෙම සැලසුම් සම්පුර්ණ වූ පසු ක්රිමියාව භයානක ස්ථානයක් බවට පත්වනු ඇති.මන්ද එය රුසියානුවන්ගේ බල ව්‍යාප්තියේදී ඔවුන්ගේ හමුදාවන් දකුණුදිග යුරෝපය,බෝල්කන් ප්‍රදේශය,මධ්‍යධරණී කලාපය,මැදපෙරදිග,කේකේසියානු ප්‍රදේශය සහ මධ්‍යම ආසියාව ආදී ප්‍රදේශවලට ප්රක්ෂේපණය කිරීමට වැදගත් උපායමාර්ගික ස්ථානයකි.
ක්රිමියාව-චන්ද්‍රිකා ඡායාරූපයක්
එක්සත් ජනපදයට/නේටෝවට ඉතා නරක ලෙස ක්රිමියාව නැවත ලබා ගැනීමේ උවමනාව තිබේ.නේටෝව සහ එක්සත් ජනපදය සම්බන්ධව කතා කරද්දී මේවන විය එක්සත් ජනපද නාවික හමුදාවේ නෞකා විශාල වශයෙන් කළු මුහුදේ සැරිසරයි.නමුත් යතාර්ථය වන්නේ මෙම ඇමෙරිකානු නෞකා රුසියාවට තර්ජනයක් නොවන බවයි,විශේෂයෙන් ඔවුන් කළු මුහුදේ සිටියදී.කළු මුහුද යනු කුඩා සහ ගොඩබිමින් වටවූ මුහුදකි.එවැනි ප්‍රදේශයක තිබෙන ඇමෙරිකානු නෞකා/සම්බැරීන යනු රුසියානු මිසයිල පරාසය තුල සිටින තාරාවෙකුට සමානය.
කළු මුහුදේ යාත්‍රා කල ඇමෙරිකානු නෞකාවක් ආසන්නයෙන් ගමන් කල රුසියානු Su-24 Fencer යානයක්
තමන් කළු මුහුදේ කරන්නේ කුමක්ද කියා ඇමෙරිකානුවන් දනියි.ඔවුන් කරන්නේ තම ධඡය පෙන්වමින් යාත්‍රා කිරීම පමණි.ඒ ඔස්සේ ක්රිමියාව හෝ රුසියාවට එල්ල කල හැකි තර්ජනයක් නොමැත.නමුත් සැබවින්ම ඇමෙරිකාවට රුසියාවට තර්ජනයක් කිරීමට අවශ්‍ය නම් කල යුත්තේ තම නාවික හමුදාව කළු මුහුදට එවීමයි.එක්සත් ජනපද නාවික හමුදාව යනු ගැඹුරු මුහුදේ( blue water navy )එසේත් නැත්නම් දිගු දුර සටන් සඳහා නිර්මාණය කල හමුදාවක් මිස වෙරළරාශ්රිත(green water/brown water navy) නාවික හමුදාවක් නොවේ.
ක්‍රිමියාවේ ගමනාගමනය
ක්රිමියාව යනු ආරක්ෂා කිරීම සහ අත්පත් කරගැනීම අතිශය අසීරු භූමියක් බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ.ක්රිමියාවට ඇතුලු විය හැක්කේ උතුරුදෙසින් වූ විවෘත සහ අනාරක්ෂිත මාර්ග කිහිපයකින් පමණි.සියවස් ගණනක් විවිධ සංග්රාමවලට මැදිවූ මෙම භූමිය උමං,භූගත බංකර් සහ ආරක්ෂක විධිවිධාන රැසකින් සමන්විතය.මේවන විට ක්රිමියාව රුසියානු හමුදාවේ දකුණුදිග හමුදා දිස්ත්‍රික්කයට එකතු කර තිබේ.එම නිසා එය රුසියානු හමුදාවේ සම්පුර්ණ සහය ලබන බව පැහැදිලිය.
රුසියානු නාවික හමුදාවේ ශක්තිය
Source:Vineyardsaker.blogspot.ru
-HarshaLulzSec-