යුගයේ මහා ධර්ම දානමය පිංකම

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    යුගයේ මහා ධර්ම දානමය පිංකම

    දුෂ්කර වනගත සෙනසුන්හී වාසය කරමින් උතුම් බ්‍රහ්ම චර්‍යාව සුරකිමින් විරාගී වන්නට වෙර දරන්නා වූ ආරන්‍ය වාසී භික්ෂූන් වහන්සේලා හා ග්‍රාම වාසි මහා සංඝරත්නය උදෙසා සිය ත්‍රිපිටක දැනුම වර්ධනය කරගනිමින් නිර්වාණ ගාමිණි ප්‍රතිපදාව අපහසුවකින් තොරව ගමන් කිරීමට මග සැලසීම හා පිරිසිදු පෙල දහම ලොව පුරා බෙදාහැරීම අරමුණු කරගනිමින් “පරමත්ථ ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ සංවිධානයෙන්”, අතිපුජනීය අවසරයි මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හා අතිපුජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ 2019 ජුනි මස 29 දින කොළඹ දී පැවැත්වීමට නියමිත විභජ්ජවාද ධර්ම සම්භාෂණයේදී උතුම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය හා අට්ඨ කතා ඇතුලත් tablet (Ebook Readers) 5000 ක් මහා සංඝරත්නය වෙත බෙදා දීමට අරමුණු කර ඇත. මෙමගින්,


    – දුෂ්කර වන සෙනසුන්හී වැඩ සිටිමින් අසූහාරදහසක් ධර්මස්කධය ඇතුලත් ධර්ම ග්‍රන්ථ සියල්ල එකවර පරිශීලනය කිරීමේ අපහසුතා වලකමින්, මුලු ත්‍රිපිටක පොත් වහන්සේම එකම මොහොතක එක් තැනකදීම පරිශීලනය කරන්නට හැකියාව උදාවේ.


    – භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය අන්තර්ගත කල Tablet උපකරණය ඉතාමත්ම පහසු ලෙස එහා මෙහා ගෙන යා හැකිවීම.


    – ත්‍රිපිටකය ඉතා පහසුවෙන් පරිශීලනය කල හැකි බැවින් ස්වාමීන්වහන්සේලාගේ ත්‍රිපිටක දැනුම වර්ධනයට හේතු පාදක වීම.


    – ත්‍රිපිටකය භාවිතා කිරීම සුලභ කිරීම තුලින් අනාගතයේ ශාසන විකෘතිකයන්ගෙන් අකුරකින් හෝ සිදු විය හැකි හානිය අවම කිරීම.


    – මෙම tablet උපකරණය තුල ත්‍රිපිටක app එකට අමතරව වෙනත් කිසිඳු app එකක් download කල නොහැකි වන ලෙස සකසන ලද්දකි.


    – හුදෙක් ත්‍රිපිටකය පමණක් පරිශීලනය කල හැකි මෙම tablet පරිඝණකය Camera, Internet පහසුකම් වලින් තොරව නිර්මාණය කරන ලද්දකි.


    – ඇස් වලට පහසු දර්ශන තිරයක් භාවිතා කරන හෙයින් පින්වත් ස්වාමින් වහන්සේලාට අපහසුවකින් තොරව ත්‍රිපිටකය බොහෝ වෙලාවක් කියවිය හැකි වීම.


    බෙදා දීමට නියමිත tablet උපකරණ ප්‍රමාණය – 5000


    ඔබට හැකි පමණින් දායක විය හැකිය.


    ඔබේ පුණ්‍යාධාර පහත ගිණුම් අංක වලට බැර කල හැක.
    ත්‍රිපිටක පූජා
    008-2-001-2-0085271
    මහජන බැංකුව – අනුරාධපුර



    Labunoruwa kanda aranya senasana sanwardhana samithiya
    102161004187 –
    සම්පත් බැංකුව, අනුරාධපුර



    ඔබේ මුදල් තැන්පතුවේ රිසිට් පතක photo එකක්, සහ ඔබේ ගෙදර ලිපිනය සදහන් කර කරුණාකර [email protected] වෙත එවන්න ”


    සියලුම විමසීම් –
    ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනය – 0772774640 / 0714079712
    නිමන්ත – 0779455569
    අනුරාධා – 0711988649
    හර්ෂනී – 0776432957



    ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණයට පෙර මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සියල්ලන්ටම ශාස්තෘන් වහන්සේ කොට පිරිනිවන් පෑ සේක. ඒ උතුම් ශාස්තෲන් වහන්සේ එක් දිනක් හෝ අහිංසක ලෝකයාගේ දුක් ගිනි නිවීම පිණිස ජීවමාන කරවීම ගිහි පැවිදි අපගේ පරම යුතුකම වේ. උතුම් මහා සංඝරත්නයට මේ උතුම් පෙළ දහම අනාගතය උදෙසා රැකගැනීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට පරිසරය සකසමින් උන්වහන්සේලාගේ සංසාර විමුක්තිය සාක්ෂාත් කරගැනුමට ඉඩහසර සලසමින් අපගේ සංසාර විමුක්තියද සාක්ෂාත් කරගැනුමට මේ කුසල් ශක්තිය පාරමිතාවක් කරගැනුමට අප සියල්ලන්ටම හැකිවේවා…!!!


    තෙරුවන් සරණයි….!!!


    Link

    https://www.paramaththa.com/