යුගල දියසුළි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මහසයුර කළඹන 'යුගල දියසුළි'



    ocean1.jpg
    අප වාසය කරන පෘථිවි ගෝලයෙන් සියයට හැත්තෑවක්‌ම වැසී ඇත්තේ ජල පෘෂ්ඨයකිනි. වෙනත් ආකාරයකට පැවසුවහොත් මහසාගරයෙනි. මෙම සාගර ජලයෙහි වඩාත්ම අඩංගු සංඝටකය වන්නේ ලවණතාවයයි. ඊට අමතරව එහි විශාල ආවාට, කුහර, අභ්‍යන්තර ගිනිකඳු ආදී විවිධ භූ විෂමතා ද දක්‌නට ලැබේ. සාගර ජලයෙහි නොයෙකුත් හේතූන් මත තැනින් තැන ඇති උෂ්ණත්වය විවිධ වෙනස්‌කම් ගනී. මේ සඳහා පෘථිවියේ භ්‍රමණ වේගය, සූර්යයාගේ හා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය, ගොඩබිමින් මුහුදට එක්‌වන ජල ප්‍රවාහයන් හේතුවන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. මීට අමතරව මෙම හේතුන් එනම් පෘථිවි භ්‍රමණ වේගය, සූර්යයාගේ හා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලයන්හි බලපෑම, සුළඟේ වේගයන් හා රටා වෙනස්‌වීම, වායුගෝලීය පීඩන වෙනස්‌කම් ආදී ස්‌වභාවික වෙනස්‌වීම් නිසා සාගර ජලයෙහි විවිධ කැළඹිලි හටගනී. මේවායෙහි ප්‍රතිඵලයක්‌ ලෙස විශාල දියවැල් හා විශාල දිය සුළි (Whirpools/Eddy) හටගනී. මෙම දිය සුළි ඉතා වේගයෙන් කරකැවෙන ජලස්‌ථර සහිතව මතුපිටට පෙනෙන අතර දිය කඳ යටින් නාළාකාරව දියවැලක්‌ සේ අභ්‍යන්තරයට විහිදී යයි. මෙම දිය සුළි මඟින් උෂ්ණත්වය වැඩි ජල ධාරා ද ඒ හා මිශ්‍ර වී යන විවිධ ජීවී විශේෂ ද උත්තර ධ්‍රැව ප්‍රදේශ කරා නිරන්තරයෙන් රැගෙන යැම සිදුවේ. දිය සුළියක මතුපිට සිදුර බොහෝ විට ඕවලාකාරය. මේවායේ විෂ්කම්භය විටෙක සැතපුම් 90 පමණ වන අතර මහසාගරය හා සංසන්දනය කළ විට එය ඉතා සුළු ප්‍රමාණයකි.

    මෙම දියසුළි තනි තනිව දුරස්‌ථව නිර්මාණය වන අතර මෑතකදී ප්‍රථම වරට විශාල වෙනස්‌කමක්‌ සහිත දිය සුළියක්‌ දැකබලා ගැනීමට විද්‍යාඥයන්ට හැකිවිය. ඒ ඔස්‌ටේ්‍රලියාවට යාබද තස්‌මේනියානු (Tasman) මුහුදු ප්‍රදේශයේදීය. ඒ එකිනෙක යාබදව පිහිටි දිය සුළි යුගලයකි. මෙම යුගල දිය සුළි (Modon) දක්‌නට ලැබීම විරලය. මෙම යුගල දිය සුළිය මුලින්ම චන්ද්‍රිකා තාක්‌ෂණය ඔස්‌සේ හඳුනාගත් එක්‌සත් රාජධානියේ ලිවර්පූල් සරසවියේ සාගර විද්‍යාඥ ක්‍රිස්‌ හියුස්‌ ඒවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වන බව ද සොයාගත්තේය. සාමාන්‍යයෙන් දිය සුළි බටහිර දිශාව වෙත ක්‍රමයෙන් භ්‍රමණය වෙමින් ගමන් කරන නමුත් මේ සුළි යුග්මය නැගෙනහිර දිශාවට ගමන් කිරීම පුදුම සහගත බව ද ඔහු පවසයි. ඒකල දිය සුළි (Eddy) 2 ක්‌ එකිනෙක ඝට්‌ඨනය වීම නිසා මෙලෙස යුගල දිය සුළි (Modon) නිර්මාණය වන බව පවසන මෙම විද්‍යාඥ පිරිස ඒවා වෙරළ ප්‍රදේශයක හටගෙන එහි ද ගැටීමෙන් මෙලෙස ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වන බව ද ප්‍රකාශ කරති.
    සාගර ජලයෙහි ඇති විවිධ උෂ්ණත්ව සහ කාබනික කොටස්‌ වියෝජනය නිසා හටගත් විවිධ වායූන් මෙම යුගල දිය සුළි හරහා අනෙකුත් සාගර ප්‍රදේශ කරා බෙදාහරිනු ලබයි. එසේ නොමැති නම් එම සාගර ප්‍රදේශ තුළ පවතින කාලගුණ තත්ත්වයන් පවා වෙනස්‌ කිරීමේ හැකියාවක්‌ මෙම යුගල දිය සුළි සතුය. මෙම යුගල දිය සුළියෙහි මුඛයන් දෙකෙන් ආරම්භව සර්පිලාකාරව භ්‍රමණය වෙමින් සාගර දියකඳ තුල සාදන නාළාකාර දියවැල එකිනෙකට යාවී U (යූ) හැඩැති නාළාකාර ව්‍යqහයක්‌ ද සාදයි. මේවා ඇතිවී සෑහෙන කාලයක්‌ ස්‌ථිරව පැවතීම ද විශේෂිතය. "මෙය හරියට උගුලක්‌ වගෙයි. මෙයට හසුවන ඕනෑම සාගර ජීවී විශේෂයන්, කාබනික ද්‍රව්‍ය සියල්ල උරාගෙන ඒවා ඉතා වේගයෙන් ඈත ප්‍රදේශ කරා ගෙනගොස්‌ දමනවා. ඒ වගේම විවිධ මත්ස්‍ය වර්ගවලට තම කණ්‌ඩායම් විශේෂිත තත්ත්ව යටතේ එක්‌රැස්‌ කිරීමට (මාළු අහින් සැදීමට) මෙමඟින් හැකිවන අතර ඒවා චන්ද්‍රිකා ඡායාරූප මත තද කොළ පැහැයෙන් පැහැදිලිව දිස්‌වෙනවා" යි ක්‍රිස්‌ හියුස්‌ තවදුරටත් ප්‍රකාශ කරයි.
    මේ වන විට මෙවැනි යුගල දිය සුළි (Modon) 9 ක්‌ සාගරය පුරා හඳුනාගෙන ඇති අතර ඒ සඳහා ඔවුහු වසර 24 ක්‌ විවිධ පර්යේෂණයන්හි නිරත වී සිටියහ. තවදුරටත් දකුණු හා නිරිතදිග ඔස්‌ටේ්‍රලියානු සාගර ප්‍රදේශ පුරා නිරීක්‌ෂණයන් විහිදුවමින් ඒ ගැන පර්යේෂණවල නියෑළී සිටින මෙම විද්‍යාඥ කණ්‌ඩායමේ ඊළඟ ඉලක්‌කය වනුයේ මෙම යුගල දිය සුළි ඇතිවන්නේ දකුණු අර්ධගෝලයේ පමණමක්‌ම දැයි සැකහැර දැනගැනීමය. එවිට මහා සාගරය සඟවාගෙන ඇති තව තවත් විවිධ රහස්‌ ලොවට හෙළිදරව් වනු ඇත.
    Ö සිසිර කිත්සිරි
    ocean.jpg
     
    • Like
    Reactions: Sara531

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ocean.jpg


    මේක බං මේ සර්ෆ් කරන එකෙක් රළ අස්සෙන් යද්දි ගත්ත පොටෝ1ක්....
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ocean.jpg


    මේක බං මේ සර්ෆ් කරන එකෙක් රළ අස්සෙන් යද්දි ගත්ත පොටෝ1ක්....

    :P divaina paper eke image ekak ban :P

    real stuff

    nasa_eddy.jpg


    An eddy near South Africa photographed on December 26, 2011 by NASA's Terra satellite, its spiral shape highlighted by light blue plankton blooms. Eddies stir up nutrients from deeper waters, creating ideal conditions for plankton to prosper.

    NASA Earth Observatory image created by Jesse Allen