යුග_පුරුෂයා_සහ_ඒකාධිපතියා

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    යුග_පුරුෂයා_සහ_ඒකාධිපතියා

    JR ට වඩා මහින්ද රාජපක්ෂ උතුම්ය.
    jayawardene.jpg

    mahinda_rajapaksa.jpg


    JR යනු ඒකාධිපතියෙකි, කපටි නරියෙකි. දැවැන්ත ආර්ථික සහ සමාජීය දර්ශණයක් තිබුණේය. පක්ෂය වෙනුවෙන් නාවල නිහාල්ට නිදහස දුන්නේය. විනිසුරු වරුන්ට හූ කියෙව්වේය. උගත් සොහොයුරකු සිටියත් ඔහු දේශපාලනයට සම්භන්ධ නොවීය. ඔහුගේ බිරිඳ එලීනා ජයවර්ධන සැමියාගේ කිසිම දේශපාලන කටයුත්තකට හෝ රජයේ කටයුත්තකට අත පෙවීමක් නොකළාය. ඔහුගේ පුතා වන රවි ජයවර්ධන LTTE යට බිය යනු කුමක්දැකි පළමුව කියාදුන් විශේෂ කාර්ය බලකාය නිර්මාණය කළේය. වෙන කිසිම දේශපාලන කටයුත්තකට හෝ රජයේ කටයුත්තකට අත පෙවීමක් නොකළේය. වැඩ කළ හැකි ප්‍රේමදාස,ලලිත්,ගාමිණී වැනි ශක්තිමත් දෙවන පෙළක් නිර්මාණය කළේය. රාජ්‍ය ආයතන වලට උගතුන් යොදවා ඒවා දියුණු කළේය. JR පාරම්පරික ධනවතෙකි. ඔහුගේ සමහර ඇමතිවරුන්ට චෝදනා තිබුනත් ඔහු කිසිදිනෙක මහජන මුදල් ගසා කෑවේ නැත. මියයන විට තම සියළු දේපල මහජනයා වෙනුවෙන් පරිත්‍යාග කළේය. JR යනු සැබැවින්ම ඒකාධිපතියෙකි

    මහින්ද රාජපක්ෂ යුග පුරුෂයෙකි. අහුලාගත් කෑලි මිස කිසිම දෙයක් ගැන කිසිම දර්ශණයක් නැත. LTTE යට මුදල් දී මහා මැතිවරණ දූශනයකින් බලයට පත් උනත් LTTE ය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නේය.. සොහොයුරන් ඥාති සොහොයුරන් ඉහල තනතුරුවලට පත් කළේය. ඔවුන් බොහොමයක් රටේ අති විශාල ධනස්කන්ධයක් ගසා කෑහ. බිරිඳ ශිරන්ති රාජපක්ෂට රත්තරන් විකිනීම ඇතුළුව හෙලිවූ සහ තවමත් හෙලි නොවූ චෝදනා ඇත. ඇගේ සියළුම නෑයන් ශ්‍රී ලංකන් ඇතුළු රජයේ පඩි ලබන තනතුරු වලට පත්වූ අතර ඔවුන්ද විශාල දූශණ සිදු කර ඇත. සියළුම පුතුන් විවිධාකරයෙන් මහජන මුදල් ගසා කෑහ. මිනී මැරූහ. රාජ්‍ය දේපල කොල්ල කෑහ.18 වන සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා ගෙන ආ 17 වන සංශෝධනය අහෝසි කලේය. ස්වාධීන විනිසුරුවන් නීති විරෝධී ලෙස සේවයෙන් පහ කළේය. දහ අතේ ගසා කා රට ණය කළේය. පක්ශයේ දෙවන පෙළ දුර්වල කොට ඔහුගෙන් තම පුතකුට බලය යන පරිදි ක්රිනයා කළේය. විදේශ සේවය සහ සියළුම රජයේ ආයතන නෑයන් සහ ගසා කන්නන් යොදවා විනාශ කළේය. එන විට සාමාන්‍ය ප්‍රමාණයක වත්කම් තිබුණත් යනවිට ඩොලර් කෝටිපතියෙකි. මහින්ද යනු සැබැවින්ම යුග පුරුෂයෙකි

    (උපුටා ගැනීමකි)
     
    Last edited: