යුද්දෙ_කාලෙ_කොලඹ...

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    යුද්දෙ_කාලෙ_කොලඹ...



    එදා 2000 වර්ශයෙ මාර්තු මාසෙ 10 වෙනිදා.
    ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාන ආකාරයෙ දිග බෑග් එල්ල ගත්තු පිරිසක් හොර රහසේම ආයුර්වේද රෝහල ඉදිරිපිට තිබුණු පාලු නිවසකට රිංග ගත්තෙ තමන්ගෙ ඉලක්කය එනකන් කල් මරන්න.
    ඔව්.ඒ මරාගෙන මැරෙන කකු කොටි කණ්ඩායමක්.
    මේ කොටි කල්ලිය තමන් හැංගුණු නිවස ඉස්සරහ පාර දෙපසට ඉලක්ක කරල ක්ලේමෝ බෝම්බ සවිකරේ පර්ලිමේන්තු දිනයෙ ප්‍රබූන්ගෙ ආරක්ශාවට මීටර් සීයෙන් සීයට යොදවපු පොලිස් නිලධාරීන් කිසිවෙකුටත් නොදැනෙන්න.
    හවස 5.40ට විතර නිවසෙ හිමිකරු තමන්ගෙ නිවස බලන්න එත්දි නිවස තුල සිටි මේ සැකකටයුතු පිරිස දැකල බියට පත්වෙනව .කුඩු කාරය බවට සැකසිතුනත් ඔහු ඒ බව රෝයල් පාක් හන්දිය පොලිස් මුරපොලේ නිලධාරීන්ට දැනුම් දෙනව.
    ත්‍රී රෝධ රියක නැගුණු ආයුද සන්නද්ධ නිලධාරීන් තිදෙනෙක් සිද්ධිය වූ ස්තානයට වහ වහා පැමිනෙනව.
    ජවනිකාව පටන්ගන්නෙ එතනින්.

    ට්ජ්‍රී රෝධ රියෙන් බැහැල වහ වහා තමන් දෙසට එන පොලිස් නිලධාරීන් දකින ත්‍රස්ත සාමාජිකයෙක් තමන් සතු ටී 56 ගිණි අවියෙන් ඔවුන් දෙසට වෙඩි තබනම.පොලිස් නිලධාරීන් තිදෙනා එම ස්ථානයේදිම මිය යනව.
    මේ වෙඩි ශබ්ධයට ලාසල් වීදිය හා අවට ආරක්ශාවේ නියුතු පොලිස් නිලධාරීන් කලබලවෙනව.
    එදා පාර්ලිමේන්තුවෙ හදිසි නීති විවාදය පැවැත්වෙන දවස.කොටි කල්ලියෙ ඉලක්කය උනේ මේ සඳහා ගමන් කරන රටේ ඉහල පෙලේ ප්‍රභූවරුන්.
    නමුත් පොලිස් නිලධාරීන් වෙත එල්ල කරන්නට සිදුවුනු අනපේක්ශිත ප්‍රහාරය නිසා ඔවුන්ගේ සැලසුම් යම් පමණකට අවුල් වෙනව.
    අසල පිහිටි පොලිස් විශේෂකාර්ය බලකා මුරපොලෙන් සෙබලු පුරවගත්තු ජීප්‍රියක් සිද්ධිය ඌ ස්තානයට වහා එනව.
    මේ බව දකින එක මරාගෙන මැරෙන කොටියෙක් තමන්ගෙ දිවි නසාගන්න ඇඳුම පුපුරවාගන්නව.කෑලි වලට කැඩුනු ඔහුගේ සිරුරෙ හිස කොටස පසුව හමුවෙන්නෙ ඈතින් ඵිටි එන් එම් පෙරේරා පිලිරුව අසලින්.
    එස් ටී එෆ් සෙබලු තමන් සතු එම් 16 රයිෆල් වලින් ත්‍රස්තයන් වෙත ප්‍රහාරයක් එල්ල කරනව.කොටි දෙදෙනෙක් එතනම මැරෙනව.
    ඒ මොහොතේම පාර දෙපසින් ඇටපූ ක්ලේමෝ බෝම්බ පුපුරා යනව.තමන් වෙත එල්ලවෙන දැඩි ප්‍රහාරයට මුහුණ දෙන්න බැරිවෙච්ච කොටි යුධ ටැංකි නාශක අවියකින් කාර්යාල සේවකයන් රැගත් වෑන් රියකට පහර දෙනව.ඒ ආරජ්ශක අංශ අවධානය වෙනස් කිරීමට.
    පාරේ ගමන් කරපු මහ ජනතාව පොලවේ දිගාවෙනව.ඒ පැය ගනනක ගැටුම නිම වෙන තුරු.අහල පහල නිවැසියන් නිවාස අත හැර පලා යනව.

    හය දෙනෙකුගෙන් යුතු කොටි කල්ලියක් ප්‍රහාර මධ්‍යයේ කාසල් වීදිය හරහා වනාත මුල්ල දුම්‍රිය මාර්ගය ඔස්සේ පලායනව.
    පැය භාගයකට පස්සෙ ඔවුන් නවතින්නෙ සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වෙනි තට්ටුවෙ.
    මාර්ගය දිගේ වෙඩි තබමින් පැමිනි ත්‍රස්ත කල්ලිය නිවාස සංකීර්ණයේ වැසියන්ව භීතියට පත් කරනව.
    ආරක්ශක අංශප්‍රදේශය වට කරනව.
    කොලඹ ආරක්ශාව භාර මේජ ජෙනරල් නිහාල් මාරඹේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ කොමාන්ඩී මෙහෙයුමක් අරඹන්න තීරනය කරනව.
    මධ්‍යම රාතියට සුලු මොහොතකට පෙර කටුනායක ස්තානගත කල ප්‍රති පැහැරගැනීම් හා ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ කමාන්ඩෝ සෙබලු රැගත් එම් අයි 17 හෙලිකොප්ටර් යානයක් නිවාස සංකීර්ණය වෙත එනව.
    උදෑසන 5.30 වන විට සෙබලු මෙහෙයුම ආරම්භ කරනව.නමුත් ඔවුන්ට පහසුවෙන් මුදාගත හැකි වන්නේ පලමු තට්ටුවේ පදිංචි කරුවන් පමණයි.සෙසු පිරිස ත්‍රස්ථ ග්‍රහනයෙන් මුදාගත නොහැකිවෙනව.
    හතර දෙනා බැගින් යුතු ප්‍රහාරක කන්ඩායම් තුනක්,ස්නයිපර් කන්ඩායමක්,ගෑස් කණ්ඩායමක් ගොඩනැගිල්ලටකඩා වදිනව.
    වටපිට විපරමට යොදල හිටපු ත්‍රස්තවාදිය ආරම්භයෙදිම cඔමාන්ඩෝ සෙබලු අතින් මැරුම් කනව.
    බේරුමක් නැති බව දන්න ත්‍රස්තවාදියො මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පුපුරවාගන්නව.
    කොමාන්ඩෝ සෙබලු සිව්දෙනෙක් තුවාල ලබනව.එක් අයෙක් මාරාන්තික තුවාල ලබනව.
    ගැටුමට මැදිවුනු නිවැසියන් දෙදෙනෙකුත් ජීවිතක්ශයට පත්වෙනව.
    නිවාස ස ංකීර්ණයෙ අඩියෙන් අඩිය සුද්ධ කරපු සෙබලුන්ට ජී පොඉ එම් ජී අවියක්,එම් පී එම් ජී අවි දෙකක්,යුධ ටැන්කි නාශක අවි තුනක් ,ටී පනස් හය අවි දෙකක් ඇතුලු ආයුධ හමු වෙනව.
    ප්‍රහාරය අවසන් වෙන්නෙ 23න් දෙනෙකුට මරු කැඳවමින් හා විශාල පිරිසකට තුවාල සිදු කරමින්.
    මේක අග නුවර ආරක්ශාව ගැන බලධාරීන්ගෙ ඇස් අරවපු ප්‍රහාරයක් කිව්වොත් නිවැරදී.
    කොටින්ව විමුක්තිකමීන් හැටියට දකින රැඩිකල් පරපුරේ කට්ටිය මේ විනාශයන් ගැන අහලවත් නොතිබීම රටේ සැබෑ අවාසනාවක්


    උපුටා ගැනීමකි - Facebook


    https://www.facebook.com/photo.php?fbid=229763514441029&set=gm.1722897041128346&type=3&ifg=1
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    balapn oke FB post eke Comment karala thiyana Chatura Wallage kiyana pon****, oya wage un thama sinhaluntama wala kapanne
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ada bus eke enakota thada bag ekak dunna ban mata ganiyek kotiyek wage man gaththa passe mathak una issara bus wala bomba kohomada une kiyala dan e baya na neda kiyala mara satutak danuna ban

    sinhala modaya kawum kanna yodaya :lol::lol:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    oka ohoma newei wune scene eka. oya paalu gedara (dan george goonaratne opticians da koheda building eka thiyana thana) athule teacher kenek class kara. me teacher dawasak enakota ge athule kawda innawa dakala balanakota kawda ewun tikak innawa weapons ekka. mu kaa gahagena diwwa eliyata menna koti gahano kiyala. ayuruweda handiya pattata. handiye thibba police hari army hari barrier ehekuth. oya wele koti weapon walin faire karannath gatta. barrier eke hitapu aya fire kara habai un gaawa thibbe puss wedi kiyalath kiyanawa. atta natta danne na. kohoma hari bericcha koti tika panala diwwe kuruppu lane eken wanathamulla ta panala. (oya lagama inna cosuin kenek kiwwe)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala


    .....
    කොටින්ව විමුක්තිකමීන් හැටියට දකින රැඩිකල් පරපුරේ කට්ටිය මේ විනාශයන් ගැන අහලවත් නොතිබීම රටේ සැබෑ අවාසනාවක්


    උපුටා ගැනීමකි - Facebook


    https://www.facebook.com/photo.php?fbid=229763514441029&set=gm.1722897041128346&type=3&ifg=1


    හා එන්න එහෙනම් අපි ගෝටට චන්දෙ දෙන්න යමු ....;)