යුද්ධයට_සුදානම් වෙන්න ජනපති කියයි
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර සිය රටේ ජනතාව ඇමතුවා. ඒ සිරියාවේ පසුගියදා සිදුවූ රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිළි කරමින්.
" සිරියාවේ ජනාධිපති බශාර් අල් අසාද් ගේ රසායනික අවි සහ එම කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නැයි" තම හමුදාවන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (14) නියෝග කල බව ඔහු ජාතිය අමතමින් කියා සිටියා.
පළමු ලෝක යුද්ධයෙන් මිලියනයකට ආසන්න පිරිසක් මෙලෙස විෂ වායු ප්‍රහාරවලින් මිය ගිය බවට සිහිපත් කල අමෙරිකානු ජනාධිපතිවරයා සිරියාවේ සිදුවන සමුල ඝාතනයන් සම්බන්ධයෙන් ඔහු සෘජුවම රුසියාවට සහ ඉරානයට චොද්නා කළා.
සිරියාවට එරෙහිව සිදුකරන ප්රහාරයන්ට බ්‍රිතාන්‍ය සහ ප්රංශයද එක්ව සිටින බවත් ඒ පිළිබඳව තම ස්තුතිය පලකරන බවත් මෙහිදී සඳහන් කළා.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවමින් කියා සිටියේ ඉදිරියේදී ඔවුන්ට එරෙහිවද යුධමය පියවර ගැනීමට අමෙරිකාව පසුබට නොවන බවයි.
අමෙරිකා ජනාධිපති හදිසියේ ජාතිය අමතයි - යුද්ධයකට යන්න සුදානම් වන්නැයි සිය හමුදාවට නියෝග කරයි