දේශීය නිශ්පාදනය වන ආහාර ද්‍රව්‍ය වල මිළ සැලකිය යුතු ලෙස අඩුවෙලා. විශේෂයෙන් එළවලු සහ හාල්.
ඒ වුනාට අනිත් ඒවා වැඩියිනේ? කිරි පිටි, බිත්තර, මාළු, ඒ වගේම විදුලි බිල, වතුර බිල එහෙම. හොඳයි බඩු මිල වැඩි නැද්ද රටේ?
30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන්න මිනිසුන්ගේ මානසිකත්වය හැදිය යුතුය. මේ පුණරුත්තාපන කටයුත්ත ලේසි පහසු නෑ. පේන්නැද්ද මේ වෙන කොට සෙබලු කීදෙනෙක් වෙඩිතියාගෙනම මැරිලද?
එතකොට ඔය ආණ්ඩුවේ ඉන්න ඇමති වරුන්ගේ සහ හෙන්චයියලාගේ කුඩු ගෙන්වීම්, හොරකම් කිරීම්, නිධන් හැරීම්, එතකොට ප්‍රසිද්ධියේ මිනි මරල සිංගප්පූරුවට ගිහින් සිටීම, එතකොට කැලණියේ ඇමති කෙනෙක් කප්පම්ගන්න ඒවා එහෙම , ඒවා වෙන්නෙත් යුද්ධය අවුරුදු 30 තිබීමේ ප්‍රතිපලද?
හොරකම් ඉරීම මොකා ආවත් සදාකාලිකයි. අපිම යවපු උන්නේ.
හරි. හොරකම් කලාට කමක් නෑ හැබැයි වැඩිපුර සල්ලි රටේ සුභ සිද්ධිය සඳහා යොදලා. එහෙමවත් වෙන්නේ නෑනේ ඉතින්. යම් කිසි ව්යාප්තෘතියකට සල්ලි වෙන් කලොත් ඒකෙන් 90% විතර ගසා කනවනේ?
ප්‍රජාතන්ත්‍රවාදය අනික් එකාගෙ නහය ලගින් ඉවර විය යුතුයි. නැතිනම් රටකට පැවැත්මක් නෑ.
ආණ්ඩුවට විරුද්ධව කතා කරන කවුරු හරි ඉන්නවනම්, ආණ්ඩුව කල යුත්තේ ඔහු වැරදි නම් ඔහුට විරුද්ධව නඩු දැමීම හෝ, ඔහුගේ මතවාද බිඳ දැමීමයි. නැතුව සුදු වෑන් එකකින් උස්සන් යන එක නෙවෙයි.
දවස පුරාම පුටුවකට වෙලා නෙට් එකේ ආණ්ඩුවට බැණ බැණ අර රැකියා විරහිත කලා උපාධිධාරීන් වගේ හිටියොත් රුපියල වලටම මිස ගොඩ ඒමක් නෑ. අඩු තරමෙ මඤ්ඤොක්කා ගහක්වත් හිටවපියව්.
ආණ්ඩුවේ ඇමතිලාටත් කියන්න තියෙන්නේත් එකම තමයි, ඔය සීතල කාමර වල ඉන්නේ නැතිව, යන්න දුප්පත් ගම් වලට, බලන්න ඒ මිනිස්සු විදින දුක. ඒ දුක දිහා බලලා තේරුම් ගන්න මේ රටට මේ ඇමතිලා කරන කැප වීම හොඳටම මදියි කියලා.
රටක සංවර්ධනයේ පලමු පිම්ම යටිතල පහසුකම් දියුණූ කිරීමෙන් ඇරඹිය යුතුය. ඒකෙනුත් පලමු එක මහා මාර්ග. ඒක වෙමින් පවතින බව රටේ තොටේ ඇවිද්දාම ඇහැට පේනවා.
ඒ මාර්ග වල දුවන වාහන වලට ඉන්ධන ගැසීම සඳහාත් මිනිසුන්ගේ අතේ මුදල් ගැවසිය යුතුයි.
මිනිසුන් නිශ්පාදනයට දායක වීම සහ ජීවන රටාව (ආහාර සහ භාණ්ඩ පරිහරණය ආදියත් )අතර සම බර තාවයක් තිබිය යුතුය. නැත්නම් ඉහලටම තමා. අනවශ්‍ය වියදම් කපා හැර (උදා- නිශ්ප්‍රයෝජන පල්හෑලි දෙඩවීමට දුරකතන භාවිතය) නිෂ්පාදනයට දායක විය යුතුය.
අන්න හරි. ආණ්ඩුවටත් කියන්න තියෙන්නේ අනවශ්‍ය වියදම් කපා හැර, ඔය ඇමතිලාට දුරකථන දීමනායි, ඉන්ධන දීමනායි, ගෙවල් කුලිය ලක්ෂයයි වගේ අනවශ්‍ය වියදම් අඩු කරලා ඒ සල්ලි රටේ දුක් විඳින ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යොදා ගන්න කියලයි.
දේශීය නිෂ්පාදන ඉහල ගිහින් බව පෙනේ. උදා- වී, ධාන්‍ය, එළවලු.
අපිට පිටරටකින් සම්භාධක දැම්මොත් ඒවාට මුහුණ දීම සඳහා අවශ්‍ය තරම් වී, ධාන්‍ය , එළවලු, පරිප්පු රටේ නිෂ්පාදනය වෙනවාද?