යුද්ධයේ අතුරු කථා -කාන්දන්ගේ කතාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    යුද්ධයේ අතුරු කථා -කාන්දන්ගේ කතාව


    තෝමස් කාන්දන් මහත්තයාව කිලිනොච්චියේදියි මට මුණගැහුණෙ. මේ ඔහු මා එක්ක කී කතාව.


    කාන්දන් මහත්තයා
    rekha%2Bahasa5.jpg


    ‘කොතැනින්ද පටන්ගන්නේ. ම්ම්.. මගේ ගම මම කිව්ව නේද? දෙහිවල. හැත්තෑහතේ කලබල නිසා තමයි මමයි පවුලයි දෙහිවල අතහැරලා මෙහේට ආවේ.

    දෙමළෙන් බයන්නක් නෑනේ. බාබු කියලා සිංහලෙන් කිව්වාට දෙමළෙන් කියන්න පුළුවන් පාපු තමයි. ඉතින් දෙමළුන්ව අල්ලගන්න පාවිච්චි කළේ ඕක. කොච්චර සිංහල කතාකරන දෙමළෙක් වුණත් බයන්න කියන්නෙ නෑ කියල තමයි සිංහලයො හිතාන හිටියේ. ඒත් ඇත්ත එහෙම නෙවෙයි. අපේ මිනිස්සු මේ තරම්වත් බේරුණෙ ඇයි දන්නවද. හැම දෙමළම පාල්දිය කියන්නෙ නෑ. අපි කියන්නෙ බාල්දිය කියල තමයි. මාත් කිව්වෙ බාල්දිය කියල. බණ කියල කියපං කිව්වාම මම කිව්ව බණ කියලා. ඒ විතරක් නෙවෙයි මං බණ අහලත් තියෙනවා.

    හැත්තෑ හතේ අගෝස්තුවල අපි බස් එකක යද්දී කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟ බස් එක නවත්වලා පස්දෙනෙක් විතර නැග්ගා. එක එකාට කියපං බාල්දිය කියාගෙන ආවා. මල්ලි කෙනෙක්ට කියාගන්න බැරිවුණා. කපලා දැම්මා. එහෙම්මම අපි ගියා සෙන් පීටර්ස් ඉස්කෝලෙට. එතැනින් කොටස් වශ‍යෙන් අපව උතුරට ගෙනාවා. අපි ආවෙ ආපහු යන්න බලාගෙන. ඒත් ඉන්පස්සේ අසූතුනේ වෙච්ච එක නිසා ආපහු යන්න බෑනේ.



    මේ නගරවල අපට බිමක් වෙන්කරන්න සිද්ධවුණා. ආණ්ඩුව අපට දුන්නේ මුලතිවුවල ධර්මපුරම් වල අමු කැලෑවක ඉඩමක්. ඒ කැලයේ ඉන්න බැරි හින්දා අපි කිලිනොච්චියට ආවා. කුලියට ගෙයක් අරගෙන ජීවත්වුණා.

    අපි මෙහෙට අලුත්. හරියට රැකියා නෑ. අන්තිමේ මම කුලී වැඩට ගියා. රුපියල් විස්සයි මාසේ කුලිය. අමාරුම කාලයක්. ඒ අස්සෙ අපට ආරංචිවුණා දකුණෙන් ආපු මිනිස්සු මේ පැත්තෙ කැලයක් එළි කරලා ජීවත්වෙනවා කියලා. අපි ඒ විදියට මෙහෙට ආවා. මේ භාරතීපුරම්, මලයාලපුම් ඇතුළු ගම්මාන ඔක්කෝම එහෙම එළිකරපු ඉඩම්. දකුණේ එක එක පළාත්වලින් ආපු මිනිස්සු තමයි ඉන්නෙ. මුලින් අනවසර පදිංචි. පස්සේ ආණ්ඩුවෙන් බලපත්‍ර දුන්නා. එහෙමයි මේ ගම්මාන හැදුණේ.

    අපි දවල් වරුවේ ඉඩම සුද්ධකරනවා. රෑට අලි එද්දී ටවුම පැත්තට එනවා. උදේට ආපහු ගිහින් සුද්ධකරනවා. අපි කාලයක් ඒ ගෙවල්වල දවල් විතරක් ජීවත්වුණා. කාලයක් යද්දී කැලෑව එළිවුණා. අපි තමයි කැලෑ එළිකලේ. උතුරට ආපු අය අතරේ සල්ලි තියෙන අයත් හිටියා. එහෙම අය වෙනුවෙන් කැලෑ සුද්ධකරලා දීලා කුලියෙන් ජීවත්වෙන්න පුරුදුවුණා අපි. දවල්ට සුද්ධකරනව. රෑට දුවනවා.

    හරි. දුවගෙ බැල්ම මට තේරෙනවා. ඔව්, අපි ආණ්ඩුවෙ කැලෑවක් කැපුවා තමයි. මොකටද? සල්ලි හම්බකරන්නද? නෑ ජීවත්වෙන්න. ඒත් ලොකු මිනිස්සු කැලෑ කපද්දි වගෙ නෙවෙයි. අපි සෑහෙන ප්‍රශ්ණවලට මුහුණදුන්නා. මගේ මාමාව අල්ලාගෙන ගියා කැලෑ කපපු හින්දා. තුන්හතර වතාවක් හිරේ ගියා. අපේ තව අයව හිරේ දැම්මා. මොකක්ද වැරැද්ද. මේ පොලොවෙ ජීවත්වෙන්න ඉඩක් හොයපු එක. අන්තිමේ අපට දරාගන්න බැරිවුණා. හිටපු මිනිස්සු එකතුවෙලා වනජීවී නිලධාරීන් එද්දි පන්නගත්තා.

    අපේ ප්‍රශ්ණය දිහා බලලා ආණ්ඩුවෙන් අපේ ඉඩම්වලට අයිතිවාසිකම් කියලා පර්මිට් එකක් දුන්නා. පර්මිට් එකට රුපියල් හාරදාහක් ගත්තා අපෙන්. දකුණ අත්හැරපු අපි මෙහේ ඇවිත් සැප වින්දාද. දැන් වෙලාව දොළහයි. කොහොමද රස්නය. පිච්චිලා යනවා නේද. දුව මහරගම කිව්වානේ. දෙහිවලට ළඟයිනෙ. මේ කට්ට අව්ව එක්ක ගත්තාම දෙහිවල කොච්චර සිසිල්ද. ඒ කාලේ අපව දෙහිවලදී මදුරුවෙක්වත් කෑවෙ නෑ. මට කැලෑ එක්ක ඔට්ටුවෙන පුරුද්දක් තිබුණෙ නෑ. මම රස්සාව කළේ බේකරියක. මගේ පවුල රඟපාන්න හිටියේ. එයා නාට්‍ය කළේ. ඒත් මම කලින් කිව්වා වගෙ ජේආර් මහත්තයාගේ කාලේ අපව දෙමළ කියලා එළෙව්වා මෙහේට. අපි මෙහේ පාරවල් දන්නෙ නෑ. මෙහේ දේශගුණේ පුරුදු නෑ.

    එදා රට බෙදුණා. ජේආර් මහත්තයා රට බෙදුවා. අපට දැණුනා මේක තමයි මොනව කළත් අපේ නිජබිම. දුව කිව්වා වගෙ දැන් මේක අපේ නිජබිම නෙවෙයි කියල ඔප්පු කරන්න ඉතිහාසෙ ගැන ආචාර්යවරු පරණ ඉතිහාස පොත් පෙරළනව. සෙල්ලිපි පෙන්නනව. නිජබිම ගැන හොයන්න සෙල්ලිපි කියවල වැඩක් නෑ. අපේ හදවතේ තියෙන එකයි වැදගත් වෙන්නෙ. අපව එදා එහෙන් මෙහේට පළයල්ලා කියල එළවද්දී අපට දැනෙනවා නේද අපේ බිම මේක කියලා. ඒකටයි නිජබිම කියන්නෙ.

    අපි අපේ ළමයින්ව බේරගන්න ඉන්දියාවට යන්න හැදුවා. අසූතුනේදී ඉන්දියාවට යන්න කියලා අපි මන්නාරම් පැත්තට ගියා. කැලේ මැද්දේ දවස් ගාණක් තිස්සෙ ගියා. වැස්සට අහුවුණා. ළමයින්ට අසනීප වුණා. ඉන්දියාවට යන්න රුපියල් අටදාහක් ගත්තා. ඔය දවස්වලම බෝට්ටුවක් පෙරළුණා. ළමයි ගොඩක් බෝට්ටුවේ හිටියේ. යනවද නැද්ද කියල වැනි වැනී හිටියා. අන්තිමේ දරුවන්ගෙ අසනීප හින්දා ගියේ නෑ. ඒකට මං වන්දියක් ගෙව්වා. දුවලා දෙන්නෙක්වම එල්ටීටීඊ එකෙන් ගත්තා. දෙන්නාවම හමුදාවෙන් මැරුවා.

    ලංකාවෙ කොහොමහරි ඉන්න හිතපු මම අවුරුදු විස්සක් අයිස්ක්‍රීම් බිස්නස් කළා. බයිසිකලෙන් ගිහිල්ලා අයිස්ක්‍රීම් වික්කා. අනෙක් මිනිස්සුන්ට වඩා ඉක්මනින් වටපිටාව අල්ලගන්න ගතියක් මගෙ තිබුණ. නිසා ටිකෙන් ටික ජීවිතේ ගොඩදාගන්න පුළුවන් වුණා. ඒත් ආපහු යුද්ධෙ ආවා. ගොඩක් අපි හිටියෙ පොළොව යට. නැත්තං කැලේ. මහ කැලේ මැද්දේ උයාගෙන කාලා, වැහි කාලෙ වැස්සට තෙමි තෙමී හිටියෙ. කැලෑ සත්තු ඉන්නවනෙ. අන්න ඒ වගේ. බෙහෙත් නෑ. මොනවත් නෑ. අපට ලෙඩක් හැදුණාම එක්කෝ මැරිලා යන්න, නැත්තං පණ ඇදලා පණ ඇදලා ටිකෙන් ටික සනීප වෙන්න පුරුදු වුණා. කැලෑ සත්තු වගේ.

    දුවලා දෙන්නා ගැන මම කිව්වානේ. බාල දුවට දහඅටයි, ලොකුදුවට විස්සයි අරගෙන යද්දී. අවුරුදු තුනක් යද්දී දෙන්නාම මැරුණා. මිනිය දැක්කෙ එක්කෙනෙක්ගේ විතරයි. අනෙක් දුවගෙ පෙට්ටිය සීල් තියලා. දුවලා මැරුණාම දුකටම මගෙ නෝනා අසනීප වුණා. දවස් විස්සක් විතර ඉස්පිරිතාලේ හිටියා. ඒකෙන් පස්සේ නෝනාට රතුකුරුස එකේ රස්සාවක් ලැබුණා. එයාට ඉංග්‍රීසි ටිකක් පුලුවන්. හවුස්කීපර් විදියට රස්සාවට ගියෙ.

    අන්තිම යුද්ධෙදී මෙහෙන් ආමි එක ගහගෙන එනකොට එල්ටීටීඊ එක අපිව පන්නගෙන ගියා. අපට කිසිදෙයක් නෑ. අපි පුදුමාතලන් වලට ටිකෙන් ටික ගමන්කළා. එකපාරම ගියෙ නෑ. මෙතැන ඉඳන් පරත්තන් ගිහින් පැලක් හදාගෙන ඉන්නවා. එතකොට කියනවා මුරුගන්ඩි වල හමුදාව ඉන්නවා කියලා. ඔන්න ගහනවා පේන්න ගන්නවා. එතකොට ආයේ ගියා ධර්මපුරම් වලට. එතැනටත් ගහනකොට ආපහු යනවා. අන්තිමේ නන්දිකඩාල් කලපුවෙ කොටුවුණා. අපි ඉංග්‍රීසි ෂෝ බලන්න ඕන නෑ. යුද්ධෙ අපි ඇස්දෙකෙන් බැලුවා. කොහොමද ගහන්නෙ, කොහොමද මිනිහා මැරෙන්නේ. සාමාන්‍ය මිනිස්සු මැරුණෙ කොහොමද කියලා සාක්ෂි ඉල්ලනවානෙ. මෙහේ මිනිස්සු ඔක්කෝම සාක්ෂි.

    අපි දැක්කා පොකුරු බෝම්බ. පොකුරු බෝම්බෙ ඇවිල්ලා ටොක් ගාලා වැටෙනවා. ඉන්පස්සෙ විහිඳිලා යනවා. ෂෙල් එක ඈත ඉඳන් එන සද්දෙ ඇහෙනවා. ටිකෙන් ටික ළංවෙද්දී අපට අනුමානෙට කියන්න පුළුවන් කොයි පැත්තටද එන්නෙ කියලා.

    අමතක නොවෙන එකක් තියෙනවා. අන්තිමටම පුදුමාතලන්වල අපි හිටියානේ. අපි එක්ක හිටපු මව්වරුන්ට රතුකුරුසෙන් කිරිපිටි එවලා තියෙනවා කිව්වා. ඒවා ගන්න කට්ටිය පෝලිමේ ගියා. ග්‍රාමසේවකද කොහෙද තමයි කිරිපිටි බෙදුවේ. එතැනට වැදුණා ෂෙල්. පොඩි ළමයි එක්ක පවුල් ගාණක් එතැනම ඉවරයි.

    අපි යනකොට ගෙදර තිබුණු බඩු සේරම තියලා මුල්ලිවයික්කාල් ගියා. අපි ආපහු ආවම මොකද වුණෙ. අපේ බඩු ඔක්කොම එල්ටීටීඊ බඩු කියලා අරගෙන. මෝටර්සයිකලේ පවා. සමහර අයට බඩුවලින් ටිකක් දුන්නා ආමි එක. ඇස්වහ කැපෙන්න වගෙ.

    නන්දිකඩාල්වල මිනිස්සු යායක් හිරවුණා. මිනිස්සු වතුරෙ බැහැගෙන හිටියෙ. වතුරෙ ඉන්නකොට මම ටියුබ් තුනක් ගත්තා රුපියල් අටසීයක් දීලා. පවුලෙ අය ඒවායෙ තමයි හිටියෙ. ඉතින් අපි වැහිවතුරයි මුහුදු වතුරයි බිබී හිටියා.

    නන්දිකඩාල් වලත් මම නිකම් හිටියෙ නෑ. මම කිව්වනෙ. ඕන තත්වෙකට මං හුරුවෙනවා. මිනිස්සු දාලා ගිය දර, පොල්, එළවළු ඇහිඳලා එකතුකරලා වික්කා. සල්ලි ටිකක් එකතුකරගත්තා. මගේ ගාව රේඩියෝ එකක් තිබුණ. ඒකත් වික්කා. ඒ වෙලාවේ රේඩියෝවකින් කාටවත් වැඩක් නෑ. ඒත් සල්ලි අතේ තිබුණ අය ආසාවට ඒවා ගත්තා.

    යුද්ධෙ ඉවරවුණා. අපි ටික කාලයක් කුලියට ගෙයක් අරගෙන හිටියා. ඉඩම් නිදහස් කරලා නෑ. ඒත් අපට ගෙවල් බලන්න සැරයක් එන්න දුන්නා. අපේ ගෙවල් හොඳට තිබුණා. ඒත් මේ ඉඩම් නිදහස් කරද්දී ගෙවල්වල මොනවත් නෑ. කඩලා දාලා. අපි ඇහුවාම කිව්වා එල්ටීටීඊ එකෙන් කඩලා කියලා. යුද්ධෙ ඉවරවුණාම අපේ ඇස්වලින් අපි දැක්කා ගෙවල් තියෙනවා. නිදහස් කරන දවස වෙද්දීයි ගෙවල් විනාශවෙලා තිබ්බේ.

    හරි ඒවායින් කමක් නෑ. ඒත් අපි වින්ද දුක කෙළවරක් නෑ. මම කිව්වානේ යුද්ධෙ ඉවර‍වෙලා කුලියට හිටියා කියලා. වව්නියාවල අපි ගියා ගෙයක් ගන්න. ගෙවල්වලට කිට්ටු කරන්න බෑ. ලක්ෂ ගණන් ඉල්ලුවා. අන්තිමේ කුලියට හිටියේ. මම වෑන් එකක් ණයවෙලා ගත්තා. අයිස්ක්‍රීම් බිස්නස් කරන්න.

    ඒත් හරිගියේ නෑ. වෑන් එක මෙහේ ආවාම වික්කා. ඉන්පස්සේ තමයි මේ කඩේ කළේ. කුලියටයි මේ කඩේ. මේකෙන් ලැබෙන ලාබයක් නෑ. රුපියල් හාරදායයි කඩේකුලිය. අමාරුවෙන් කරගෙන යනවා. ගේත් ටිකෙන් ටික හදනවා. ගෙදර එක්කෙනො ගැනත් බලනවා.

    යුද්ධෙන් පස්සෙ මම පුතාව රට යැව්වා. සල්ලි හොයන්න නෙවෙයි. පණ බේරන්න. මොකද යුද්ධෙන් පස්සෙත් මෙහේ කට්ටියව අරගෙන ගියා. මාවත් ගෙනියලා සැරයක් ප්‍රශ්ණ කළා එල්ටීටීඊයට සපෝට් කියලා. මෙහේ කවුරුත් නෑ එල්ටීටීඊයට සපෝට් නැති. ඒ කාලෙ ඔයා මෙහේ ඇවිල්ලා ගියත් එල්ටීටීඊයට සපෝට් නොකර මෙහෙන් යන්න බෑ‍.

    දැන් අතුරුදන් වුණ අය ගැන පනතක් ගේන්න ගිහින් ඒකට හාමුදුරුවරු විරුද්ධ වෙලා නේද? ඔය පනතෙ වටිනාකම දන්නෙ මෙහෙ මිනිස්සු. කෙනෙක් අතුරුදන් වෙන එකේ වේදනාව දකුණෙ මිනිස්සු නොදන්නව නෙවෙයි. දැන් ඒ මිනිස්සුන්ට ඒක මතක නෑ. දැන් ඒක ගේන්න එපා කියලා හාමුදුරුවෝ කියනවලු. හාමුදුරුවො ඒවා කියනවානම් පාර්ලිමේන්තුවක් මොකටද. දැන් අලුත් ව්‍යවස්ථාවක් ගේන්නෙත් නැහැලු. මේවා අපේ මිනිස්සු වෙනුවෙන්.

    මේ මිනිස්සු අතරෙ සාමය ඇතිකරන්නැතිව ලංකාව දියුණුවෙයි කියලා කවුරුත් හිතන්න එපා. හැම ජනවර්ගයකටම ඇහුම්කන් නොදී ලංකාව හදන්න පුළුවන් කියලා හින්න එපා. ලංකාව මුතුඇටය වුණේ කොහොමද. රත්නපුරේ පැත්තේ මැණික්. සිංහල මිනිස්සුන්ගෙ සුහදශීලීකම. මුස්ලිම් මිනිස්සුන්ගෙ ව්‍යාපාර දැනුම. උතුරේ මිනිස්සුන්ගෙ ධෛර්යය. උතුරෙ දකුණෙ ලස්සන මුහුද. මාළු ටික. දැන් ලංකාවෙ මාළු ටිකත් ඉන්දියාව අරන් යනවා. දෙමළ මිනිස්සුන්ගෙ මුහුද කියල හිතාගෙන දකුණෙ මිනිස්සු ඒ ප්‍රශ්ණෙ කතාකරන්නෙ නෑ.

    එල්ටීටීඊ එක හදපු සබ්මැරීන් දැකල තියෙනවාද? ලෝකෙ කොහෙවත් තියෙනවද මේ විදියට දේශිය නිෂ්පාදන. දෙපැත්තෙන්ම යුද්ධෙදී යුධ උපක්‍රම කොච්චර තිබුණද. මෙච්චර දැනුමක් කෘෂිකර්මාන්තයට යොදාගත්තනම් අද ලංකාව කොතැනද.

    ඒත් ඒවා එහෙම වුණේ නෑ. ප්‍රථිපලය මොකක්ද? මට ළමයි හතරදෙනෙක් හිටියා. එක ළමයෙක්ට ළමයි දෙන්නෙක් හිටියානම් අද මට මුණුපුරෝ අට දෙනෙක්. එහෙනම් මම කොච්චර විනෝදෙන්ද අද ඉන්නෙ. (හැඬුම්බර වෙයි.)

    යුද්ධෙ ඉවරවුණාම මේවා වෙනස්වෙයි කියලා අපි හිතුවා. මොනවත් වුණේ නෑ. මේ ආණ්ඩුව ආවාම වෙනසක් වෙයි කියලා හිතුවා. ඒත් වෙනසක් නෑ.

    මහින්ද මහත්තයගෙ ආණ්ඩුව ගැන තව එක සිද්ධියක් කියන්නං. අපි යුද්ධෙ කාලෙ එල්ටීටීඊ බැංකුවල රත්තරන් බඩු උකස් තිබ්බා.මම පවුම් විසිඑකක් තිබ්බා. ගෙවල් හදන්නද, නෑ කන්න කීයක්හරි හොයාගන්න. යුද්ධෙ ඉවරවෙලා කිව්වා රත්තරන් බඩු තියෙනවා, ගන්න පුළුවන් කියලා. රාජපක්ෂ මහත්තයා අපව කොළඹ ගෙනාවා. කන්න දුන්නා. හොඳ තැන්වල නිදාගන්න දුන්නා. එයාගේ ජනාධිපති මන්දිරේ බලන්න දුන්නා. අන්තිමේ ලොකු උත්සවයක් තියලා පවුම් විසිඑකට පවුමක් විතර දුන්නා. අපි කොළඹ දැකලා නැහැ කියලා හිතලා ඒවා පෙන්වුවා. එදා අරලියගහ මන්දිරය බලන්නද අපි ගියේ. ටීවි චැනල්වලින් එදා කමෙන්ට් ගත්තා. රත්තරන් දෙන්න කලිනුයි ටීවි එකෙන් ඇහුවෙ. හැබැයි රත්තරන් ගත්ත විදියට සතුට පෙන්වන්න කිව්වා. ඉතින් මමත් හොඳයි කියලා කිව්වා. ඊට පස්සෙ බලද්දියි බොරුවක් කියලා තේරුණේ. සොච්චමක් දීලා එව්වා. සංදර්ශන ඕන නෑ. අපට යුක්තිය, සාධාරණය දෙන්න. මේ රටේ ජීවත්වෙන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරන්න. එදාට ලංකාව දියුණු වෙයි.‘

    රාවයේ පළවූ ලිපියකි.


    http://uduwaage.blogspot.com/2017/08/blog-post.html
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ඒ කලේ මේ ත්‍රෙඩ් හරියට පරිශීලනය කරානම් උබලට පැට්‍රල් පෝලිම් වල ලගින්න වෙන්නේ නැ .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්ද මහත්තයගෙ ආණ්ඩුව ගැන තව එක සිද්ධියක් කියන්නං. අපි යුද්ධෙ කාලෙ එල්ටීටීඊ බැංකුවල රත්තරන් බඩු උකස් තිබ්බා.මම පවුම් විසිඑකක් තිබ්බා. ගෙවල් හදන්නද, නෑ කන්න කීයක්හරි හොයාගන්න. යුද්ධෙ ඉවරවෙලා කිව්වා රත්තරන් බඩු තියෙනවා, ගන්න පුළුවන් කියලා. රාජපක්ෂ මහත්තයා අපව කොළඹ ගෙනාවා. කන්න දුන්නා. හොඳ තැන්වල නිදාගන්න දුන්නා. එයාගේ ජනාධිපති මන්දිරේ බලන්න දුන්නා. අන්තිමේ ලොකු උත්සවයක් තියලා පවුම් විසිඑකට පවුමක් විතර දුන්නා. අපි කොළඹ දැකලා නැහැ කියලා හිතලා ඒවා පෙන්වුවා. එදා අරලියගහ මන්දිරය බලන්නද අපි ගියේ. ටීවි චැනල්වලින් එදා කමෙන්ට් ගත්තා. රත්තරන් දෙන්න කලිනුයි ටීවි එකෙන් ඇහුවෙ. හැබැයි රත්තරන් ගත්ත විදියට සතුට පෙන්වන්න කිව්වා. ඉතින් මමත් හොඳයි කියලා කිව්වා. ඊට පස්සෙ බලද්දියි බොරුවක් කියලා තේරුණේ. සොච්චමක් දීලා එව්වා. සංදර්ශන ඕන නෑ. අපට යුක්තිය, සාධාරණය දෙන්න. මේ රටේ ජීවත්වෙන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරන්න. එදාට ලංකාව දියුණු වෙයි.‘

    රාවයේ පළවූ ලිපියකි.

    http://uduwaage.blogspot.com/2017/08/blog-post.html

    @2osama
    @nicjosh83 AKA @John Dutton
    @N A K A M U R A
    @weer 11
    @netudara BALLAGE KOLLA
    @hirashgeff


    Mahinda wesige putha nokarapu horakamak, nokarapu wanchawak, rawattapu nathi ekek pennapalla
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    tamil minussunta sadarana wisadumak dila meka iwara karanne nette ai. yako meka e minissungeth rata.
    war katha wen iwarai. den wath meka sadaranayak karanna one