යුද්ධය~ක්රිකට්~සාමය
තාමත් අපි කාටවත් අමතක නැහැ මීට අවුරුදු දෙක තුනකට කලින් කාලයක් තිබුනා උදේ ගෙදරින් එලියට ගිය මනුස්සයා හවසට යහතින් ගෙදර එයිද නැද්ද කියලා විශ්වාසයක් නැති… උදේට කොළඹ ස්කෝලවලට ඇරපු දරුවන්ගේ ඇස් දෙක දවල්ට ආයෙමත් දකිනකම් හුඟක් අම්මලගේලේ වතුර වෙලයි හිටියේ… කොයි මොහොතේ, කොයි තැනකදි මරණය බෝම්බයක් විදිහට ඇවිත් අපේ ළඟින්ම ඉන්න අය හොරු අරන් ගියා වගේ අරන් යාවිද කියලා අපි හැමෝම බොහෝම අවිනිශ්චිත කමකින් හිටියේ…
එහෙම තමන්න්ගේ, ඊටත් වඩා තමන් ළඟ ඉන්න අයගේ ජීවිත ගැන අවිනිශ්චිතව හිටිය අපිට, ඒ කාලකණ්නි යුද්ධය ඉතාම දරුණුවට පැතිරිලා මුළු ලංකාවම වසාගෙන ඉන්න කාලෙක කවුරුවත් හිතපු නැති විදිහකට ලංකාවේ කොල්ලෝ පහලොස් දෙනෙක් තව සුද්දෙකුත් එක්ක එකතු වෙලා අපිට ලොකු බලාපොරොත්තුවක් එකතු කළා. ඒ තමා 1996 දී අපේ ක්රිකට් ටීම් එක…
යුද්ධයෙන් තළලා, පෙළලා හෙටක් නැති තැනට පත් කරලා තිබුනු අපේ මිනිස්සුන්ට අපේ ටීම් එක ලෝක ශූරයන් වීම මහා ලොකු දෙයක් වුණා. අපේ මිනිස්සුන්ට බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන ඉන්න දෙයක් ලැබුනා. ඒක ටුවර් එකක් ඉවරවෙලා ඊලඟ ටුවර් එක පටන් ගන්නකම්, කොච්චර ප්රශ්ණ තිබුනත් ඒ ප්රශ්ණ අමතක කරලා දාලා අපේ මිනිස්සු බලාගෙන හිටියා… ජයසූරිය හයේ ඒවා ගහනවා, අරවින්ද සීයේ ඒවා ගහනවා, මුරලිගේ කැරකිල්ලට බැටාලා ඇඹරෙනවා බලන්න මිනිස්සු ආසාවෙන් බලාගෙන හිටියා...
ඒ හින්දා ලංකාව් මිනිස්සුන්ට ක්රිකට් කියන්නේ ක්රීඩාවක් විතරක් නෙවෙයි… මිනිස්සුන්ට තිබිච්ච හැම ප්රශ්ණයක්ම අමතක කරලා දාලා ආයෙමත් හිනා වෙන්න ලැබිච්ච ඖෂධයක්… ඉතින් අපේ රටේ මිනිස්සු ක්රිකට් පටන් ගත්තු රටේ මිනිස්සුන්ටත් වඩා ක්රිකට් වලට ආසා කළා…
2009 දී, අපේ මිනිස්සුන්ට තිබිච්ච ලොකුම හිස රදය, අන්තවාදින්ගේ වාර්ගික යුද්ධය අවසන් වුණා. මුළු රටේම මිනිස්සු සැනසුම් සුසුමක් හෙළුවා. අවුරුදු තිහක් තිස්සේ ළදරුවගේ ඉඳලා මහල්ලා දක්වා හැම එකාගෙම ලේ මස් නහර වලට කා වැදිලා තිබුන කාලක්ණ්නි යුද්ධය අවසන් වුණා.
අද අපි 2011 අවසානයට ළං වෙලා. ලෝක කුසලානයේ අවසන් තරඟයට පිවිසුනා ඇරෙන්නට මේ වසරේ බොහෝ විට අපේ කණ්ඩායම අත්වින්දේ පරාජය. දකුණු අප්රිකාවත් එක්ක තිබුනු තරඟය පෙරේදා අපි පැරදුනේ ඉනින් වලින්…
ඒත්…
අපිට කවදාවත් ක්රිකට් එපා වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති කරගන්න ලංකාවේ මිනිස්සුන්ට කියලා දුන්නේ ක්රිකට්… ඒ හින්දා අපි කවදාවත් බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ. තරඟාවලි දෙක තුනක් පැරදුනා කියන්නේ ලංකාවේ ක්රිකට් ඉවරයි කියන එක නෙවෙයි. අපිට තව බලන් ඉන්න පුළුවන්. අපි තව බලන් ඉන්නවා. මොකද ලංකාවේ
අපි ක්රිකට් වලට ආදරෙයි…
යුද්ධේ අන්තිම කාලෙදී අපි නිතර නිතර ඇහුව කිව්ව සිංදුවක් මට මතක් වුණා. මම ඒ සිංදුවේ වචන ටිකක් වෙනස් කලා. ඒ වචන ටික දැන් අසීරු තත්ත්වෙකට පත් වෙලා ඉන්න අපේ ක්රිකට් කණ්ඩායම වෙනුවන් අපි හැමෝම එකතු වෙලා කියමු.
හදවතින් අප
තණ පිටියේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ...

බැන බැන..