යුද්ධය~ක්‍රිකට්~සාමය

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යුද්ධය~ක්‍රිකට්~සාමය

    තාමත් අපි කාටවත් අමතක නැහැ මීට අවුරුදු දෙක තුනකට කලින් කාලයක් තිබුනා උදේ ගෙදරින් එලියට ගිය මනුස්සයා හවසට යහතින් ගෙදර එයිද නැද්ද කියලා විශ්වාසයක් නැති… උදේට කොළඹ ස්කෝලවලට ඇරපු දරුවන්ගේ ඇස් දෙක දවල්ට ආයෙමත් දකිනකම් හුඟක් අම්මලගේලේ වතුර වෙලයි හිටියේ… කොයි මොහොතේ, කොයි තැනකදි මරණය බෝම්බයක් විදිහට ඇවිත් අපේ ළඟින්ම ඉන්න අය හොරු අරන් ගියා වගේ අරන් යාවිද කියලා අපි හැමෝම බොහෝම අවිනිශ්චිත කමකින් හිටියේ…

    CentralBankbombing1996.jpg

    එහෙම තමන්න්ගේ, ඊටත් වඩා තමන් ළඟ ඉන්න අයගේ ජීවිත ගැන අවිනිශ්චිතව හිටිය අපිට, ඒ කාලකණ්නි යුද්ධය ඉතාම දරුණුවට පැතිරිලා මුළු ලංකාවම වසාගෙන ඉන්න කාලෙක කවුරුවත් හිතපු නැති විදිහකට ලංකාවේ කොල්ලෝ පහලොස් දෙනෙක් තව සුද්දෙකුත් එක්ක එකතු වෙලා අපිට ලොකු බලාපොරොත්තුවක් එකතු කළා. ඒ තමා 1996 දී අපේ ක්‍රිකට් ටීම් එක…

    Team_Sri_Lanka_1996.jpg

    යුද්ධයෙන් තළලා, පෙළලා හෙටක් නැති තැනට පත් කරලා තිබුනු අපේ මිනිස්සුන්ට අපේ ටීම් එක ලෝක ශූරයන් වීම මහා ලොකු දෙයක් වුණා. අපේ මිනිස්සුන්ට බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන ඉන්න දෙයක් ලැබුනා. ඒක ටුවර් එකක් ඉවරවෙලා ඊලඟ ටුවර් එක පටන් ගන්නකම්, කොච්චර ප්‍රශ්ණ තිබුනත් ඒ ප්‍රශ්ණ අමතක කරලා දාලා අපේ මිනිස්සු බලාගෙන හිටියා… ජයසූරිය හයේ ඒවා ගහනවා, අරවින්ද සීයේ ඒවා ගහනවා, මුරලිගේ කැරකිල්ලට බැටාලා ඇඹරෙනවා බලන්න මිනිස්සු ආසාවෙන් බලාගෙන හිටියා...

    ඒ හින්දා ලංකාව් මිනිස්සුන්ට ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක් නෙවෙයි… මිනිස්සුන්ට තිබිච්ච හැම ප්‍රශ්ණයක්ම අමතක කරලා දාලා ආයෙමත් හිනා වෙන්න ලැබිච්ච ඖෂධයක්… ඉතින් අපේ රටේ මිනිස්සු ක්‍රිකට් පටන් ගත්තු රටේ මිනිස්සුන්ටත් වඩා ක්‍රිකට් වලට ආසා කළා…

    360104294.jpg

    2009 දී, අපේ මිනිස්සුන්ට තිබිච්ච ලොකුම හිස රදය, අන්තවාදින්ගේ වාර්ගික යුද්ධය අවසන් වුණා. මුළු රටේම මිනිස්සු සැනසුම් සුසුමක් හෙළුවා. අවුරුදු තිහක් තිස්සේ ළදරුවගේ ඉඳලා මහල්ලා දක්වා හැම එකාගෙම ලේ මස් නහර වලට කා වැදිලා තිබුන කාලක්ණ්නි යුද්ධය අවසන් වුණා.

    අද අපි 2011 අවසානයට ළං වෙලා. ලෝක කුසලානයේ අවසන් තරඟයට පිවිසුනා ඇරෙන්නට මේ වසරේ බොහෝ විට අපේ කණ්ඩායම අත්වින්දේ පරාජය. දකුණු අප්‍රිකාවත් එක්ක තිබුනු තරඟය පෙරේදා අපි පැරදුනේ ඉනින් වලින්…

    Sri%2BLankan_cricket_fan.jpg

    ඒත්…

    අපිට කවදාවත් ක්‍රිකට් එපා වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති කරගන්න ලංකාවේ මිනිස්සුන්ට කියලා දුන්නේ ක්‍රිකට්… ඒ හින්දා අපි කවදාවත් බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ. තරඟාවලි දෙක තුනක් පැරදුනා කියන්නේ ලංකාවේ ක්‍රිකට් ඉවරයි කියන එක නෙවෙයි. අපිට තව බලන් ඉන්න පුළුවන්. අපි තව බලන් ඉන්නවා. මොකද ලංකාවේ

    අපි ක්‍රිකට් වලට ආදරෙයි…

    104945.jpg

    යුද්ධේ අන්තිම කාලෙදී අපි නිතර නිතර ඇහුව කිව්ව සිංදුවක් මට මතක් වුණා. මම ඒ සිංදුවේ වචන ටිකක් වෙනස් කලා. ඒ වචන ටික දැන් අසීරු තත්ත්වෙකට පත් වෙලා ඉන්න අපේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවන් අපි හැමෝම එකතු වෙලා කියමු.

    හදවතින් අප
    තණ පිටියේ ඔබ
    තනි කළේ නැත කිසි දිනේ...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මැච් එකක් පැරදුනාම අයෙත් මැච් බලන්නේ නෑ කියලා කොච්චර හිතාගත්තත් අයෙත් නොදැනුවත්වම මැච් එක බැලෙනවා බන්....:(:(:(

    මේ කවුරු කිවුවත් තවත් මැච් බලන්නේ නෑ කියලා ඒ අය යටි හිතින් දින ගණනන් කරනවා ඊලග මැච් එක තියෙන දවසට මොකද හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා අපේ අය ඊලග එක හරි ගහයි කියලා...:yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    :yes::yes::yes: mata oka world cup eka peraduna dawase hituna, aye kawadwat cricinfo yannet ne kiyala hitagatta, cricinfo bookmark ekat ain kala, et dawas deken apahu giya,:D:D
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    එක නම් ඇත්ත බන් අයි නම් බලන්නේ නැ කියල ගිහින් තව විනාඩි පහකින් tv එක ඔන් කරලා බලනවා.:shocked::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලෝක කුසලානය පැරදුන දවසේ මහා දුකක් දැනුන තමා,මීට පස්සේ අය මච් බලන්නේ නැ කියලත් හිතුව එත් පස්සේ ගිය england tour එක මුල් මච් එකේ ඉදලම බලන්න ගත්ත.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..

    :yes::yes::yes: mata oka world cup eka peraduna dawase hituna, aye kawadwat cricinfo yannet ne kiyala hitagatta, cricinfo bookmark ekat ain kala, et dawas deken apahu giya,:D:D

    එක නම් ඇත්ත බන් අයි නම් බලන්නේ නැ කියල ගිහින් තව විනාඩි පහකින් tv එක ඔන් කරලා බලනවා.:shocked::lol:
    :D:D:D:D
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0

    සහතික ඇත්ත මචං