යුද්ධාධිකරණය කියා සංකල්පයක් තිබේ. එසේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආයතනයක් ද තිබේ. එය සාමාන්‍ය සිවිල් අධිකරණ පද්ධතියෙන් නිදහස් වූවකි.
ඒ නිසා සිවිල් නීතිය නොව එහි බලාධිකාරිය වන්නේ යුද්ධ නීතියයි.
යුද්ධාධිකරණ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ සුවිශේෂී තත්ත්වයන් යටතේය. මේ දිනවල යුද්ධාධිකරණයක් ක්‍රියාත්මක වෙයි. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිවය. යුද්ධාධිකරණයෙහි විනිශ්චය මණ්ඩලය උසස් හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වෙයි.
යුද්ධාධිකරණ සෑම රටකම පාහේ ක්‍රියාත්මක වන්නකි. යුද්ධ නීතිය අනුව යුද හමුදා සාමාජිකයකුගේ ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න කිරීමේ සහ දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ යුද්ධාධිකරණයටයි.
යුද්ධාධිකරණ මඟින් සුළු දඬුවම් මෙන්ම මරණ දඬුවම් දුන් අවස්ථා ගැන ද ලෝක ඉතිහාසයේ සටහන්ව ඇත.
සිවිල් අධිකරණ තීන්දු ගැන ප්‍රශ්න කිරීමට විධායකයට හෝ ව්‍යවස්ථාදායකයටවත් අයිතියක් නැත. ඒ අධිකරණය සතු පරම ස්වාධීනත්වයයි.
එහෙත් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යුද්ධාධිකරණ තීන්දුවක් පිළිබඳව මහා ගාලගෝට්ටියක් ඇතිවිය.
එහෙත් නීතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය විශාරදයකු වන මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ යුද්ධාධිකරණයකට ස්වකීය තීන්දු ගැනීමේ පරම අයිතියක් ඇති බවය.
යුද්ධාධිකරණයකට සොල්දාදුවෙක් ජනරාල් කෙනෙක් කියා වෙනසක් නැත. සාමාන්‍ය සිවිල් නීතිය යටතේ සියලු පුරවැසියන් සමානව සලකන්නාක් මෙන් යුද්ධ නීතිය යටතේ හමුදාවේ සියල්ලෝම සමාන වෙති.
ශ්‍රී ලංකාවේ යුද්ධාධිකරණයක් ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය නොවේ. යුද්ධාධිකරණයක් මඟින් “කෝට් මාර්ෂල්” කරන ලද පළමු හමුදා නිලධාරියා සරත් ෆොන්සේකා නොවේ. මින් පෙර “කෝට් මාර්ෂල්” කරන ලද හමුදා නිලධාරීහු දහස් ගණනක් වෙති. ඔවුහු විවිධ නිලතල දැරුවෝ වෙති. සරත් ෆොන්සේකාට ජනරාල් නාමය අහිමි කළාක් මෙන් මින් පෙරද නිල තත්ත්වය අහිමි කළ අවස්ථා එමටය.
සරත් ෆොන්සේකාට ජනරාල් තත්ත්වය අහිමි විය. ඉන්පසු තැනින් තැනින් උද්ඝෝෂණ මතුවන්නට පටන් ගත් බවක් දක්නට ලැබිණි. පාර්ලිමේන්තුව තුළද උදාවුණේ එවැනි තත්ත්වයකි.
මින් පෙර ද යුද්ධාධිකරණ තීන්දු මඟින් විවිධ මට්ටමේ නිල මට්ටම් හෙබවූ නිලධාරීන් කෝට් මාර්ෂල් කොට ඇති බව ඉහත දැක්වීමු. එවිට ඇති නොවූ උද්ඝෝෂණ සරත් ෆොන්සේකා වෙනුවෙන් මතුවන්නේ ඇයි?
ඔහු දේශපාලන සත්ත්වයකු වී ඇති නිසාය. මේ උද්ඝෝෂණවල පසුපස ඇත්තේ දේශපාලනයයි.
අධිකරණයකට එරෙහිව දේශපාලනය ක්‍රියාත්මක විය හැකිද? එය එසේනම් අධිකරණයේ ස්වාධීනත්වයේ අවසානය එයම විය නොහැකිද?
වරක් කළු ලකීලා, විනිසුරුවන් ගේ නිවෙස්වලට ගල් මුල් ප්‍රහාර එල්ල කළහ. ඉන්පසු කලෙක මහාධිකරණ විනිසුරුවරයකු මරා දැමූහ. එම ක්‍රියාව පසුබිමෙහි කෙතරම් දුරට දේශපාලනයක් තිබුණා දැයි පුළුල් විමසුමකට භාජනය වූයේ නැත.
එහෙත් දැන් අධිකරණයට විරුද්ධව දේශපාලනය එළිපිටම ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇති බවක් පෙනේ. ජ.වි.පෙ. මන්ත්‍රීවරුන්ගේ ගාල්ලේ ක්‍රියාවන්ගෙන් එය මනාව පැහැදිලිවෙයි.
අධිකරණයට කවුරුත් එක සමානය. යුද්ධාධිකරණයට කොයි හමුදා සාමාජිකයාත් එක සමානය. ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මේ පිළිබඳව පසුගියදා අපූරු ප්‍රකාශයක් කෙළේය.
”රටේ හමුදාවට ද්‍රෝහි වන්නේ නම් ඔහු සාමාන්‍ය සොල්දාදුවෙක්ද ජනරාල් කෙනෙක් ද කියා ප්‍රශ්නයක් නැත.”

, මහාචර්යතුමාගෙන් උත්තර පලාපොරොත්තුවෙමි