යුද අපරාද හෙළිකිරීම හොඳයි
සුනන්ද දේශප්‍රිය
මෙයට සති දෙකකට පෙර විකි ලීක්ස් යනු කවරක්ද කියා හෝ ජුලියන් අසන්ගේ යනු කවරෙක්ද කියා දැන සිටියේ ජනමාධ්‍ය ක්ෂේත්රයේ සහ දේශපාලන ක්ෂේත්රයේ පිරිස් පමණි. නමුත් අද විකි ලීක්ස් ගැන කතා නොකළ රටක් සහ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යක් සොයා ගැනීමට නැති තරම් ය. ඒ පසුගියදා ඇප්ගනිස්ථානයේ යුද්ධයට අදාළව එය විසින් කරන ලද හෙළිදරව්ව නිසා ය. විකි ලීක්ස් යනු ලොව පුරා රාජ්‍යයන් සහ සමාගම් විසින් සැඟවීමට උත්සාහ කරන මහජන යහපත පිණිස හෙලිදරව් කළ යුුතු තොරතුරු ගවේෂනය කර ප්‍රසිද්ධ කරන වෙබ් අඩවියකි.
විකි ලීක්ස් නම් ගවේෂණාත්මක වෙබ් අඩවියෙහි ආරම්භකයා වන ජුලියන් අසංගේ අමුතු ඉලංදාරියෙකි. 1971 දී ඕස්ටේ්රලියානුවකු ලෙස උපත ලද ජුලියන් අසංගේ සංචාරක නාට්‍ය කණ්ඩායමක් පවත්වාගෙන ගිය සිය මාපියන් සමඟ රට වටා ගිය අතර පාසැල් 37ක ඉගෙනුම ලැබූ බව කියනු ලැබේ. ගැටවර වියේ දී පරඝණක අසංගේ ගේ ජීවිත ලැදියාව බවට පත් විය. තරුණ වියේ දීම පරිඝණක ගත දත්ත රහසින් ලබා ගැනීමේ වසයකු නැත්නම් හැකර් කෙනෙකු බවට ස්ව අධ්‍යපනයෙන්ම පත් විය. සිය සගයින් සමඟ වසය 18 දී විවාහ වී ඉක්මණින් ම දරු සුරතල් වාසනාව ලද්දේ ය. පුද්ගලික ජීවිතයේ අඩ දබර මැද ම තරුණ වියේ දීම පරිඝණක මගින් රහස් තොරතුරු සොයන අන්තර් ජාතික කඩාකප්පල්කරුවෝ නමින් එකතුවක් පිහිටුවූයේ ය. ජුලියන් අසංගේ වසය 30ගණන් වන විට අද මුලූ ලොව ම කතා බහ කරන විකි ලීක්ස් නම් වෙබ් අවකාශය පදනම් කර ගත් නව ආරක ජනමාධ්‍ය ආයතනය ගොඩ නැගුවේ ය. ඒ 2006 දී ය.
සමහර විට ඇප්ගනිස්ථානයේ ඇමෙරිකාව කරගෙන යන යුද්ධයට තීරණාත්මක විය හැකි ඇප්ගනිස්තානයේ යුද්ධයට අදාළ ලිපි ගොනු 76,900ක් විකි ලීක්ස් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පසුගිය ජූලි 25 දාය.
ඉන් දින තුනකට පසු මෙම තොරතුරු සපයන ලද බවට සැක කොට දෙවිසි හැවිරිදි බ්රැඩ්ලි මෑනිං නම් හමුදා දත්ත විශ්ලේෂකයකු ඇමෙරිකානු හමුදා විසින් අත් අඩංඟ=වට ගන්නා ලදී. විකි ලීක්ස් මගින් මෙයට පෙර ප්‍රසිද්ධියට පත් කරන ලද ඇමෙරිකානු හෙලිකොප්ටරයක් මගින් බැඩ්ගෑඩයේ දී ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබීමේ වීඩියෝව ලබා දෙන ලද්දේ ද මෑනිං යයි සැක කරන ලැබේ.
විකි ලීක්ස් ලේඛන මගින් ඇමෙරිකානු යුද හමුදාව ඇප්ගනිස්ථානයේ යුද අපරාධ කර ඇති බව හෙළිදරව් වී ඇති බැවින් දැන් එරටට එරෙහිව පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ලේඛකයින් විසින් උජාරුවෙන් යුතුව යෝජනා කරන ලදී. ඇමෙරිකානු යුද හමුදාව විසින් සිවිල් වැසියන්ට එරෙහිව කරන ලද ප්රහාරයන් විකි ලීක්ස් වෙබ් අඩවිය විසින් හෙලිදරව් කිරීම අගයන ලිපි ගණනාවක්ම ශ්‍රී ලංකා ආරක්ෂ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ද පළ කරනු ලැබ තිබේ. පසුගිය සඳුදා එහි පළ කළ එක් ලිපියක්් අත් අඩංඟ=වට ගන්නා ලද බැඩ්ලි මෑනිං වෙනුවෙන් පෙනී සිටින එකකි. එම ලිපිය කියා සිටින්නේ විකි ලීක්ස් වෙබ් අඩවියට සම්බන්ධව එහි තොරතුරු ලබා දෙන ලෙස ඇමෙරිකානු රහස් ඔත්තු සේවා පරිගණක විශේෂඥයකුට අල්ලස් දීමට උත්සාහ කළ බව යි. ආරක්ෂ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති එම ලිපියෙන් කියන්නේ එම උත්සාහය වරදක් බව යි.
සුනන්ද දේශප්රියමෙයට සති දෙකකට පෙර විකි ලීක්ස් යනු කවරක්ද කියා හෝ ජුලියන් අසන්ගේ යනු කවරෙක්ද කියා දැන සිටියේ ජනමාධ්‍ය ක්ෂේත්රයේ සහ දේශපාලන ක්ෂේත්රයේ පිරිස් පමණි. නමුත් අද විකි ලීක්ස් ගැන කතා නොකළ රටක් සහ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යක් සොයා ගැනීමට නැති තරම් ය. ඒ පසුගියදා ඇප්ගනිස්ථානයේ යුද්ධයට අදාළව එය විසින් කරන ලද හෙළිදරව්ව නිසා ය. විකි ලීක්ස් යනු ලොව පුරා රාජ්‍යයන් සහ සමාගම් විසින් සැඟවීමට උත්සාහ කරන මහජන යහපත පිණිස හෙලිදරව් කළ යුුතු තොරතුරු ගවේෂනය කර ප්‍රසිද්ධ කරන වෙබ් අඩවියකි.