යුද අපරාධ ගැන හඬ නගන ඇමරිකාවේ අල්කයිදා නා
අල්කයිදා නායකයන් සොයා ඔවුන්ව විනාශ කර දැමීමට ඇමරිකානු සී.අයි.එA. ඔත්තු සේවාව විසින් බ්ලැක් වෝටර් නමැති පෞද්ගලික ආරක්ෂක සමාගමට කොන්ත්‍රාත්තුවක් භාරදී තිබුණා - නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යුද අපරාධ වාර්තාවක් යොමු කරනු ලැබුවේ මෙයට කලකට පෙරය. මාධ්‍යවේදියකු යෑයි හඳුන්වාගත් අයකු කී කේලමක් නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත පිලිප් ඇල්ස්ටන් ශ්‍රී ලංකා රජයෙන් නිදහසට කරුණු විමසීය. මේ සාවද්‍ය යුද අපරාධ චෝදනාවේ අලුත්ම කොන්ත්‍රාත්කරු කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිටින ඩී.පී.එස්. ජෙයරා-ය. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකාය විසින් යටත්වූ කොටි නායකයන්ව ඝාතනය කර ඇතැයි හෙතෙම පවසා ඇත.
මොහු මෙය වාර්තා කර ඇත්තේ වන්නියේ සිටියාක් මෙනි. එහෙත් ඇමරිකානු බලධාරීහු ඉතා රහසිගත මෙහෙයුමක් මත අල්කයිදා ත්‍රස්ත නායකයන්ව විනාශ කරන්නැයි බ්ලැක්වෝටර් නමැති පුද්ගලික ආරක්ෂක සමාගමට නියෝග කර තිබිණි. අල්කයිදා නායකයන්ව විනාශ කිරීමේ සැලසුම සඳහා පුහුණු කිරීම් සහ තොරතුරු සැපයීමට සහය වී ඇත්තේ මෙම බ්ලැක්වෝටර් සමාගමයි. 2008 වසරේදී මෙම බ්ලැක්වෝටර් සමාගමේ ආරක්ෂකයන් විසින් ඉරාක සිවිල් වැසියන් 17 ක් ඝාතනය කරනු ලැබීය. එකී ඝාතනයට සම්බන්ධ ඇමරිකානුවන්ට එරෙහිව ඉරාක නීතිය මත ක්‍රියා කිරීමට තමන්ට භාර දෙන්නැයි ඉරාක රජය කළ ඉල්ලීම් ද ප්‍රතික්ෂේප විය. මෙහිදී ඇමරිකානු රජය ක්‍රියා කළේ එම ආරක්ෂක භටයන්ව බේරාගැනීමට ඉරාක සිවිල් වැසියන්ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී එකී භටයන්ට එරෙහිව කිසිම අපරාධකාරී චෝදනාවක් නගන්නේ නැතැයි ඇමරිකානු විදේශ අමාත්‍යාංශය විසින් පවසා තිබිණි.
මෙලෙස සිවිල් වැසියන් ඝාතනය කිරීමත් අල්කයිදා නායකයන්ව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවත් ලබාගත් බ්ලැක් වෝටර් සමාගම මෙකී රහස් තොරතුරු අනාවරණයවීමත් සමගම එක්ස් ඊ නමින් නම මාරුකර ඇත.
අල්කයිදා නායකයන්ව විනාශ කරන්නැයි සී.අයි.එA. සංවිධානය විසින් බ්ලැක්වෝටර් සමාගමට දුන් නියෝගය පිටුපස සිටියේ එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි ජෝර්- බුෂ්ය.
එහෙත් ජෝර්- බුෂ් තම රහස් සැලැස්ම ඇමරිකානු කොන්ග්රස් සභාවට හෙළි කළේ නැත. ඇමරිකානු මන්ත්‍රීවරුන්ගෙන් මෙම ඝාතන සැලසුම වසන් කිරීමේ තීරණය ගෙන ඇත්තේ උප ජනාධිපති ඩික් චෙනී යෑයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියා සිටියි.
එසේම ඇමරිකානු සී.අයි.එA. ඔත්තු සේවාව විසින් සිරකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ කොන්ත්‍රාත් පවා පුද්ගලික ආරක්ෂක සමාගම් වෙත ලබාදී තිබූ බව අනාවරණය වී තිබේ.
මේ අතර ඉරාක සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ බ්ලැක් වෝටර් සමාගම ආරක්ෂක භටයන් සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිසි ලෙස ක්‍රියා කර නැතැයි විනිසුරු රිකාඩෝ උර්බිතා පවසා ඇත.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය නියත වශයෙන්ම සිදුවූයේ ද යන්න ගැන පවා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සනාථ කර නැතැයි විනිසුරුවරයා විසින් චෝදනා කර තිබේ.
මෙලෙස ඉරාක සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිද්ධිය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම් ප්රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කාර්යාලය සහ ආයතන එවකට ජනාධිපතිව සිටි ජෝර්- බුෂ්ගෙන් විමසුවේ නැත.
ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන හෝ ජාත්‍යන්තර සංවිධාන පවා නිහඬ විය. මේ අවස්ථාවේ ඉරාකයේ සිටි ඇමරිකානු හමුදාපතිවරයා ද කට ඇරියේ නැත. බ්ලැක්වෝටර් සමාගමේ ආරක්ෂක භටයන්ට සී.අයි.එA. සංවිධානය විසින් වෙඩි තබන්නැයි උපදෙස් දුන් බව තමාට ඇසුණේ යෑයි පැවසීමට මාධ්‍ය කේලමුන් සිටියේද නැත. මෙහිදී ඇමරිකානු බලධාරීහු අනුගමනය කළ පිළිවෙත වූයේ බ්ලැක්වෝටර් සමාගමේ ආරක්ෂක භටයන්ට වරප්‍රසාද තිබෙන බවයි.
මෙලෙස ඇමරිකානු ජනාධිපතිව සිටි ජෝර්- බුෂ් හා උප ජනාධිපති ඩික් චෙනි හා සී.අයි.එA. ප්‍රධානියා රහස් සැලසුම් මගින් අල්කයිදා නායකයන්ව ඝාතනය කරන්නැයි නියෝග කිරීම යුද අපරාධ ගණයට අයත් නොවන්නේද? මේ සම්බන්ධයෙන් රොබට් බ්ලේක්, නවි පිල්ලෙයි, පිල්ප් ඇල්ස්ටන් වැනි පාර්ශ්වයන් මෙතෙක් කිසිම ප්‍රකාශයක් කර නැත.
ඇෆ්ගනිස්තානයේ හිටපු ඇමරිකානු තානාපතිවරයා මෙයට කලකට පෙර පැවසුවේ ඝාතන කළ යුතු පිරිස් සිටින බවයි.
මේ සිදුවීම් සම්බන්ධයෙන් වත්මන් ඇමරිකානු සී.අයි.එA. ප්‍රධානී ලියොන් පැනොටා ද කිසිම ප්‍රකාශයක් කර නොමැත.
එසේම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යුද අපරාධ වාර්තා සකස් කළේ ද නැත.
මෙම තත්ත්වය මත ජෝර්- බුෂ්ගේ සිට බ්ලැක්වෝටර් සමාගමේ ප්‍රධානීන් ද යුද අපරාධකරුවන් නොවන්නේද? සුදු කොඩි ඔසවාගෙන පැමිණි නඩේසන්, පුලිතේවන් සහ රමේශ් ඝාතනයවීම ගැන හඬනගන පිරිස් අල්කයිදා නායකයන්ව රහස් සැලසුම් මගින් විනාශ කිරීමට හිටපු ඇමරිකානු ජනාධිපති බුෂ් නියෝග කිරීම ජිනීවා සම්මුති පවා උල්ලංඝනය කිරීමක් නොවන්නේද?
මින් සනාථ වන්නේ ඇමරිකාවේ දෙබිඩි පිළිවෙතයි. මෑතකදී වත්මන් ජනාධිපති බරක් ඔබාමාගේ නිලධාරීන් පැවසුවේ ඇෆ්ගනිස්තානයේ තාලිබාන් සාමාජිකයන් 2000 ක් ඝාතනය කිරීමේ සිද්ධියට විදේශ රටක සිදුවී ඇති නිසා එA ගැන සෙවීමට පදනමක් නැති බවයි.
ඇමරිකාවේ මේ පදනම මත ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන සෙවිය යුතු යෑයි කියන්නේ කෙසේද?
ඇෆ්ගනිස්තානයේ ඝාතන ගැන සෙවීමට තමන්ට අයිතියක් නැති බව කියන ඇමරිකානු බලධාරීන් ශ්‍රී ලංකාව ගැන හඬ නගන්නේ කෙසේද?
මෑතකදී වන්නියේ සිටි බව කියන මාධ්‍යවේදියකු කී කේලමක් නිසා ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවට අවමානයක් සිදුවිය. දැන් තවත් කේලමක් මතුවී ඇත. එA කැනඩාවේ සිටින ජෙයරා- නමැත්තා විශේෂ බළකායට එරෙහිව දියත් කළ ප්‍රචාරයයි.
මේ නිසා මෙකී සිදුවීම්වලින් සනාථ වන්නේ කොටි ඝාතන සමාගම විනාශවීම ඉවසාගත නොහැකි පිරිස් තවමත් ක්‍රියාත්මක වන බවයි. වසර විසි පහක් තිස්සේ විනිශ්චයකරු, අළුගෝසුවා සහ අවමංගල්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කළේ ප්රභාකරන්ය. ප්රභාකරන් දැන් ජීවතුන් අතර නැත. එහෙත් කොටි ඝාතක සමාගමට පණ දීමට විවිධ පාර්ශ්වයන් දරන උත්සාහය මෙරට ජනතාව තේරුම්ගත යුතුය.
කීර්ති වර්ණකුලසූරිය

yanne koheda Malle Pol lu ban! 