යුද අපරාධ පරීක්ෂණය වහාම නවත්වන්න!
ශ්රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්ෂණය වහාම අත්හිටුවන්නැයි හිටපු ඇමරිකානු තානාපතිනි තෙරේසා ෂෙපර් ඇමරිකානු රජයෙන් සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත.
ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ හිටපු බලවත් නිලධාරිනියක් වූ ඇය ශ්රී ලංකාවේ මිතුරන්ගේ සහය මැද ජිනීවා මානව හිමිකම් කොමිසමට, සහජීවන හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කිරීමට සැලසුමක් ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කර තිබේ.
ඇමරිකානු රජය මෙතෙක් අනුගමනය කළ දැඩි පිළිවෙත වෙනුවට මෘදු පිළිවෙතක් දියත් කළ යුතු බවද තෙරේසා ෂෙපර් වැඩිදුරටත් ප්රකාශ කර ඇත.
ජිනීවා මානව හිමිකම් කොමිසම මෙහෙයවු යුද අපරාධ පරීක්ෂණයේ විමර්ශන වාර්තාව මාර්තු 27 දා ප්රකාශයට පත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ නව රජයට ඇමරිකාව සහ යුරෝපය සමග සබඳතා වර්ධනය කර ගැනීමට ශ්රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණය නතර කළ යුතු බවද හිටපු ඇමරිකානු තානාපතිනිය ප්රකාශ කර ඇත.
ඇගේ මෙම ඉල්ලීම හිටපු ඇමරිකානු තානාපති නිලධාරියකු වූ රොබට් කේ බොග්ස්ද අනුමත කර තිබේ.
ශ්රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශනයන් නතර කරන ලෙස හිටපු ඇමරිකානු තානාපති නිලධාරිනියක් ඉල්ලා සිටියේ මුල් වරටය.
තෙරේසා ෂෙපර්ගේ මෙම ඉල්ලීමට ඇමරිකානු රජය එකඟ වුවොත් එය කොටි ඩයස් පෝරාවේ බරපතළ පරාජයක් වේ.

-දිවයින-
source