යුද ගුවන් යානා(දෙවන කොටස-Bombers)

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද ගුවන් යානා(දෙවන කොටස-Bombers)

    GC7PvvL.jpg

    යුද ගුවන් යානා සම්බන්ධව ලියවෙන ලිපියේ දෙවන කොටසින් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ බෝම්බ හෙළන යානා සම්බන්ධවයි.බෝම්බ හෙළන යානා උපාය මාර්ගික මට්ටමින් යොදාගෙන ගොඩබිම් ඉලක්ක වෙත පහරදීම සිදුකරයි.මේවා දිවා රාත්‍රී දෙකෙහිම බෝම්බ හෙළීමට යොදාගනියි.ගුවන් යානය සොයා ගැනීමේ සිට වර්තමානය තෙක් බෝම්බ හෙළීමේ ශිල්ප ක්‍රමයෙන්හි සැලකිය යුතු වෙනසක් සිදුව තිබේ.මුල් කාලයේදී ගුවන් යානාවල රැගෙන ගිය බෝම්බ නියමුවා හෝ වෙනත් අයෙක් සියතින් ගෙන බිම හෙළන ලදි.


    Martin MB-1 යානය 1918 වසරේ භාවිතා කල බෝම්බ හෙළන යානයකි.බෝම්බ හෙළීම එහි සිටි සෙබලුන් විසින් සියතින් සිදුකරන ලදි.

    dz3OIc5.jpg
    Martin MB-1 යානය​


    දෙවන ලෝක යුද සමයේදී දැවැන්ත ගුවන් යානා යොදාගෙන මහා පරිමාණයෙන් බෝම්බ හෙළීම ඇරඹිණි.එම කාලයේදී බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එකිනෙකට වෙනස් ආකාරවලින් බෝම්බ හෙළීමසිදුකරන ලදි.බ්‍රිතාන්‍යයන් විසින් de Havilland Mosquito නම් කුඩා ප්‍රමාණයේ ගුවන් යානා යොදාගෙන රාත්‍රී කාලයේ ඉහළ උසකින් පියාසර කරමින් බෝම්බ හෙළීම සිදුකරන ලදි.බෝම්බ හෙළීමට අවශ්‍ය ඉලක්කය සපයා දුන්නේ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය වලින් තැනු බෝම්බයක් ඉලක්ක කල ප්‍රදේශයට හෙළීම ඔස්සේය.රාත්‍රී කාලයේදී ගිනි ගන්නා ස්ථානය හොඳින් දිස්වන නිසා බෝම්බ හෙළන යානා විවිධ දිශාවලින් පැමිණ බෝම්බ හෙළා පළා යෑම සිදුකරන ලදි.

    0cuEBxa.jpg
    Mosquito යානයක්​


    එක්සත් ජනපදයේ බෝම්බ හෙළීමට දිවා-රාත්‍රී දෙකෙහිම බෝම්බ හෙළන යානා සියගණනක් යොදාගෙන සිදුකරන ලදි.මේ සඳහා මුල් කාලයේදී යොදාගත්තේ B-17 යානාය.යානයක කාර්ය මණ්ඩලය 13ක් වූ අතර ආරක්ෂාව සඳහා මැෂින් තුවක්කු 13 ද එහි සවිකර තිබිණි.නමුත් එහි ගෙන ගිය බෝම්බ ප්‍රමාණය බ්‍රිතාන්‍ය යානයට සමාන විය.

    2IbidwY.jpg
    B-17 යානයක්​


    දෙවන ලෝක යුද සමයේදී ඇරඹුණු දැවැන්ත බෝම්බ හෙළන යානා මහා පරිමානයෙන් යොදාගෙන බෝම්බ හෙළීම එක්සත් ජනපදය තවමත් භාවිතා කරයි.නමුත් දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග එක්සත් ජනපදයට බලවත් සතුරෙකුට මුහුණ දෙන්නට සිදුවිය.සෝවියට් දේශය තුලට ගමන් කර බෝම්බ හෙළීමට හැකියාව තිබෙන දිගු දුර මෙහෙයුම් සිදුකල හැකි යානා නිපදවීමට එක්සත් ජනපදය යොමුවන්නේ මේ නිසාය.එහි ප්‍රතිඵලයක් ලෙස බෝම්බ හෙළන යානා 2ක් නිර්මාණය කෙරේ.

    පළමු වැන්න වූයේ 1947 අත්හදා බැලූ Northrop YB-49 යානයයි.විශාල බෝම්බ ප්‍රමාණයක් සමග YB-49 යානයට කි.මී.16,000 දුරක් ගමන් කල හැකිය.ඊට කි.ග්‍රෑ 14,000 ක පමණ බෝම්බ ගෙන යෑමේ හැකියාව තිබිණි.විවිධ තාක්ෂණික දුර්වලතා සහ මුදල් යෙදවීමේ අපහසුතා නිසා මෙම ව්‍යාපෘතිය අවසන් කරන ලදි.

    eflWBDc.jpg
    YB-49 යානය​


    YB-49 යානයේ අවසානයට හේතු යානය ලෙස Convair B-36 Peacemaker නම් දැවැන්තයා හඳුන්වා දිය හැකිය.කි.මී. 16,000ක් දුර ආවරණය කල හැකි B-36 යානයේ කි.ග්‍රෑ. 39,000ක් බර බෝම්බ රැගෙන යා හැකිය.ජෙට් එන්ජින් 4ක් ඇතුලුව එන්ජින් 10ක් සතු මෙම යානය එදා මෙදා තුර එක්සත් ජනපදය නිපදවූ විශාලතම,හොඳම ආරක්ෂාව තිබූ යුද ගුවන් යානයයි.එකල ඇමෙරිකාව සතුවූ සෝවියට් දේශයට ළඟාවිය හැකි එකම යුද ගුවන් යානය වූයේද මෙයයි.1949-1959 අතර කාලයේ B-36 යානා භාවිතයට ගැනිණි.එකල මෙය හයිඩ්‍රජන් බෝම්බ රැගෙන යෑමේ හැකියාව තිබූ ලොව එකම යානයද විය.

    GTSU374.jpg
    B-36 යානයක්​


    1950 දශකයේ මුල් සමයේදී ජෙට් ප්‍රහාරක යානා සහ මිසයිල භාවිතය ඇරඹීමත් සමග යානා සම්බන්ධව තිබූ විශ්වාසය අඩුවන්නට විය.1955 වසරේදී B-52 Stratofortress යානය හඳුන්වා දෙන ලදි.අදටත් මෙම B-52 යානා එක්සත් ජනපදය භාවිතා කරන්නේ මහා පරිමාණයෙන් බෝම්බ හෙළීමේ මෙහෙයුම් සඳහාය.ටර්බෝ ජෙට් එන්ජින් 8කින් බලගැන්වෙන B-52 යානයකට කෲස් මිසයිල පවා රැගෙන යා හැකිය.කි.මී. 16,000කට වැඩි දුරක් ආවරණය කල හැකි B-52 යානකට රැගෙන යා හැකි බෝම්බ සහ මිසයිලවල බර කි.ග්‍රෑ. 31,000ක් පමණ වේ.

    AuBQr3j.jpg
    B-52 යානයක්​


    දෙවන ලෝක යුද සමයේ පටන් එක්සත් ජනපදය සිය බෝම්බ හෙළීමේ ශිල්ප ක්‍රමවල වෙනසක් සිදුනොකරන ලද්දේය.විශාල ප්‍රමාණයේ බෝම්බ හෙළන යානා නියමිත රටාවකට ඉහළ උසකින් පියාසර කරමින් එකවර සිය බෝම්බ හෙළීම සිදුකිරීම ඔවුන්ගේ ක්‍රමය විය.සෝවියට් දේශයට ඉහළ උසකින් ගමන් කරන ගුවන් යානා බිම හෙළීමේ හැකියාවක් නොතිබේ යන විශ්වාසය මත පිහිටා එතෙක් කාලයක් ක්‍රියා කල ඇමෙරිකානුවන්,තමන්ට වැරදී තිබෙන බව අත්දුටුවේ 1960දී U-2 නම් ඔත්තු බලන යානය අඩි 70,000ක් උසකින් පියාසර කරද්දී සෝවියට් දේශය විසින් බිම හෙළීමත් සමගයි.

    7dNWPIb.jpg
    U-2 ඔත්තු බලන යානයක්​


    මෙම සිද්ධියත් සමග ඉහළ උසක සිට බෝම්බ හෙළීම තවදුරටත් ආරක්ෂා සහිත උපක්‍රමයක් නොවන බව පැහැදිලිවිය.ඒ අනුව නව බෝම්බ හෙළීමේ ශිල්ප ක්‍රමයන්ගේ අවශ්‍යතාවය එක්සත් ජනපදයට දැනිණි.පොළොවට ඉතා ආසන්නයෙන් ගමන් කරමින්,රේඩාර්වලට අනාවරණය නොවී බෝම්බ හෙළීම එහිදී යෝජනා වූ එක් ක්‍රමයකි.නමුත් B-52 වැනි යානා නිපදවා තිබුණේ ඉහළ උසක සිට බෝම්බ හෙළීම සඳහාය.නමුත් තවදුරටත් මහා පරිමාණයේ බෝම්බ හෙළීමේ අවශ්‍යතාවය දැනුණේ වියට්නාම යුද සමයේදීය.1972 වසරේදී දිවා රාත්‍රියේ නොකඩවා උතුරු වියට්නාමයට බෝම්බ හෙළීමට B-52 යානා යොදාගන්නා ලදි.

    w14Lmr2.jpg
    B-52 යානයකින් වියට්නාමයට බෝම්බ හෙළන අයුරු​


    නමුත් සෝවියට් දේශය ක්‍රමයෙන් සිය ගුවන් යානා නාශක මිසයිල තාක්ෂණය වර්ධනය කරගනිද්දී වැනි B-52 යානා ඔවුන්ගේ පහසු ඉලක්ක බවට පත්වන බව ඇමෙරිකානුවන්ට වැටහිණි.ඊට පිළිතුරක් ලෙස 1986 වසරේදී B-1 Lancer නම් සුපර්සොනික් බෝම්බ හෙළන යානය හඳුන්වාදෙන ලදි.මෙම යානයට කි.ග්‍රෑ.50,000 පමණ බෝම්බ රැගෙන කි.මී.9000 පමණ දුරක් පියාසර කල හැකිය.

    u7sENuo.jpg
    B-1 Lancer යානයක්​


    B-1 යානයට පොළොවට ආසන්නව ගමන් කරමින් බෝම්බ හෙළීමේ හැකියාව තිබුණද රේඩාර් පද්ධතිවලට හසුනොවී ගමන් කල නොහැකිවිය.B-1 යානය හඳුන්වාදුන් කාලයේම ,1983 වසරේදී F-117 Nighthawk නම් ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානය එළිදක්වන ලදි.මෙහි ගෙන යා හැකිවූයේ ස්මාට් බෝම්බ දෙකක් පමණි.නමුත් මෙම යානය සතු රේඩාර් පද්ධතිවලට හසුනොවීමේ හැකියාව නිසා ඉහළ මට්ටමේ වටිනාකමක් සහිත ඉලක්ක වෙත සාර්ථකව බෝම්බ හෙළීමට වැදගත්විය.F-117 යානා පළමුවරට භාවිතා කලේ පළමු ගල්ෆ් යුද සමයේදී ඉරාකයට පහරදීමටය.

    0rt8or0.jpg
    F-117 Nighthawk යානයක්​


    F-117 යානය ස්ටෙල්ත් හැකියාවෙන් යුක්ත වුවද ගෙන යා හැකි බෝම්බ ප්‍රමාණය අවම විය.එම අඩුව පුරවන ලද්දේ 1997 වසරේදී හඳුන්වාදුන් B-2 Spirit නම් ස්ටෙල්ත් තාක්ෂණය සහිත බෝම්බ හෙළන යානය විසිනි.කි.මී. 6900ක් ආවරණය කල හැකි B-2 යානයකට කි.ග්‍රෑ.23,000ක පමණ උපරිම බරක් සහිත බෝම්බ සහ මිසයිල ප්‍රමාණයක් රැගෙන යා හැකිය.කොසෝව් යුද්ධය(1998-1999),ඇෆ්ගන් යුද්ධය,ඉරාක යුද්ධය ආදී යුද්ධයන්හිදී මෙම යානා යොදාගෙන ප්‍රහාර එල්ල කර තිබේ

    RPyOc2T.jpg
    B-2 Spirit යානයක්​




    වර්තමානයේ සංග්‍රාම සඳහා කුඩා ප්‍රමාණයේ උපාය මාර්ගික බෝම්බ හෙළන යානා යොදාගැනීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබේ.බෝම්බ හෙළන යානා සැහැල්ලු,මධ්‍යම,බරින් වැඩි(දැවැන්ත) ලෙස උප කොටස්වලට බෙදා දක්වයි.​



    Ground Attack Aircrafts - ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානා

    ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානා යනු ස්වභාවයෙන්ම ගොඩබිම් ඉලක්ක වෙත පහරදෙන බෝම්බ හෙළන යානාය.ගොඩබිම තිබෙන තනි තනි ඉලක්ක වෙත පහර දීමට(බෝම්බ ,මිසයිල හෝ ඉදිරිපස තුවක්කු)ප්‍රහාරක ගුවන් යානා විශේෂයෙන් සැලසුම් කරයි.මෙම යානා සැහැල්ලු,මධ්‍යම සහ විශාල ප්‍රමාණයවලින් නිපදවේ.

    EHFnZRo.jpg
    A-10 යානයක්​





    Stealth Attack Aircrafts - ස්ටෙල්ත් ප්‍රහාරක යානා

    ස්ටෙල්ත් ප්‍රහාරක යානා යොදාගන්නේ වැදගත්ම ඉලක්ක වන සතුරු හමුදා/දේශපාලන නායකත්වය,සන්නිවේදන මධ්‍යස්ථාන හෝ සතුරු කාලතුවක්කු ආදී සතුරු භුමියේ ගැඹුරේ තිබෙන ඉලක්ක වෙත රහසේ ගොස් ප්‍රහාර එල්ල කිරීමටය.සතුරු භූමියට පිවිස ඔවුන්ගේ ගුවන් යානා නාශක අවි පද්ධති,රේඩාර් පද්ධති වනසා ස්ටෙල්ත් හැකියාව නොමැති ගුවන් යානාවලට සතුරු ගුවන් සීමාවට පිවිසීමට ඉඩ ලබාදීම මෙම යානාවලට ප්‍රමුඛතම කාර්යයක් වේ.පළමු ගල්ෆ් යුද සමයේදී ඉරාකයේ විධාන සහ පාලන මධ්‍යස්ථාන සහ මිසයිල ආරක්ෂණ ජාලය මුලුමනින්ම විනාශ කලේ මෙම වර්ගයේ යානා එනම් F-117 යානා යොදාගෙනය.

    n3wdYUl.jpg
    F-117 යානයක්​





    Interdictors

    සතුරු පෙරමුණට පිටුපස බෝම්බ හෙළීමේ කටයුතු සඳහා වූ අඩුව පිරවීමට Interdictor යානා හඳුන්වා දෙන ලදි.මේවා සතුරු පෙරමුණේ පිටුපසට ගමන් කල හැකි තරම් ඉන්ධන ගෙන යන ඉහළ උසකින් වේගයෙන් පියාසර කරමින් සතුරාගේ සැපයුම් මාර්ග,පාලම්,උමං,කර්මාන්ත ශාලා,සැපයුම් මධ්‍යස්ථාන,අවි ගබඩා ආදී යුදමය වැදගත්කමක් ඇති දෑ විනාශ කරයි.ප්‍රහාරක යානා මෙන් සතුරාගේ ඉදිරි පෙරමුණට පහරදී ඉක්මන් ප්‍රතිඵල ලබනවා මෙන් නොව මෙහිදී සිදුවන්නේ සතුරන්ට සැපයුම් ලැබීම අවම වීමෙන් ඔවුන්ගේ ඉදිරි පෙරමුණ දුර්වල වී යෑමයි.වර්ගයේ යානාවලට උදාහරණ ලෙස එක්සත් ජනපදයේ F-111 Aardvark යානය,රුසියාවේ Sukhoi Su-24 සහ Sukhoi Su-34 යානා,චීනයේ Xian JH-7 යානය ආදිය දැක්විය හැකිය.

    4T91rtW.jpg
    F-111 යානයක්​





    Strategic Bombers - උපායමාර්ගික බෝම්බ හෙළන යානා​

    මෙම වර්ගයේ යානා යොදාගෙන මහා පරිමාණයෙන් බෝම්බ හෙළීම් සිදුකරයි.ඉහළ උසකින්,දිගු දුරක් ගමන් කරන මේවා ටර්බයින් හෝ ජෙට් එන්ජින් වලින් යුක්තය.සතුරු කර්මාන්තශාලා,බලකොටු,හමුදා කඳවුරු,අවි ගබඩා ආදි මෙම යානාවල ප්‍රධාන ඉලක්කයන් වේ.උපායමාර්ගික බෝම්බ හෙළන යානා විවිධ ප්‍රමාණවලින් පැමිණේ.සැහැල්ලු,මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ යානා ඊට අයත්ය.විශාල පරිමාණයේ බෝම්බ හෙළන යානා සම්බන්ධව කතා කිරීමේදී ඇමෙරිකා එක්සත් ජනපදයට අභිමානවත් ඉතිහාසයක් තිබේ.උදාහරණ ලෙස එක්සත් ජනපදයේ B-52 යානය සහ රුසියාවේ Tu-95 යානය දැක්විය හැකිය.

    xhRlVbb.jpg

    ඉහළ:රුසියානු Tu-95 යානයක් | පහළ: ඇමෙරිකානු B-52 යානයක්​





    Supersonic Strategic Bombers - සුපර්සොනික් උපායමාර්ගික බෝම්බ හෙළන යානා

    උපායමාර්ගික බෝම්බ හෙළන යානාවල අධි තාක්ෂණික සංස්කරණයක් ලෙස මෙම වර්ගයේ ගුවන් යානා හඳුන්වාදිය හැකිය.ජෙට් ප්‍රහාරක යානයක් මෙන් අතිධ්වනි වේගයකින් පියාසර කල හැකි බෝම්බ හෙළන යානාවේ.වේගය සහ ගමන් කල හැකි දුර සාපේක්ෂව වැඩි නිසා සාම්ප්‍රදායික බෝම්බ හෙළන යානාවලට වඩා කාර්යක්ෂමය.ඇමෙරිකා එක්සත් ජනපදයේ B-1 Lancer යානය සහ රුසියාවේ Tu-160 යානය මෙම වර්ගයට අයත්ය.

    jLj181V.jpg
    u-160 යානයක්​





    Stealth Bombers - ස්ටෙල්ත් බෝම්බ හෙළන යානා

    ස්ටෙල්ත් බෝම්බ හෙළන යානා යනු දැවැන්ත අතිධ්වනි උපායමාර්ගික බෝම්බ හෙළන යානාවල ස්ටෙල්ත් සංස්කරණකි.සාම්ප්‍රදායික උපායමාර්ගික බෝම්බ හෙළන යානාවලට සමාන මෙහෙයුම් රහසිගතව සිදුකිරීමට මෙම යානා භාවිතා කරයි.සතුරු ගුවන් අවකාශයේ ගැඹුරටම ගමන් කර රහසේම ඔවුන්ගේ ඉලක්ක වෙත පහරදීමට මෙම යානා සතුව බංකර් නාශක බෝම්බ,පොකුරු බෝම්බ සහ සාම්ප්‍රදායික අවි තිබේ.තවද න්‍යෂ්ඨික අවි ගෙන යෑමේ හැකියාවද ස්ටෙල්ත් බෝම්බ හෙළන යානා සතු සුවිශේෂී ලක්ෂණයකි.ඇමෙරිකා එක්සත් ජනපදය සතු B2 යානය මෙම වර්ගයට අයත් ලොව එකම ගුවන් යානයයි.

    F1YyjTS.jpg
    B2 යානයක්​





    Gunship - අවිනැව්

    මේවා බෝම්බ හෙළන යානයකට වඩා දැඩි ලෙස මැෂින් තුවක්කුවලින් සන්නද්ධ ගුවන් යානා විශේෂයකි.නමුත් මෙහිදී භාවිතා කරන උණ්ඩ සාපේක්ෂව විශාලය.සමහර Gunship යානාවලට බෝම්බ හෙළන යානා මෙන් පුපුරණ ද්‍රව්‍ය හෙළීමටද හැකියාවක් තිබේ.මේවාහි ගැට්ලින් තුවක්කු, මෝටාර්,ස්වයංක්‍රීය අවි ආදිය දියුණු ඉලක්ක ගත කිරීමේ පරිගණ පද්ධති සමග භාවිතා කෙරේ.Gunship යානා ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානා හි උප-පන්තියක් ලෙසද සැලකිය හැකිය.ඇමෙරිකා එක්සත් ජනපදයේ AC-130 යානා මෙම වර්ගයට අයත්ය.(ඇමෙරිකානු යානයේ මි.මී.105 කාලතුවක්කු අවියක්,මි.මී.40 අවියක්,බැරල් 6හි මි.මී.25 ගැට්ලින් අවි සවිකර තිබේ)

    LYLNOZw.jpg
    AC-130 යානයක්​




    Source:tactdb.blogspot.com

    -HarshaLulzSec-