යුද ශක්තිය,ෆෝටෝෂොප් සහ මුලා කිරීම්
සතුරා මුලා කිරීම ඔස්සේ ඕනෑම සංග්‍රාමයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකිය.ඒ බව සනාථ කරන සිද්ධීන් යුද ඉතිහාසයෙන් සොයාගත හැකිය.ට්‍රෝයි නුවර අල්ලාගැනීමට ග්‍රීකයින් යොදාගත් ට්රෝන්ජ අශ්වයා මේ සම්බන්ධව කතා කරද්දී මතක් වන පැරණිතම උදාහරණයයි.නූතනයේදී සමහර රාජ්‍යයන් තමන් සතුව නැති ශක්තියක් මවා පෑමට ඡායාරූප සූක්ෂම අයුරින් සංස්කරණය කර ලෝකයා හමුවේ නිරාවරණය කරයි.නමුත් ඔවුන්ගේ අවාසනාවට ඉන් සමහරක් සැබෑ ඡායාරූප නොවන බව අනාවරණය වී තිබේ.මෙලෙස ෆෝටෝෂොප් ඔස්සේ ලෝකයා පුදුම කරන්නට ගොස් ලැජ්ජාවට පත්වූ රාජ්‍යයන් අතර ඉරානය සහ උතුරු කොරියාව කැපී පෙනේ.පසුගිය දශකයක පමණ කාලය තුල ලෝකයා ඉදිරියට පැමිණි ව්‍යාජ ඡායාරූප කිහිපයක පසුබිම් කතා මෙම ලිපිය ඔස්සේ ඉදිරිපත් කෙරේ.
ඉරානයේ විප්ලවවාදී හමුදාව යටතේ තිබෙනවා යැයි කියන සෙපාහ් නිව්ස් නම් මාධ්‍ය ආයතනය විසින් 2008 වසරේ ජූලි මාසයේ මුල් කාලයේදී නිකුත් කල ඡායාරූපයක සටහන් වී තිබුණේ ඉරාන හමුදාව විසින් සිදුකරන්නට යෙදුනා යැයි සැලකුණු මිසයිල අත්හදා බැලීමකි.මෙම ඡායාරූපය ලොව ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතනවල පුවත්පත්වල මුල් පිටු සරසන්නට පවා සමත්විය.නමුත් මෙම ඡායාරූපය සමීපව අධ්‍යයනය කිරීමේදී හෙළිවූයේ එය සංස්කරණය කල ව්‍යාජ එකක් බවයි.වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එහි වම්පස සිට තිබෙන තුන්වන මිසයිලය දෙවන මිසයිලයේ අනුකරණයකි.එසේම දකුණුපස කෙළවර තිබෙන මිසයිලයේ දුම්වලාව තුන්වැනි මිසයිලයේ දුම්වලාව සඳහා ආදේශ කර තිබේ.
කිසිදු සැක සංකාවකින් තොරව මෙම ව්‍යාජ ඡායාරූපය ද ලොස් ඇන්ජලීස් ටයිම්ස්,ද ෆිනෑන්සියල් ටයිම්ස්,ද චිකාගෝ ට්‍රිබියුන් සහ තවත් පුවත්පත්වල මුල් පිටුවල මෙන්ම බීබීසී නිවුස්,එම් එස් එන් බීසී,යාහු නිවුස් ආදී ප්‍රධාන පෙලේ ප්රවෘත්ති වෙබ් අඩවිවල පවා පළකර තිබිණි.
නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියේ මුල් පිටුවේ එම ඡායාරූපය පළකර තිබූ අයුරු - 2008.07.09
මෙම මවා පෑම අනාවරණය වීමත් සමග සෙපාහ් නිවුස් වෙබ් අඩවියේ පළකර තිබූ ව්‍යාජ ඡායාරූපයද අතුරුදහන් වී තිබිණි.නමුත් 2008.07.10 දින ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙබ් අඩවිය මෙම ව්‍යාජ ලෙස සකසන ලද සේයාරුවේ මුල් ඡායාරූපය සොයාගෙන පළකර තිබිණි.නමුත් එහි හතරවන මිසයිලයක් එනම් වම්පස සිට තුන්වන මිසයිලයක් නොතිබිණි.
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද? පළමුවැන්න මෙවැනි ඡායාරූපයක් මාධ්‍ය අවදාන විශාල වශයෙන් දිනාගනියි.බටහිර මාධ්‍ය ඕනෑම දෙයක් කිසිදු සෙවීමකින් බැලීමකින් තොරව වාර්ථා කරන බව මින් පැහැදිලි වේ.මෙම ඡායාරූපය ප්‍රෝඩාකාරී ලෙස සංස්කරණය කලේ එක් මිසයිලයක් අසාර්ථක වූ නිසාත් ඉන් අපහසුවට පත්වීම වළක්වා ගැනීමටත් විය හැකිය.මෙහිදී අත්හදා බැලුවේ ෂාබාබ්-3 නම් දිගු දුර මිසයිලයකි.එහි සාර්ථක අත්හදා බැලීමක් භය උපදවන සුළු දර්ශනයක් වීමට ඉඩ තිබිණි.අසාර්ථක වීම වසා ගැනීමට ඔවුන් සිදුකලේ මිසයිලයක් ක්ලෝනයක් ඡායාරූපයට එක් කිරීමයි.ඔවුන්ගේ ප්‍රෝඩාව අනාවරණය වුවද ඊට ප්‍රථමයෙන් ඉරානය එම ඡායාරූප ඔස්සේ ලබාගත යුතුව තිබූ අවධානය ලගා කරගෙන සිටියේය.
Shahab-3 - මෙය ඉරානය විසින් නිපදවන ලද මැදි දුර බැලස්ටික්මි සයිලයකි(පරාසය:කි.මී.1930)
කොකර් -1 නමින් හඳුන්වන සිරස්ව ගුවන් ගත කිරීම සහ ගොඩබෑම කල හැකි ඩ්‍රෝන් යානයක් ඉරානය සතුබව ඉරාන මාධ්‍ය විසින් 2012 නොවැම්බර් මස මුල් කාලයේදී වාර්තා කර තිබිණි.නමුත් එම වාර්තාවේ ඇතුලත් කර තිබූ ඩ්‍රෝන් යානය සැබැවින්ම ඉරානය සතුව තිබේද යන්න පිළිබඳව සැකයක් මතුවූයේ පළ කර තිබූ ඡායාරූපය වෙනත් තැනකින් උපුටාගෙන සංස්කරණය කර ඉදිරිපත් කර තිබූ නිසාය.සත්‍යය නම් මෙහි දැක්වෙන ඩ්‍රෝන් යානයේ නියම අයිතිකරුවා වන්නේ ජපානයේ චිබා විශ්වවිද්‍යාලයයි.
ඉරාන මාධ්‍ය විසින් පළ කල මෙම ඡායාරූපයේ සත්‍යය කතාව අනාවරණය කලේ ගැරි මොර්ටයිමර් නැමැත්තාය.ඔහු සොයාගත් තොරතුරුවලට අනුව මෙම ඩ්‍රෝන් යානය ව්‍යාපෘතියක් වෙනුවෙන් නිර්මාණය කලේ ජපානයේ චිබා විශ්වවිද්‍යාලයයි.ඊට කි.ග්රෑ.5ක් බරක් මිනිත්තු 15ක කාලයක් එල්ලාගෙන සිටිය හැකිය.සමහර විට ඉරානය අත්හදා බැලීම් සඳහා ජපානයෙන් ඩ්‍රෝන් යානයක් ඉල්ලා ගත්තා විය හැකිය.එසේ වූවා නම් එක ඡායාරූපය සංස්කරණය කර මාධ්‍ය වෙත ලබාදීම වෙනුවට තමන් විසින්ම ගත් ඡායාරූපයක් ඒ සඳහා යොදාගන්නට ඕනෑ තරම් ඉඩ තිබිණි.
දකුණුපස තිබෙන්නේ ජපානයේදී ලබාගත් ඩ්‍රෝන් යානයේ ඡායාරූපයකි.වම්පස ඇත්තේ ඉරානය මාධ්‍ය විසින් පළ කර ඡායාරූපයයි.එහිදී ඔවුන් මුල් ඡායාරූපයේ ඩ්‍රෝන් යානයට පහළින් ගොඩනැගිල්ලක සවිකර තිබෙන සුලං පෙති ඉවත් කර තිබේ.
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද?සංස්කරණය කල ඡායාරූපයක් නිකුත් කිරීමේ අරමුණ ඉරානය සතුව සැබැවින්ම එම ඩ්‍රෝන් යානය නොමැතිවීමත් ඒ ඔස්සේ අන්‍යයන් තුල තම ශක්තිය සම්බන්ධව බියක් ඇතිකිරීමත් විය හැකිය.
2013 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ඉරානය විසින් ස්ටෙල්ත් වර්ගයේ නවතම ෆයිටර් ජෙට් යානයක් වන කේහර්-313 යානයේ ඡායාරූප නිකුත් කරන ලදි.නූතන ෆයිටර් ජෙට් යානයක හැඩය ගත් එය බැලූ බැල්මට ඉරානය ගුවන් යානා නිර්මාණ ශිල්පයේ අපූර්ව නිර්මාණයක් බව පෙනේ.නමුත් එය තවමත් නිර්මාණය කරමින් පවතින ගුවන් යානයකි.පහත වීඩියෝ පටයේ දැක්වෙන්නේ දුර සිට පාලනය කල හැකි Qaher 313 යානයේ කුඩා මොඩලයකි.
පහත දැක්වෙන්නේ ඉරාන නිකුත් කල Qaher 313 යානයේ ඡායාරූප කිහිපයකි.2013 පෙබරවාරි මස 1දා පැවති 1979 වසරේ ඉස්ලාමීය විප්ලවයේ ජයග්‍රහණය සැමරීමේ උත්සවයේදී ඉරාන ජනපති මහමුඩ් අහඩිනෙජාඩ් විසින් මෙම යානය නිරීක්ෂණය කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.
ඉරානය සතුව මෙම ස්ටෙල්ත් ප්‍රහාරක යානයේ සැබෑ ප්‍රමාණයේ මොඩලයක් තවමත් ගුවන් ගත කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැති වග පැහැදිලිවන්නේ පහත ඡායාරූපය දුටු විටයි.ඩමාවන්ඩ් නම් අක්‍රීය ගිනි කන්ද ආසන්න අහසේ පියාසර කරන Qaher 313 යානයක් ඉන් නිරූපණය කෙරේ.නමුත් එය සැබෑවක් නොවේ.පසුබිමේ තිබෙන භූ දර්ශනය එලෙසම ගත් ඡායාරූපයක් PickyWallpapers.com වෙබ් අඩවියෙන් සොයාගත හැකිය.එය ඔපදමා ගත්විට ඉරානය විසින් පළකල ඡායාරූපයට බොහෝ සමානය.
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද?ඉරානයට තමන් ගැන ප්‍රවෘත්තියක් ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ වෙබ් අඩවිවල පළ කරවා ගන්නට ඉඩ ලැබේ.උදා: ගල්ෆ් මුහුදේ සැරිසරන ඇමෙරිකානු නාවික හමුදාවට අනතුරු ඇඟවීමට ඉරානයට ඕනෑකමක් තිබේ.නමුත් ඇමෙරිකානු නාවික හමුදාවට පහරදීමට ඔවුන්ට ස්ටෙත්ල් ප්‍රහාරක යානා අත්‍යාවශ්‍ය නොවේ.කුඩා වේග ප්‍රහාරක යාත්‍රා සහ කෲස් මිසයිලවලින් සන්නද්ධව, මුහුදු බෝම්බද සහිත ඔවුන්ට එම කාර්යය,ස්ටෙල්ත් ප්‍රහාරක යානා රහිතව කල හැකිය.නමුත් ඉරානයේ මෙම ක්‍රියාවල අරමුණ එක්සත් ජනපදය තුල ඉරානය සම්බන්ධව,ඔවුන්ගේ යුද ශක්තිය සම්බන්ධව බියක් ඇති කිරීම බොහෝවිට අපේක්ෂා කල හැකි අරමුණකි.
ඡායාරූප සංස්කරණයේ යෙදෙමින් ලෝකයා මුලා කරන්නට උත්සාහ දරන එකම රට ඉරානය නොවේ.2008 වසරේ අවසන් කාලයේ උතුරු කොරියාව එරට නායක කිම් ජෝන් ඉල් ගේ ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත මුදාහරින ලදි.එහි අරමුණ ඔහු ආඝාත තත්ත්වයකින් නොපෙළෙන බවත් හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් පසුවන බව පෙන්වීමයි.නමුත් මෙහි දැක්වෙන ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී පෙනෙන දෙයක් වන්නේ කිම් ජෝන් ඉල්ගේ පාදවල සෙවනැල්ල අනෙක් හමුදා නිලධාරීන්ට වඩා වෙනස් වීමයි.එම වසරේදී කිම් ජෝන් ඉල් ඇතුලත් කල ඡායාරූප රැසක්ම මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද? ආඥාදායකත්වයන් සතු ලොකුම ප්රශ්නයන්ගෙන් එකක් වන්නේ තම රටවැසියන්ගේ සිත් තුල තමන් ශක්තිමත් නායකයෙක් යන හැඟීම ඇතිකිරීම සහ එය දිගින් දිගටම පවත්වාගැනීමයි.නමුත් නායකයා අසනීප වී හෝ වෙනත් හේතුවක් මත ප්‍රසිද්ධියේ පෙනීසිටීමට නොහැකිව ගිය හොත් හෝ තම රටවැසියන් ඉදිරියේ ශක්තිමත් නායකයෙක් ලෙස පෙනී සිටීමට නොහැකිව ගිය හොත් රාජ්‍යතන්ත්‍රය කඩා වැටීමටද එය හේතුවක් විය හැකිය.උතුරු කොරියානු නායකයාටද දරුණු රෝගී තත්ත්වය නිසා සුපුරුදු පරිදි ප්‍රසිද්ධියේ පෙනීසිටීමට නුපුලුවන් විය.අවසානයේදී මෙම තත්ත්වය වසන් කිරීමට සිය නායකයාගේ රුව ඡායාරූපවලට එක් කර ප්‍රසිද්ධ කලේ කිම් ජෝන් ඉල් හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් යුතුව සිටින බව ලෝකයා ඉදිරියේ පෙන්වීමටයි.
කාලයක් තිස්සේ ඡායාරූපවලට කිම් ජෝන් ඉල්ගේ රුව එකතු කරමින් ලෝකයා රවට්ටන්නට ක්‍රියා කල උතුරු කොරියාවට ඔහුගේ මරණය වසන් කිරීමට නොහැකිවිය.2011 වසරේදී ඔහු මියගිය පසු දැවැන්ත අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කෙරිණි.අතිවිශාල අවමංගල්‍ය රථ පෙළපාලියක්ද සංවිධානය කර තිබිණි.එහි ඡායාරූපයක් ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.ජපාන සහ උතුරු කොරියානු පුවත් ඒජන්සි දෙකක් විසින් ගන්නා ලද ඡායාරූප දෙකක් අරඹයා මෙවර උතුරු කොරියාවේ ඡායාරූප සංස්කරණය හෙළිදරව් කෙරිණි.කියෝඩෝ නම් ජපාන ප්රවෘත්ති සේවය විසින් මෙහිදී සංස්කරණය නොකල ඡායාරූපය නිකුත් කර තිබිණි.එහි වම්පස කැමරා ශිල්පියෙක් ඇතුලු පිරිසක් රථ පෙළපාලිය සම්බන්ධව සැලකිල්ලක් නොදක්වමින් සිටින අයුරු පෙනේ.ඊට තත්පර කිහිපයකට පසුව ලබාගත් ඡායාරූපයක් උතුරු කොරියානු මධ්‍යම ප්රවෘත්ති සේවය විසින් පළකර තිබිණි.නමුත් ජපාන පුවත් සේවය නිකුත් කල ඡායාරූපයේ වම්පස සිටි කැමරාකරුවා ඇතුලු පුද්ගලයින් හයදෙනෙක් පමණ උතුරු කොරියානු මධ්‍යම ප්රවෘත්ති සේවය පළ කල ඡායාරූපයෙන් අතුරුදහන්ව තිබේ.ඡායාරූප දෙක ලගාගැනීම අතර කාලය තත්පර 3-4කට වැඩි විය නොහැකිය.එම කාලය තුල මේ පිරිසට එතැනින් ඉවත්ව යෑම පහසු නොවේ.සිදුව තිබෙන්නේ උතුරු කොරියානු පුවත් සේවය ඔවුන්ව ඡායාරූපයෙන් මකා දැමීමයි.නිව්යෝක් ටයිම්ස් පුවත් ආයතනය සමග එකතුව මෙම අනාවරණය සිදුකලේ ඩිජිටල් අපරාධ විශේෂඥ හැනි ෆරිඩ් විසිනි.
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද?මුල් ඡායාරූපය දකින විට වම්පස සිටින කැමරාකරු ඇතුළු කිහිපදෙනා කිම් ජෝන් ඉල්ගේ අවමංගල රථ පෙරහැරට පසුපස හරවා සිටින බව කෙනෙකුට පෙනීම ස්වභාවිකය.උතුරු කොරියානුවන්ගේ පැත්තෙන් එය සිය නායකයාට කරන අවමානයක් ලෙස පෙනෙන්නට ඇති.ඔවුන් වහාම එම පිරිස ඡායාරූපයෙන් කපා හැරීමට ක්‍රියා කලහ.අවාසනාවකට ඊට පෙර එම ස්ථානයේම ඡායාරූප ගත කර තිබිණි.
කිම් ජෝන් උන් එතරම් කාලයක් උතුරු කොරියාව පාලනය කර නැතිවුවද පසුගිය කාලයේදී උතුරු කොරියාව න්‍යෂ්ඨික අත්හදා බැලීම්,මිසයිල දියත් කිරීම සහ අලුත් පත්වූ නායකයාගේ දරුණු දඬුවම් නිසා ලෝක ජනමාධ්‍ය තුල නිතර කතා බහට ලක්විය.පහත දැක්වෙන ඡායාරූපය උතුරු කොරියාව ප්‍රසිද්ධ කලේ 2013 වසරේදීය.එහි වායුපා යානා අටක් පෙනෙන්නට තිබේ.නමුත් ඒ සියල්ලම ඡායාරූපය ලබාගත් අවස්ථාවේදී එතැන තිබූ වායුපා යානා නොවේ.
මෙම ඡායාරූපය උතුරු කොරියාවේ නිල කොරියානු මධ්‍යම පුවත් ආයතනය 2013 මාර්තු 26 වෙනිදා නිකුත් කල එකකි.එය හොඳින් නිරීක්ෂණය කල හොත් අඩුම තරමින් වායුපා යානා දෙකක් වත් පසුව ඇතුලත් කර තිබෙන බව පෙනේ.
ක්ලෝනකරණය කල වායුපා යානා පහත ඡායාරූපයේ කොටු කර දක්වා තිබේ.නමුත් වඩාත් වම්පසට වන්නට ඇති රවුම් කල වායුපා යානය ඡායාරූපයේ වෙනත් වායුපා යානයක ක්ලෝනයක් නොවේ.නමුත් එහි තිබෙන දාර සුමට වීම,වර්ණවල වෙනස්කම් ආදී කරුණු නිසා වෙනත් තැනකින් ගෙනැවිත් මෙම ඡායාරූපයට බද්ධ කල වායුපා යානයක් බව පෙනෙන්නට තිබේ.
පහත දැක්වෙන සජීවීකරණයෙන් පෙන්වන්නේ වායුපා යානයක් ක්ලෝනකරණයට ලක් කර අදාල ස්ථානයට බද්ධ කරන අයුරුය.1)වායුපා යානය තෝරාගෙන එය පිටපත් කරගැනේ. 2)එම කොපිය අදාල ස්ථානයට ගෙන යයි. 3)පිටපත් කල වායුපා යානය අවශ්‍ය පරිදි විශාලනය කර එම ස්ථානයට බද්ධ කරයි.එහි කෙළවරවල් මෘදුව මකාදමා ඡායාරූපය සමග මුහු කිරීම සිදුකරයි.
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද?බටහිර රටවල් ප්‍රකෝප කරමින් මිසයිල,න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම නිසා උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විශාල වශයෙන් සම්බාධක පනවා තිබෙන නිසා එරට ආර්ථික දුර්වල අඩියක තිබේ.වායුපා යානා වැඩිගණනක් අත්පත් කරගැනීමට උතුරු කොරියාවට අවශ්‍යතාවය තිබිණද ඊට ඉඩක් නැත්තේ මූල්‍යමය වශයෙන් ඔවුන් පහළ අඩියක සිටින නිසාය.මේ නිසා ඔවුන් තමන් සතුව නැති යුද ශක්තියක් පෙන්වීමට ඡායාරූප සංස්කරණ මෘදුකාංග භාවිතා කරයි.
Source
opsci.com
-HarshaLulzSec-

ඉරානයේ මිසයිල අත්හදා බැලීම, 2008

ඉරානයේ සෙපාහ් ප්රවෘත්ති ආයතනය නිකුත් කල ව්‍යාජ ඡායාරූපය
ව්‍යාජ ඡායාරූපයේ මිසයිල හතරක් දැක්වේ
කිසිදු සැක සංකාවකින් තොරව මෙම ව්‍යාජ ඡායාරූපය ද ලොස් ඇන්ජලීස් ටයිම්ස්,ද ෆිනෑන්සියල් ටයිම්ස්,ද චිකාගෝ ට්‍රිබියුන් සහ තවත් පුවත්පත්වල මුල් පිටුවල මෙන්ම බීබීසී නිවුස්,එම් එස් එන් බීසී,යාහු නිවුස් ආදී ප්‍රධාන පෙලේ ප්රවෘත්ති වෙබ් අඩවිවල පවා පළකර තිබිණි.
නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියේ මුල් පිටුවේ එම ඡායාරූපය පළකර තිබූ අයුරු - 2008.07.09
ද ලොස් ඇන්ජලීස් ටයිම්ස්,ද පාල්ම් බීච් පෝස්ට් සහ චිකාගෝ ට්‍රිබියුන් වෙබ් අඩවි මෙම ඡායාරූපය පළකර තිබූ අයුරු - 2008.07.08
මෙම මවා පෑම අනාවරණය වීමත් සමග සෙපාහ් නිවුස් වෙබ් අඩවියේ පළකර තිබූ ව්‍යාජ ඡායාරූපයද අතුරුදහන් වී තිබිණි.නමුත් 2008.07.10 දින ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙබ් අඩවිය මෙම ව්‍යාජ ලෙස සකසන ලද සේයාරුවේ මුල් ඡායාරූපය සොයාගෙන පළකර තිබිණි.නමුත් එහි හතරවන මිසයිලයක් එනම් වම්පස සිට තුන්වන මිසයිලයක් නොතිබිණි.
රතු පැහැයෙන් සලකුණු කල කොටස් දෙක එම ඡායාරූපයේම ඇති තැඹිලි පැහැයෙන් සලකුණු කල කොටස්වලින් ලබාගෙන බද්ධ කර තිබේ.
මෙය එම අවස්ථාවේදීම ලබාගත් තවත් ඡායාරූපයකි(මුල් ඡායාරූපය).
මෙය එම අවස්ථාවේදීම ලබාගත් තවත් ඡායාරූපයකි(මුල් ඡායාරූපය).
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද? පළමුවැන්න මෙවැනි ඡායාරූපයක් මාධ්‍ය අවදාන විශාල වශයෙන් දිනාගනියි.බටහිර මාධ්‍ය ඕනෑම දෙයක් කිසිදු සෙවීමකින් බැලීමකින් තොරව වාර්ථා කරන බව මින් පැහැදිලි වේ.මෙම ඡායාරූපය ප්‍රෝඩාකාරී ලෙස සංස්කරණය කලේ එක් මිසයිලයක් අසාර්ථක වූ නිසාත් ඉන් අපහසුවට පත්වීම වළක්වා ගැනීමටත් විය හැකිය.මෙහිදී අත්හදා බැලුවේ ෂාබාබ්-3 නම් දිගු දුර මිසයිලයකි.එහි සාර්ථක අත්හදා බැලීමක් භය උපදවන සුළු දර්ශනයක් වීමට ඉඩ තිබිණි.අසාර්ථක වීම වසා ගැනීමට ඔවුන් සිදුකලේ මිසයිලයක් ක්ලෝනයක් ඡායාරූපයට එක් කිරීමයි.ඔවුන්ගේ ප්‍රෝඩාව අනාවරණය වුවද ඊට ප්‍රථමයෙන් ඉරානය එම ඡායාරූප ඔස්සේ ලබාගත යුතුව තිබූ අවධානය ලගා කරගෙන සිටියේය.
Shahab-3 - මෙය ඉරානය විසින් නිපදවන ලද මැදි දුර බැලස්ටික්මි සයිලයකි(පරාසය:කි.මී.1930)
මෙම ෆෝටෝෂොප් මගඩිය අනාවරණය වීමත් සමග ඒ දිනවල අන්තර්ජාලය පුරා මෙම ඡායාරූපය යොදාගෙන ඉරානය විහිළුවට ලක්කර තිබිණි.පහත දැක්වෙන්නේ ඉන් සමහරකි.
ඉරානයේ කොකර්-1 ඩ්‍රෝන් යානය,2012
කොකර් -1 නමින් හඳුන්වන සිරස්ව ගුවන් ගත කිරීම සහ ගොඩබෑම කල හැකි ඩ්‍රෝන් යානයක් ඉරානය සතුබව ඉරාන මාධ්‍ය විසින් 2012 නොවැම්බර් මස මුල් කාලයේදී වාර්තා කර තිබිණි.නමුත් එම වාර්තාවේ ඇතුලත් කර තිබූ ඩ්‍රෝන් යානය සැබැවින්ම ඉරානය සතුව තිබේද යන්න පිළිබඳව සැකයක් මතුවූයේ පළ කර තිබූ ඡායාරූපය වෙනත් තැනකින් උපුටාගෙන සංස්කරණය කර ඉදිරිපත් කර තිබූ නිසාය.සත්‍යය නම් මෙහි දැක්වෙන ඩ්‍රෝන් යානයේ නියම අයිතිකරුවා වන්නේ ජපානයේ චිබා විශ්වවිද්‍යාලයයි.
ඉරානය විසින් පළකර තිබූ ඔවුන් සතුව ඇතැයි සපථ කල කොකර් -1 නම් ඩ්‍රෝන් යානයේ ඡායාරූපය
ඉරාන මාධ්‍ය විසින් පළ කල මෙම ඡායාරූපයේ සත්‍යය කතාව අනාවරණය කලේ ගැරි මොර්ටයිමර් නැමැත්තාය.ඔහු සොයාගත් තොරතුරුවලට අනුව මෙම ඩ්‍රෝන් යානය ව්‍යාපෘතියක් වෙනුවෙන් නිර්මාණය කලේ ජපානයේ චිබා විශ්වවිද්‍යාලයයි.ඊට කි.ග්රෑ.5ක් බරක් මිනිත්තු 15ක කාලයක් එල්ලාගෙන සිටිය හැකිය.සමහර විට ඉරානය අත්හදා බැලීම් සඳහා ජපානයෙන් ඩ්‍රෝන් යානයක් ඉල්ලා ගත්තා විය හැකිය.එසේ වූවා නම් එක ඡායාරූපය සංස්කරණය කර මාධ්‍ය වෙත ලබාදීම වෙනුවට තමන් විසින්ම ගත් ඡායාරූපයක් ඒ සඳහා යොදාගන්නට ඕනෑ තරම් ඉඩ තිබිණි.
ජපානයේ චිබා විශ්වවිද්‍යාලයේ පිරිසක් නිර්මාණය කල ඩ්‍රෝන් යානය
ජපන් ඩ්‍රෝන් යානය ගුවන් ගතකල අවස්ථාවක්
දකුණුපස තිබෙන්නේ ජපානයේදී ලබාගත් ඩ්‍රෝන් යානයේ ඡායාරූපයකි.වම්පස ඇත්තේ ඉරානය මාධ්‍ය විසින් පළ කර ඡායාරූපයයි.එහිදී ඔවුන් මුල් ඡායාරූපයේ ඩ්‍රෝන් යානයට පහළින් ගොඩනැගිල්ලක සවිකර තිබෙන සුලං පෙති ඉවත් කර තිබේ.
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද?සංස්කරණය කල ඡායාරූපයක් නිකුත් කිරීමේ අරමුණ ඉරානය සතුව සැබැවින්ම එම ඩ්‍රෝන් යානය නොමැතිවීමත් ඒ ඔස්සේ අන්‍යයන් තුල තම ශක්තිය සම්බන්ධව බියක් ඇතිකිරීමත් විය හැකිය.
ජපානයේ QTW ඩ්‍රෝන් යානය
ඉරාන ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානය,2013
2013 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ඉරානය විසින් ස්ටෙල්ත් වර්ගයේ නවතම ෆයිටර් ජෙට් යානයක් වන කේහර්-313 යානයේ ඡායාරූප නිකුත් කරන ලදි.නූතන ෆයිටර් ජෙට් යානයක හැඩය ගත් එය බැලූ බැල්මට ඉරානය ගුවන් යානා නිර්මාණ ශිල්පයේ අපූර්ව නිර්මාණයක් බව පෙනේ.නමුත් එය තවමත් නිර්මාණය කරමින් පවතින ගුවන් යානයකි.පහත වීඩියෝ පටයේ දැක්වෙන්නේ දුර සිට පාලනය කල හැකි Qaher 313 යානයේ කුඩා මොඩලයකි.
පහත දැක්වෙන්නේ ඉරාන නිකුත් කල Qaher 313 යානයේ ඡායාරූප කිහිපයකි.2013 පෙබරවාරි මස 1දා පැවති 1979 වසරේ ඉස්ලාමීය විප්ලවයේ ජයග්‍රහණය සැමරීමේ උත්සවයේදී ඉරාන ජනපති මහමුඩ් අහඩිනෙජාඩ් විසින් මෙම යානය නිරීක්ෂණය කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.
Qaher 313 යානය මාධ්‍ය ඉදිරියේ අනාවරණය කල අවස්ථාව
බැලූ බැල්මට එය සාදා නිමකල යානයක් ලෙස පෙනෙන්නේ- සත්‍යය එය නොවේ
යානයේ පිටුපස පෙනුම
නියමු ඇදුමින් සැරසුනු ජේයේෂ්ඨ නිලධාරියෙක්
නාසය කොටස රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට තරමත් විශාල නැති බව පෙනේ
මෙම යානය ඉතා කුඩා, ආදර්ශනය සඳහා නිර්මාණය කල මොඩලයක් බව මෙම ඡායාරූපයෙන් පැහැදිලිවේ.
නියමු කුටියද එතරම් පොහොසත් එකක් බව නොපෙනේ.
යානයේ එන්ජිම ආශ්රිත කටයුතු තවමත් 100% නිමවා නැතිබව පෙනේ.
ඉරාන රූපවාහිනී නාලිකාවක් යානය සම්බන්ධව ඉදිරිපත් කල ප්‍රවෘත්තියක්
ඉරානය සතුව මෙම ස්ටෙල්ත් ප්‍රහාරක යානයේ සැබෑ ප්‍රමාණයේ මොඩලයක් තවමත් ගුවන් ගත කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැති වග පැහැදිලිවන්නේ පහත ඡායාරූපය දුටු විටයි.ඩමාවන්ඩ් නම් අක්‍රීය ගිනි කන්ද ආසන්න අහසේ පියාසර කරන Qaher 313 යානයක් ඉන් නිරූපණය කෙරේ.නමුත් එය සැබෑවක් නොවේ.පසුබිමේ තිබෙන භූ දර්ශනය එලෙසම ගත් ඡායාරූපයක් PickyWallpapers.com වෙබ් අඩවියෙන් සොයාගත හැකිය.එය ඔපදමා ගත්විට ඉරානය විසින් පළකල ඡායාරූපයට බොහෝ සමානය.
ඉරාන විසින් නිකුත් කල පියාසර කරන Qaher 313 යානයේ ඡායාරූපයක්
පහත දැක්වෙන්නේ එම ඡායාරූප දෙකයි.
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද?ඉරානයට තමන් ගැන ප්‍රවෘත්තියක් ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ වෙබ් අඩවිවල පළ කරවා ගන්නට ඉඩ ලැබේ.උදා: ගල්ෆ් මුහුදේ සැරිසරන ඇමෙරිකානු නාවික හමුදාවට අනතුරු ඇඟවීමට ඉරානයට ඕනෑකමක් තිබේ.නමුත් ඇමෙරිකානු නාවික හමුදාවට පහරදීමට ඔවුන්ට ස්ටෙත්ල් ප්‍රහාරක යානා අත්‍යාවශ්‍ය නොවේ.කුඩා වේග ප්‍රහාරක යාත්‍රා සහ කෲස් මිසයිලවලින් සන්නද්ධව, මුහුදු බෝම්බද සහිත ඔවුන්ට එම කාර්යය,ස්ටෙල්ත් ප්‍රහාරක යානා රහිතව කල හැකිය.නමුත් ඉරානයේ මෙම ක්‍රියාවල අරමුණ එක්සත් ජනපදය තුල ඉරානය සම්බන්ධව,ඔවුන්ගේ යුද ශක්තිය සම්බන්ධව බියක් ඇති කිරීම බොහෝවිට අපේක්ෂා කල හැකි අරමුණකි.
උතුරු කොරියාව,2008
ඡායාරූප සංස්කරණයේ යෙදෙමින් ලෝකයා මුලා කරන්නට උත්සාහ දරන එකම රට ඉරානය නොවේ.2008 වසරේ අවසන් කාලයේ උතුරු කොරියාව එරට නායක කිම් ජෝන් ඉල් ගේ ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත මුදාහරින ලදි.එහි අරමුණ ඔහු ආඝාත තත්ත්වයකින් නොපෙළෙන බවත් හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් පසුවන බව පෙන්වීමයි.නමුත් මෙහි දැක්වෙන ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී පෙනෙන දෙයක් වන්නේ කිම් ජෝන් ඉල්ගේ පාදවල සෙවනැල්ල අනෙක් හමුදා නිලධාරීන්ට වඩා වෙනස් වීමයි.එම වසරේදී කිම් ජෝන් ඉල් ඇතුලත් කල ඡායාරූප රැසක්ම මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
උතුරු කොරියාව නිකුත් කල ඡායාරූපය
කිම් ජෝන් ඉල් ඡායාරූපයට පසුව එක් කල බවට තිබෙන සාක්ෂිය
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද? ආඥාදායකත්වයන් සතු ලොකුම ප්රශ්නයන්ගෙන් එකක් වන්නේ තම රටවැසියන්ගේ සිත් තුල තමන් ශක්තිමත් නායකයෙක් යන හැඟීම ඇතිකිරීම සහ එය දිගින් දිගටම පවත්වාගැනීමයි.නමුත් නායකයා අසනීප වී හෝ වෙනත් හේතුවක් මත ප්‍රසිද්ධියේ පෙනීසිටීමට නොහැකිව ගිය හොත් හෝ තම රටවැසියන් ඉදිරියේ ශක්තිමත් නායකයෙක් ලෙස පෙනී සිටීමට නොහැකිව ගිය හොත් රාජ්‍යතන්ත්‍රය කඩා වැටීමටද එය හේතුවක් විය හැකිය.උතුරු කොරියානු නායකයාටද දරුණු රෝගී තත්ත්වය නිසා සුපුරුදු පරිදි ප්‍රසිද්ධියේ පෙනීසිටීමට නුපුලුවන් විය.අවසානයේදී මෙම තත්ත්වය වසන් කිරීමට සිය නායකයාගේ රුව ඡායාරූපවලට එක් කර ප්‍රසිද්ධ කලේ කිම් ජෝන් ඉල් හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් යුතුව සිටින බව ලෝකයා ඉදිරියේ පෙන්වීමටයි.
උතුරු කොරියාව,2011
කාලයක් තිස්සේ ඡායාරූපවලට කිම් ජෝන් ඉල්ගේ රුව එකතු කරමින් ලෝකයා රවට්ටන්නට ක්‍රියා කල උතුරු කොරියාවට ඔහුගේ මරණය වසන් කිරීමට නොහැකිවිය.2011 වසරේදී ඔහු මියගිය පසු දැවැන්ත අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කෙරිණි.අතිවිශාල අවමංගල්‍ය රථ පෙළපාලියක්ද සංවිධානය කර තිබිණි.එහි ඡායාරූපයක් ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.ජපාන සහ උතුරු කොරියානු පුවත් ඒජන්සි දෙකක් විසින් ගන්නා ලද ඡායාරූප දෙකක් අරඹයා මෙවර උතුරු කොරියාවේ ඡායාරූප සංස්කරණය හෙළිදරව් කෙරිණි.කියෝඩෝ නම් ජපාන ප්රවෘත්ති සේවය විසින් මෙහිදී සංස්කරණය නොකල ඡායාරූපය නිකුත් කර තිබිණි.එහි වම්පස කැමරා ශිල්පියෙක් ඇතුලු පිරිසක් රථ පෙළපාලිය සම්බන්ධව සැලකිල්ලක් නොදක්වමින් සිටින අයුරු පෙනේ.ඊට තත්පර කිහිපයකට පසුව ලබාගත් ඡායාරූපයක් උතුරු කොරියානු මධ්‍යම ප්රවෘත්ති සේවය විසින් පළකර තිබිණි.නමුත් ජපාන පුවත් සේවය නිකුත් කල ඡායාරූපයේ වම්පස සිටි කැමරාකරුවා ඇතුලු පුද්ගලයින් හයදෙනෙක් පමණ උතුරු කොරියානු මධ්‍යම ප්රවෘත්ති සේවය පළ කල ඡායාරූපයෙන් අතුරුදහන්ව තිබේ.ඡායාරූප දෙක ලගාගැනීම අතර කාලය තත්පර 3-4කට වැඩි විය නොහැකිය.එම කාලය තුල මේ පිරිසට එතැනින් ඉවත්ව යෑම පහසු නොවේ.සිදුව තිබෙන්නේ උතුරු කොරියානු පුවත් සේවය ඔවුන්ව ඡායාරූපයෙන් මකා දැමීමයි.නිව්යෝක් ටයිම්ස් පුවත් ආයතනය සමග එකතුව මෙම අනාවරණය සිදුකලේ ඩිජිටල් අපරාධ විශේෂඥ හැනි ෆරිඩ් විසිනි.
සංස්කරණය කල ඡායාරූපය
සංස්කරණය කල ඡායාරූපය ගැනීමට තත්ත්පර කිහිපයකට පෙර ලබා ගත් තවත් සේයාරුවක්
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද?මුල් ඡායාරූපය දකින විට වම්පස සිටින කැමරාකරු ඇතුළු කිහිපදෙනා කිම් ජෝන් ඉල්ගේ අවමංගල රථ පෙරහැරට පසුපස හරවා සිටින බව කෙනෙකුට පෙනීම ස්වභාවිකය.උතුරු කොරියානුවන්ගේ පැත්තෙන් එය සිය නායකයාට කරන අවමානයක් ලෙස පෙනෙන්නට ඇති.ඔවුන් වහාම එම පිරිස ඡායාරූපයෙන් කපා හැරීමට ක්‍රියා කලහ.අවාසනාවකට ඊට පෙර එම ස්ථානයේම ඡායාරූප ගත කර තිබිණි.
උතුරු කොරියාව ,2013
කිම් ජෝන් උන් එතරම් කාලයක් උතුරු කොරියාව පාලනය කර නැතිවුවද පසුගිය කාලයේදී උතුරු කොරියාව න්‍යෂ්ඨික අත්හදා බැලීම්,මිසයිල දියත් කිරීම සහ අලුත් පත්වූ නායකයාගේ දරුණු දඬුවම් නිසා ලෝක ජනමාධ්‍ය තුල නිතර කතා බහට ලක්විය.පහත දැක්වෙන ඡායාරූපය උතුරු කොරියාව ප්‍රසිද්ධ කලේ 2013 වසරේදීය.එහි වායුපා යානා අටක් පෙනෙන්නට තිබේ.නමුත් ඒ සියල්ලම ඡායාරූපය ලබාගත් අවස්ථාවේදී එතැන තිබූ වායුපා යානා නොවේ.
මෙම ඡායාරූපය උතුරු කොරියාවේ නිල කොරියානු මධ්‍යම පුවත් ආයතනය 2013 මාර්තු 26 වෙනිදා නිකුත් කල එකකි.එය හොඳින් නිරීක්ෂණය කල හොත් අඩුම තරමින් වායුපා යානා දෙකක් වත් පසුව ඇතුලත් කර තිබෙන බව පෙනේ.
2013 මාර්තු 25දා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළේ පැවැත්වූ යුද අභ්‍යාසයකදී මෙම ඡායාරූපය ලබාගත් උතුරු කොරියානු මධ්‍යම පුවත් සේවය සඳහන් කර තිබිණි-Full size
ක්ලෝනකරණය කල වායුපා යානා පහත ඡායාරූපයේ කොටු කර දක්වා තිබේ.නමුත් වඩාත් වම්පසට වන්නට ඇති රවුම් කල වායුපා යානය ඡායාරූපයේ වෙනත් වායුපා යානයක ක්ලෝනයක් නොවේ.නමුත් එහි තිබෙන දාර සුමට වීම,වර්ණවල වෙනස්කම් ආදී කරුණු නිසා වෙනත් තැනකින් ගෙනැවිත් මෙම ඡායාරූපයට බද්ධ කල වායුපා යානයක් බව පෙනෙන්නට තිබේ.
Full size
පහත දැක්වෙන සජීවීකරණයෙන් පෙන්වන්නේ වායුපා යානයක් ක්ලෝනකරණයට ලක් කර අදාල ස්ථානයට බද්ධ කරන අයුරුය.1)වායුපා යානය තෝරාගෙන එය පිටපත් කරගැනේ. 2)එම කොපිය අදාල ස්ථානයට ගෙන යයි. 3)පිටපත් කල වායුපා යානය අවශ්‍ය පරිදි විශාලනය කර එම ස්ථානයට බද්ධ කරයි.එහි කෙළවරවල් මෘදුව මකාදමා ඡායාරූපය සමග මුහු කිරීම සිදුකරයි.
Full size
වම්පසට වන්නට තිබෙන වායුපා යානය වෙනත් තැනකින් ගෙනැවිත් බද්ධ කල එකක් බව පෙනේ.
Full size
කොරියානු නිල මධ්‍යම පුවත් සේවය නිකුත් කල දෙවන ඡායාරූපයද එකම දිනයේදී එකම ස්ථානයකදී ලබාගෙන තිබේ.නමුත් එය සංස්කරණය කල එකක් බව නොපෙනේ.
Full size
මෙවැන්නක් සිදුකිරීමේ අරමුණ කුමක්ද?බටහිර රටවල් ප්‍රකෝප කරමින් මිසයිල,න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම නිසා උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විශාල වශයෙන් සම්බාධක පනවා තිබෙන නිසා එරට ආර්ථික දුර්වල අඩියක තිබේ.වායුපා යානා වැඩිගණනක් අත්පත් කරගැනීමට උතුරු කොරියාවට අවශ්‍යතාවය තිබිණද ඊට ඉඩක් නැත්තේ මූල්‍යමය වශයෙන් ඔවුන් පහළ අඩියක සිටින නිසාය.මේ නිසා ඔවුන් තමන් සතුව නැති යුද ශක්තියක් පෙන්වීමට ඡායාරූප සංස්කරණ මෘදුකාංග භාවිතා කරයි.
දෙවන ලිපියෙන් හමුවෙමු
Source
-HarshaLulzSec-

+4