අද ශ්‍රී ලංකා දාර්ශණික ටෝක්ස් දිනයයි.....රෙද්ද පල්ලේ ටෝක්ස් පෙරෙන දිනයයි.....රෙද්ද පල්ලේ සුළු වාර්ගික අයිතීන් ගැන දෙන ආදරණීය ටෝක්ස් පෙරෙන උන් සැබෑ ජීවිත වලදී අනුන් කෙරෙහි හැසිරෙන ආකාරයද, රෙද්ද පල්ලේ රට ජාතිය ගැන දෙන ටෝක්ස් පෙරෙන උන් සැබෑ ජීවිත වලදී විදේශ රටක " වීසා" එකක් ලැබුණු විට හැසිරෙන හැටිද, ඔබ දැක ඇතුවාට සැක නැත.......ඔය ඔක්කොම ටෝක්ස් බුකියට පමණි.....
මට පේන දේ මෙච්චරය.....යුද්දයෙන් අතුරුදහන් වූ, යුද්දයට සම්බන්ධ නොවී සිට මරා දමනු ලැබූ, යුද්දයේ මුවාවෙන් අනීතික ක්‍රියාදාමයන් නිසා අතුරුදහන් වූ, හෝ මරා දමනු ලැබූ උතුරේ හෝ දකුණේ කිසිවෙකුගේ පවුල් වල අයට පිටට තට්ටුවක් දමා " ආහ් ! දැන් ඒවා ඔක්කොම ඉවරයි ! ...අයි අයියෝ.....අල්ලල දාන්ඩකෝ.....!.....අද ඉඳන් අපි එක පවුලෙ නෑයෝ...!....ඔන්න මම කියන කොට කියන්න ....!.... " එක මවකගෙ දරු කැළ බැවිනා...." ...! කෝ ඉතින්...?....කියන්නකො....!" කිය කියා ඇති කරන්නට යන වාර්ගික සංහිඳියාව පට්ටපල් බොරු රඟපෑමක් බව, නලු නිළියෝද, ප්‍රේක්ෂකයෝද සහ සුද්දෙන්ම දනිති.......එවැනි බොරු වැඩ වලින් ප්‍රයෝජනයක් ඇත්තේ ඒ බොරු සංහිඳියාව වෙනුවෙන්ය කියා යුද වැදුණු ගෝත්‍ර දෙකේම කුජීත සංස්කෘතීන් විදහා දක්වන සෙප්පඩ විජ්ජා උළෙලවල් කර ආණ්ඩු වලින් සල්ලි ගරා ගන්නා ප්‍රේතයන්ට මිස, යුද වැදුණු ගෝත්‍ර දෙකේ ජනතාවන්ට නොවේ.......මගේ පවුලේ එකෙක් අතුරුදහන්ව සිටියදී, අතුරුදහන් කරන්නට ඇතැයි සැක කළ හැකි පාර්ශවයකින් මට " පාටියකට" ආරාධනා කරන්න ආවා නම්, මම ඌට කොටන්නේ හම තිබ්බ තැනක් හොයාගන්න බැරි වෙන්නය......දෙමළ මිනිහාටත් එහෙම හිතෙනවා ඇතැයි සිතමි.....
අනෙක් අතට වාර්ගික අර්බුදයට දේශපාලනික විසඳුමක් කිව් සැණින් භූමිතෙල් ගෑවුණු අහර කුක්කන් සේ දඟලන්නේ ජාතිකවාදීන් පමණක්ම නොවේ..... ඊනියා රැඩිකල්වාදීන්ය, විප්ලවවාදීන්ය කියා ලොවට කියා ගන්නා, ඇතැම් අය පවා " දේශපාලනික විසඳුම" යන සත්‍යයේ මොහොත උදා වූ විට " නෑ....මේ.....මේ.....විසඳුම කිව්වට ඔහොමම දෙන්න නෙමෙයි......මම කියන්නෙ.....මේ....මේ " යනාදී ලෙස ගොත ගසන හැටි ඔබ දැක ඇත......සමහරු ඊට කෝඳුරු තෙල් හත් පට්ට සහ ටිකවල් යෝජනා කරති.....ඒ කිසිවෙකුට එහෙම එකක් ලොවෙත් උවමනා නැති අතර, ඔවුන් ඔය කියන ආකාරයේ දර්ශණ වාදීන් වී ඉන්නේ මන්දැයි නොදනිමි.....සමහරවිට වාසියක් තිබෙනවා විය යුතුය....
මට හැඟෙන දේ නම් යුද්දය කියා එකක් තව දුරටත් නොපැවතීම හරි හොඳය........ඊට වඩා දෙයක් කියන්නට හිත දෙන්නේ නැත.......කිව්වත් මෙතන කියා වැඩකුත් නැත......
උපුටා ගැනීමකි
https://web.facebook.com/permalink.php?story_fbid=465680663764160& id=100009666914687