යුරෝපයට ලං වෙන්න බැරි චීනය.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    යුරෝපයට ලං වෙන්න බැරි චීනය.

    යුරෝපයට ලං වෙන්න බැරි චීනය.
    89857750_2921418644548263_731392471916871680_n.jpg

    ‍කොරෝනා මතුවුණේ චීනෙන්. එහෙත් චීනය ඒක ලෝක වසංගතයක් බවට පත්වෙන්න දුන්නේ නැහැ. චීනයට නොයෙකුත් චෝදනා එල්ල වුණා. චීනය ඒ වෙනුවට පිළිතුරු දෙන්න ගියෙත් නැහැ. ඔවුහු නිහඩව එකාමෙන් තමන්ගේ රට වෙනුවෙන් හිට ගත්තා. ලෝකයාම අවමන් කරමින් හිටිය කාළයක කෙටි කලකින්ම දෑවැන්ත ඉස්පිරිතාල දෙකක් හදලා තමන්ගේ ජනතාව ගොඩ ගන්න මහා වෙහෙසක් දැරුවා. අද චීනය දිණුම්. චීනය ඉවරයි කියලා හිතාගෙන හිටපු යුරෝපීයන්ට හිතාගන්නත් බැහැ. චීනය තවත් ශක්තිමත්.

    චීනයේ කොරෝනා තියෙන කාළෙත් චීන්නු අපේ රටට ආවා. ඒ සංචාරකයින් විදියට නෙමේ. ඒ රස්සාවල් කරන්න. ඒ ආපු චීන්නු ස්වයං නිරෝධායනකට ලක් වෙලා තමයි සේවා ස්ථාන වලට වාර්තා කලේ. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා චීන කම්පැනි එකක වැඩ කරන. ඒ මල්ලි කියපු විදියට ජනවාරි පෙබරවාරි මාස වල ලංකාවට ආපු චීන්නු ස්වයං නිරෝධානයනට මුහුණ දීලා තමයි ආපසු ඔවුන් සමග මුසු වෙලා වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ වැඩ පිළිවෙල අධික්ෂණය කරන්න චීන තානාපතිතුමා මැදිහත් වෙලා තිබුනා.

    චීනය මෙම රෝගය බොවීම පාලනය කරන්න බොහෝ දේවල් කලා. ඔවුන් තමන්ගේ රටේ පමණක් නොවේ ලෝකයාගේ යහපත ගැන පවා සැලකිලිමත් වුනා. ඔවුන්ට සැලසුමක් තිබුණා. දැඩි පාලන ක්‍රමයක් යටතේ ඔවුන් තමන්ගේ රෝගය පාලනය කලා පමණක් නෙමේ එයින් ජනතාවට යහපත උදා කලා. අපේ මිනිස්සු කළේ චීනයට විශේෂ සැලකිල්ලක් දක්වන බව පවසමින් දේශපාලන මතවාදයක් ගොඩනගපු එක. එහෙම කෑගහගෙන දගලගෙන නටපු අපේම එවුන් ලංකාවට කොරෝනා ගෙනත් ලංකාවම විනාශ කලා කියලා උන්ට තාමත් හිතෙන්නේ නැතිව ඇති. මගේ යු එන් පී මිත්‍රයෙක් අද මා සමග පැවසුවේ මහින්ද සහ චීනය අතර දැඩි හිතවත් බවක් ඇති නිසා සහ ඩීල් ඇති නිසා චීන්නුන්ට මොන නිරෝධායනයක්වත් නැහැ කියලා. ඒ අතරම ජනාදිපතිවරණයේදි මුලින්ම මහින්ද මහත්තයට සුබපතන්න ආවේ චීනය කියලත් මතක් කලා. ඇත්ත ඒක නෙමෙයි. චීන්නු ලග විනය තිබුණා. උන්ගේ රට ඔවුන්ට දුන් උපදෙස් ඔවුන් අකුරටම පිළිපැද්දා. ඒකයි අදටත් චීනෙක් නිසා කොරෝනා හැදුනු අපේ රටේ කෙනෙක් නැති වුණේ.

    එහෙත් ඉතාලිය ඇතුලු යුරෝපීය රටවල හැසිරීම මීට වඩා වෙනස් වුණා. ඔවුන් ලග නිසි සැලැස්මක් හෝ පාලනයක් තිබුණේ නැහැ. ලෝකයට කොරෝනා බොවුණේ යුරෝපයෙන්. අද ඔවුන්ම ඒක පිළිගන්නවා. චීනයේ ලක්ෂ ගානකට රෝගය වැළදිලා මිය ගිය ප්‍රතිශතය අරගෙන බැලුවාම ඉතාලියට වඩා ඒක ප්‍රතිශතාත්මකව අඩුයි. ඉතාලි රජයට මේ රෝගය පාලනය කරන්න තවම බැරි වෙලා තියෙනවා. අපේ රට මේ තත්වයට ඇඳ වැටුණේ ඉතාලියේ සිට පැමිණේන අයගේ නොසැලකිලිමත්කම නිසා. චීන්නුන්ගෙන් අපිට කොරෝනා බොවුණේ නැහැ. චීනේ ඉඳන් ආපු අපේම ළමයින් සහ ඉතාලියේ ඉදන් ආපු අපේම මිනිස්සු අතර ලොකු වෙනසකුත් දකින්න තිබුනා.
    කෙසේ නමුත් යුරෝපයට වැඩියෙන් ආසියාතිකයෝ ඉන්නේ ඉදිරියෙන් කියන එක චීනය අද පෙන්නලා ඉවරයි. ඊයේ වෙන විට ඔවුන් මාක්ස් ඉවත් කලා. ජාතියක් හැටියට කෙටි කාලයකින් ඔවුන් ජය ගත්තා. ඒ විතරක් නෙමේ ඊයේ චීන විශේෂඥ කණ්ඩායම් විවිධ රටවලට යන්න පටන් ගත්තා සහයට. ඒ වගේම මේතාක් නිහඩව හිටපු චීනය ඊයේ කතා කලා. ඒක බොහොම බරපතල කතාවක්. ඇමරිකාවට ඒකට උත්තර දෙන්නම සිද්ධ වෙනවා. අඩුම තරමේ කොරෝනා වෛරසය ගැන චීනය ලැබු උගත් පාඩම් පිළිබඳව විමසා බලන්නට හැකියාව ඇතත් ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ කළේ නැහැ.

    ‍(දේශපාලන මතවාද වලට චීනෙන් ඇරියස් කවර් කරනා අයට මෙම සටහන නොදැක්කා සේ යාහැකිය)

    චම්පා වෛද්‍යතිලක
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    v3imagesbine319667b2bc40d3de705f18047ff83cc-g2wkiytudjb27r5hst2_t1880.jpg


    .
    3yryrtyrty.jpg


    8ryrytrytyrty.jpg

    8tryrtytryrtytryy.jpg


    වැඩ කරනකොට අමාරු හින්දා කොණ්ඩෙ කපලා දානවා
    9rtytryrytryrt.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: :love:
    චීන්නු කියන්නෙ යථාර්තයේ ජීවත් වෙන ප්‍රායෝගික රටක්. යුරෝපෙ උන් මතවාද වලිං අන්ද වෙලා ත්‍රස්තාවාදියො විමුක්ති කාමියො වගේ දකින, වසංගත ප්‍රජාතන්ත්‍රවාදී නොවීමේ අනිටු විපාක විදිහට දකින උන්මත්තක අන්ධභක්තිකයො පිරිසක්. මේකෙන් පස්සෙවත් යුරෝපය අදහන cargo cult ගෝත්‍රිකයන්ගෙයි, අන්ධ භක්තිකයන්ගෙයි ඇස් ඇරේවා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    චීනේ තියෙන පාලනෙත් එක්ක මිනිස්සුන්ට සෙල්ලම් දාන්න බැහැ
    උන්ගේ lockdown කලොත් මොකෙක්ටවත් එලියට යන්න බැහැ
    යුරෝපේ ප්‍රජාතන්ත්‍රවාද එක්ක ඒ වගෙ බැරි නිස අද වෙනකොට කෙල වෙලා තියෙන්නෙ
    WHO එකෙනුත් දැන් කියන්නේ corona වල ව්‍යාප්තියේ කෙන්ද්‍රය යුරෝපේ කියලා
    ජනතාවගෙන් මිලියන 1කට චිනේ රෝගින් 56 ඉද්දි
    ඉතාලිවල 349,නොර්වේ 209,ද.කොරියා 159,
    ස්විස් 159,ඉරාන් 151,ඩෙන්මාර්ක් 149
    ඔය ගොඩක් රටවල් කොච්චර දියුණු වුනත් චීනේට වඩා කෙලවෙලා තියෙන්නේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    හරි හරි ලංකාව ට chinese උන්ගෙන් හැදුනේ නෑ කියමු.
    එතකොට Europe වලට corona දුන්නෙ America වෙන් ද? :eek:
    මන් හිතුවේ corona virus එක china වලින් ආවා කියලා ලෝකේ ට? Europe වලින් ද ආවෙ :eek:
    Europe උනුත් Chinese උං වගේ වඳුරෝ දියබරි කනවද?

     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    හරි හරි ලංකාව ට chinese උන්ගෙන් හැදුනේ නෑ කියමු.
    එතකොට Europe වලට corona දුන්නෙ America වෙන් ද? :eek:
    මන් හිතුවේ corona virus එක china වලින් ආවා කියලා ලෝකේ ට? Europe වලින් ද ආවෙ :eek:
    Europe උනුත් Chinese උං වගේ වඳුරෝ දියබරි කනවද?


    මේක corona කාන්ඩයේ virus එකක් කියලා හොයගන්නකොට වටේ ගිහින් ඉවරයි
    ඒ හොයාගත්ත වෙලවේ ඉඳන් චීනේ උන්ගේ උපරිමය දුන්නා
    යුරෝපේ තියෙන පලනයත් එක්ක චිනේ වගෙ දැඩි ප්‍රතිපත්ති නැති නිසා කෙල වුනා
    අද වෙනකොට චිනෙන් රෝගීන් වාර්තා වෙන්නේ 20ක් විතර
    එකෙනුත් බාගයක් යුරොපේ ඉඳන් චිනෙට ආපු අය
     

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    hmm ane manda bn. Unge krame honda athi. Habai un unge rate minissu virus thiyan eliyata yanawata mokuth kale name sahenan kalayak yanakan. Eka control karanna unta puluwan unanam mechchara meka spread wenne na kylai matanam hithenne
     
    • Like
    Reactions: imhotep