යුරෝපයට ලං වෙන්න බැරි චීනය.
යුරෝපයට ලං වෙන්න බැරි චීනය.
කොරෝනා මතුවුණේ චීනෙන්. එහෙත් චීනය ඒක ලෝක වසංගතයක් බවට පත්වෙන්න දුන්නේ නැහැ. චීනයට නොයෙකුත් චෝදනා එල්ල වුණා. චීනය ඒ වෙනුවට පිළිතුරු දෙන්න ගියෙත් නැහැ. ඔවුහු නිහඩව එකාමෙන් තමන්ගේ රට වෙනුවෙන් හිට ගත්තා. ලෝකයාම අවමන් කරමින් හිටිය කාළයක කෙටි කලකින්ම දෑවැන්ත ඉස්පිරිතාල දෙකක් හදලා තමන්ගේ ජනතාව ගොඩ ගන්න මහා වෙහෙසක් දැරුවා. අද චීනය දිණුම්. චීනය ඉවරයි කියලා හිතාගෙන හිටපු යුරෝපීයන්ට හිතාගන්නත් බැහැ. චීනය තවත් ශක්තිමත්.
චීනයේ කොරෝනා තියෙන කාළෙත් චීන්නු අපේ රටට ආවා. ඒ සංචාරකයින් විදියට නෙමේ. ඒ රස්සාවල් කරන්න. ඒ ආපු චීන්නු ස්වයං නිරෝධායනකට ලක් වෙලා තමයි සේවා ස්ථාන වලට වාර්තා කලේ. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා චීන කම්පැනි එකක වැඩ කරන. ඒ මල්ලි කියපු විදියට ජනවාරි පෙබරවාරි මාස වල ලංකාවට ආපු චීන්නු ස්වයං නිරෝධානයනට මුහුණ දීලා තමයි ආපසු ඔවුන් සමග මුසු වෙලා වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ වැඩ පිළිවෙල අධික්ෂණය කරන්න චීන තානාපතිතුමා මැදිහත් වෙලා තිබුනා.
චීනය මෙම රෝගය බොවීම පාලනය කරන්න බොහෝ දේවල් කලා. ඔවුන් තමන්ගේ රටේ පමණක් නොවේ ලෝකයාගේ යහපත ගැන පවා සැලකිලිමත් වුනා. ඔවුන්ට සැලසුමක් තිබුණා. දැඩි පාලන ක්‍රමයක් යටතේ ඔවුන් තමන්ගේ රෝගය පාලනය කලා පමණක් නෙමේ එයින් ජනතාවට යහපත උදා කලා. අපේ මිනිස්සු කළේ චීනයට විශේෂ සැලකිල්ලක් දක්වන බව පවසමින් දේශපාලන මතවාදයක් ගොඩනගපු එක. එහෙම කෑගහගෙන දගලගෙන නටපු අපේම එවුන් ලංකාවට කොරෝනා ගෙනත් ලංකාවම විනාශ කලා කියලා උන්ට තාමත් හිතෙන්නේ නැතිව ඇති. මගේ යු එන් පී මිත්‍රයෙක් අද මා සමග පැවසුවේ මහින්ද සහ චීනය අතර දැඩි හිතවත් බවක් ඇති නිසා සහ ඩීල් ඇති නිසා චීන්නුන්ට මොන නිරෝධායනයක්වත් නැහැ කියලා. ඒ අතරම ජනාදිපතිවරණයේදි මුලින්ම මහින්ද මහත්තයට සුබපතන්න ආවේ චීනය කියලත් මතක් කලා. ඇත්ත ඒක නෙමෙයි. චීන්නු ලග විනය තිබුණා. උන්ගේ රට ඔවුන්ට දුන් උපදෙස් ඔවුන් අකුරටම පිළිපැද්දා. ඒකයි අදටත් චීනෙක් නිසා කොරෝනා හැදුනු අපේ රටේ කෙනෙක් නැති වුණේ.
එහෙත් ඉතාලිය ඇතුලු යුරෝපීය රටවල හැසිරීම මීට වඩා වෙනස් වුණා. ඔවුන් ලග නිසි සැලැස්මක් හෝ පාලනයක් තිබුණේ නැහැ. ලෝකයට කොරෝනා බොවුණේ යුරෝපයෙන්. අද ඔවුන්ම ඒක පිළිගන්නවා. චීනයේ ලක්ෂ ගානකට රෝගය වැළදිලා මිය ගිය ප්‍රතිශතය අරගෙන බැලුවාම ඉතාලියට වඩා ඒක ප්‍රතිශතාත්මකව අඩුයි. ඉතාලි රජයට මේ රෝගය පාලනය කරන්න තවම බැරි වෙලා තියෙනවා. අපේ රට මේ තත්වයට ඇඳ වැටුණේ ඉතාලියේ සිට පැමිණේන අයගේ නොසැලකිලිමත්කම නිසා. චීන්නුන්ගෙන් අපිට කොරෝනා බොවුණේ නැහැ. චීනේ ඉඳන් ආපු අපේම ළමයින් සහ ඉතාලියේ ඉදන් ආපු අපේම මිනිස්සු අතර ලොකු වෙනසකුත් දකින්න තිබුනා.
කෙසේ නමුත් යුරෝපයට වැඩියෙන් ආසියාතිකයෝ ඉන්නේ ඉදිරියෙන් කියන එක චීනය අද පෙන්නලා ඉවරයි. ඊයේ වෙන විට ඔවුන් මාක්ස් ඉවත් කලා. ජාතියක් හැටියට කෙටි කාලයකින් ඔවුන් ජය ගත්තා. ඒ විතරක් නෙමේ ඊයේ චීන විශේෂඥ කණ්ඩායම් විවිධ රටවලට යන්න පටන් ගත්තා සහයට. ඒ වගේම මේතාක් නිහඩව හිටපු චීනය ඊයේ කතා කලා. ඒක බොහොම බරපතල කතාවක්. ඇමරිකාවට ඒකට උත්තර දෙන්නම සිද්ධ වෙනවා. අඩුම තරමේ කොරෝනා වෛරසය ගැන චීනය ලැබු උගත් පාඩම් පිළිබඳව විමසා බලන්නට හැකියාව ඇතත් ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ කළේ නැහැ.
(දේශපාලන මතවාද වලට චීනෙන් ඇරියස් කවර් කරනා අයට මෙම සටහන නොදැක්කා සේ යාහැකිය)
චම්පා වෛද්‍යතිලක