යුරෝපා රුසියා යුද්ධය
රුසියාව යුරෝපය තුල ආක්‍රමණශීලීව හැසිරෙමින් තිබේ.ඔවුන්ගේ යුක්‍රේන ආක්‍රමණය,නේටෝ රටවල් ප්‍රකෝප කරන අයුරින් ගුවන් සීමා උල්ලංඝනය කිරීම,අන්තර්මහද්වීපික මිසයිලවලින් සන්නද්ධ වීම ආදිය යුරෝපය තුල නැවතත් සීතල යුද්ධය සමාන දේශපාලනික,හමුදාමය වටපිටාවක් නිර්මාණය කරමින් තිබේ.2012 වසරේදී විලැඩ්මීර් පුටීන් ජනපතිධූරයට පැමිණි පසු හමුදාමය නවීකරණ වැඩසටහනක් ලෙස 2020 දශකයේ මැදවන විට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 400ක් නිපදවීම අනුමත කරන ලදි.නමුත් එම අරමුණ මදක් පහත දමා 2015 වන විට මිසයිල 50කට වඩා වත් අත්පත් කරගැනීමට උත්සාහ කරනු ඇති.නමුත් බොර තෙල් මිල ගණන් පහල යෑම,බටහිර සම්බාධක ආදිය නිසා ක්‍රෙම්ලිනයට ඔවුන්ගේ න්‍යෂ්ඨික සහ ගතානුගතික හමුදා නවීකරණ සැලසුම් අපේක්ෂාකල පරිදිම ඉෂ්ඨ කරගත හැකි දැයි ප්‍රශ්නයකි.
එක්සත් ජනපදයට එවැනි මිසයිලවලින් සන්නද්ධ වීමට හේතුවක් දැන් නැත.2010 වසරේදී රුසියා-ඇමෙරිකා උපායමාර්ගික අවි අවම කිරීමේ ගිවිසුමක්(New START) අත්සන් කරන ලදි.ඒ ඔස්සේ දෙරටට අත්කර ගත හැකි උපරිම උපාය මාර්ගික මිසයිල ප්‍රමාණය 700ක් වන අතර යෙදවිය හැකි උපාය මාර්ගික යුදශීර්ෂ ගණන 1550කට සීමා කෙරේ.මෙම ගිවිසුම 2021 තෙක් බලපැවැත්වේ.
රුසියාවේ ආක්‍රමණශීලීභාවය හමුවේ එක්සත් ජනපදය යුරෝපය තුල හමුදා වැඩි කිරීමේ සැලසුම් සකස් කරන ලදි.මෙම තත්ත්වය යුරෝපයේ නේටෝ සාමාජිකයන්ගේ සතුටට හේතුවන බව රහසක් නොවේ.යුදමය වශයෙන් දෙපාර්ශ්වය ශක්තිමත් වීම ඔස්සේ යුරෝපය තුල ශීතල යුද්ධය සමාන අවිනිශ්චිතතාවයක් 2015 පටන් වර්ධනය වෙමින් තිබේ.රුසියාවට කරන සංඥාවක් ලෙස නේටෝ සංවිධානය 2015 වසරේදී හමුදා අභ්‍යාසයක් පෝලන්තයේ සිදුකරන ලදි.එහිදි ඉහල සූදානමකින් පසුවන ඒකාබද්ධ හමුදා(Very High Readiness Joint Task Force (VHRJTF)) යෙදවීමක් කරන ලදි.ඊට නේටෝ සංවිධානයේ රටවල් නමයක් සහභාගී වී තිබේ.
මෙම අවිනිශ්චිතතාවය හටගැනීමට පෙර සිටම රුසියාව සහ යුරෝපා රටවල් යුද අභ්‍යාසවල යෙදී තිබෙන බව පැහැදිලිවම පෙනෙන කරුණකි.බෝල්ටික් මුහුදු ප්‍රදේශය රුසියාවට මෙන්ම නේටෝවටද විශාල වශයෙන් අන්තරායදායි ප්‍රදේශයකි.මෙම ප්‍රදේශයේ සිදුවිය හැකි අනපේක්ෂිත සිදුවීම්,අවගණනයන් හෝ කුපිත කිරීම් දෙපාර්ශ්වයටම නරක ප්‍රතිඵල අත්කර දෙනු ඇත.
ක්ලීනින්ග්‍රෑඩ් යනු රුසියාවට අයත් කුඩාම භූමි ප්‍රදේශයයි.එය රුසියාවේ සිට සැතපුම් 200ක් දුරින් පිහිටා තිබේ.මෙම ප්‍රදේශය සෝවියට් දේශයට ලැබෙන්නේ පෝට්ස්ඩෑම් සම්මේලනයේදී යුරෝපය මිත්‍ර පක්ෂයේ රටවල් අතර බෙදා ගැනීමේදීය(1945).ක්ලීනින්ග්‍රෑඩය බෝල්ටික් මුහුදට මුහුණලා පෝලන්තය සහ ලිතුවේනියාව අතර පිහිටා තිබේ.එහි විශාලත්වය බෙල්ජියමෙන් භාගයක් හෙවත් වර්ග සැතපුම් 5830(වර්ග කි.මී.15100)වේ.මෙහි තිබෙන ප්‍රධානතම නගරය වන්නේ වරායක් සහිත ක්ලීනින්ග්‍රෑඩ්ය.මෙම නගරයෙන් විශාල කොටසක් දෙවන ලෝක යුද්ධයේදී විනාශ විය.1946 දී මෙම භූමි ප්‍රදේශය ක්ලීනින්ග්‍රෑඩ් යන නමින් හඳුන්වන්නට පෙර කොනිග්ස්බර්ග් ලෙස හැඳින්වීය.එම කාලයේදී එහි ජීවත්වූ ජර්මානුවන් බලහත්කාරයෙන් ඉවත් කර සෝවියට් වැසියන් පදිංචි කරන ලදි.ශීත කාලයේ පවා භාවිතා කල හැකි අයිස්වලින් තොර වරායක් ලෙස ක්ලීනින්ග්‍රෑඩ් සෝවියට් දේශයට මෙන්ම වර්තමාන රුසියාවටද වැදගත් වේ.මෙය සෝවියට් දේශය පැවති සමයේදී සෙබලුන් 200,000-500,000 අතර පිරිසකගේ නවාතැන බවට පත්විය.වර්තමානයේදී එහි රුසියානු සෙබලුන් 25,000ක් පමණ රඳවා ඇතැයි කියවේ.යුරෝපය තුල රුසියාවට තිබෙන නේටෝ තර්ජනය අවම කිරීමට මෙම ක්ලීනින්ග්‍රෑඩය භූදේශපාලනිකව අතිශය වැදගත් වේ.සෝවියට් දේශය බිද වැටුනු පසු ලිතුවේනියාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමෙන් රුසියාව සහ ක්ලීනින්ග්‍රෑඩ් අතර භූගෝලීය සම්බන්ධය අහෝසි විය.ලිතුවේනියාව සහ බෙලරුසියාව ඔස්සේ ක්ලීනින්ග්‍රෑඩ් වෙත දුම් රිය මාර්ග තිබේ.මෙම ප්‍රදේශයේ මිලියනයකට ආසන්න ජනගහනයක් සිටින අතර ක්ලීනින්ග්‍රෑඩ් නගර සීමාවේ ජනගහනය 400,000ක් පමණ වේ.
පෝලන්තය සහ ලිතුවේනියාව අතර තිබෙන ප්‍රදේශය දෙස බලන්න.එය රුසියාවේ කොටසක් වන ක්ලීනින්ග්‍රෑඩ් හෙවත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව අත්පත් කරගත් භූමියකි.ක්ලීනින්ග්‍රෑඩ් දැඩි ලෙස හමුදාකරණයට ලක්කර තිබෙන එය යුරෝපා රටවල් විසින් අල්ලාගනියි යන බිය නිසාය.
රුසියාව යුක්‍රේනයේ කොටසක්ව තිබූ ක්‍රිමියාව ඈදාගැනීමට එකට එක කිරීමක් ලෙස යුරෝපයට සහ ඇමෙරිකාවට ක්ලීනින්ග්‍රෑඩ් නම් කුඩා භූමි ප්‍රදේශය අල්ලාගැනීමට හැකිබව දන්නා රුසියාව ක්ලීනින්ග්‍රෑඩ් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.ක්ලීනින්ග්‍රෑඩය සම්පුර්ණයෙන්ම රුසියානු මව් භූමියෙන් වෙන්වී තිබේ.එය නෝටෝ රටවල් වන පෝලන්තය,ලිතුවේනියාව යන දෙරට අතර පිහිටා තිබේ.යුක්‍රේනයේ රුසියානු මැදිහත් වීමෙන් පසුව නේටෝ සංවිධානය සිය සාමාජික රටවල හමුදා බලය තර කිරීමට පියවර ගෙන ඇත.එහි තේරුම නම් යුක්‍රේන් මාදිලියේ කුපිත කිරීමකින් බෝල්ටික් රටවල් ආරක්ෂා කිරීම සහ ක්ලීනින්ග්‍රෑඩය වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමයි.එසේම බෝල්ටික් රටවල් විසංයුක්ත බලශක්ති ජාලකයකට යෑමේ සුදානම් තිබේ.ඊට හේතුව ක්ලීනින්ග්‍රෑඩ් ඔස්සේ තිබෙන බලශක්ති සැපයුම කපා දැමීමෙන් වන බලපෑමට ලක්නොවී සිටීමයි.යුරෝපියානු බලශක්ති ජාලකය හා එක්වීම ඔස්සේ ක්ලීනින්ග්‍රෑඩය ඔස්සේ දිවෙන රුසියානු බලශක්ති සැපයුම(IPS/UPS) මත යැපීමෙන් ඉවත්වන්නට බෝල්ටික් රටවලට හැකියාව ලැබේ .නමුත් නව බලශක්ති සැපයුම් ජාලය අවසන් කිරීමට දශකයක් පමණ කාලයක් ගතවන බව කියවේ.
යුරෝපය තුල පවතින රුසියා-නේටෝ අවිනිශ්චිතබාවය නිසා ක්ලීනින්ග්‍රෑඩ් හි ආරක්ෂාව සම්බන්ධව මෙන්ම එහි යුදමය හැකියාව ගැනත් රුසියාව ගැඹුරින් සිතා බලන්නට සිදුව තිබේ.මෙහිදී රුසියාව පළමුව කලේ මිසයිල නාශක පද්ධති පිහිටුවීමයි.එමගින් සම්පුර්ණ කලාපයම ආවරණය වන අතර නේටෝවේ ඉදිරිගමන වැළැක්වීමටද හැකිය.නේටෝ-රුසියා යුද අභ්‍යාස පෙන්වූ සිතියමේ නිල් පැහැ කඩ ඉරි සහිත වෘත්ත ඔස්සේ එම අවිවල පරාසය පෙන්වා තිබේ.
දෙවනුව රුසියානුවන් කලේ බෝල්ටික් ප්‍රදේශයේ යුද අභ්‍යාස සිදුකිරීමයි.එහිදී ඔවුන් අවශ්‍ය නම් රුසියානු ප්‍රධාන භූමියේ සිට ක්ලීනින්ග්‍රෑඩ් වෙත ගොඩබිම ඔස්සේ කොරිඩෝරයක් විවෘත කල හැකි අයුරින් සංවිධානය වී තිබිණි.මෙහිදී රුසියානු ගුවන් යානා බෝල්ටික් ගුවන් සීමාව හරහා ගමන් කරමින් නේටෝව ඊට ප්‍රතිචාර දක්වන්නට ගතවන කාලය පරීක්ෂා කලේය.
මෙහි අරමුණ වූයේ ක්ලීනින්ග්‍රෑඩ් වෙත නේටෝ හමුදා එවීම හෝ එය හුදකලා කිරීමෙන් වළක්වා ගැනීමයි.එසේම බෝල්ටික් රටවල් බෙදීම හෝ යටත් කරගැනීට තමන්ට හැකියාවක් තිබෙන රුසියාව පෙන්වා තිබේ.
රුසියාව ,ක්ලීනින්ග්‍රෑඩ් ආරක්ෂා කිරීමට දරන උත්සාහය බෝල්ටික් රටවල් ආක්‍රමණයට දරන උත්සාහයක් ලෙස නේටෝවට දර්ශනය විය හැකිය.නේටෝව බෝල්ටික් රටවල් රුසියාවෙන් ආරක්ෂා කිරීමට ගන්නා පියවරයන් රුසියාවට පෙනෙන්නේ තමන්ට එරෙහිව යෑමක් ලෙසයි.විශේෂයෙන් ක්ලීනින්ග්‍රෑඩ් අවට කරන හමුදාමය ශක්තිය ඉහළ දැමීම රුසියාවට කරන තර්ජනයකි.බෝල්ටික් රටවල් භෞතික වශයෙන් යුරෝපයේ අනෙක් රටවලින් හුදකලා වී තිබේ.රුසියානු හමුදා ශක්තිය හා බැලූකල බෝල්ටික් යුද ශක්තිය ඉතා දුර්වලය.රුසියාවට හැකිනම් යුක්‍රේන මාදිලියේ දෙමුහුන් යුද්ධයක් මෙම බෝල්ටික් රටවලට එරෙහිව නිර්මාණය කල හැකිය.එය ආක්‍රමණයක් නොව අභ්‍යන්තර අර්බුධයක් නිර්මාණය කර ඊට සහාය දීමයි.
එක්සත් ජනපදය බෝල්ටික් ප්‍රදේශයේ යුද අභ්‍යාස සිදුකරන්නේද ,යුරෝපයේ යුද බලය ඉහළ නැංවීමට ක්‍රියා කරන්නේද මේ නිසාය.නේටෝවේ එක් අරමුණක් වන්නේ ක්ලීනින්ග්‍රෑඩ් හුදකලා කිරීමයි.රුසියාවට එරෙහිව බෝල්ටික් රටවල් යොදාගැනීමට නේටෝව ක්‍රියා කිරීම නිසා රුසියාවද යම් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පෙළඹ වීමක් ඇතිකරයි.
බෝල්ටික් ප්‍රදේශයේ දැන් මතුව තිබෙන්නේ සුරක්ෂාව සම්බන්ධ සැකයකි.එනම් එක් පාර්ශ්වයක් තමන් අනාරක්ෂිත යැයි සිතා යුදමය වශයෙන් ශක්තිමත් වෙද්දී එය අනෙක් පාර්ශ්වයද ඊට සමාන පියවරක් ගැනීමට උනන්දු කරවයි.දෙපාර්ශ්වයම යුරෝපය තුල සිදුකරන හමුදාමය ගොඩනැංවීම් අවසානයේදී යුද්ධයක් ඇතිවීමට මඟ පෑදිය හැකිය.
නැගෙනහිර යුරෝපය තුල දෙපාර්ශවයම දියුණු කරමින් තිබෙන්නේ ශක්තිමත් නොවන නමුත් වේගවත් හමුදා ක්‍රියාමාර්ගයි.උදා:කෲස් මිසයිල.මෙහි අභිප්‍රාය හැකි ඉක්මණින් සටනක් ජයග්‍රහණය කිරීමයි.මේ නිසා තීරණ ගැනීමේ කාලය අවම වේ.යම් කුපිත කිරීමක් හෝ සිද්ධියක් විශාල දෙයක් ලෙස වරදවා තේරුම් ගෙන ගැටුමක් දක්වා දුර දිග යා හැකිය.රුසියානු යුද ගුවන් යානා නේටෝ ගුවන් සීමාවලට ඉහළින් පියාසර කිරීම වැනි දෙයක් පවා ගැටුමක් ඇවිලීමට හේතුවක් විය හැකිය.මෙවැනි අවස්ථාවකදී රුසියාව නිපදවා තිබෙන කුඩා ප්‍රමාණයේ සංග්‍රාමික/උපායමාර්ගික න්‍යෂ්ඨික අවි යොදාගැනීමේ හැකියාවක් තිබේ.
රුසියානු ජනපති පුටින්ගේ අපේක්ෂාව රුසියාව නැවතත් සෝවියට් යුගයේ මෙන් සුපිරි බලවතෙක් කිරිමයි.ඒ සඳහා අවශ්‍ය වන ඕනෑම පියවරක් ගැනීමට ඔහු පසුබට නොවන බව පසුගිය සමයේ රුසියාව හැසිරුණු ආකාරයෙන් පෙනේ.නමුත් රුසියාවේ වර්තමාන ආක්‍රමණකාරී ස්වභාවය නේටෝව සමග ගැටුමකට මඟ පෑදීමේ අවස්ථාවක්ද තිබේ.රුසියාව ආක්ටික් කලාපය තුල බල ව්‍යාප්තියට ගෙන තිබෙන පියවර පහත ලිපියෙන් කියවන්න.
Source:Vox.com
-HarshaLulzSec-

ජනපති ඔබාමා සහ මෙඩ්වඩෙව් START ගිවිසුම අත්සන් කිරීම - 2010 අප්‍රේල් 8
එක්සත් ජනපදයට එවැනි මිසයිලවලින් සන්නද්ධ වීමට හේතුවක් දැන් නැත.2010 වසරේදී රුසියා-ඇමෙරිකා උපායමාර්ගික අවි අවම කිරීමේ ගිවිසුමක්(New START) අත්සන් කරන ලදි.ඒ ඔස්සේ දෙරටට අත්කර ගත හැකි උපරිම උපාය මාර්ගික මිසයිල ප්‍රමාණය 700ක් වන අතර යෙදවිය හැකි උපාය මාර්ගික යුදශීර්ෂ ගණන 1550කට සීමා කෙරේ.මෙම ගිවිසුම 2021 තෙක් බලපැවැත්වේ.
එක්සත් ජනපදයේ සිදුකල සමීක්ෂණයක ප්‍රථිපල
රුසියාවේ ආක්‍රමණශීලීභාවය හමුවේ එක්සත් ජනපදය යුරෝපය තුල හමුදා වැඩි කිරීමේ සැලසුම් සකස් කරන ලදි.මෙම තත්ත්වය යුරෝපයේ නේටෝ සාමාජිකයන්ගේ සතුටට හේතුවන බව රහසක් නොවේ.යුදමය වශයෙන් දෙපාර්ශ්වය ශක්තිමත් වීම ඔස්සේ යුරෝපය තුල ශීතල යුද්ධය සමාන අවිනිශ්චිතතාවයක් 2015 පටන් වර්ධනය වෙමින් තිබේ.රුසියාවට කරන සංඥාවක් ලෙස නේටෝ සංවිධානය 2015 වසරේදී හමුදා අභ්‍යාසයක් පෝලන්තයේ සිදුකරන ලදි.එහිදි ඉහල සූදානමකින් පසුවන ඒකාබද්ධ හමුදා(Very High Readiness Joint Task Force (VHRJTF)) යෙදවීමක් කරන ලදි.ඊට නේටෝ සංවිධානයේ රටවල් නමයක් සහභාගී වී තිබේ.
නේටෝ සංවිධානය පෝලන්තයේ සිදුකල යුද අභ්‍යාසයක්

නේටෝවේ ප්‍රසාරණයද රුසියාවේ මෙම ආක්‍රමණශීලීබවට හේතුවකි.සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඊට ඇතුලත්ව තිබූ නැගෙනහිර යුරෝපා රටවල් බොහොමයක් මේවන විට නේටෝ සංවිධානය සමග එක්ව රුසියාවට එරෙහිව ක්‍රියා කරයි.
නේටෝ සංවිධානයේ ප්‍රසාරණය
1949:බෙල්ජියම,කැනඩාව,ඩෙන්මාර්කය,ප්‍රංශය,අයිස්ලන්තය,ඉතාලිය,ලක්සැම්බර්ග්,නෙදර්ලන්තය,නෝර්වේ,පෘතුගාලය,එක්සත් රාජධානිය,එක්සත් ජනපදය.
1952:ග්‍රීසිය,තුර්කිය
1955:බටහිර ජර්මනිය
1982:ස්පාඤ්ඤය
1999:චෙක් ජනරජය,හංගේරියාව,පෝලන්තය
2004:බල්ගේරියාව,එස්ටෝනියාව,ලැට්වියාව,ලිතුවේනියාව,රුමේනියාව,ස්ලෝවැකියාව,ස්ලෝවේනියාව
2009:ඇල්බේනියාව,ක්‍රොයේෂියාව

නේටෝ සංවිධානයේ සාමාජිකයින් තද නිල් පැහැයෙන් පෙන්වා තිබේ
නේටෝ සංවිධානයේ සහ රුසියාවේ යුද අභ්‍යාස 2014/2015 වසරවල සිදුවී තිබෙන ප්‍රදේශ පහත සිතියමේ පෙන්වා තිබේ.සෑම වෘත්තයක්ම යුද අභ්‍යාසයක් නිරූපණය කර තිබෙන අතර ඒවාහි විශාලත්වය මගින් පෙන්වන්නේ සහභාගිවූ භටයන්ගේ ප්‍රමාණයයි.
නේටෝ සංවිධානය සහ රුසියාව යුරෝපය තුල යුද අභ්‍යාස සිදුකර තිබෙන අයුරු
මෙම අවිනිශ්චිතතාවය හටගැනීමට පෙර සිටම රුසියාව සහ යුරෝපා රටවල් යුද අභ්‍යාසවල යෙදී තිබෙන බව පැහැදිලිවම පෙනෙන කරුණකි.බෝල්ටික් මුහුදු ප්‍රදේශය රුසියාවට මෙන්ම නේටෝවටද විශාල වශයෙන් අන්තරායදායි ප්‍රදේශයකි.මෙම ප්‍රදේශයේ සිදුවිය හැකි අනපේක්ෂිත සිදුවීම්,අවගණනයන් හෝ කුපිත කිරීම් දෙපාර්ශ්වයටම නරක ප්‍රතිඵල අත්කර දෙනු ඇත.
ක්ලීනින්ග්‍රෑඩ්
ක්ලීනින්ග්‍රෑඩ් යනු රුසියාවට අයත් කුඩාම භූමි ප්‍රදේශයයි.එය රුසියාවේ සිට සැතපුම් 200ක් දුරින් පිහිටා තිබේ.මෙම ප්‍රදේශය සෝවියට් දේශයට ලැබෙන්නේ පෝට්ස්ඩෑම් සම්මේලනයේදී යුරෝපය මිත්‍ර පක්ෂයේ රටවල් අතර බෙදා ගැනීමේදීය(1945).ක්ලීනින්ග්‍රෑඩය බෝල්ටික් මුහුදට මුහුණලා පෝලන්තය සහ ලිතුවේනියාව අතර පිහිටා තිබේ.එහි විශාලත්වය බෙල්ජියමෙන් භාගයක් හෙවත් වර්ග සැතපුම් 5830(වර්ග කි.මී.15100)වේ.මෙහි තිබෙන ප්‍රධානතම නගරය වන්නේ වරායක් සහිත ක්ලීනින්ග්‍රෑඩ්ය.මෙම නගරයෙන් විශාල කොටසක් දෙවන ලෝක යුද්ධයේදී විනාශ විය.1946 දී මෙම භූමි ප්‍රදේශය ක්ලීනින්ග්‍රෑඩ් යන නමින් හඳුන්වන්නට පෙර කොනිග්ස්බර්ග් ලෙස හැඳින්වීය.එම කාලයේදී එහි ජීවත්වූ ජර්මානුවන් බලහත්කාරයෙන් ඉවත් කර සෝවියට් වැසියන් පදිංචි කරන ලදි.ශීත කාලයේ පවා භාවිතා කල හැකි අයිස්වලින් තොර වරායක් ලෙස ක්ලීනින්ග්‍රෑඩ් සෝවියට් දේශයට මෙන්ම වර්තමාන රුසියාවටද වැදගත් වේ.මෙය සෝවියට් දේශය පැවති සමයේදී සෙබලුන් 200,000-500,000 අතර පිරිසකගේ නවාතැන බවට පත්විය.වර්තමානයේදී එහි රුසියානු සෙබලුන් 25,000ක් පමණ රඳවා ඇතැයි කියවේ.යුරෝපය තුල රුසියාවට තිබෙන නේටෝ තර්ජනය අවම කිරීමට මෙම ක්ලීනින්ග්‍රෑඩය භූදේශපාලනිකව අතිශය වැදගත් වේ.සෝවියට් දේශය බිද වැටුනු පසු ලිතුවේනියාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමෙන් රුසියාව සහ ක්ලීනින්ග්‍රෑඩ් අතර භූගෝලීය සම්බන්ධය අහෝසි විය.ලිතුවේනියාව සහ බෙලරුසියාව ඔස්සේ ක්ලීනින්ග්‍රෑඩ් වෙත දුම් රිය මාර්ග තිබේ.මෙම ප්‍රදේශයේ මිලියනයකට ආසන්න ජනගහනයක් සිටින අතර ක්ලීනින්ග්‍රෑඩ් නගර සීමාවේ ජනගහනය 400,000ක් පමණ වේ.
පෝලන්තය සහ ලිතුවේනියාව අතර පිහිටි රුසියාවට අයත් ක්ලීනින්ග්‍රෑඩ් ප්‍රදේශය
ක්ලීනින්ග්‍රෑඩ් ප්‍රශ්නය
පෝලන්තය සහ ලිතුවේනියාව අතර තිබෙන ප්‍රදේශය දෙස බලන්න.එය රුසියාවේ කොටසක් වන ක්ලීනින්ග්‍රෑඩ් හෙවත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව අත්පත් කරගත් භූමියකි.ක්ලීනින්ග්‍රෑඩ් දැඩි ලෙස හමුදාකරණයට ලක්කර තිබෙන එය යුරෝපා රටවල් විසින් අල්ලාගනියි යන බිය නිසාය.
ක්ලීනින්ග්‍රෑඩ්
රුසියාව යුක්‍රේනයේ කොටසක්ව තිබූ ක්‍රිමියාව ඈදාගැනීමට එකට එක කිරීමක් ලෙස යුරෝපයට සහ ඇමෙරිකාවට ක්ලීනින්ග්‍රෑඩ් නම් කුඩා භූමි ප්‍රදේශය අල්ලාගැනීමට හැකිබව දන්නා රුසියාව ක්ලීනින්ග්‍රෑඩ් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.ක්ලීනින්ග්‍රෑඩය සම්පුර්ණයෙන්ම රුසියානු මව් භූමියෙන් වෙන්වී තිබේ.එය නෝටෝ රටවල් වන පෝලන්තය,ලිතුවේනියාව යන දෙරට අතර පිහිටා තිබේ.යුක්‍රේනයේ රුසියානු මැදිහත් වීමෙන් පසුව නේටෝ සංවිධානය සිය සාමාජික රටවල හමුදා බලය තර කිරීමට පියවර ගෙන ඇත.එහි තේරුම නම් යුක්‍රේන් මාදිලියේ කුපිත කිරීමකින් බෝල්ටික් රටවල් ආරක්ෂා කිරීම සහ ක්ලීනින්ග්‍රෑඩය වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමයි.එසේම බෝල්ටික් රටවල් විසංයුක්ත බලශක්ති ජාලකයකට යෑමේ සුදානම් තිබේ.ඊට හේතුව ක්ලීනින්ග්‍රෑඩ් ඔස්සේ තිබෙන බලශක්ති සැපයුම කපා දැමීමෙන් වන බලපෑමට ලක්නොවී සිටීමයි.යුරෝපියානු බලශක්ති ජාලකය හා එක්වීම ඔස්සේ ක්ලීනින්ග්‍රෑඩය ඔස්සේ දිවෙන රුසියානු බලශක්ති සැපයුම(IPS/UPS) මත යැපීමෙන් ඉවත්වන්නට බෝල්ටික් රටවලට හැකියාව ලැබේ .නමුත් නව බලශක්ති සැපයුම් ජාලය අවසන් කිරීමට දශකයක් පමණ කාලයක් ගතවන බව කියවේ.
බෝල්ටික් ප්‍රදේශය බලශක්ති ජාලය
යුරෝපය තුල පවතින රුසියා-නේටෝ අවිනිශ්චිතබාවය නිසා ක්ලීනින්ග්‍රෑඩ් හි ආරක්ෂාව සම්බන්ධව මෙන්ම එහි යුදමය හැකියාව ගැනත් රුසියාව ගැඹුරින් සිතා බලන්නට සිදුව තිබේ.මෙහිදී රුසියාව පළමුව කලේ මිසයිල නාශක පද්ධති පිහිටුවීමයි.එමගින් සම්පුර්ණ කලාපයම ආවරණය වන අතර නේටෝවේ ඉදිරිගමන වැළැක්වීමටද හැකිය.නේටෝ-රුසියා යුද අභ්‍යාස පෙන්වූ සිතියමේ නිල් පැහැ කඩ ඉරි සහිත වෘත්ත ඔස්සේ එම අවිවල පරාසය පෙන්වා තිබේ.
ක්ලීනින්ග්‍රෑඩ් හි රුසියානු S-400 මිසයිල පද්ධති(ගුවන් ආරක්ෂණ මිසයිල)ස්ථානගත කර තිබෙ.
දෙවනුව රුසියානුවන් කලේ බෝල්ටික් ප්‍රදේශයේ යුද අභ්‍යාස සිදුකිරීමයි.එහිදී ඔවුන් අවශ්‍ය නම් රුසියානු ප්‍රධාන භූමියේ සිට ක්ලීනින්ග්‍රෑඩ් වෙත ගොඩබිම ඔස්සේ කොරිඩෝරයක් විවෘත කල හැකි අයුරින් සංවිධානය වී තිබිණි.මෙහිදී රුසියානු ගුවන් යානා බෝල්ටික් ගුවන් සීමාව හරහා ගමන් කරමින් නේටෝව ඊට ප්‍රතිචාර දක්වන්නට ගතවන කාලය පරීක්ෂා කලේය.
රුසියානු යුද නෞකාවක් ක්ලීනින්ග්‍රෑඩ් හි Baltiisk හමුදා වරායට පැමිණි අවස්ථාවක්
මෙහි අරමුණ වූයේ ක්ලීනින්ග්‍රෑඩ් වෙත නේටෝ හමුදා එවීම හෝ එය හුදකලා කිරීමෙන් වළක්වා ගැනීමයි.එසේම බෝල්ටික් රටවල් බෙදීම හෝ යටත් කරගැනීට තමන්ට හැකියාවක් තිබෙන රුසියාව පෙන්වා තිබේ.
බෝල්ටික් ප්‍රශ්නය
රුසියාව ,ක්ලීනින්ග්‍රෑඩ් ආරක්ෂා කිරීමට දරන උත්සාහය බෝල්ටික් රටවල් ආක්‍රමණයට දරන උත්සාහයක් ලෙස නේටෝවට දර්ශනය විය හැකිය.නේටෝව බෝල්ටික් රටවල් රුසියාවෙන් ආරක්ෂා කිරීමට ගන්නා පියවරයන් රුසියාවට පෙනෙන්නේ තමන්ට එරෙහිව යෑමක් ලෙසයි.විශේෂයෙන් ක්ලීනින්ග්‍රෑඩ් අවට කරන හමුදාමය ශක්තිය ඉහළ දැමීම රුසියාවට කරන තර්ජනයකි.බෝල්ටික් රටවල් භෞතික වශයෙන් යුරෝපයේ අනෙක් රටවලින් හුදකලා වී තිබේ.රුසියානු හමුදා ශක්තිය හා බැලූකල බෝල්ටික් යුද ශක්තිය ඉතා දුර්වලය.රුසියාවට හැකිනම් යුක්‍රේන මාදිලියේ දෙමුහුන් යුද්ධයක් මෙම බෝල්ටික් රටවලට එරෙහිව නිර්මාණය කල හැකිය.එය ආක්‍රමණයක් නොව අභ්‍යන්තර අර්බුධයක් නිර්මාණය කර ඊට සහාය දීමයි.
නේටෝ සංවිධානයේ සාමාජික රටවල් සහ සාමාජිකත්වය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින රටවල්
එක්සත් ජනපදය බෝල්ටික් ප්‍රදේශයේ යුද අභ්‍යාස සිදුකරන්නේද ,යුරෝපයේ යුද බලය ඉහළ නැංවීමට ක්‍රියා කරන්නේද මේ නිසාය.නේටෝවේ එක් අරමුණක් වන්නේ ක්ලීනින්ග්‍රෑඩ් හුදකලා කිරීමයි.රුසියාවට එරෙහිව බෝල්ටික් රටවල් යොදාගැනීමට නේටෝව ක්‍රියා කිරීම නිසා රුසියාවද යම් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පෙළඹ වීමක් ඇතිකරයි.
නැගෙනහිර යුරෝපයේ සුරක්ෂිතභාවය සම්බන්ධ සැකය සහ යුද්ධයක් දක්වා එය දියුණුවීමේ හැකියාව
බෝල්ටික් ප්‍රදේශයේ දැන් මතුව තිබෙන්නේ සුරක්ෂාව සම්බන්ධ සැකයකි.එනම් එක් පාර්ශ්වයක් තමන් අනාරක්ෂිත යැයි සිතා යුදමය වශයෙන් ශක්තිමත් වෙද්දී එය අනෙක් පාර්ශ්වයද ඊට සමාන පියවරක් ගැනීමට උනන්දු කරවයි.දෙපාර්ශ්වයම යුරෝපය තුල සිදුකරන හමුදාමය ගොඩනැංවීම් අවසානයේදී යුද්ධයක් ඇතිවීමට මඟ පෑදිය හැකිය.
යුරෝපා රටවල න්‍යෂ්ඨික අවි බලය
නැගෙනහිර යුරෝපය තුල දෙපාර්ශවයම දියුණු කරමින් තිබෙන්නේ ශක්තිමත් නොවන නමුත් වේගවත් හමුදා ක්‍රියාමාර්ගයි.උදා:කෲස් මිසයිල.මෙහි අභිප්‍රාය හැකි ඉක්මණින් සටනක් ජයග්‍රහණය කිරීමයි.මේ නිසා තීරණ ගැනීමේ කාලය අවම වේ.යම් කුපිත කිරීමක් හෝ සිද්ධියක් විශාල දෙයක් ලෙස වරදවා තේරුම් ගෙන ගැටුමක් දක්වා දුර දිග යා හැකිය.රුසියානු යුද ගුවන් යානා නේටෝ ගුවන් සීමාවලට ඉහළින් පියාසර කිරීම වැනි දෙයක් පවා ගැටුමක් ඇවිලීමට හේතුවක් විය හැකිය.මෙවැනි අවස්ථාවකදී රුසියාව නිපදවා තිබෙන කුඩා ප්‍රමාණයේ සංග්‍රාමික/උපායමාර්ගික න්‍යෂ්ඨික අවි යොදාගැනීමේ හැකියාවක් තිබේ.
නැගෙනහිර යුරෝපීය නේටෝ රටවල යුද ශක්තිය
රුසියානු ජනපති පුටින්ගේ අපේක්ෂාව රුසියාව නැවතත් සෝවියට් යුගයේ මෙන් සුපිරි බලවතෙක් කිරිමයි.ඒ සඳහා අවශ්‍ය වන ඕනෑම පියවරක් ගැනීමට ඔහු පසුබට නොවන බව පසුගිය සමයේ රුසියාව හැසිරුණු ආකාරයෙන් පෙනේ.නමුත් රුසියාවේ වර්තමාන ආක්‍රමණකාරී ස්වභාවය නේටෝව සමග ගැටුමකට මඟ පෑදීමේ අවස්ථාවක්ද තිබේ.රුසියාව ආක්ටික් කලාපය තුල බල ව්‍යාප්තියට ගෙන තිබෙන පියවර පහත ලිපියෙන් කියවන්න.
ආක්ටික් ආධිපත්‍යය උදෙසා රුසියානු සැලසුම්
Source:Vox.com
-HarshaLulzSec-