මෙතන නැකැත් හා පොරොන්දම් ගැන කියන්න ගිහිල්ලා නිකන් දික්කසාද ගැන කේස් එකක් දාගන්න එපා.
ලංකාවේ දික්කසාද නම් වැඩි වෙලා තමයි ඒකට නීතිමය පසුබිමක් තියෙනවා. ලංකාවේ දික්කසාද නීතිය ඉතාම තදයි. දෙදෙනාගේ කැමැත්තෙන් කවදාවත් වෙන් වෙන්න බෑ. ඒ උනාට දැන් කරන්නේ දෙපැත්තේ නීතීඥ අනුමැතියෙන් ද්වේශ සහගත ඇතෑරයාමක් වගේ දෙයක් පෙන්නුම් කරන්න උත්සාහ කරන එක. ඉතින් විදිවිධාන තමන්ට ඕන විදිහට නම්මවාගෙන බොහෝ දෙනෙක් අද දික්කසාදය ගන්නවා.
ඒක පැත්තකට දාමු. මෙතන කේස් එක තියෙන්නේ පොරොන්දම් වල සත්‍යාසත්‍ය භාවය ගැන. ඒක ගැන කතා කරමු. ඔය අපි සාමාන්‍යයෙන් බලන පොරොන්දම් විතරක් නෙවෙයි 'යෝනි' පොරොන්දමත් වැදගත් වෙනවා කියලා මම අහලා තියෙනවා.
කොහොම උනත් පොරොන්දම් බලලා කරපු දීග කැඩිලා ගිහාම ඒක ජෝතිශ්‍යවේදියාගේ දුර්වලකම කියලා ඇඟ බේරාගන්නේවත් දීගේ හරි ගියාම ජෝතිශ්‍යයේ බලය කියලා උදම් වෙන්නේ නැතුව. මේක හරියට විග්‍රහ කරන්න පුලුවන් නම් හොඳයි.