යූඇන්පිය වැඩ් පෙන්වයි
ශ්රීලනිපෙන් සහ පොහොට්ටුවෙන් මෙවර තරඟ කරමින් සිටි අපේක්ෂකයෝ 3ක් එය එපා වී එජාපයට එති
(ලංකා ඊ නිව්ස් - 2018.ජන.12, ප.ව.5.10) කොළොන්නාව මැතිවරණ කොට්ඨාශයේ පළාත් පාලන ආයතන කිහිපයක ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් මෙවර තරඟ කරන අපේක්ෂකයින් තිදෙනෙකු ඇතුළු එම පක්ෂවලට අයත් ක්රියාකාරී සාමාජිකයන් රැසක් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතින් අද (12) දින එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.
කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙලෙස එජාපයට එක්වූ අය අතර, කොළොන්නාව නගර සභාවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ හිටපු නාගරික මන්ත්රීවරුන් වන සුදත් සේනක, චින්තක මුතුකුමාරණ, එම නගර සභාවට මෙවර ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයින් වන සමන් නිශ්ශංක, මංජුලා හේරත් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) තරඟ වදින අපේක්ෂක සහ ප්රජාතාන්ත්රික වාමාංශික පෙරමුණේ කොලොන්නාව ආසනයේ ප්රධාන සංවිධායක වෙලින්ටන් කහඳවලආරච්චි යන මහත්ම මහත්මීහු ඒ අතර වෙති.
එක්සත් ජාතික පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්රි එස්.එම්. මරික්කාර් මහතා කොලොන්නාව ප්රදේශයේ දියත් කර තිබෙන ජනතාවාදී වැඩපිළිවෙල අගය කරමින් මෙලෙස තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව මෙම පිරිස පැවසූහ.