යූකේ ලොස්ට් එක
"අපේ ත්රිකට් කොල්ලො ටිකට රෙඩ් කාපට් එලන්න නෙමෙයි බ්ලැක් කාපට් එලල පිලි ගන්ඩ තමා මේ පාර වෙලා තියෙන්නෙ. නවයක් ගහලත් අම්මප එකක්වත් ගොඩ යන්න බැරි වෙච්ච හැටි. මේ අටපට්ටම් ත්රිකට් ටීම් එක ගැන හොයන්න යන්ට ඕනෑ කොමිටලේ පැත්තට." තෙවැනි විනිසුරු තනියම මුමුණ මුමුණ කොමිටලේ පැත්තට ගියා.
සීතල යුකේවල මාස ගාණක් මහන්සි වෙලා හාන්සි වුන්නු ඇන්ජියි, සනා ළමයයි සැට් එකම මිරිඩියා එකට ප්ලේස් කොරන්න බැස්සා කොමිටලේ හන්දියෙන්. අම්මේ කස්ටියව සුදු මැලි වෙලා. මේ සේරම පුරස්න අස්සෙ ලොස්ට් එකට කමෙන්ට් දෙන්න සනා ළමයා හොඳ වර්ඩ් ටිකක් සැට් කොරගෙන තමයි ගියේ. මේ සේරම ටෝක්ස් ගැන ඇහැ ගහගෙන ඉන්න ආටා මල්ලි තමයි මේකෙ හොට් නිව්ස් ටික දන්නෙ.
"ආටා මල්ලි මොකද නිදි මතේ වගේ. අද හයර් එකක්වත් නැද්ද."
"ආ..සෑර් කම් හියර්... ඔය කොම්පරස් එකේ සීන් ටික හීනෙන් දැක දැක තමයි මම හිටියේ. මම දැක්ක හීනෙ තමයි ඔය සනා බෝයිස්ලා එහෙම දැන් මිරිඩියා කස්ටියට කියන්නෙ."
"අම්මප මොකක්ද ආටා මල්ලි ඔයා දැකපු සීන් එක. ඒක තක්කෙටම හරිද. කිව්වනම් බලන්න ඔය හෝට් හීනේ මොකක්ද කියලා."
"සෑර් ඔය යුකේ ගිය සැට් එක සෙට් කෙරුවෙ අරා අයියනෙ. සනා බෝයිස් ළගට වෙලා ඔළුව වන වනා තමයිලු හිටියේ. මොකද සනා බෝයිස්ට පත්වීම් ලෙටර් එක නැති නිසා අරාගෙ හැමදේටම ඔළුව වන වනා තමයි ඉඳල තියෙන්නෙ. සැට් එක පික් කොරාට පස්සෙ තමා සනාට ලෙටර් එක ලැබිල තියෙන්නෙ."
"ඉතිං ආටා මල්ලි අරා කියන්නෙ හොඳ බුලට් එකක්නෙ. ඒකයි යුකේ ලෝස්ට් එකයි අතර තියෙන කේස් එක මොකක්ද."
"අනේ සෑර් සනාට µsට් සයිඩ් එකක් නෙමෙයිලු යුකේ ගියේ. සනා ඉතිං යන්නම් වාලෙ ටුවර් එකට ගියා තමයි නිකන් ෆන් එකට වගේ. ඇරත් එයා දෙතුන් ගමනක් ට්රැවල් කොරලත් තියෙන්නෙ. ඒත් ඉතිං හන්ඩර් ප්රසන්ට් සනාගේ සිලෙක්ෂන් නෙමෙයි හින්ද එයා වැඩිය කෙයා කොරල නැහැ."
කොහොමින් කොහොම හරි ලෙඩ ගොඩක් දාගෙන අන්තිමට බෝලස්ලා ගෙදර ආවා. ඕකට ඉතිං මීට පස්සෙ අපේ ත්රිකටස්ලා යනකොට ඔය තරු පහ හයේ හොටෙල් වලට වඩා හොස්පිටල් එකක නැවැත්තුවානම් බෙහෙත් අරං ග්රවුන්ඩ් එකකට යන්න පුළුවන්. නැත්තම් කෙලින්ම ග්රවුන්ඩ් එකට ගියොත් ඒ අය අයෙත් යන්නෙ හොස්පිට්ල්නෙ.
වැඩේ කියන්නෙ කොච්චර ප්රැක්ටිස් කරලත් ඉන්ජරි නැති ත්රිකටස්ලා ටික ටුවර් ගිය ගමන් කකුලෙ ලෙඩේයා...කොන්දෙ ලෙඩේයා...බඩේ ලෙඩේයා...අතන මෙතන ලෙඩේයා... කියල අකුලගෙන එන එක නොවැ.
"සෑර් මට නිදි මතයි. ඊයේ රෑ නයිට් හයර් කෙරුවෙ. ඔය ඉන්ජරි සැට් එක දැන් ඔසීවලට ගහන්න ෆිට් වෙනවලු. ඊට පස්සෙ ආයිත් ඉන්ජරි වෙනවලු. කොහොම හරි හැට පැන්න අංකල්ව දාල ඔය මැචස් ගැස්සුවත් වෙන්නෙ පරදින එකනෙ. හැබැයි ඔය තරම්නම් ඉන්ජරි නැතිවෙයි. ඒ නිසා සෑර් අපි විසිර යමු බායි.. සීයු..."
"ඕකේ ආටා මල්ලි ෆාස්ට් බෝලිං කෝච් දැං කටින් කෝච් වෙන්ඩ ඇති. මොකද එයාගෙ බෝලස්ලා ඔක්කොම ලෙඩ ගොඩකනෙ. ඕවට ඉතිං අපිට කියන්න තියෙන්නෙ ඔහොම හිටං කියල තමා.
අවි