යූ ක්නෝව් මයි ෆැමිලි ඊස් සික්!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    මං දවසක් ඔෆිස් එක ඉස්සරහා කැෆෙටීරියා එකේ මුල්ලක වාඩිවෙලා කෝපි එකක් බොනවා. ටිකකින් ඉන්දියන් පෙනුමක් තියන බුවෙක් මගේ මේසෙ ලඟට ඇවිල්ලා , විලියම් හොල්ලන හෙල්ලටවත් නැති තරමේ ඇක්සන්ට් එකක් දාලා ඒ කිවේ මේ විලියම් ශේක්ස්පියර්ටත් නැති තරමේ එකක්, දාලා

    "හව්සගොයින්ග්බ්‍රාහ්" (How is going brah)

    ටහුඩු මුගේ කඩුව කියලා හිතන ගමන් මාත්

    "නොට් බෑඩ් බට් නොට් ග්‍රේට් , හෙල්ප් යුවර් සෙල්ෆ් " (Not bad not great, help yourself)

    කියලා ඌට පුටුවක් පෙන්නලා මං කෝපි උගුරක් බිව්ව. ඌත් ඉඳගෙන ලේන්සුවක ඔතාපු කෑම පෙට්ටියක් දිග ඇරියා. ටික්කා මසාලා, ගරම් මසාලා, ටැන්ඩූරි මසාලා සේරෝම දාලද මන්දා ඒ පුසුඹට මට කෙලත් ඉණුවා උනාට අල්ලපු මේසේ සුද්දියො ටිකගේ මූණ ඤාළු උනා.

    මිනිහා කිසි වග ව්බාගයක් නැතුව බත් මාළු පිණි අනාගෙන අල්ලපුරාම ගාගෙන කට වටෙත් ගාගෙන කනවා. ඒ මදිවට හරකෙක් හීනෙන් තප්පුලනවා වගේ හවුච් හවුච් ගාලා තලුත් ගහනවා. ඒ මදිවට මූ ඒ අස්සෙ මගෙන් විස්තර අහනවා

    " ස්ටුඩන්ට් ?" (Student?)

    මං ලාවට හිනා උනා.

    "අයි ඇම් සිටිසන් " (I am citizen)

    මට ෆක ද ඕයි කියලා අහන්න හිතුනත් මං

    " ගුඩ් ෆො යූ" (Good for you)

    "ඉට් ඊස් සෝඕඕඕඕඕඕ හාර්ඩ් ටු ගෙටින් සිටිසන් සිප් ඉන් ඇමෙර්රිකා" (It is sooooo hard to getting citizenship in America)

    මේ මොන මරාලයක්ද යකෝ මේ කියල කල්පනා කරන ගමන් මං හූමිටි තියනව.

    " ලකී යූ " (Lucky you!)

    මං කෝපි කෝප්පෙත් අරන් නැගිටලා යන්න හිතුව විතරයි ඌ මෙහෙම කිව්වා

    " යූ ක්නෝව් මයි ෆැමිලි ඊස් සික්" (You know, my family is sick)

    මං මිනිහගේ හිත හැදෙන්නත් උත්තර දෙන්න ඕන එකේ මෙහෙම කිව්වා

    " අයි ඇම් වෙරි සොරි ටු හියර් දිස්, අයි විල් කීප් යූ ඇන්ඩ් යුවර් ෆැමිලි ඉන් මයි තෝට්ස් ඇන්ඩ් ප්‍රේයාස්" (I am very sorry to hear this, I will keep your family in my thoughts and prayers)

    හත්තිලව්වෙ ඌ එක පාරටම නැඟිටලා මට බැනලා මේසේ උඩ තිබ්බ මගේ කෝපි ජෝගුවත් පෙරලලා, උගේ කෑම පෙට්ටියත් කිහිල්ලෙ ගහගෙන දඹදිව් තලයේ උපන් ගතිය පෙන්නලා උකත් පුඩ දාන් යන්න ගියානේ.

    තවත් තත්පර කීපෙකින් තමයි මීටර් උනේ දෙයියනෙ ඒ යකා කියලා තියෙන්නෙ උගේ පවුල සික් ජාතිකයන් (Sikh) මිසක්ක ලෙඩ්ඩු (Sick) නොවෙන වග. කවුද දන්නේ අනික අපිට මොකටද. මං එලියට යන්න කියලා හිතාගෙන නැගිට්ට.

    ඒක නෙමේ හොඳම එක මෙන්න මේක

    මං ඒ වෙච්ච දේ කල්පනා කර කර එලියට යන්න හදද්දි වේටර් වැඩේ කරන මැක්සිකන් කාරයා හෙමීට කිට්ටු වෙලා අහපි

    "ඩිඩ් යු ගායිස් ජස්ට් බ්‍රේක් අප්?"

    උගේ ග්‍රෑන්ඩ්මාමිට පොලොස් මැල්ලුං ලියන්න ඌට තියන ප්‍රස්න මං ඌට සිංහලෙන්ම

    අනේ පලයං උ ක් තෝ කියාගෙනම එන්න ආවා.

    එඤ්ඤං
    කුෂාන් ප්‍රේමසිරි