යෙහෙළියෝ :)

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මේක වැඩිය හිනා යන කතාවක් නෙවෙයි. එත් ඇත්ත සිද්ධියක් නිසා ලියන්න හිතුණා. මෙලෝම රහක් නැහැ කියලා මට බණියිද දන්නෙත් නැහැ.
    මේ සිද්ධිය මට කියුවේ, අපේ ලෙක්චරර් කෙනෙක්. එයාගේ වයසේ හැටියට, මේක අසූව දශකයේ අග භාගයේ සිද්ධ වුනු එකක් කියල හිතන්න පුළුවන්.
    ඔයගොල්ලෝ දැකල ඇතිනේ, සමහර කෙල්ලෝ ඉන්නවා, බඳින්න ඔන්න මෙන්න ඉන්න කපල් එකක් වගේ තමයි ජීවත් වෙන්නේ.
    යන්නේ එන්නේ, කන්නේ බොන්නේ, ඉන්නේ වාඩිවෙන්නේ, එකට. සමහර වෙලාවට අතිනුත් අල්ලගෙන තමයි මේ අය යන්නේ. හැබැයි වැරදියට හිතන්න එපා. මේ අය අර ලෙස්බියන් ගණයට වැටෙන උන් නෙවෙයි. මේක බොක්කෙන්ම තියෙන යාලුකම. ලංකාව වගේ සංස්කෘතියක් තියෙන රටක, හැම දෙකටම එහෙම යාලුවෙක් ඉන්න එක, බැඳපු නැති ගෑණු ළමයෙකුට හොඳයි තමයි. එත් සමහර වෙලාවට, යාළුවා නිසා අමාරුවේ වැටෙන අයත් ඉන්නවා. ලෙස්බියන්ස්ලා ඇති වෙන්න ඇත්තෙත් මේ වගේ අයගෙන්ම වෙන්න ඇති.
    මේ කියන කාලේ අපේ කැම්පස් එකේ ගෑණු ළමයි වැඩිය ඉඳලත් නැහැ. හිටපු දෙතුන් දෙනා අතර හිටියලු, මේ වගේ යෙහෙළියෝ කපල් එකක්. මුන් දෙන්නත් කරන්න පුළුවන් හැම එකක්ම කරන්නේ එකට. කොයි වෙලාවෙවත් එකෙක්ව තනියෙන් නම් දකින්න හම්බවෙන්නේ නැහැ. නිතරම දෙන්නම ඩබල් දාල තමයි ඉන්නේ. කොටින්ම ටොයිලට් යන්නෙත් එකට (එක්කෙනෙක්ට විතරක් යන්න පුළුවන් ටොයිලට් ගැන නෙවෙයි මම කියුවේ). කොල්ලෙක්ට ඉතින් ආත්මෙකට මේ කෙල්ලෙක්ගෙන් අහන්න විදියකුත් නැහැ. එකෙක් තනියෙන් හම්බුවෙන්නෙම නැහැනේ. කාන්තාරේදී යක්කුත් බඩු වෙන නිසා, මේ කෙල්ලන්ට ට්‍රයි කරන කොල්ලොත් මේ ලවු එක කඩන්න මාර ට්‍රයි.
    දවසක් මේ දෙන්නගෙන් එක්කෙනෙක් සුළු දිය පහ කිරීමේ අවශ්‍යතාවය පිණිස ටොයිලට් එකට ගියාලු. අනික් කෙල්ල, යාළුවා එනකන් දොර ළඟ මුරලු. මේ වගේ කෙල්ලෝ මුර කරන K G කොල්ලො නම් අදටත් කැම්පස්වල ඉන්නවා. ඒක වෙනම කතාවක්.
    ඔන්න අර ගෑණු ළමය තමුන්ගේ බර සැහැල්ලු කර ගෙන ටොයිලට් එකේ ඉඳන් එළියට එනවලු. මේ ගෑණු ළමය ඇඳගෙන ඉඳල තියෙන්නේ, ක්‍රීම් පාට දිග කලිසමක්. කලිසමේ ඉස්සරහ, වතුර බින්දුවක පැල්ලමක් ලස්සනට සලකුණු වෙලා. අත් දෙක හරි මූණ හරි හෝදගන්න කොට වැටුණු එකක් වෙන්න ඇති.
    ඒත් මේ වතුර බින්දු පැල්ලම, කොල්ලන්ට මාර ෆන් එකක් දෙමින්, පැහැදිලිවම කලිසමේ ඉස්සරහ අදාළ ස්ථානයේ රවුමට, ලස්සනට, පේනවා.
    මේක දැක්ක කොල්ලෝ, ක්ෂණිකව කෙල්ලට නමක් රෙජිස්ටර් කළා. කෙල්ලගේ අලුත් කාඩ් එක තමයි;
    ‘චූ බින්දුව’
    කෙල්ලෝ දෙන්නා හැම දෙයක්ම එකටමනේ කරන්නේ. ඉතින්, යාලු කෙල්ලටත් එත් එක්කම නමක් නොදැම්මොත් හොඳ නැහැනේ කියලා හිතපු අහිංසක කොල්ලෝ සෙට් එක, යාලුවගේ කාඩ් එකත් මේත් එක්කම රෙජිස්ටර් කරන්න ඕන කියල යෝජනා කර ගත්තා.
    ‘චූ බින්දුවට’ ගැලපෙන නමකුත් දාන්නත් එපැයි.
    කොල්ලොත් ඉතින් හිතලා, හිතලා, හිතලා, ගැලපෙන නමක් හොයා ගත්තා.
    ඔන්න ඔහොම ‘චූ බින්දුවගේ’ යාළුවා, ‘ගූ කෑල්ල’ වුණා.


    :) :)
    උපුටා ගැනීම http://tlr.thelastrow.net/2011/06/30/යෙහෙළියෝ/