යෝෂිතගේ ලව් එක කඩන්න මර්වින්ට බාරදීලා

gonNamba

Banned
Dec 20, 2011
135
15
0
යෝෂිතගේ ලව් එක කඩන්න මර්වින්ට බාරදීලා

ඉදිරි කැබිනට් සංශෝධනයේදී මර්වින්ට නව අමාත්‍යංශයක්

Posted by Paparasi News Wednesday, December 21, 2011


දැනට මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ආචාර්ය මර්වින් සිල්වාට ඉදිරි කැබිනට් සංශෝධනයේදී නව අමාත්‍යංශයක් පිහිටුවා එහි වැඩ භාරදීමට තමා අදහස් කරගෙන සිටින බව ජනාධිපතිවරයා තම හිතවතුන් වෙත පවසා ඇතැයි ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.

මෙම නව අමාත්‍යංශය වන්නේ, ‘ඥාති සම්බන්ධතා’ අමාත්‍යංශයයි.

ආචාර්ය මර්වින් සිල්වාට වැඩක් කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඕනෑම අයෙක්ට කිසිදු පැකිලීමකින් තොරව නෑදෑකම් කියාපායි. බෙන්තර ගෙඟන් එහා සෑම අයෙක්ම ඔහුගේ ඥාතියෙකි. ඔහු පැවත එන්නේ දුටුගැමුණුගේ ඥාති පරපුරෙනි. ජනාධිපතිවරයා ඔහුගේ සමීප ඥාතියෙකි. බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ බිරිඳ පුෂ්පා රාජපක්‍ෂ ඔහුගේ ඥාතිවරියකි.

ජනාධිපතිවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්‍ෂ, ආනන්ද අබේනායකගේ සහ චමිලා ෆොන්සේකාගේ දියණිය වන යසාරා අබේනායක සමග පවත්වාගෙන යන පේ‍්‍රම සම්බන්ධතාවය මුල් අවදියේදී කඩා දැමීමට ජනාධිපතිවරයා භාරදී තිබෙන්නේ මර්වින් සිල්වා ඇමතිවරයාටය.

‘‘බය වෙන්ඩ එපා සර්.... සතියෙන් මම වැඬේ කරලා දෙන්නම්’’ යනුවෙන් ජනාධිපතිවරයාට පොරොන්දු වී ගෙදර පැමිණි මර්වින් සිල්වා තමන්ගේ යහළුවන් අමතා ප‍්‍රකාශ කර තිබෙන්නේ, ‘‘පිස්සුද මචං.... ආනන්දය මගේ ඥාතියනෙ. අනික චමිලගෙ තාත්තා ගාමිණී ෆොන්සේකා මගේ වයිෆ්ගෙ ඥාතිය. මං ඕක කඩන් නෑ’’ යනුවෙනි.

මේ ළඟදී වත්තල හුණුපිටිය මුස්ලිම් විද්‍යාලයේ කිසියම් විවෘත කිරීමට ගොස් ඇති මර්වින් සිල්වා ඇමතිවරයා, එම විදුහල මුස්ලිම් විදුහලක් බව අමතක වී පවසා ඇත්තේ, ‘‘මේ ළමයින්ගේ මුතුන් මිත්තන් අපේ ඥාතීන් වන බවයි.’’

මේ සියලූ කරුණු සලකා බලා ජනාධිපතිවරයා මර්වින් සිල්වාට ‘ඥාති සම්බන්ධතා’ අමාත්‍යංශය පැවරීමට තීරණය කර තිබේ.
 
Last edited:
  • Like
Reactions: chami_84

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    mervin kohomath kala kanniya.. eth ban kellek eka yaluwena kollek karana samnya deyak ne.. sathutu weyan un raja kama wikuna wikuna, rate inna kellnwa maru kara kara, jeewath ekkka selan karanne nathi eka gana..mey mage adahasa..
     

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    ජනතාව දුක් විඳින කොට රජාගේ බබාලා ටික නයිට් කල්බ් වල ජොලියේ ඉන්නවා.
    :angry::angry: