ආචාර්ය රෝහිත රාජපක්ෂට මම පෞද්ගලිකව හරි ආසයි.දෙදාස් දහනවයේ ජූලි මාසේ වගේ මම කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාල මන්දිරයට යනවා මගේ පශ්චාත් උපාධියේ ප්‍රතිඵල සටහන ගන්න.එතනට ගියපු අය දන්නවා විභාග අංශයේ ඉස්සරහා පුටු ටිකක් දාලා තියෙනවා අපිට වාඩි වෙලා ඉන්න.මම මගේ විශ්ව විද්‍යාල හැඳුනුම්පත එතන හිටිය කාර්යාල කාර්ය සහයක අයියට දීලා ඔහු ප්‍රතිඵල සටහන අරන් එනකම් ඒ පුටුවල වාඩිවෙලා ඉද්දි මම වාඩිවෙලා හිටිය අසුනට අල්ලපු අසුනේ වාඩිවෙලා හිටියා ඉතා කඩවසම් තරුණයෙක්.ලස්සන කෙල්ලෙක් දැක්කම විතරක් නෙවෙයි ලස්සන කොල්ලෙක් දැක්කමත් මම ඒ මනුස්සයා දිහා බලනවා.මගේ ළඟ අසුනේ වාඩිවෙලා හිටිය ඒ සුන්දර මනුස්සයා රෝහිත රාජපක්ෂ කියලා අඳුනාගන්න මට වැඩි වෙලා ගියේ නෑ.ඔහු සමඟ මම හිතන්නේ ගණිත අධ්‍යනාංශයේ ආචාර්යවරයෙකුත් හිටියා.මගේ ප්‍රතිඵල ලේඛණය ගත්තට පස්සේ මම ගියා.ඊට මාස දෙක තුනකට පස්සේ සමාජ මාධ්‍ය වලින් වාර්තා කළා රෝහිත රාජපක්ෂ මහත්මයා ගණිත විෂය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත්තා කියලා.ඒ කියන්නේ එදා ඔහු මට හම්බවෙන්නේ ඔහුගේ ගණිතය පිළිබඳ ආචාර්ය උපාධිය අදාල තීසීසය බාර දෙන්න ආපු වෙලාවේ.එච්චර පොඩි වයසකින් ලංකාවේ විශ්ව විද්‍යාලයක පී එච් ඩී උපාධියක් ෆේල් නොවී ගන්නවා කියන එක සුළුපටු වැඩක් නෙවෙයි.උදාහරණයක් විදිහට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය විසින් මේ අවුරුදු හැටකට හැත්තෑවකට ආසන්න කාලයේ අධ්‍යනාංශය විසින් ආචාර්ය උපාධි ලබාදීලා තියෙන්නේ එකක් හෝ දෙකක් (නිවැරදි කිරීම් වලට යටත්ව) එහෙම බැලුවම රෝහිත මහත්මයා ඇත්තටම වැඩ්ඩෙක්.කොළඹ ෆිසිකල් සයන්ස් එකෙන් පී එච් ඩී එකක් ගන්න ලේසි පහසු පුතයෙක්ට බෑ.
ඔහු ඒ විතරක් නෙවෙයි,ලංකාවේ නම රනින් ලොකයේ විතරක් නෙවෙයි,අභ්‍යවකාශයෙත් ගුවන් ගත කරලා නතර කරපු චරිතයක් (අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව ඔහු ඉගෙනගත්තේ බ්‍රිතාන්‍යයේ.ඒකටත් එක එක බලු කතා කියනවා පළවෙනි සෙමෙස්ටර් එකේ විභාග ෆේල් වෙලා එළෙව්වා කියලා
copied https://www.facebook.com/plugins/po...k.com/sanka.rabukwella/posts/4624007207661372

