යෝ පන භික්ඛු භික්ඛූනං සික්ඛා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යෝ පන භික්ඛු භික්ඛූනං සික්ඛා

යෝ පන භික්ඛු භික්ඛූනං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මේථුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකෝ හෝති අසංවාසෝ.”

මෙම විනය නීතියට අනුව කිසියම් භික්ෂුවක් මිනිස් හෝ තිරිසන් සත්වයෙකුගේ මුඛය, ගුදය හෝ ස්ත්‍රී නිමිත්ත තුලට සිය පුරුෂ නිමිත්ත ඇතුල් කළ සැණින් උපසම්පදාවත්, පැවිද්දත් අහිමි ගිහියෙකු බවට පත්වේ. ඔහු සිවුරු පොරවා සිටියත් ගිහියෙකි. වෙනත් ආකාරයකින් සිය ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීමෙන් පාරාජිකාවට පත්වෙන බවක් දේශණා කර නැත. අපගේ පෙර ලිපියේ සඳහන් කාන්තාවකගේ දෙකලවා අතර ගැටූ භික්ෂුව එවැන්නක් කිරීමෙන් සිය මහණකම නැතිවේදැයි බුදුන්ගෙන් විමසූ කල්හී උන්වන්සේ ඔහුට ප්‍රකාශකර ඇත්තේ පාරාජිකාවක් නොව ‘සංඝාධිසේසයක්‘ සිදුවෙන බවයි.

එකල එක් භික්ෂුවක් පිණ්ඩපාතයෙහි වඩිද්දී නිවසක අසුනක වාඩිවී සිටි දැරියකගේ රහසඟ දැක කාමයෙන් ඇවිළී ගොස් ඇයගේ ලිඟුව තුලට ඇඟිල්ල දැමීය. වේදනාව දරාගත නොහුණු දැරිය ඒ නිසාම මරණයට පත්වූවා ය. බියටපත් භික්ෂුව බුදුහිමියන් වෙත ගොස් මේ නිසා තමාට පාරාජිකාවක් වෙයිදැයි විමසා ඇත. එම කාරණය සම්බන්ධයෙන් ද බුදු පිළිවදන වූයේ ‘සංඝාදිසේසයක්‘ පමණක් සිදුවෙන බවයි .

‘සංඝාධිසේසය‘ යනු “ සීමාව“ තුලදී ඇවත් දෙසා ගැනීමෙන් නිදහස් විය හැකි වරදකි. ලී බෝනික්කන්, කාන්තා ඇටසැකිළි, ආදිය සමඟ රමණය කළ භික්ෂූන් ද එකල සිට ඇත. ‘ප්‍රාතිමෝක්ෂ පාලියට‘ අනුව එවැනි වැරදි නිවැරැදි කරගත හැකි ‘දුකුලා ඇවත්‘ (සුළු වැරැදි) ගණයට වැටේ . කෙටියෙන් සඳහන් කරන්නේනම් බාහිර සංසර්ගයෙන් භික්ෂුවගේ මහණකම අහිමි නොවේ. සමලිංගික සංසර්ගයට ඔවුන් ප්‍රසිද්ධියේ විරුද්ධ වුවද අප්‍රසිද්ධියේ කරගෙන යන බාහිර අභ්‍යන්තර වැඩකටයුතු මොනවාදැයි අපවෙත එවා ඇති ලිපිය සාක්ෂි දරයි.

අනෙකුත් වැරැදී කෙසේ වෙතත් කුඩා දැරියකට බරපතල ලිංගික හිංසනයක් කොට ඇය මරා දැමීම අද කාලයේ නම් ලොවම කම්පාවට පත්වෙන භයානක අපරාධයකි. එහෙත් පාරාජිකා පාලියට අනුව එය සාමාන්‍ය වරදකි. සැබවින්ම මෙය දැඩි සංවාදයකට ලක්විය යුතු මාතෘකාවකි. එක්කෝ අටුවා කතා කරුවන් භික්ෂුවගේ වාසියට බුද්ධ නීතිය වෙනස්කර තිබේ. නැතිනම් උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පාරාජිකාවට පත් නොවී ඉටුකර ගැනීමට අනු බල දී තිබේ.

ආනන්ද හිමියන් ද බුදුන් සමඟ එකම කුටියේ විසීම ප්‍රතික්ෂේප කර ඇත. අග්‍ර උපස්ථායක තනතුර භාර ගැනීමට උන්වහන්සේ කැමැත්ත පළකළේ එම ඉල්ලීම ද ඇතුළුව තවත් යෝජනා කීපයක් ඉදිරිපත් කීමෙන් පසුවය. බුදු රදුන් සියලු ඉල්ලීම් අනුමත කළහ . මතුපිටට වඩා ගැඹුරු අරුතක් මෙහි ඇතුලත ඇතැයි කෙනෙකුට සිතෙන්නට ද බැරි නැත. මෙවැනි උභතෝකෝටික ගැටළු නිරාකරණයකර දීම සඳහා ධර්මධර විනයධර ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න මහා යතිවරයන් වහන්සේලා මැදිහත්වීම ඉතා අගනේය.

බුදු සිරිත වටා ගොතා ඇති මායා කාරී ඇස්බැන්දුම්, ගම කථා නිසා උන්වහන්සේගේ සත්‍ය දර්ශණය යටපත් වී ඇති බවයි අපගේ පිළිගැනීම. උන්වහන්සේ වෙහෙසුනේ සාමානාත්මතාවය පිරුණු සාධනීය සමාජ පරිවර්ථනයක් සඳහාය. එය සිය බඩගෝස්තරය බවට පත්කරගත් චෝර වාදීන් බුදු මඟ විෂ ගෝර කටු කොහොල් වලින් අහුරා තිබේ. ගිහියන් විසින් මෙවැනි ප්‍රශ්ණවාදී කරුණු කාරණා තව තවත් හාරා ඇවිස්සීමට පෙර උදර පෝෂණයත් දේශපාලනයත් ගැන වැඩ නවතා ධර්මයට වැඩක් ඇති යමක් කරන ලෙස භික්ෂු ප්‍රතිරූපකයන්ගෙන් ද ඉල්ලා සිටිමු.

නුඹලා කරන බොරුව අපි අතැඹුලක් සේ දන්නෙමු.
 
Last edited:
  • Like
Reactions: Scattered123